Friday , October 30 2020
Breaking News

Venus (2017) Sinhala Subtitles | සුරූපිණිය [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 34 votes.
Please wait...

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකිවෙයිද? නීතියකට පුලුවන්වේවිද ආදරයකට හරස් වෙන්න? කෙනෙක්ට පුලුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න? අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුලුවන්ද? අසම්මත වුනත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද?
මේ ගැටලු සියල්ලටම පිළිතුරක් හොයාගන්න පුලුවන්, මේ බයිස්කෝප් එක නැරඹුවොත්…!

ෆිල්ම් එකේ විස්තර ටිකක් කිව්වොත්, මෙය කැනඩාවේදී ප්‍රථමයෙන්ම තිරගත වුනේ 2017 ඔක්තෝබර් 09 වෙනිදා. පැය 1 යි විනාඩි 35 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටියේ තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eisha Marjara විසින්. සංගීත අධ්‍යක්ෂණය Patrice Dubuc සහ Gaetan Gravel විසින්. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙන්නේ Debargo Sanyal, Jammie Maryers සහ Darawalla. මේ චිත්‍රපටියට ලැබුනු සම්මාන ගැන කීවොත්, කැනේඩියානු චිත්‍රපට උළලේදී Canadian Screen Award , සහ තවත් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල්වලට සම්මාන ලබා ගැනීම සදහා නිර්දේෂ වෙලා තියනවා.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කීවොත්, මේකේ ප්‍රධාන චරිතය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක්. මෙයාගෙ නම සිඩ්. එයා තනියෙන් ගෙදරක ජීවත්වෙන්නේ. සිඩ් වැඩ කරන්නේ නගරයේ තියන හොද කාර්යාලයක. වැදගත් රස්සාවක් කරන්නේ. සිඩ් එයාගේ සංක්‍රාන්ති සමාජභාවී හැසිරීමත් එක්ක ජීවත් වෙන්නේ පිරිමි කෙනෙක් විදිහට. ඒත් එයාගේ ඇතුලාන්තයෙන් පිටතට එන්නේ කාන්තා හැසරීම්. ඉතිම් මෙහෙම කාලෙ ගත කරනකොට, දවසක් එයා උදේ වැඩට යනකොට දැනෙනවා කවුරුහරි එයාගේ පස්සෙන් එනවා කියලා. ඉතිම් සිඩ් හැරිලා බලනකොටම වයස අවුරුදු දාහතරක විතර පොඩි පිරිමි ළමයෙක් එක පාරටම අනිත් පැත්තට හැරිලා පිටිපස්ස බල බලා ගියා. මෙයාට මේක ප්‍රශ්නයක්. හැමදාම මේ වැඩේ වෙනවා. දවසක් සිඩ් මේ ළමයගෙන් මේක ගැන අහනවා. මේ ළමයා සිඩ්ට මහා පුදුමාකාර දෙයක් කියනවා. සිඩ්ට හොදටම පුදුමයි. ඒ දේ මොකක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් කතාවේ ඊළගට රසවත් සිදුවීම් පෙළක් සිද්ධවෙනවා. ඒවා ඉතිම් ෆිල්ම් බලලාම දැනගන්න වෙනවා.

ඒත් සමහර අය හිතයි මොකක්ද මේ සංක්‍රාන්ති සමාජභාවය කියලා. ඒකට පොඩි පැහැදිලි කිරීමක් මේ..,

Q – මේ ෆිලිම් එකේ තේමාව මොකක්ද?
A – ටිකක් වෙනස් තේමාවක්. මේ ෆිල්ම් එක සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ගැන නිර්මාණය වුනු එකක්. (Transgender)

