You dont have javascript enabled! Please enable it!
Tuesday , August 4 2020
Breaking News

Tom Clancy’s Jack Ryan [S01: E07] Sinhala Subtitles | නොසිතූ නොපැතූ අයුරින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 27 votes.
Please wait...

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව යොමු කරනවා. ඉතිං තාමත් නොබලපු උදවිය ඉන්නවනම් කියන්න තියෙන්නෙ මගෑරගන්න එපා කියලා තමයි. එහෙනම් චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු.

පසුගිය කොටසෙ අපිට මුලින්ම දකින්න ලැබුනෙ මූසා සහා එයාගෙ සහෝදරයා එක්ක එකතුවෙලා වලලා තිබුන මල සිරුරක් ගොඩ ගන්න සිදුවීමක්. ඇයි කියන කාරණේ මේ කොටසින් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්වෙයි. ඒ වගේම තමයි ජැක් සහා ග්‍රියර් දෙන්නා මූසගෙ බිරිදව හොයාගෙන තුර්කියට ආවා මතක ඇති. එනදි තමල් ලාන්ස් කියන තුර්කි සරණාගත කදවුරේ කෙනෙක් මෙයාලව හම්බවෙන්නෙ. ඉතිං ලාන්ස් කියන විදිහට ජාවාරම් කාරයො මූසගෙ බිරිද සහ දරුවො තුර්කියෙන් පිටත් කරන්න ගෙනිහින් කියන කාරණේ. ඉතිං ඒ ගෙනිච්චෙ කොහෙටද කියලා දැනගන්න ලාන්ස් ජැක් සහා ග්‍රියර් දෙන්නව ටෝනි කියලා කෙනෙක් ලගට ගෙනියනවා. මිනිහත් හොද පොරක් නම් නෙවෙයි. හැබැයි තිබ්බ වචනෙ රකින ජාතියෙ කෙනෙක්, හැබැයි සල්ලි වලට. කොහොම වෙතත් ටෝනි කැමති වෙනවා යම් මුදලකට ජැක් සහ ග්‍රියර්ව සරණාගතයන් අරන් ගිය තැනට එක්ක යන්න.

ඔය අතරෙම මූසගෙ බිරිද සහා දරුවො හොයාගෙන මූසගෙ මනුස්සයෙක් එයාලා පස්සෙන් එනවා. හැබැයි මූසගෙ බිරිඳට හැකියාව ලැබෙනවා ඒ මනුස්සයට පහර දීලා ඒ තැනින් පැනලා යන්න. ඇත්තටම මේ අයව රටින් පිට කරන්න හදන්නෙ බෝට්ටු මාර්ගයෙන්. අපිට ඕන තරම් ඇහිලා තියෙනවනෙ සිරියානු සරණාගතයන් බෝට්ටු මගින් යුරෝපය වැනි රටවලට සංක්‍රමණිය වෙච්ච ප්‍රවෘත්ති. අන්න ඒ විදිහට තමයි මේ සරණාගතයිනුත් පිට කරන්න මේ ජාවාරම් කාරයො හදන්නෙ. ඉතිං ඔය අතරෙ ජැක්, ග්‍රියර් සහා ටෝනි මූසගෙ බිරිද සහා ළමයින් හොයාගෙන එනවා. පළමු නැවතුම්පොළෙන් දැනගන්නවා වෙච්ච සිදුවීම. ඉතිං ටෝනි කියනවා එයාලා යන තැනට කෙටි පාරකින් ගෙනියන්නම් කියලා. ඔය දේවල් EVD-27 කියලා වෛරසයක් ගැනත් කතාවක් යනවා. ඔව් මේ කතාවෙන්නෙ ඉබෝලා වෛරසය පිළිබඳව. මේ ගැන අද කොටසින් සවිස්තරාත්මකව දැනකියා ගන්න පුළුවන්.

