අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 160 votes.
Please wait...

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක විජේ සේතුපති ප්‍රථම වතාවට මුණගැහෙන චිත්‍රපටිය. මේ වෙනකොට IMDB 9.1 ක ඉතාම ඉහළ අගයක් අරන් තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොම එකක්ද කියලා. කතාව සහ අධ්‍යක්ෂනය ගයත්‍රි සහ පුෂ්කර් දෙදෙනාගෙන්. දැනට මේ ෆිලිම් එක ඉන්දියාවේ වගේම මුළු ලෝකෙන්ම ආදායම් අතින් අතිසාර්ථක වෙලා තියෙනවා.

කතාව යන්නේ ඉන්දියාවේ එක්තරා නගරෙක ඉන්න ගැන්ග්ස්ටර් එහෙම නැත්තම් පාතාල කල්ලි සහ පොලිසිය අතර වෙන සිදුවීම් කිහිපයක්. වික්‍රම්(මාධවන්) සහ වේධා(සේතුපති) අතර තමයි ප්‍රධාන කතාව යන්නේ. හැබැයි මේ කතාවේ හැම සිදුවීමක්ම අනෙක් ඒවට සම්බන්ධයි. ඒ කියන්නේ ඔයාලට මේකේ එක තැනක් හරි මිස් වුනොත් කතාවේ අනෙක් සමහර තැන් බලද්දී තේරෙන එකක් නෑ. ආයේ බලන්න වෙනවා. ඒ නිසා හොඳට අවධානෙන් බලන්න ඕනේ. කතාව ගැන නම් මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. අතිශයින්ම තාත්වික විදියට හැම රූප රාමුවක්ම අරන් තියෙනවා.

මේ මගෙ සිවු වන උපසිරැසිය. අන්තිමට ගෙනාවේ Kuttram 23. නිතරම සබ් ගේන්න බැරි වුනත් ගේන එක හොඳම එකකින් ගේනවා. මේකේ හොඳ කොපියක් ඇවිල්ලා කියලා සිසිල යාළුවා තමයි කිව්වේ. කරුමෙට මේකට කඩ්ඩෙන් සබ් එකක් ඇවිත් නෑ තවම. කරන්න දෙයක් නැති නිසා ලයින් ගහගෙන තමයි කොටන්න පටන් ගත්තේ. දවස් තුනක් විතර ගියා වැඩේට. හසන්ත අයියටයි සඳුන් අයියටයි ස්තූති කරන්න ඕනේ අන්තිම ලයින් ටික ගහලා දුන්නට. පරක්කු වුනාට සමාවෙන්න ඕනේ වැඩ ගොඩක් අස්සේ තමයි කලේ. හදිස්සියේ එක දිගට කරපු නිසා වැරදි ඇති. හදිස්සියට ලයින් අඩුවෙන් දීල එක වෙනවට වඩා හොඳයි සේරම ටිකදීල නම රැක ගන්න එක. හොඳ දේ අපෙන් විතරයි.  මේකේ මියුසික් පැත්තයි කැමරාකරණයයි ගැන ආයේ කියන්න දෙයක් නෑ. තව සේතුපතියගෙ වදන්. සුපිරි. එහෙනම් අරන් බලන්න. සිසිලටයි හසන්ත අයියටයි සඳුන් අයියටයි තව උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. 

 

Vikram Vedha (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය නවතම HD පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංග ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

124 thoughts on “Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

  • අවුරුදු ගානක් තිස්සෙ සබ් එක්ක ෆිල්ම් බැලුවත් මේ වගේ සුපිරියටම කරපු ෆට්ටම සබ් එකක් දැකපු පළවෙනි වතාව.. රංග ප්‍රසන්න සහෝදරයා.. ඔයා නියමෙටම වැඩේ කරල තියෙනවා.. නියමයි.. කොච්චර හොඳ Rating තියෙන ෆිල්ම් එකක් උනත් සබ් එක
    හරියට නැත්තං තේරුම් ගන්නත් බෑ බලන්නත් නෑ.. මේ වගේ ෆිල්ම් එකකට සබ් එක තේරෙන සිංහලෙන් හොඳටම කරල ෆිල්ම් එකටත් වටිනාකමක් දුන්නට ඔබට බොහොම ස්තූතියි සහෝදරයා.. Keep it up brother.. ජය..

    Reply
  • Thanks machn

    Reply
  • අම්මෝ සබ් එක නම් ඇඟට වදින්නම කරල තියනව…බොහොම ස්තූතී සහෝදරයා!!

    Reply
  • බොහොම ස්තුතියි subtitles එක ට

    Reply
  • උපසිරැසට ස්තූතියි ….. ජය වේවා!

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි !!!

    Reply
  • ස්තූතියි සහෝ. සුපිරි වැඩක් ❤️

    Reply
  • ගොඩක් ස්තුතියි රංග.
    වෙනස් ආරක කතාවක් වගේම
    සුපිරි නළුවන් යොදා කළ
    සුපිරි ෆිලුමක්.
    ඔයා ඒකට තිතට ඔබින සේ සබ්ස් දීලා.
    හොඳටම හිතට වැදුණා! තෑන්ක්ස්!

    Reply
  • thnx bro sub ekta.puluwn nm br rip awma update krhn sub eka…

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • නියමයි සහෝ…
    ජය වේවා!