Q – ඒ කීවේ මොකක්ද?
A – ඔව්. ඒ කියන්නේ උපතින් ලැබී ඇති ලිංගයට වඩා වෙනස් ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් හෝ ප්‍රකාශනයක් ඇති පුද්ගලයන් මේ නමින් හදුන්වන්නේ. මේ පුද්ගලයන් උපතින් ලැබෙන ලිංගයේ සාමාන්‍ය හැසිරීම් නොව, වෙනත් හැසිරීමක් දක්වයි. මෙය ජීව විද්‍යාත්මක මාතෘකාවක්. උදාහරණයක් ලෙස පිරිමි ලිංගික අනන්‍යතාවයක් ඇති කෙනෙක් කාන්තා ලිංගිකයෙකු ලෙස සංක්‍රාන්ත වුවහොත් ඔහු දක්වන්නේ කාන්තා හැසිරීම්ය. කාන්තා ලිංගික අනන්‍යතාවයක් සහිත පුද්ගලයෙකු පිරිමි ලිංගිකයෙකු ලෙස සංක්‍රාන්ත වුවහොත් ඇය දක්වන්නේ පිරිමි හැසිරීම්ය. මෙහිදී තමාගේ ස්වකැමැත්තෙන් සංක්‍රාන්තවෙනවා නොව ජීව විද්‍යාත්මක ලෙස ස්වභාවිකවම එය සිදුවෙයි. මේ පුද්ගලයන්ට ලංකාවේ සෑම ජාතික රෝහලකම විශේෂඥ වෛද්‍යවරු යටතේ සායන පැවැත්වෙනවා හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරගැනීම සදහා.

Q – සමරිසි පුද්ගලයෙකු (Gay/Lesbian) හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු (Transgender) අතර වෙනස මොකක්ද?
A – සමරිසි පුද්ගලයෙකු ශාරීරිකව රෝමාන්තිකව හෝ චිත්තවේගීව තම ලිංගයේම කෙනෙක් වෙත ආකර්ෂණය වෙන්නේ. ලොකේ ඉපදෙන හැ‍මෝටම ශරීර දෙකයි පිහිටන්නේ. ඒ මානසික ශරීරය හා කායික ශරීරය. ගොඩක්දෙනාට මනසට සරිලන ශරීරයක් ලැබුනත් සමහරුන්ට මනසට සරිලන ශරීරයක් පිහිටන්නේ නෑ. එයාලව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් විදිහට හඳුන්වනවා.

Q – එවැනි පුද්ගයන් ඇතිවීමට හේතුව කුමක්ද? ඒක එයාලගේ වැරැද්දක්ද?
A – නෑ. ඒක එයාලාගේ වැරැද්දක් නෙවේ. ඇත්තටම එය සිදුවෙන්නේ ස්වභාවිකව. ඒකෙ කොටස් දෙකක් තියනවා. අධ්‍යාත්මික විදිහට බැලුවොත් බුදුදහමේ සදහන් වෙනවා කර්මානුරූපීව මෙවන් ආත්මභාව ලබන්න පුලුවන් කියලා. ඒකට පෙර කළ කර්ම හේතු වෙනවා. ඒ වගේම විද්‍යාත්මකව බැලුවොත්, ඒ පුද්ගලයාගේ මව් පාර්ශවයෙන් හෝ පිය පාර්ශවයෙන් පැමිණි ජාන හේතුවෙන් මෙය සිද්ධවෙන්නත් පුලුවන්. එනම් නිලීන ජානමය තත්ත්වයක් නිසා. පරම්පරා කීපයකට පෙර පැවති ජානයක් එකල අක්‍රීයව තිබිලා වර්තමාන පරම්පරාවේදී මතුවී සක්‍රීය වීම හේතුවෙන් ඇතිවෙනවා. ඒක තමයි ස්වභාවධර්මයේ හැටි.

Q – එවැනි පුද්ගලයන්ට ශ්‍රීලංකාව තුළ පවතින නීතිමය රැකවරනය මොනවගේද?
A – ඒ පිළිබදව විස්තරයක් Boys (2014) ෆිල්ම් එකේ ආටිකල් එකේ සදහන් කරලා තියනවා. නැවත විස්තර කරොත් මේ ආටිකල් එක දිග වැඩි වෙනවා.

