Wednesday , October 21 2020
Breaking News

Yeh Dil Aashiqanaa (2002) Sinhala Subtitles | මේ හදවත උමතුවෙන් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 14 votes.
Please wait...

යාළුවො හැමෝටම සුබ දවසක් වේවා කියල මුලින්ම ප්‍රාර්තනා කරනවා. ඔන්න මම මීට සතියකට කලින් ඔයාලට දීපු උපසිරැසියේ සදහනක් කලා ඔයාලව පුදුමයට පත් කරන චිත්‍රපටියකට උපසිරැසි අරන් එනවා කියලා. කියපු විදිහටම මම ඒක අරන් ආවා. සතියක් ඇතුලත මට මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න පුලුවන් උනා. ගොඩක් වැඩ රාජකාරි තිබුනත් ඔයාල වෙනුවෙන් පොඩි කැප කිරීමක් කලා.

මේ පාර මම ඔයාලට අරන් අවේ මම පුද්ගලිකවම කැමති පොඩි දවස් වල බලපු සුපිරිම ෆිල්ම් එකක් අරගෙන. Yeh Dil Aashiqanaa (2002) (මේ හදවත උමතුවෙන්)ෆිල්ම් බලන ගොඩක් අය මේ චිත්‍රපටියට ගොඩක් කැමති ඇති. මේ චිත්‍රපටිය අපි පොඩි දවස් වල රූපවාහිනියේ බලල තියෙනව. බලපු අයත් ඇති. ඒත් මෑත කාලයේ නම් කිසිම රූපවාහිනී මාද්‍යක මෙම චිත්‍රපටිය විකාශනය උනේ නැහැ. ඒ වගේම මෙම චිත්‍රපටියට සිoහල උපසිරැසියක් මේ වෙන කම් නිකුත් උනේ නැහැ. ඒ නිසා බයිස්කෝප් කන්ඩායමත් එක්ක එකතු වෙලා මම ඔයාලට මේම උපසිරැසිය අරන් ආවා. මෙම උපසිරැසිය කරන්න කියලා මට උපදෙස් දීපු සිසිල අයියාට ගොඩක් ස්තුති කරන අතර චිත්‍රපටිය නරබන්න කියල හැමෝටම ආරාධනා කරනවා.

ෆිල්ම් එක ගැන කියනවා නම් පැය 2කයි මිනිත්තු 32කක් පුරාවට ලස්සන කතාවක් ගලා ගෙන යනවා. Action, Romance කියන කාන්ඩයට තමයි මෙම චිත්‍රපටිය අයිති වෙන්නේ. imdb අගය නම් ගොඩක් අඩුවෙන් තමයි හම්බ වෙලා තියෙන්නේ. 2002 February 10 තමයි ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ.

ආදරයට සීමා මායිම් නැහැ කියලා මෙම ෆිල්ම් එකෙන් පෙන්නල දීල තියෙනවා. මොන බාදක හැල හැප්පිලි ආවත් කවුරු එරෙහි උනත් ඒ හැම දේකටම මුහුන දීල තම පෙම්වතියව බේර ගෙන ආදරේට වඩා මෙලොව කිසිම දෙයක් නැහැ කියලා මෙම කතාවෙන් අපිට පෙන්වල දීල තියෙනවා.

කතාව ගැන කියනවා නම් කරන් සහ පූජා එකම විද්‍යාලයේ ඉගෙන ගන්නේ. අහම්බෙන් කරන්ට පූජාව හම්බ වෙනවා. ඔහොම කාලය ගත වෙද්දි දෙන්න ආදර වන්තයන් බවට පත් වෙනවා. යම් කිසි හේතුවක් නිසා මේ දෙන්නගෙ පන්ති තහනම් කරනවා. ඔය අතර පොලීසිය විසින් ප්‍රබල ත්‍රස්තවාදී නායකයෙක් අත්අඩංගුවට ගන්නවා. විද්‍යාලයේ ෆුට් බෝල් තරගයට සහභාගි වෙන කරන් පූජා මැච් එක බලන්න එන්නෙ නැති නිසා කරන් අලස කමින් සෙල්ලම් කරනවා. හිතන්නේ නැති විදිහට පූජා තරගය බලන්න එනවා. ආපහු ගෙදර ඇරලවන්න පූජාව එක්කන් ගුවන්තොටු පලට යනවා. පූජා යන ගුවන් යානය ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නවා. කරන් පූජාව බේර ගන්න අතර ඉන් පසුව මේ දෙන්නට ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න වෙනවා. එතනින් එහාට කතාව කියන්න යන්නේ නැහැ. අර ගෙනම බලන්න. ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්. ඒ වගේම චිත්‍රපටිය පුරාවට ලස්සන සින්දු කිහිපයක්ම තියෙනවා. ඒ හැම එක කටම ඔයාල වෙනුවෙන් උපසිරැසි කලා.

එහෙනම් යාලුවනේ ඊලගට ලස්සන දමිල චිත්‍රපටියකින් තමයි මම ඔයාලව හම්බ වෙන්න එන්නේ. උපසිරැසි බාගත කර ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට ජය වේවා කියල ප්‍රාර්තනා කරනවා.🙏🙏🙏🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපතට අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි මචං සබ් එකට

  2. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….මේක බලලා තියෙනවා..පරණ උනත් පට්ට ෆිලුමක්… දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….ජය වේවා….

  3. khali peeli film eke sub denna puluwnda?

  4. thanks..

  5. මමත් මේක පොඩි කාලේ බලලා තියෙනවා. ගොඩාක් ලස්සන කථාවක් .බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම
    Ab Ke Baras 2002 , Koi Aap Sa 2005
    Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

error: Alert: Content is protected !!