You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / All / Wakefield (2016) with Sinhala Subtitles | හුදකලාවූ පෙම්වතාණනී! [සිංහල උපසිරැසි සමඟ]

Wakefield (2016) with Sinhala Subtitles | හුදකලාවූ පෙම්වතාණනී! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 26 votes.
Please wait...

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුනේ නෑ. ඉතින් ඔන්න දවසක් වෙනදා වගේම මං වැඩ ඇරිලා ගෙදර එද්දී මෙන්න ගේ ලඟ රැකූන් තඩියෙක්. එලවපු පාර මේකා ගේ ඉස්සරහ තියෙන අට්ටාලෙට රිංගපි. මූව එලවලා දාන්න මාත් ඉතින් අට්ටාලෙට ගොඩවුනා. ගියාමයි දැක්කේ අට්ටාලෙ ජනෙල් වලින් ගෙදර වටපිටාව නියමටම පේනවනේ කියලා. පරක්කු නිසා නෝනා මට කෝල් කලා. මං කට් කරලා දැම්මා. මෙන්න මේකි මගේ රෑ කෑම එක එවෙලෙම කුණු බක්කියට දැම්මා. අඩුගානෙ ෆ්‍රිජ් එකෙන් දාපිය. පුදුම ගෑණියෙක්නේ. තරහටත් එක්ක ඉදගත්තා අට්ටාලෙ පුටුවේ. හුටා…එතනම නින්ද ගිහින් මේං උදෙත් වෙලා. දැන් ඉතින් රෑ අහවල් එකක් කලා කියලද කියන්නේ? දැන් ගියොත් ඉදලා හමාරයි. නෝනා වැඩට ගියාට පස්සේ යනවා කියලා හිතන් කුණු බක්කියෙන් මගේ කෑම එකත් අරන් ආයෙ අට්ටාලෙට වැදුනා. හැබැයි එහෙම හිතුවට එක එක හේතු නිසා මට ගෙදර යන්න වුනේ නෑ. හිත දුන්නෙත් නෑ. මට ඕනවුනා මොනාද වෙන්නේ කියලා බලාගන්න. ඒ නිසා අට්ටාලෙට වෙලා මං මගේ ගෙදර දිහා බලන් ඉන්න පුරුදුවුනා.මං දැන් අතුරුදහන් වුන මිනිහෙක්. වෙච්ච දෙයක් නැති හොවඩ් වේක්ෆීල්ඩ්.

නාට්‍යමය කාණ්ඩයට අයිතිවෙන, මැයි මස 19 වෙනිදා නිකුත්වූ මේ චිත්‍රපටියට 6.4imdb අගයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිතය වන හොවඩ් වේක්ෆීල්ඩ් විදියට විශිෂ්ට රංගන ශිල්පියෙකු වන Bryan Cranston රංගනයෙන් දායක වන අතර, ඔහුගේ බිරිඳ ඩයානා විදියට Jennifer Garner රංගනයෙන් දායක වෙනවා. සුපුරුදු පරිදි Bryanගෙන් සුපිරි රංගනයක් දැකගන්න පුළුවන් වගේම කතාවත් මටනම් ගොඩක් සිත්ගත්ත එකක්. “අපිනම් ඔව්වා බලන්නේ නෑ ඇක්සොන් විතරයි ඕනෙ” කියන අයට මඟ ඇරෙන තවත් හොද නිර්මාණයක් කියලා සහතික කරන්න කැමතියි. 🙂 එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

Wakefield (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wakefield.2016.LIMITED.BDRip.x264-SNOW

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. thanks bro..

  2. මෙව තම රිලිස් චිත්‍රපට කියන්නෙ ඉසුරු . මෙවගෙ මුවි ගොඩක් මිනිස්සු බලන් නැ කම්මැලි කියල , අපරාදෙ කියල තම කියන්න වෙන්නෙ ඉතින් . කමෙන්ට් එකක් හොයම් ඇවිත් දෙන්න තරම් මාරම විදියට සෙට් උනා . ඩ්‍රාම මුවි නම් අරින් නැ ඉතින් එකත් අසම පැටිකිරිය. කාලෙකින් බැලුව ලස්සන ෆිල්ම් එකක් කියල කියන්න ඔනෙ, වටින කියන . දෙයක් ගන්න පුළුවන් හිතන්න පුළුවන් .

  3. Sahana kalakin hoda film ekak baluwa onna, story eka wonderful . Thx saho sb eka hodatama thibuna mawage move thiyanawa nm danna mara asawan baluwa move ekak, dayak hitanna puluwan danana watina චිත්‍රපටයක් කියල recommend karanna පුළුවන්

  4. බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  5. Thanks…

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. Thanks saho..!!!

  8. Sub ekata bohoma sthuthi. Puluwnnm Do Lafzon Ki Kahani film ektath sub eka denna.

  9. thanks saho, jaya

  10. Thanks machan…..jayawewa……!

  11. good job bro,………
    keep it up …

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. elahh mchan.. normally man Drama movies balannha.. lipiyata asa hithuna.. e hinda meka balanawa.

    jaya wewa!!

  14. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට පහරක් වගේ. සුපිරිම නළුවෙක්නෙ ඉන්නෙ. අනිවා බලමු. ගොඩාක් පිං.

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. නියමයි මචෝ…
    නියම ස්ටෝරියක් වගේ..
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  17. “අපිනම් ඇක්සොන් විතරක් බලන්නේ නෑ ඔව්වත් ඕනෙ”
    එලම සහෝ තෑන්ක්ස්

  18. C. R. ජයලත්

    Niyamai Isuru Aiya Jaya Wewa!!!!!

  19. ලිපිය කියෙව්වෙත් මාර අසාවෙන් මන් ගොඩක් අසයි මෙ ටයිප් මුවි වලට ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ.. බලන්නම ඔනේ

  20. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි
    මන් බැලුවා නියම එකක් කස්ටිය අරන් බලන්ඩ

  21. ස්තූතියි සහෝදරයා..

  22. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  23. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  24. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  25. නියම කතාවක් වගේ. ස්තූතියි.

error: Alert: Content is protected !!