Q – ලංකාවට මේක මැජික් එකක් වගේ. එවැනි පුද්ගයන්ගේ ලංකා ඉතිහාසය කුමක්ද?
A – ඔව් ඇත්තටම. නොදියුනු නූගත් බවක් ඇති සහ ගෝත්‍රික ගතානුගතික අදහස් ඇති අයයි බහුතරයක් රටේ ඉන්නේ. ලෝකය ගැන දැනුම නැති, ගූගල් සර්ච් එන්ජින් එක නිවැරදිව පාවිච්චි කරන්න නොදන්නා අයට මේක මැජික් වෙන එක පුදුමයක් නෙවේ. ලංකා ඉතිහාසය ගැන කීවොත්, අතීතය කියන්නේ ඉතිහාසය නෙවේ. ඉතිහාසය අතීතය නෙවේ. අතීතයේ සිදුවූ සියලු දේ ඉතිහාසයේ අඩංගු නෑ. ඉතිහාසය කියන්නේ ලියවුනු හෝ ගබඩා කර තියා ගන්න දෙයක්. එය ලියන කෙනාගේ රුචි අරුචිකම් අනුවයි ඉතිහාසයක් ලියවෙන්නේ. ලංකා ඉතිහාසය ලියවී තිබෙන්නේ රජෙකු හෝ රාජ්‍ය තන්ත්‍රය වටා. එවිට මුලු දිවයිනේම සිදුවූ සිදුවීම් එයට අයත් වෙන්නේ නෑ. ලංකාවේ අතීතයේ සිටම මෙවැනි පුද්ලයන් සිට තිබෙනවා. මේ පුද්ගලයන්ගේ සවිස්තරාත්මක ඉතිහාසය ගැන වීඩියෝපට සහිත විස්තරයක් ‘දේදුනු සංවාද’ ෆේස්බුක් පිටුවේ ඇතුලත්.

Q – මෙවැනි පුද්ගලයන් සමාජයට අහිතකරද? එය ඔවුන් බෝ කරනවාද?
A – මෙයාලගෙන් සමාජය‍ට කිසිම අහිතකර බවක් නෑ. සමාජය විසින් මෙයාලට අහිතකර විදිහටයි සලකන්නේ. මෙය බෝ කරන්න බෑ. ඒ අදහස තනිකරම නූගත් මතයක්. සමරිසි හා සංක්‍රාන්ති සාමජභාවයේ රෝගයක් නොවන බවට විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා. ඒ ගැන වැඩි විස්තර Boys (2014) ෆිල්ම් එකේ ආටිකල් එකේ දීලා තියනවා විස්තර සහිතව.

Q – මෙවැනි පුද්ගලයන් දිහා මිනිස්සු බලන්නේ වෙනම විදිහකටද?
A – මේ ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන චරිතය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක්. සංක්‍රාන්ති සමාජභාවය ලංකා සමාජයට අලුත් මාතෘකාවක් විදිහට පෙනුනත් මේක සමාජයේ අලුත් දෙයක් නෙවේ. එ්ත් පුද්ගලයන් බලන කෝණයයි වෙනස්. සමරිසි අයිතීන් වෙනුවෙන් සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයෙකු වුනු සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු මීට වසර තුනකට පෙර දඹුල්ලේදී සාහසික ලෙස මරා දැමුනානෙ. ඒ ප්‍රවෘත්තියෙන්ම හිතා ගන්න පුලුවන්නේ කෙතරම් පහත් මානසිකත්වයක්ද සමාජය තුළ තියෙන්නේ කියලා.

