Tuesday , March 2 2021
Breaking News

We were Soldiers (2002) | දින්නත් පරදින පැරදුනත් පරදින එකම දෙය – යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

We Were Soldiers 2002

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් සෙට් එකට? 🙂 වර්ල්ඩ් කප් එක පටන් ගන්න  කළින් මගේ දෙවෙනි උපසිරැසිය දෙන්න කියලා හිතාගෙන හිටියේ. කොහොමහරි  වර්ල්ඩ් කප් එක පටන් ගන්න කළින් හෙන කට්ටක් කාලා වැඩේ ඉවර කළා. කට්ට  කියන්නේ sub එක කර කර ඉන්නකොට එකපාරටම ලයිට් ගියා. කරුමෙට UPS එක වැඩ කරන්නෙත් නෑ. කොහොමහරි ආපහු ලයින් 250ක් විතර ලියන්න උනා.  🙁  කොහොම වුනත් මම මගේ දෙවැනි උපසිරැසිය විදියට ගෙනාවේ තවත් සුපිරිම ලස්සන ෆිල්ම් එකක්.

ඒ  We Were Soldiers(2002). මේකට 7.1 වැනි ඉහළ  IMDb අගයක්  ලැබිලා තිබෙනවා. බය නැතුව බාගෙන බලන්න. රට වෙනුවෙන් සේවය කරන රණවිරුවන්  ගැන සැබෑම තත්වය අපිට මේ බයිස්කෝප් එක බැලූ විට යම් හෝ අදහසක් ගන්නට හැකි වේවි. මේ ෆිල්ම් එක ගැන සුපිරිම විස්තරයක් අපේ රොයිලි අයියා පහළ දීලා තියෙනවා. මට කියන්න දෙයක් ඇත්තෙම නෑ. මගේ කළින් පොස්ටුවට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. මේකටත් අදහසක් දාගෙනම යන්න.ඒ වගේම අපේ වීරෝධාර රණවිරුවන්ටත් ස්තුති කරන ගමන් මීළඟ උපසිරසියෙන් හමුවෙනකම් මම සමු ගන්නවා.  

කලින් පල කල ලිපිය.

යුද්ධයට මුල් කාරණාවට හේතුව කාගේ වැරද්දක් වුවත්, යුද්ධයෙන් කවුරු දින්නත්, කවුරු පැරදුනත් දෙපැත්තෙම සෙබලුන් මියයනවා. ඔවුන්ගේ පවුල් වලට මොන දේ ලැබුනත් තම ආදරණීයාව සදහටම අහිමියි. සමහර විටෙක යුද්ධය අවසන් වූ විට ඔවුන් කළ කැපවීම හේතුවෙන් සදාකාලයටම අබ්බගාත වෙන සෙබලුන්ව ටික කලකින් ජනතාවට අමතකයි. ඒහෙත් ඔවුන් එම අඩුව සමඟ ජීවිත කාලයම මානසිකව ඇදවැටෙමින් ගෙවිය යුතුයි. මිට අවුරුද්දකට කලින් සෙබලෙක් කෙරෙහි තිබ්බ ආකල්පය ගැන අද අපට හිතන්න පෙළඹවන මේ චිත්‍රපටිය ඇත්තටම අගනා නිර්මාණයක්.

මම අද අරගෙන ආපු චිත්‍රපටිය මට හම්බවුනේ මගෙ කැමතිම නළුවෙක් වුනු මෙල් ගිබ්සන් ගේ චිත්‍රපට හොයන කොට. මේ චිත්‍රපටියට පාදක වුණේ වියට්නාම් යුද්ධය නම් ඇමරිකාව අනාගෙන කාපු යුද්ධයෙ පළවෙනි විශාල පහර දීම වෙච්ච Battle of Ia Drang මූලික කරගෙන. ඒ වගේම මෙයට පාදක වුණු නවකතාව වන We Were Soldiers Once… And Young ලියා තිබෙන්නේත් එම යුද්ධයේ සක්‍රීයව භූමියේ සිටි Lieutenant General (Ret.) Hal Moore සහ වාර්තාකාර Joseph L. Galloway, විසින්. ඇමරිකාව එම යුද්ධයට දායක් වීමට අවුරුදු 11කට කලින් 1954 වියෙට්නාමයේ දී ප්‍රංශ හමුදාඛණ්ඩයක් සමූලඝාතනය වූ සිදුවීම අධ්‍යනය කරමින් සම ගත්කතුවර හල් මූර් විසින් තම හමුදාඛණ්ඩය කටුක යුද්ධයට පුහුණු කරවනවා. ඉන්පසු මරණයේ නිම්නය නම් ලත් භූමිය වෙත 1965 නොවැම්බර් 14 ගොඩ බසින ඔහු තම යුද්ධය පටන් ගන්නවා.

යුද්ධයේ ඇති භයානක කම හා ඔවුන්ගේ පවුල්වය අය මව් රටට වී දහස් වරක් මැරි මැරී ඉපදීම, බොහොම සංවේදී ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටය හැමෝටම බාගෙන බලන්න කියලා මම ආරාධනය කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Eagle Eye (2008) on IMDb

 

 

95dcb8759c3ff0234a81e595eb4e5347062c4961
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් රසංජන පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් …

Leave a Reply

Your email address will not be published.

