Saturday , October 16 2021
Breaking News

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 19 votes.
Please wait...

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම සාක්ෂි විනාශ කරන්න කියලා. ඒ දර්ෂන පෙලේ එක තැනක අපිට දකින්න ලැබෙනවා තෙරේසා බර්නාඩ්ට ලියපු ලිපි කිහිපයක්. ඒ ලිපි සියල්ලේම අන්තර්ගත වෙන්නේ බර්නාඩ් ඇයට දක්වන ආදරය ගැන ඇයට ඇතිවන කෘතඥපුර්වක හැගිම් ගැනයි.

දුක පසුතැවිම යනු අපේ ජිවිත පසුපසට අදින පසුගාමි හැගිම් විදිහටයි ෆෝඩ් දකින්නේ. ඒ වගේම ෆෝඩ්ගේ අතීත ජිවිතය දුකින් පිරුනු එකක් බවට ඒ ප්‍ර‍කාශයත් සමගම අපිට පැහැදිලිවෙනවා. අලුත් ක්ලෙමෙන්ටයින්ට මේව් කැමති නෑ වගේ.

පස්වෙනි කොටසේ ලිපියෙදි කිව්වා කාලරාමු 3ක කතාව ගලායන්න ඉඩතියෙනවා කියලා. එහෙමත් නැතිනම් ඩොලොරස් තනිවම මේ සියල්ල නැවත කරනවා කියලා. ඔන්න ඒ අනුමානයට සාක්ෂියක් මේ කොටසෙදි පෙන්නුවා. ඔවුන්ගේ අතිත මතකයන් මිනිසුන්ගේ මතකයන්ට වඩා නිවැරදියි ඒ වගේම හරිම පැහැදිලියි. ඉතිං ඔවුන් ඒ මතකයන් තුල නැවත ජිවත්වෙනවා වගේ දැනේනවා. ඒ දේ ඩොලෝරස්ට වගේම මේවිටත් සිදු වුනා. ඩොලෝරස් වතුර රැගෙන එන ජලාශ අසලට යන දර්ශනේදි මේ තත්ත්වය හොදින් පේනවා. ඔබ දකින්න ඇති ඒ අවස්ථාවේ එක මොහොතක විලියම්  අතුරුදහන්ව ඩොලොරස් පමනක් ඉන්න දර්ෂනයක්. ඒක  3වැනි කාලා රාමුව(වර්ථමාන) විදිහට අනුමාන කරන්න පුළුවන්. විලියම් සමග ඇය ඉන්න දර්ෂන සියල්ලම අතිත මතකයන්. ඇය දැන් ඒ සියල්ල නැවත තනිවම සිදුකරනවා.

තේරේසාගේ මරණය සමග හෙලිවෙනවා උද්‍යානයේ තොරතුරු පිට කරලා තියෙන්නේ ඩෙලෝස් සමාගමේම අනුදැනුම තේරේසා බවට. දැනට තොරතුරු අනුව එලිස්ව(බර්නාඩ්ගේ සහයිකාව) පැහැරගන්නේ බර්නාඩ් විසින්මයි. සමහරවිට ඇයවත් ඝාතනය කරලා තියෙන්න පුළුවනි. නැතිනම් ඇය මේ වෙනකොට සිර කරලා ඉන්නේ. නමුත් ඒ දේ බර්නාඩ් විසින් තෙරේසාව බේරගැනිම කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒකට ෆොඩ් සම්බන්ධ නැතිව අැති.

මේව් තමන්ගේම හමුදාවක් නිර්මානය කරගන්නවා. ඊලගට අපි දකිනවා ටෙඩි සහ  Man in Black විසින් තරුණියක් සොයාගන්නවා. ඇය තමයි දෙවන කොටසේදි විලියම්ට උද්‍යානය ගැන පැහැදිලිකරන රෝබෝවරිය. ඉතිං මෙතනදි  Man in Black ඇයව හදුනන බව කියනවා. මේක විලයම් කියන්නේ  Man in Black බවට තවත් එක සාක්ෂියක්.