Q – මෙවැනි පුද්ගලයන්ට යොවුන් වියේ එන ගැටලු මොනවද?
A – මෙයාලා තමන්ගේ අනන්‍යතාවය පැවසීමට නොහැකිව තම මනස සමග නිහඩ යුද්ධයක් කරමින් ජීවත් වෙන්නේ. තමා කවුද කියලා සමාජයට කීවත් ඉන්පසු සමාජයේ ජීවත් වෙන්නටත් විශාල අභියෝගයක් ඇති පිරිසක්. මොවුන්ගෙන් බොහෝදෙනා පාසල් කාලයේදීම තමන්‍ගේ අනන්‍යතාව හදුනාගන්නවා. එසේ පලමුව දැනගන්නවිට එවැනි තවත් අය ගැන නොදන්න ළමා මනස ඉතා අසරණ තත්ත්වයට පත්වෙන්නේ. තමන්ට වඩා හාත්පසින්ම වෙනස් සමාජයක ළමයාට තමන්ගේ අනන්‍යතාවය හොයා ගන්න වෙන්නේ. ඒවගේම තමන්ට හිරිහැර අපහාස එල්ලවෙනවා කියලා දැන දැනම තමන්ගේ අනන්‍යතාවය මේකයි කියලා ළමයා තීරණය කරන්නේ නෑ. එවිට ළමයාගේ අනාගත අපේක්ෂා බිද වැටිලා විෂාදය වැනි රෝගාබාධවලටද සියදිවි නසාගැනීමටද යොමුවෙනවා. කනස්සල්ල හේතුවෙන් අධික හිසරදය,කෑම අරුචිය,ගැස්ට්ර්යිටීස් වැනි රෝගද ඇතිවෙනවා. තවද එවැනි ළමයින් තමන්ගේ අනන්‍යතාවය දෙමව්පියන්ට හෝ නිවැසියන්ට නොකියනවා. ඒකට හේතුව ඒ ගැන ඔවුන් දැන‍ගත්තොත් ඇතිවන තත්ත්වය ඉතා බරපතල වන බව දන්නා නිසා. තමන්ව පිළිගැනීමට තමන්ගේ පවුල සූදානම් නැති බව දන්නා නිසා. තවද මෙවැනි ළමයින් තමන්ගේ අනන්‍යතාවය දැනගත් නව යොවුන් කාලයේ සිටම විශාල පීඩනයකින් ජීවිතය ගත කරන්නේ. බොහෝ කලාතුරකින් තමන්ගේ හැසිරීම් සහිත මිතුරෙකු පාසලේදි හමුවුනොත් එ් ළමයාට ඉතාමත් මානසික සැහැල්ලුවක් දැනෙනවා. මිතුරා හෝ මිතුරිය එක්ක අදහස් බෙදා හදා ගන්නවා. පිරිමි ළමයෙකු පාසල තුලදී සියුමැලි ගතිපැවතුම් ඇතිව ගැහැණු ළමයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරොත් හෝ ගැහැණු ළමයෙකු රළු ගතිපැවතුම් සහිතව පිරිමි ළමයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කලහොත් , ගුරුවරුන් හා දෙමාපියන් විසින් සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ හැසිරීම් වෙනස් කිරීමට නොව ඒ ළමයාට තමන්ගේ අනන්‍යතාවය හදුනා ගැනීමට උදව් කිරීම හා කිසිදු වෙනසක් නොකර ඉගෙනීමේ කටයුතු සිදු කරදීමය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ලිංගික කැමැත්ත (Sexual consent) දීමේ වයස අවුරුදු 16 ලෙස දැක්වුවත් ඒ පිළිබඳ ළමයින්ට නිසි අධ්‍යාපනයක්වත් ලබා දෙන්නේනෑ.
(උපුටා ගත් මූලාශ්‍ර- Equite Sri Lanka/දේදුනු සංවාද /Equal Ground/Accept Sri Lanka/Colombo Pride Fb pages , Humans Fb group,Frangipani movie,Adhil Suraj’s article from ‘Outbound Today’ web page)

ඉහත විස්තරය ගෙන ආවේ, මේ බයිකෝප් එක නරඹද්දි ඒකෙ තේමාව හා එහි ලාංකේය පසුබිම දැනගත්තොත් හොදයි කියලා හිතුනු නිසා. මේ බයිස්කෝප් එකේ තේමාව නම් ලංකාවට අදාළ වෙන්නේ සහ ගැළපෙන්නේ නම් නෑ. ඒත් සබ් එකේ අවශ්‍ය තැන්වල ඒ ඒ විදිහට වචන පාවිච්චි කරලා තියනවා.