    Reply
  • Vikram Vedha (2017)[720p HDRip – x264 – AC3 5.1 – 1.4GB – ESubs – Tamil] mekatata sub eka wadada bros?

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • සිරාවටම සහෝ… ඔයාලගේ විතරයි අඩු පාඩු නැතුව සුපිරියටම සබ් එක තියෙන්නේ.අනිත් අයගේ ඒවගේ ලයින් අඩුයි. වීඩියෝ එක හොයාගන්න ගියාම පිස්සු හැදෙනවා…. ඒ අතින් ඔයාලා මේ නොමිලේම කරන දේ සෑහෙන්න වටිනවා… 😀 😀 😀

    Reply
  • thanks machann…elamaa…

    Reply
  • සබ් එකට තෑන්ක්ස්. නියමෙටම කරලා තිබ්බා. ගුඩ් ලක් මචන්…

    Reply
  • Vikram Vedha proper HD dvd rip එකට Update කරන්නකෝ… Hardcore sub තියෙන චිත්‍රපට වලට sub කලම චිත්‍රපටයේ තිබෙන රසස්වාදය නැති වෙනවා

    Reply
    • Aniwa eka nm atta hodama ekak awama update ekak hari ona

      Reply
  • Meka full hd avit thiyanawa english sab yan nti please puluwan nm update ekak danna 720p walata godak wati

    Reply
  • machan mn film eka download krata play wenne nane………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan me sub eka extract wenne nah bn.. bad file kiyla error ekak enawaneh.. help me..

    Reply
  • thanks sub ekata sahoo.baywatch ekata sub dannakoo

    Reply
  • Baywatch film ekat sub eka dendoo…

    Reply
  • Thanx bro ela film ekakata sub elatama dunnata

    Reply
  • patta film eka.Thanks machan

    Reply
  • thanx a lot..great job.// WELL DONE !!!

    Reply
  • thanx a lot …..

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • ගොඩක් ස්තුතී

    Reply
  • Ela bro…balagena hitiye saba denakan..pin aaa

    Reply
    • Macha me film eka download karanna link eka dipanko

      Reply
  • හම්මේ නොබලා ඉන්නේ කොහොමද අනිවාර්යෙන් බලන්න ඕනෑ
    බොහෝම ස්තුතියි සහෝ
    දිගටම කරගෙන යමු ජය

    Reply
  • niyamai saho ලිපිය දැක්කහම ෆිල්ම් එක බලන්න හිතුනා වැඩිය මම දෙමල ෆිල්ම් බලන්නේ ඒ වුනාට මේක බලන්න හිතෙනවා දිගටම sub කරමු මේ වගේ film අපිට ගෙනාවට ගොඩක් ස්තුතියි…

    Reply
  • Thanks bro……………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ranga aiye thank you wewa sub ekata ❗️

    Reply
  • sub aka download karanna behene machan. page not found kiyala wetenawa. please fix it.. bro

    Reply
    • මචන් එෆ් බී එකෙන් මැසේජ් එකක් දාන්න

      Reply
  • Niyamai Saho Jaya Wewa!!!!

    Reply
    • meke link eka dennako plz

      Reply
  • elama saho thanks

    Reply
  • goog job sahodaraya
    obata aya

    Reply
  • thaks karanawata wada pin kiyala kiyannam mokada mn me filuma enakan agili gana gana hitiye

    Reply
  • niayamai…patta….tamil nm bamak thama….itath wada supiri filumak ne…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Thanks Broo…………….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thnkzzz saho…ela…

    Reply
  • Machan link eka nadda film eka baganna…

    Reply
  • saho `pin` godai oyt
    film ek download krgn blnwd,ntid ?
    mkd krnee ky kyaa htyeee
    (Y) jaya wewa digtama sub demu

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Brother downlode link 1kak nedda….

    Reply
  • එල ෆිලුමක් තියේ මීසයේ මුරුක්කු කියල ඒකටත් මහන්සි බලන් නැතුව sub එකක් කොටල දාපන්කෝ මලයෝ………

    Reply
  • sub එක නැතුවම එක පාරක් බැලුව ..තව පාරක් බලමු හිමීට……

    Reply
  • Hamme………me dawas tike supiri film neh enne…….
    Kyanna deyak na mekath ehemma tama….
    Ranga saho,oya sub deepu kuttram 23 filumath baluwa,ekath suppa tama ithin……
    Digatama me wage paharawal walatama sub demu…
    Jaya wewa!!!

    Reply
  • ස්තුතියි රංග සහෝ.ජයවේවා!

    Reply
  • බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට. එනකල් පුදුම කෑදරකමකින් බලං හිටියෙ. කොහොමත් 1ටම දෙන්නෙ බයිස්කෝප් එකෙන්නෙ. ගොඩාක් පිං සහෝ මේවගේ සුපිරිම ඒවා අපිට අරං එනවට. එල එල. බුදු සරණයි

    Reply
  • Mekanm supiriiii.. no word 2 say.. sub ekata gdk tnq bro…

    Reply
  • |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • Thanks Mallo…

    Reply
  • Niyama film ekak. Thank broo…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    මේක නම් බලන්නම ඕන එකක් 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
  • සේතුපති මාධවන් බලන්නම වෙනවා එළකිරි ජය වේවා තෑන්ක්ස් මචං

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • sub ekata thankzz mchn,sub eka denkn bln hitapu film ekak,

    Reply

Leave a Reply to සචින් කෙවින් Cancel reply

Your email address will not be published. Required fields are marked *