Wednesday , December 2 2020
Breaking News

Yogi Bear (2010) | මෙන්න නියම වලස්සු [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 5 votes.
Please wait...

Yogi Bear (2010)

මුලින්ම කියන්න ඕනි මේක මගේ පළමුවෙනි උප සිරැසි නිර්මාණය. ඒ නිසා වැරදි ගොඩක් ඇති. පරිවර්තනයේ වගේම සිංහල අකුරු වලත්. ඒ සියල්ලට සමාවෙන්න කියලා මුලින්ම ඉල්ලනවා. චිත්‍රපට වර්ගීකරණ වෙබ් අඩවියක් වන IMDB හි 4.5/10 ක් වගේ අගයක් ගත් චිත්‍රපටයක් වුණත් බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අනුව සාර්ථක චිත්‍රපටයක් වන මේක, රස විඳියි කියලා හිතනවා. කතාව ගැන කියනවා නම් මේකෙ නම “Yogi Bear” හෙවත් “යෝගි වලහා”. මේක පාදක වෙලා තියෙන්නේ අපි පොඩි කාලෙ බලපු “වලස් මාමා” කාටූන් එකේ වලස් මාමා කියන චරිතය ඇසුරෙන්. ප්‍රධාන චරිතය වන යෝගි වගේම එයාගේ යාළුවා වන බූ බුත්, ජෙලිස්ටෝන් කියන වන උද්‍යානයේ ඉන්න දුඹුරු වලසුන් දෙන්නෙක්. යෝගිගේ ප්‍රියතම විනෝදාංශය, උද්‍යානයට එන සංචාරකයන්ගේ කෑම බඳුන් හොරකම් කිරීම. ඒක නවත්වන්න උද්‍යානයේ ප්‍රධාන පාලකවරයා වන ස්මිත් හා ඔහුගේ දෙවෙනියා වන ජෝන්ස් කියන දෙන්නාම උත්සාහ කරනවා.

ඔය අතරේ තමයි නගරයේ නගරාධිපතිවරයා වන බ්‍රවුන්, තමන්ගේ වාසිය තකා ජෙලිස්ටෝන් උද්‍යානයේ ගස් කැපිමේ ව්‍යාපෘතියක් පටන් ගන්න හදන්නේ. ඒ සඳහා ඔහු ස්මිත්ව එතැනින් එළවලා ජෝන්ස්ව තමන්ගේ රූකඩයක් බවට පත් කර ගන්නවා. මේ අතරවාරයේ වාර්තා වැඩසටහනක් හදන්න එන රේචල් කියලා ගෑනු කෙනෙකුත් මේ කතාවට එකතු වෙනවා. ස්මිත්ටයි රේචල්ටයි එකතු වෙලා උද්‍යානය බේරගන්න පුළුවන් වෙයිද? යෝගි එයාලාට උදව් කරයිද? නගරාධිපති බ්‍රවුන්ට මොකද වෙන්නේ? කතාවට ගෙඹි-කට කැස්බෑවෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර, චිත්‍රපටය බළලාම ලබා ගන්න පුළුවන්.

එහෙනම් චිත්‍රපටය රස විඳින්න ආරාධනා කරමින් මම නවතිනවා. මගේ පළවෙනි නිර්මාණය වන මේකට ඔබේ ප්‍රතිචාර බොහොම කැමැත්තෙන් බලාපොරොත්තු වෙනවා.

2011 අප්‍රියෙල් 28 පලවූ ලිපිය.

ඕන්න 2010යෙ ආපු තවත් අලුත් කතාවක් දෙන්නයි යන්නේ. මේක බලලා ඉතිං ඇති තරම් හිනාවෙන්නත් පුලුවන් වෙයි., ඇනිමේෂන් වලට ආශා කරන අයටනම් හොඳටම අල්ලලා යයි; හැබැයි මේක තනිකරම ඇනිමේෂන්මත් නෙමේ, ඇනිමේෂන් රියල් ගළපළා හදපු බොහොම ලස්සන කතාවක්. මෙන්න මෙහෙමයි කතාව.

