අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Wildling (2018) Sinhala Subtitles | වනාන්තරයේ කුමාරිකාව…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 38 votes.
Please wait...

කොහොමද අවුරුදු ? හැමෝමට ජයටම අවුරුද්ද සමරන්න ලැබෙන්න ඇති කියලා හිතනවා. අවුරුදු නිවාඩුවේ ඉන්න වෙලාවේ කරන්න හිතන් උන්න චිත්‍රපටයක් බලනකොට තමයි කොහොම හරි මේක ඉක්මනින් දෙන්න ඕන කියන අදහස ආවේ… ඒ තරමටම මේක හිතට ඇල්ලුවා මට නම්… ඉතින් මේ මාසේ 13 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයටත් වෙන්නේ Fantasy, Horror කියන කාණ්ඩයන් දෙකට.

Fritz Böhm ගේ කුළුදුල් චිත්‍රපටය වන මෙහි පිටපතත් ඔහු හා Florian Eder විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙවර SXSW චිත්‍රපට උළෙලේ දී එලි දැක්වුණා මේ සලරුව මේ වනකොට IMDB 6.6 ක් වගේ අගයකුත් Rotten Tomatoes 71% වගේ අගයකුත් ලබාගෙන තියනවා. භයානක චිත්‍රපට සාමාන්‍යන් ලබාගන්නා අගයන් එකක් බැලුවහම ඒක බොහොම හොඳ අගයක් කියන එකයි මගේ අදහස. තිරයේ දකින මුහුණු වෙන්නේ Liv Tyler, Brad Dourif, Bel Powley, James Le Gros, Mike Faist, Troy Ruptash, Bhavesh Patel වගේ පිරිසක්….

කතාව මෙහෙමයි, ඇනා කියන්නේ කුඩා කාලයේ ඉදලම වනාන්තරයේ පොඩි ගෙයක, අට්ටලයේ තමුන්ගේ ජීවිතය ගෙව්වා කුඩා දැරිවියක්. ඇයට තමුන්ගේ අම්මා මතක නැහැ, ඇය දන්නේ පියා යැයි කියා ගන්නා ඇයව ආරක්ෂා කරනා පුද්ගලයා විතරයි. නමුත් ඇය කෙමෙන් කෙමෙන් ලොකු වෙනකොට කාන්තාවක් බවට පත් වෙන්න පටන් ගන්නකොට ඇයගේ මේ පියා විවිධ බෙහෙත් බලා දෙන්න පටන් ගන්නවා ඇයට… කොහොම කොහොම හරි සිදුවීමක් නිසා ඇයට හැකි වෙනවා සාමාන්‍ය මිනිස් ලෝකයට එන්න… ඇයට බොහොම පුදුමයි මෙතෙක් කලක් ඇය සිතා සිටියේ තමුන් හා තමුන්ගේ පියා තමයි අවසාන මිනිසුන් කියලා ඒ වනචාරීන් නිසාවෙන්…

ඉතින් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත වෙන ඇයට අවසානයේ ගමේ ෂෙරිෆ් නිවසේ නවාතැන් හිමිවෙනවා. මේ අතරේ තමයි ඇයට තමුන්ගේ ශරීරයේ විවිධ වෙනස්කම් දැකගන්නට ඇත විදින්නට ලැබෙන්නේ… ප්‍රශ්න ලෝකව මුලාවෙන ඇයට තවත් ප්‍රශ්න කන්දරාවක් පහල වෙන්නේ කලින් ඇයගේ පියා යැයි කියාගත් පුද්ගලයා ගමේ තවත් වැඩිහිටි පිරිසක් එකක් ඇයව ඝාතනය කිරීමට වනය පීරමින් සැරිසරනා විට… ඉතින් මේ වෙනස්කම් මොනවා ද? කවුද මේ වනචාරින් ? ඇයි මිනිසුන් ඇයව ඝාතනය කිරීමට මේ තරම් උත්සාහ කරන්නේ ? සාමාන්‍ය ලෝකයේ ඇයගේ අත්දැකීම කොහොම එකක් වේවි ද? ඇයගේ පිහිටට කවුරු ඉදිවී ද? මේ ප්‍රශ්න ටික පැයකුත් මිනිත්තු 32 ක් වගේ කාලයක් තුල ඔබ ඉදිරියේ උත්තරත් එකක්ම දිග හැරේවි…

අවසාන වශයෙන් මගේ හිතේ ඇතිවුන සැකයක් ඔබ ඉදිරියේ තබා යන්නම්, Bigfoot ??? එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතකම් ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

37 thoughts on “Wildling (2018) Sinhala Subtitles | වනාන්තරයේ කුමාරිකාව…. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Thanks bro jayawewa……

    Reply
  • Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි!

    Reply
  • Thank you………..

    Reply
  • Subtitles dawnload karanna beha. Ai ahema wenne

    Reply
  • sub ekata thanks saho. jaya wewa!!

    Reply
  • Thanx sub ekata…..Pacific rim 2 eka sub eka daanne kawadada

    Reply
  • ස්තූතියි.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Thank u very much bro………….

    Reply
  • සුබ අලුත් අවුරුද්දක් වේවා …
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thank you very much saho I’m going to watch it now

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    Reply
  • Thanks………..

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    තවත් මේ වගේම ෆට්ට ෆිලුමකින් හමු වෙමු
    ජය

    පුලුවන් නම් lucifer මග නැවතිලා තියන කොටස් වල සබ් දාලා දෙන්න පුලුවන්ද?

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..!
    සුභ අලුත් අවුරුද්දක් වේවා ___..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි___
    කවදත් සතුටු හිතෙන හොද චිත්‍රපට දෙනවට ස්තුතියි .. සබ් එක ගත්ත. හැමදාම බලනව ඔයාගෙන් සබ් එකක් ඇවිත්ද කියල … එහෙම දැක්ක ගමන් කරන්නෙ එක සබ්පයිල් එකත් අරම් ටොරෙන්ට් එක සේව් කරන එක හොදම ලිස්ට් එකේ
    ලබාදුන්න මුවිටික බැලුවා
    ඉස්සරහටත් හොදඑව දෙන්න

    Reply
  • Wow macho….niyamai…good luck and god bless you…danmama film eka banawa..keep continue it…

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ජයෙන් ජය.

    Reply
  • එල් බ්‍රෝ. රෑට බාගෙන බලනවා. තැන්ක්ස්

    Reply
  • Thanks bro sub ekata..Jaya wewa..

    Reply

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *