Tuesday , October 20 2020
Breaking News

When They See Us [S01 : E02] Sinhala Subtitles | අන්ධ නීතිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ කතාවේ දෙවැනි කොටස රැගෙන එන වගකීම බාරවුණේ මට. මේකත් මේ රවිදු සහෝදරයාගේ දැඩි පෙරැත්ත කිරීම නිසාම බාරගත්තු එකක් තමා ඕන්. මේ උපසිරැසිය කළාට මොකද කතාව මම නරඹලා නෑ. ඒ නිසාම ලොකු ලිපියක් දෙන්න අමාරුයි. ඒ හින්දා මේකේ වෙන දේවල් කෙටියෙන් කියලා දාන්නම් ඈ.

අද කොටසින් ඔන්න සුදු ජාතික කාන්තාවක් දුෂණය කිරීමේ වරද සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත කළු ජාතික තරුණයන්/ගැටවරයන්ගෙ නඩු විභාග කිරීම් ආරම්භ වෙනවා. පොලිසිය කොහොම හෝ බය ගන්නලා මේ හැමෝගෙන්ම පැට්‍රිෂියා මෙයිලිව දූෂණය කළ බවට කට උත්තර ලිඛිත සහ වීඩියෝ ප්‍රකාශ විදිහට ලබාගෙනයි තියෙන්නෙ ඔන්න. ඒ වගේම තමා දිස්ත්‍රික් නීතිඥ කාර්යාලය මේ නඩුව කෙසේ හෝ ජයගැනීමේ අටියෙන් තමයි ක්‍රියා කරන්නේ. එසේම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුන්ට අපරාධ නඩු සම්බන්ධ අත්දැකීම් පවා නොමැති අය.

ඉතින් සැබෑ ලෙසම ඇමරිකානු ඉතිහාසයෙ මතභේදාත්මක නඩු විභාගයක් වෙච්චි සෙන්ට්‍රල් සිටි 5 නඩු තීන්දුව පක්ෂග්‍රාහී නඩු තීන්දුවක් බව නොරහසක්. වසර ගානක් සිරගතව සිටීමෙන් අනතුරුව මේ අයගේ නිර්දෝෂ බව ඔප්පු වීම නිසාම රජයෙන් විශාල වන්දි මුදලකුත් ඔවුන්ට ලැබුනා. ඒ වගේම තමයි වර්තමාන ඇමෙරිකානු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ සිද්ධියේදී අදාළ තරුණයින්ට දඩුවම් ලබා දීම සදහා ඔවුන් වැරදි බව සමාජගත කිරීම උදෙසා දැඩි ප්‍රයත්නයක් ගෙන ඇති බව මෙයින් දැකගන්න පුළුවන් වෙනවා.

හොදයි එහෙනම් මේ ටික ඇතිවෙයි. කොහොමත් මේ වගේ කතා වැඩි දෙනෙක් නොබලන එකේ ලොකුවට ලිපි ලිව්වා කියලත් වැඩක් නැනේ. එසේනම් නැවතත් උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E04] Sinhala Subtitles | ජාතික ආරක්ෂක කමාන්ඩෝ භටයින්ගේ පැමිණිම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. Sandaru Nimsara

    Sub ekata tnx bro

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Sthuthi saho…

  6. සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

error: Alert: Content is protected !!