ඉතිං මූසගෙ බිරිඳව හොයන් ගිය අය අන්තිමට සේන්දු වුනේ මුහුදු වෙරළකට. ඔව් එතනින් තමයි සරණාගතයින් බෝට්ටු මගින් වෙනත් රටවලට පිටු කරන්නෙ. හැබැයි මේ අයව හොයන් එන්නෙ ජැක් ඇතුලු කට්ටිය විතරක් නෙවෙයි. මූසගෙ කෙනෙකුත් මෙයාලව හොයාගෙන එනවා. මූසා නියෝග කරන්නෙ බිරිද මරලා ළමයින්ව එක්ක එන්න කියලා. හැබැයි අවසානයේ ජැක් සහා ග්‍රියර් නිසා මූසගෙ බිරිඳ සහා ලමයි දෙන්නා ආරක්ෂිතව ඇමරිකානු රජය යටතට පත් වෙනවා. ඒ වගේම ජැක්ට හැකියාව ලැබෙනවා මූසා රැදිලා ඉන්න තැන දැනගන්න.

ඉතිං අද කොටස ගොඩක් විශේෂ කොටසක් වෙනවා. මොකද අද ගොඩක් කරුණු කාරණා හෙළිවෙනවා වගේම සාර්ථකව මෙහෙයුමක් සිද්දවෙනවා, සහා ලොකු අනතුරකට පාර විවර වෙනවා. එහෙනම් Tom Clancy’s Jack Ryan කතා මාලාව තුල මට පැවරුන කාර්‍යබාරය මෙතනින් අවසන් වෙනවා. එහෙනම් මම යනවා. ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Fringe [S05 : E04] Sinhala Subtitles | එටා! [සිංහල උපසිරසි සමඟ]

ෆ්‍රින්ජ් කණ්ඩායමට අලුත් මිතුරන් පිරිසක් මුණ ගැහුනා. ඔවුන් මිනිස් වර්ගයාගේ ඉතිහාසය සටහන් කරමින් සිටි ජන …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. Thanks Machooo….!!! Patta…!!!

  2. thanks ………………………

  3. Nethmitpabasara

    ගොඩාක් ස්තූතියි! උපසිරැසි නියමෙටම තිබුණා අඩුපාඩු කිසිවක් නැතිව. ගොඩක් ස්තූතියි ඔයාට!!!

  4. thanks

  5. thanks

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  7. Tks a lot..

  8. thanks

  9. thanks bro sub ekata

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. tnx broo

  12. thank you….

  13. Thanks Bro

  14. klamilaniranjan

    ginas warthawakd thiyanna yanne. mara speed eke sub denawane. ehema karanawata pin.

  15. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  16. Dushan Tharuka

    thanks for sub

  17. Thank You

  18. බොහොම ස්තූතියි සහෝ……

  19. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  20. Thanx sahooo

  21. උපසිරැසි සඳහා ස්තූතියි.. .

  22. Sudheera Kasun

    Thanks machan…!

  23. Rajithmadushanka1994

    Ela

  24. තැන්ක්‍යූ මචන් නියම සීරීස් එක සබ් දානකම් බලන් ඉන්නේ….බයිස්කෝප්ඩවුන්ලෝඩ්ස් වල නැහැනෙ තවම ඩිරෙක්ට් ලින්ක් එක දාල එපිසෝඩ් 07වලට ඒකත් පොඩ්ඩක් බලන්න…ජය

  25. හරිම ආසාවෙන් බලන කථාවක්..ඒකටම දෙවනි නොවෙන්න අනුපිළිවෙලට ලැබෙන උපසිරැසි වරුසාවක්… වචන නමි මදි ස්තුති කරන්නවත් අගය කරන්නවත්.. ශුභ පතනවා හැම දේකටම හදවතින්ම…

  26. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  27. Thanks………..

  28. sub ekata thanks saho.. jaya wewa!!

  29. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    තව එක කොටසයි…
    සුපිරි වැඩක් ඉක්මනටම සබ් දීපු එක…

  30. Download karaganna widihak nane bro.

  31. Thank you bro…!!!

  32. Thenks .. bro

  33. එලම අයියා❤️…තෑන්ක්ස් ඉක්මන්ට දෙනවට❤️✌️

error: Alert: Content is protected !!