මේ ෆිල්ම් එක ගැන පොඩි විචාරයක් දෙන්න හිතුනා. මම මේ දාලා තියන එක ෆිල්ම් එක බලලා ඇවිත් කියවන්න. ෆිල්ම් එක බලන්න කලින් කියවන්න එපා. ඒම වුනොත් වැඩක් නෑ. ඕන් එහෙනම් පටන් ගන්නවා, ෆිල්ම් එක බලලා ඇවිත් මේ ටික කියවන්න. හරි එහෙනම්. ඒත් මට ලිවීමේ හැකියාවක් එච්චර නැති නිසා මේ ලිපියෙ රසවත් බවක් නම් නැති වෙයි, ඒත් ෆිල්ම් එකට අනුව ඒකෙ හරය තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. මේ ෆිල්ම් එකේ නම Venus. වීනස් කියන්නේ රෝම වැසියන් විශ්වාස කරන පරිදි ආදරයේ සහ අලංකාරබවේ දෙවගන. මෙහිදි කාන්තාවකගේ සුරූපී බව හා සරාගී බව අදහස් කරනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා කියන තේරුමත් තියනවා. වීනස් දෙවගනගේ වාසභූමිය සිකුරු ලෙසත් ගැනෙනවා. මේ වීනස් කියන තැනින් තමයි කතාව පටන් ගන්නේ. සිඩ් ආත්මකතනයක් කරනවා තමන් වීනස්හි සිට එනම් සිකුරු ග්‍රහයාගේ සිට මෙහි පැමිණි බව. එතනින් අදහස් කරනවා සිඩ්ගේ කාන්තා ලක්ෂණ පිලිබදව. ඒ වගේම සිඩ් එතනදි කියනවා ‘මගේ ශරීරය ගලවා ඉවත් කළ නොහැකි ඇදුමක් වගේ’ කියලා. එතනදි අදහස් කරනවා තමන්ගේ ශරීරයේ පුදුමසහගත අනන්‍යතාවය ඉවත් කරන්න බැරිබව. ඇත්තටම මේ වීනස් කියන නම ෆිල්ම් එකට හරියටම ගැළපෙනවා නේද? මේ ෆිල්ම් එකේ සංගීතය පැත්ත නම් මාරයි. ඉන්දියානු පන්ජාබ් පවුලක ආභාෂය තිබෙන නිසා ඉන්දියානු සංගීතයත් පාවිච්චි කරලා තියනවා. ඒ වගේම යුරෝපීය සංගීතයත් ඇතුලත්. යුරෝපීය සංගීතය තුලින් ගතානුගතින අදහස් පරයා නූතන අදහස් ගොඩනැගෙන අයුරකුත් , ඉන්දියානු සංගීතය තුලින් විනෝදාත්මක රසයකුත් එක් කරලා තියනවා. රැල්ෆ් කාන්තා ඇදුම් ඇදගත් වෙලේ පසුබිමින් ඇහෙන ඒ ඉන්දියානු සංගීතය නිසා අනිවාර්යයෙන්ම මුවගට හිනාවක් එනවා. ආවා නේද? රැල්ෆ්ගේ චරිතය ගැන බැලුවොත්, එයා දැනුම් තේරුම් තියන කෙනෙක්. ගොඩක් යුරෝපීය ළමයින්ට හොද ලිංගික අධ්‍යාපනයක් තියනවා. ඒ ගැන රිසර්ච්වලින් පවා තහවුරු වෙලා තියනවානේ. ඒ විදිහට බැලුවොත් රැල්ෆ්, සිඩ්ගෙන් අහන්නේ ‘ඔයා ලෙස්බියන්ද’ කියලා. ඒ වගේම ඊළගට අහනවා ‘ඔයා ට්‍රාන්ස්ජෙන්ඩර්ද’ කියලා. එතනින්ම තේරෙනවා ඒ ගැන යම්කිසි හෝ අදහසක් දැනුමක් එයාගේ හිතේ තිබුනා කියලා. ඒ වගේ දැනුමක් තියනවා නම් ලංකාවේ ළමයි දූෂණයට ලක්වෙන්නේ නෑනේද? තමන්ගේ හිතේ කුකුසක් සැකයක් තියන නිසා ඒ සැකය නැති කරගන්න එවැනි දේකට ළමයෙක් පෙළබෙයි