ජෙලි-ස්ටෝන් පාර්ක් කියන්නේ ඇමෙරිකාවේ තිබෙන අවුරුදු 100ක් පැරණි වන හා විනෝද උද්‍යානයක්. ඒ කියන්නේ පොඩි නිවාඩුවකට පික්නික් එකක් ගිහින් නිදහසේ වන අසිරිය, සොබා සෞන්දර්යය විඳගෙන; හිතේහැටියට තමන් ගෙන යන ආහාර වේලක් එහෙම භුක්තිවිඳලා පොඩි විවේකයක් ගතකරන්න පුලුවන් විශේෂ තැනක්. මෙහෙ තියෙන අනෙත් විශේෂත්වය වෙන්නේ මෙහේ යෝගී වලසෙක් ඉන්න එක. හාහ්! ඒ කිව්වේ අසාමාන්‍ය ගති පැවතුම් සහිත; මිනිස් ඇසුර ප්‍රිය කරන; මිනිස්සුන්ට පොඩි පොඩි කෙණෙහිලිකම් කරන්න බොහොම දක්ෂ වලසෙක් මේ උද්‍යානයේ ඉන්නවා. ඒ වුණත් එයා කරන දේවල් වලින් මෙහාට එන කාටවත්ම සතුටක්නම් ඇතිවෙන්නේ නැති බවත් කියන්න ඕනේ. අනිත් එක තමා මෙයයි මෙයාගේ යාලුවයි දෙන්නම කතා කරන වලස්සු.
මේ අතරේ මේ නගරයේ නගරාධිපති සූදානම් වෙනවා පළාතේ ආණ්ඩුකාරධූරයට තරඟ වැදීමට. ඒකට එයාට ගොඩක් සල්ලි ඕනෙනේ. ඒ සල්ලි එයා හොයා ගන්නේ නගරයේ පොදු දේපළ එක එක පෞද්ගලික සමාගම් වලට ඉහළ මිල ගණන්වලට අලෙවි කරලා. එයාගේ වැඩේ සාර්ථක කරගන්න අවශ්‍ය මුදල් සම්පූර්ණ කරගන්න තව විකුණන්නේ මොනවද කියලා හිත හිතා ඉන්න මොහොතක එයාට මේ ජෙලි-ස්ටෝන් උද්‍යානය වගා බිමක් ලෙස විකුණන අදහස පහළ වෙනවා.

මේක නවත්තන්න මේ උද්‍යානයේ ප්‍රධාන වනාරක්ෂක නිළධාරිවරයා ඇතුළු පිරිසක් හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. හැබැයි යෝගි බෙයා මේක කඩාකප්පල් කරනවා!? උදව් කරනවා!? මේ දෙකම කරනවා. කොයි කවුරු මොන මොනවා කළත් අවසානයේ මේ කිසිකෙනෙක් නෙවෙයි උද්‍යානය බේරාගැනීමේ සටනේ වැදගත්ම තුරුම්පුව බවට පත්වෙන්නේ. ඒ කවුද? හහ්!! මේක බලන්නම වෙනවා ඒක හොයාගන්න! මමනං කියයි ඒකෙ වගක් හ්ම්හ්!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Yogi Bear (2010) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

9c682053eeda590281b1294c52e7564920c15303
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සර්ෂා සසංකරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

12 Suicidal Teens (2019) Aka Jûni-nin no shinitai kodomo-tachi Sinhala Subtitle | 13 වැනි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

දොළොස් දෙනෙක්… අවුරුදු 15, 16 වගේ වයස කොල්ලො කෙල්ලො දොළොස් දෙනෙක්… එක දෙයක් වෙනුවෙන් එකට …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. ashan lankanath

    Thanks …………………good luck ………………..

  2. thanks machn…

  3. palamu wedeta suba pathum!

  4. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  5. බොහොම ස්තූතියි සර්ෂා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  6. පලමු වැඩේට සුබ් පැතුම්.
    දිගටම සබ් දෙන්න.
    බොහෝම ස්තුතියි මේ සබ් එකට.
    ජය.

  7. thank u sahodari….

    jaya pathanawa palamu upasiresiyata..

  8. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  9. “චූටී මල්ලි”

    ela
    සබට තුති
    ඔබට ජය……

  10. thanks for sub

  11. G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks SARSHA SASANKARA(wow…lassana namak ne) Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  12. උපසිරසට තුති

  13. පළමු වැඩේට සුභපතන ගමන් අඩවියටත් සාධරයෙන් පිළිගන්නවා…
    උපසිරසට තුති…
    ජය…

  14. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්. සාදරයෙන් පිළිගන්නවා අඩවියට.