60 comments

  1. බොහොම ස්තූතියි සබ් එකට

  2. Lakshansilva18

    Mama hithuwe ww2 movie ekak kiyala eth awlak na war film ekaknam aniwa balanawa

  3. Supiri filumak wage.. sub 1 ta sthuthi

  4. SHASITH SANDARUWAN

    thanks bro thawa onaaaaaa

  5. Thanks… wewa

  6. Lahiru Wijesinghe

    උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඔබට ජය පතමි.

  7. patta pata pata… thankzzz macho….

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  9. අනිල්

    වෝ ෆිල්ම් බලන අය මේක නොබැලුවොත් වැඩක් නෑ ….. ආයේ බලනවා සබ් එක්ක … සබට ස්තුතියි …

  10. බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. thanx saho..

  13. patttama ekak.FURY movie ekata passe lebunu hodama eka.me wage ewa hemadamath denna…

  14. එල ඈ..
    මම බලලා තියෙන නියම යුද චිත්‍රපටයක්.
    ජය වේවා. !

  15. ස්තුතියි 🙂


  16. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  17. niayamai…thanks SUPUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Elz…thank you very much saho….supiri filumakne dila thiyenne…:)

  19. එල වැඩක්.මාර කට්ටක් නේ කාල තියෙන්නේ.ගොඩක් පින්.

  20. පැතුම් අරෝෂණ වනිගසේකර

    කලින් බලල තියෙනව ආපහු බලන්න ආස හිතුනා ^_^

    ස්තූතියි මචන්න් 🙂

  21. patta thanks hode….

  22. Thanku saho sub 1ta

  23. thankssss

  24. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  25. නලින් පෙරේරා

    ස්තුතියි සුපුන් සහෝ!

    ජය වේවා!

  26. නියමයි මචෝ.
    මේක මම බලපු හොදම ෆිල්ම් එකක් ස්තුතියි සබ් එකට.
    ජය.

  27. ආසිරි

    ජය වේව සහෝ..
    සබට ස්තූතියි..

  28. meka sinhala sub eka nehane machoooooooooo………………mkada eeeee

  29. we were soldiers film ekey sinhala subtitle naththe eyi mr roily?

  30. elatama athi wage…thanks bro

  31. maxxa Film 1k habi ofice 1k lokka ka ghanwa net 1k slow wela kiyala , Moko karanne , kamk na onna ahe banawa . Thanks

  32. please reseed machan.

  33. Supiri Movie Ekak Thamai.
    Mama Meka Mitha Kalekata Kalin ID Card Eka Thiyala VCD Ekak Gennella Beluwa. 🙂 😀 😀

    Den DL Kara Genama Balanawa.

    Thanks Machan Mathak Karala Dunnata

  34. Maxxa film ekak… elama paharak

  35. අදයි බලන්න පුලුවන් වුනේ.මරැ film එක බාලපු නැති කස්ටිය තව පරක්කු වේන් එපා.තැන්කු රොයිලි ‍සහෝ……….

  36. ඔන්න අද තමා මේක බාන්න දැම්මේ…පහුගිය දවස් ටිකේම අරහේ මෙහේ දිව්ව නිසා ෆිල්ම් එකක්වත් බලන්න උනේ නෑ….

  37. suranga rasika

    සිරාවට යුද්දෙට ආස නෑති උනාට මේ චිත්‍රපටියට ආසයි,බොක්කට වදින කතාවක්,ඔක බලන්නම ඔන….. 😀

  38. අපේ රටට නම් තවත් යුද්ධ එපා…. 🙁 ෆිල්ම් එකක් නිසා බලමු ….!!

  39. අමල් පසාද්

    මචංස්ලා… 3ඩී බයිස්ෙකා්ප් ටිකක් ෙදන්න පුලුවන්නමි ෙගාඩ. මම පුද්ගලිකව අාස ඒවට.. නමුත් බයිස්ෙකා්ප් ඒෙකන් ෙමානව දුන්නත් අනිවා බානවා.. හැෙමා්ටම ජය ෙවිවා!!!!!

  40. ela ela. thanks royli

  41. පසිඳු

    balamu balamu…

  42. ba ba wage hitila onna damma.. onna ohe balanawa.. balannat godak thiynwa.. 🙂

  43. යුද්ධ එකක් හොය හොය හිටියේ.තැන්කු සහෝ………

  44. මාගේ ප්‍රනාමය

  45. තෑන්ක්ස් මචං. යුද්ද කතා හොඳයි

  46. ස්තූතියි..

  47. ස්තූතියි.. film එක බලලා තියෙනවා. ඒත් ඉතිං ආයෙමත් බානවා.. 🙂

  48. THANKS……

  49. මේ දවස් වල ජOජාලේ අව්ල් නේ අප්ප..හුගක් බාන්ඩ ලිස්ට් එකේ තියේයි..
    තෑන්ක්ස් රොයිලිය 😀

  50. i like very much..war films very interesting

  51. නියම චිත්‍රපටයක්… මෙල් ගිබ්සන් ගෙ අපුරු නිර්මාණයක්.. රොයිලි අයියා ට ස්තුති අනිත් අය අතරත් මෙවා බෙදාගන්නවට…

  52. නියම චිත්‍රපටියක්… 100% නිර්දේශ කරන්න පුලුවන්.

error: Alert: Content is protected !!