නේද. ඒ අතින් බලනකොට රැල්ෆ්ගේ චරිතේ වටිනාකමක් තියනවා නේද? ලංකාවේ වයස අවුරුදු දාහතරක ළමයෙක්ට එච්චර දෙයක් තේරුම් ගන්න පුලුවන්ද? සමහරවිට එහෙම දෙයක් ලෝකේ තියනවා කියලා දන්නේවත් නැතුව ඇතිනේද? ‘හතේ අපේ පොත’ හි වැදගත්කමක් තියනවා නේද? රැල්ෆ්, සිඩ්ගේ ගෙදරදි කාන්තා ඇදුම් අදිනවානේ, එතකොට සමහරවිට සිඩ්ගේ තියන ජාන රැල්ෆ්ගෙනුත් මතුවෙලාදෝ කියලා සැකයකුත් එනවා. ඒක තහවුරු වෙනවා රැල්ෆ්, සිඩ්ගේ ගෙදරින් යන්න හදනකොට කාන්තා සෙරෙප්පු දෙකක් බෑග් එකේ තිබිලා අහුවෙනඑකෙන්. අපිට තේරුම්ගන්න පුලුවන් රැල්ෆ්ට ඒ ගැන යම්කිසි කැමැත්තක් තිබිලා තියනවා කියලා. එහෙම කැමැත්තක් නැත්තම් ඒ විදිහට කාන්තා සෙරෙප්පු දෙකක් අරන් යයිද? එහෙම නේද? සිඩ්ගේ චරිතය ගැන බැලුවොත්, එයා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක්. එයා පිරිමියෙකුගේ පෙනුමෙන් හිටියත් ඒක එයාට ගැළපෙන්නේ නෑ කියලා එයාට තේරෙනවා. ගැහැණු පෙනුමේ ඉන්නවිට යම්කිසි තෘප්තියක් ඇති වෙනවා සිඩ්ට. ඒ වගේම එයා ඒ පෙනුමෙන් සමාජයේ පෙනී ඉන්නවා. ඒ වගේම එයාට ඒ එක්කම ගැටලුකාරී තත්ත්ව ආවත් ඒවාටත් මුහුණ දෙනවා හොදින්. සිඩ්ගේ අම්මා සහ තාත්තා ගැන බැලුවොත්, සිඩ්ගේ අම්මාට ගතානුගතික අදහස් තියනවා, මොකද ඇය ඉන්දියානුවෙක්. පෙරදිග අය ඒ වගේ අදහස් දරනවා වැඩියි. ඒත් සිඩ්ගේ තාත්තා ඉන්දියානුවෙක් වුනත් ලෝක සත්‍යය තේරුම් ගන්න පුලුවන්. තමන්ගේ පුතා සංක්‍රාන්ති පුද්ගලයෙකු වුනත් ඔහු සැලුනේ නෑ. ඒ ගැන අවබෝධයෙන් හිතුවා. ඒත් සිඩ්ගේ අම්මා ටිකක් වැඩිදුරට හිතුවා ඒ ගැන. ඒත් ෆිල්ම් එකේ එක තැනකදි අම්මා කියන දෙබසක් නිසා අපිට තේරෙනවා සිඩ්ව පොඩි කාලෙදිම අම්මා දන්නවා සිඩ් ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. අම්මා කියනවා සිඩ්ගේ සතුට වෙනුවෙන් තමන් සිඩ්ට විවාහයකට බල කරන්න හිතුවේ නැති බව. ඒත් ඒ ගැන එතෙක් කල් දැනන් හිටියත් අම්මාගේ හිතේ දෙගිඩියාවක් තියෙන්නේ පුතාගේ ලිංගික අනන්‍යතාවය ගැන. අම්මා පුතාගේ ලිංගික අනන්‍යතාවය පිලිගත්තත්, ඒ එතරම්ම කැමත්තකින් නෙවෙයි වගේද? වෙන විකල්පයක් නැති නිසා නේද? ලෝක සත්‍යයෙන් ගැළවී යන්න නොහැකි නිසා නේද? ඩැනියල්ගේ සමරිසි චරිතයෙන් පෙන්නන්න හදන්නේ සමාජ අවලාදවලට බියේ කටුව ඇතුලට ගුලිවෙන්න හදන චරිතයක් වගේ. එයාගේ සහෝදරයා එක්ක රණ්ඩු වෙනවා, ගෙදර අය එක්ක රණ්ඩු වෙනවා තමන්ගේ අනන්‍යතාවය