  15. නලින්

    පළමු නිර්මාණය සුභ පැතුම් සර්ෂා.

    සාදරයෙන් පිළිගන්නවා අඩවියට

    ජය වේවා!

  16. සුපිරි දිගටම කරගෙන යන්න… සබ් එකට තැන්ක්ස්….

  17. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  18. Thank you 🙂

  19. thanks friend

  20. ela ela

  21. Shashi Fernando

    ko itin sub, api English eka balalat iwarai, a unata hituwa taram hina yanne naha.

  22. meke subs den naddoooooooooooooo

  23. baalama balamu.. thanks men..

  24. Thanks bro.

  25. Mamath Gannam .Thanks

  26. ko tawama sinhala sub nedda?

  27. පට්ට ෆිල්ම් එක….. 🙂 සිංහල සබ් එකත් දුන්නා නම් එළමකිරි….. 😀

  28. lassana film ekak wage.Baalama balamu. Ane ikmanata ‘Kungfu Panda 2’ dennako.enakan maga balaaaaaaaagena inne….

  29. කාලෙකින් නේද ඇනිමේශන් එකක් ….?? 🙂

  30. කවදද මේකෙ subtitle දෙන්නෙ?

  31. thanx… This site is perfect … thanx admins…

  32. රාම් රාජ්

    බා ගත්තේ නම් නෑ. පස්සේ බලමු.

  33. අාස හිතුනා මමත් බාගත්තා… ස්තූති 🙂

  34. තැන්කූ වේවා…!

  35. make maru,,,,,

  36. Meka Nam mama Bewa Apu Dawas Wala Wage.
    Mata Nam Meka Echara Allala Giye Ne

    Thanks Machan
    Jaya Wewaaaaa

  37. meka nam bannama one… thanks

  38. niyamai.. niyamai uda!! onna mage manapeth oba thumatama dunna.. thnxxxxxxxx 😀 😀 😀 😀

  39. Thanks brother onna bawa

  40. එළකිරි..!! Thanks.

  41. animation niyam habai meka baluwa maxxxxxxxxxxxxxxxaaa

  42. ඇනිමේෂන් නම් අයෙත් මොනාද ඉතින්….තෑන්කූ සහෝ….

  43. Thanks bro.

  44. Thank you very much

  45. BALAMAU BALAMA ELA THANKS SINHALA SUB YHIBANAM ELAMA TAHAMA

  46. thanks mama kohomath animation ewata kamathiy

  47. මේක මමත් ළඟදි බැලුවෙ. නියම කතාවක්. පිකනික් බාස්කට් වලට පෙරේතකමේ කරන වැඩ නම් උපරිමයි. අන්තිමේදි ලොක්ක ගොඩයන්නෙත් යෝගි නිසාමනේ….

    උදාට තැංකිව්!

  48. ela ela mekanam kalin balala thiyenawa…ayeth balann aasai

  49. ‍සෝපාක

    තැන්කූ බානවා හොදේ…..:)

  50. Ela … thanks alllllllll

  51. Udaya සාලින්ද

    thanks saho….

  52. වා.මු. නිලන්ත පියසිරි

    මොනවද දෙයියනේ මේ කරන්නේ. මම මේක බාගෙන බලන්නේ නැතිව හිටියේ සිංහල උප සිරැසි ලැයිස්තුවේ තියෙන නිසා. දැන් මොකද වෙන්නේ. තාමත් සිංහල උප සිරැසි ලැයිස්තුවෙත් තියෙනවා.

  53. Nalina de silva

    thanXXXXXXXX

  54. ko mekata denawa kiwwa sinhala sub

  55. elakiri bro…Animation film ekak enakam bala bala hitiye…niyamai..Thanku ehenam… 😀 😀 😀

  56. ස්තුතියි!!!!

  57. monavada appa honda action fillm nadda math ude pandara log venne aniva bannama balagena tamay

  58. baluwa……. but thanx..

  59. thanks sahooooo

  60. mmmmmmmmmm thanks machan

  61. Thanks Bro!

error: Alert: Content is protected !!