නමුත් තවත් අනුමානයක් තියෙනවා  Man in Black කියනේනේ ලෝගන් බවට. මොකද පලමු ‍කොටසේදි  Man in Black විසින් දුෂණය කරන නිසා. චාර්ලට් හේල් තොරතුරු උද්‍යානයෙන් පිට කරන්න තෝරගෙන තියෙන්නේ ඩොලොරස්ගේ තාත්තා විදිහට හිටපු රොබෝවරයාව. එකෙන් ඉදිරි කොටස්වල කුමක් නමුත් ලොකු ආරවුලක් වෙන බවනම් පැහැදලියි.

අද කොටසේදි මෙතෙක් කලක් අභිරහසක්ව පැවති ආනෝල්ඩ්ව දැකගන්න පුළුවන්. එවගේමයි කලිං ලිපිවලදි සදහන් කල අනුමානයන් 2ක් මේ කොටසේදි සත්‍ය වෙනවා. අද කොටස වැඩි වශයෙන්ම බර්නාඩ්ගේ අතිත මතකයන් ගැන තමයි දැක්වෙන්නේ.

පීටර් ඇබනතිට(ඩොලෝරස්ගේ පියා) හමුවෙන ඡායාරූපයකින් තමයි මේ සියල්ලම ආරම්භවෙන්නේ. අද කොටසේදි ඒ ඡායාරූපයේ ඉන්නේ කවුද කියන එකත් පෙන්වනවා.

Man in Black  ඩිලෝස් ආයතනයේ අතිශය ඉහල තනතුරක් දරන කෙනෙක් බව පැහැදිලිවෙනවා. ඒ නිසයි ඔහුට අසිමිතව උද්‍යානයේ සැරිසරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.

10 වැනි කොටස පුරා පැය එකහාමාරක් (විනාඩි 90) ධාවන කාලයක් සහිත එකක්. එහෙනම් ලබනසතියේ අවසන් කොටසත් සමගින් හමුවෙමු.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E09.HDTV.x264-KILLERS

Westworld.S01E09.720p.HDTV.x265.ShAaNiG

Westworld.S01E09.The.Well-Tempered.Clavier.720p.HBO.WEBRip.DD5.1.H264-monkee

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

Check Also

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. Ado ube sub wala nam aul nathima tharam

  2. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  3. Thanks bro

  4. ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  5. මාත් 3වෙනිකෙටසෙ කමේනට් එකෙනන් කිව්වෙ මෙකතමා කතාව ටයිම් ලය්න් අනුව යනව කියන එක තෙරැම් ගන්න අමාරැ උනා මුලින්ම.mib ක් මමම තමා විලියම් කියන තැනදි විලියම් ගොයියා නැ.ස්තුති සබ් එකට.hbo වල big little lie සිරියස් එක බයිස් කොප් එකෙන් ලැබෙයිද.

  6. ඉෂාන් මදුෂ

    සබ් එකට ස්තුතියි සහෝ

  7. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  8. බොහොම ස්තූතියි

  9. බොහෝම ස්තූතියි උපසිරැසියට

  10. ඩොලෝරස්

    බොහොම ස්තූතියි සහෝ…
    Last Episode ekath awane denakn balgena inne.. Jayawewa..

  11. thanks bro sab walata!!!!jaya!!!!!!!!

  12. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  13. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Thanks machan…..jayawewa…..!

  15. බොහොම ස්තූතියි සහෝ….

  16. thx broo

  17. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  18. ඔබට ජය

  19. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  20. ඔබ දකින්න ඇති ඒ අවස්ථාවේ එක මොහොතක විලියම් අතුරුදහන්ව ඩොලොරස් පමනක් ඉන්න දර්ෂනයක්. ඒක 3වැනි කාලා රාමුව(වර්ථමාන) විදිහට අනුමාන කරන්න පුළුවන්. විලියම් සමග ඇය ඉන්න දර්ෂන සියල්ලම අතිත මතකයන්. ඇය දැන් ඒ සියල්ල නැවත තනිවම සිදුකරනවා. //
    .
    බැලුවට මොකො මට මෙහෙම එකක් හිතුනෙ නෑ..
    පැහැදිලි කරාට ස්තූතියි!
    එල

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

error: Alert: Content is protected !!