නිසා. ඒ රණ්ඩු හේතුවෙන්ම ඒ ගැන කළකිරීමක් ඇති කරගන්නවා. සිඩ් එක්ක සාමාන්‍ය සමාජයේ එල්ජීබීටී පුද්ගලයෙකු ලෙස පෙනී ඉන්න ඩැනියල් මැලිකමක් දක්වනවා. ඒකෙන් පේන්නේ කෙතරම් මානසික පීඩනයක් ඇති වෙනවද ගැරහුම් නිසා කියලා. රැල්ෆ් සහ සිඩ්ගේ සම්බන්ධතාවය ගැන බැලුවොත් එතන අනපේක්ෂිත හමුවීමක් එක්ක ගොඩනැගෙන සනාතන බැදීමක් කීවොත් නිවැරදියි. අහම්බයක් නිසා රැල්ෆ් සහ සිඩ් අතර සෙනෙහස පිරි පීතෘ පුතු සම්බන්ධය ඇති වුනත් ඒක නොකැඩී තියා ගන්න දෙදෙනාම සමත්වෙනවා. එවගේම සිඩ්ගේ අම්මාට ඕන වෙලා තිබුනේ මුණුබුරන්. ඒ කාරණාවත් රැල්ෆ් නිසා ඉෂ්ඨ වෙන අතරෙම ආච්චි සහ මුණුබුරා අතරේ ලොකු බැදියාවක් ගොඩනැගෙනවා. සිඩ් සහ ඩැනියල්ගේ සම්බන්ධය ගැන බැලුවොත් එතන සාමාන්‍ය එල්ජීබීටී යුවලක් මුහුණ දෙන ගැටලු සහිත ජීවිත ගමන පෙන්නනවා. කෙනෙක් ප්‍රසිද්ධියේ අනන්‍යතාවය පෙන්නන්න කැමතිවුනත් අනිත් කෙනා ඒකට කැමති නොවන අවස්ථා එල්ජීබීටී සමාජයේ තියනවා. ඒක මේ යුවළ ඇසුරින් පෙන්නලා දීලා තියනවා. හමුවීම් වෙන්වීම් ආදරය තරහව විශ්වාසය අවිශ්වාසය ආදිය දෝලනය වන විදිහ මේ යුවලෙන් පෙන්නලා තියනවා. රැල්ෆ් සහ රැල්ෆ්ගේ අම්මාගේ සම්බන්ධය තුලින් පේනවා දෙමව්පියන් ළමයි ගැන දක්වන සෙනෙහස ගැන. අන්තිමේදි අම්මා රැල්ෆ්ට පාපොච්චාරණයක් කරනවා. ඒත් රැල්ෆ් අම්මා එක්ක තියන සෙනෙහසත් අතහරින්නේ නෑ. රැල්ෆ් සහ කුඩප්පා අතරනම් ටිකක් සෘනාත්මක සම්බන්ධයක් තියන බව පේනවා. සිඩ්ගේ හැම ප්‍රශ්නයකදිම එයාට උදව්කරන, හිත හදන ලෙස්බියන් කපල් එකෙන් පෙන්නුම් කරන්න හදන්නේ සංක්‍රාන්ති පුද්ගලයෙකුට සමාජයෙන් ගැරහුම් ආවත් තමාගේම එල්ජීබීටී ප්‍රජාවගෙන්ම උපකාර ලැබෙන බව නේද? හැමෝටම යාලුවෝ ඉන්නවා හැම ප්‍රශ්නෙකදිම උදව් කරන, ඒ වගේම එල්ජීබීටී ප්‍රජාවත් තනි වෙලා නෑ , හැමෝටම තම තමන් උදව් කරගන්නවා කියලා ඒ ලෙස්බියන් කපල් එකෙන් පෙන්නනවා. යාලුවෝ අපිට කරදරයක් වුනාම ළගින්ම ඉන්නවා නේද? දුක සැප බෙදා ගන්නවා නේද? අන්තිම හරය විදිහට ගන්න පුලුවන් වෙන්නේ එල්ජීබීටී පුද්ගලයෙක් ජීවිතයේ මුහුන දෙන අවස්ථා ලස්සනම ලස්සන කතාවකුත් එක්ක ෆිල්ම් එකක් බවට පත් කරලා කියලයි. මම පුලුවන් විදිහට ෆිල්ම් එක ගැන අදහසක් දුන්නා. ඒත් ඒක එච්චර සාර්ථක නැතුව ඇති කියලා මට හිතෙනවා. මොකද ලීවීමේ හැකියාවක් නම් මට නැති නිසා. ඡේදවලට වෙන් කරෙත් නෑ. ඒත් පුලුවන් විදිහට ලිව්වා.

මම මේ සබ් එක හැදුවේ 2020 ජූලි 30 වෙනිදට මට ලබපු 18 වෙනි උපන්දිනයට ඔයාලට දෙන තෑග්ගක් විදිහට. ඒ නිසාම වෙනස් විදිහේ ෆිල්ම් එකකුයි වෙනස්ම විදිහෙ ආටිකල් එකකුයි දුන්නා. ඉස්කෝලේ අතුරු නිවාඩුව ආයෙත් දික් වුනු නිසා වෙලාව ටිකක් තිබ්බා සබ් එකක් හදන්න. ඒත් සමහරවිට ආයෙත් සබ් එකක් හදන්න බැරි වෙයි මොකද ආයිත් ඉස්කෝලේ පටන් ගත්තා, සබ් හදන්න වෙලාව හොයා ගන්න බැරිවෙයි.

සම්මතෙන් එහාගිය
අසම්මත බැඳීමක්….

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්….

හැගීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්….

ආදරය
අසීමාන්තිකයි….

එනිසයි ඔවුන් ලග
මෙතරම් ප්‍රේමයක්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුසිත් දිලීප ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Mirzapur [S02 : E01] Sinhala Subtitles | පරාජිත ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් කලින් සීරිස් එකෙන් පස්සෙ විවේකයක් නොගෙනම තවත් සීරිස් එකකට සම්බන්ධවෙන්න ලැබුන. …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. good filme.

  2. Prabath Dulshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි මල්ලි..
    ලිපිය ට ඊටත් වඩා තෑංක්ස් වෙන්න ඕන..
    ජය කොල්ලො..

  3. Thanks ……………good luck …………….

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….! ලිපියට ගොඩක් මහන්සි වෙලා තියනවා ..

  6. මල්ලි උබ අලුතෙන් ෆිලුමක් දාලා නේද…
    මට මේ දැන් මතක් වුනේ, රැසිත් දිලීපයා අලුත් සබ් එකක්වත් දාලවත්ද කියලා…
    උබත් මේ සැරේ A/L නේද…මාත් මේ සැරේ Second Shy එක බං… ඒ නිසා ෆිල්ම් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්නේ… Love,Victor බැලුවෙත් විභාගේ අස්සේ තමයි… අද ෆිලුමයි සබ් එකයි රෑ වෙලා බානවා…පස්සෙ වෙලාවක් සෙට් කරගෙන බලනවා…
    ආ තව දෙයක් මල්ලා ලිපිය සුපිරි…✌
    එහෙනම් අපි ගියා…
    ♥️♥️♥️

    • Rusith Dileepa

      හේයි අයියා… තැන්ක්ස්…
      මම 2021AL… ආයිත් සබ් හදන්නෑ හලූ… වෙලාව නැතෝ… අහම්බෙන් ආපු පාර කමෙන්ට් එක දැක්කේ.. තැන්ක්ස් අයියා.. මාත් යනෝ.. බායි…

      • ඔන්න බං මට අදම ෆිලුම බලන්න වෙලාවක් සෙට් වුණා…දැන් බලලා ඉවර වුණා විතරයි… ගෙදර කට්ටියම සෙට්වෙලා ඡන්ද අහන අස්සේ වෙන වැඩක් කරන්න බෑ බං…
        ලිපියේ ඉතුරු ටිකත් කියෙව්වා…
        විචාරය නරකම නෑ….
        ඊළඟ අවුරුද්ද නේද උබට එක්සෑම් කිව්වේ …
        ඒකත් හරියට කරගනින් එකසැරෙන්ම…✌️
        මං දන්නෑ සබ් එකක් හදන්න කොච්චර වෙලා යනවද කියලා…ෂේප් එකේ free time අල්ලලා සබ් දියන්…
        දැන් නැතත් අපිට exam ඉවර උනහම නං ඕනේ මල්ලා…
        එහෙනම් වැඩ ටික කරගනින්…
        ඔන්න අපි ගියා…♥️

        • Rusith Dileepa

          තැන්ක්ස් අයියා…
          හරි…
          බායි අයියා…..❤️❤️

  7. Godac mahansi wela thiyenwa bhoma isthuthi!jaye wewa!

  8. චිත්‍රපටිය නොබැලුවත් කමක් නෑ කියල හිතුන බොහොම වටිනා ලිපියක් පල කරල තියෙන්නෙ..

  9. great work, keep it up

error: Alert: Content is protected !!