Saturday , July 31 2021
Breaking News

Yuvvraaj (2008) with Sinhala Subtitles | පුතුන් තිදෙනෙක් එක් කළ පියෙක්… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

මම මගේ තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා. ඇත්තටම මට මේකට ගොඩාක් කල් ගතවුණා. මේ දවස් වල තියෙන වැඩත් එක්ක. මගේ පළවෙනි සහ දෙවෙනි උපසිරසි වල අඩුපාඩු පෙන්වලා දුන්නා වගේ මම හිතනවා මේ උපසිරසියෙත් ඔයාලා අඩුපාඩු පෙන්වලා දෙයි කියලා.

මේ චිත්‍රපටියත් මම කලින් උපසිරසි යෙදුවා වගේම හින්දි චිත්‍රපටියක් ඒ වගේම සමාජයට ආදර්ශයකුත් දෙනවා. කතාව ඇතුළෙ ආදර කතාවකුත් තියෙනවා. Subhash Ghaiගෙ අධ්‍යක්ෂණයෙන් 2008 වසරෙදි තමයි තිරගත වෙලා තියෙන්නෙ. 4.1/10 IMDb අගයක් චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. Salman Khan (දේවේන්), Katrina Kaif (අනුෂ්කා), Anil Kapoor (ග්‍යානේෂ්), Zayed Khan (ඩැනී) ලෙස මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා.

අපි දැන් කතාව පැත්තට හැරෙමුකෝ. යොගෙන්ද්‍ර යුව්රාජ් සිං කියන්නෙ ලන්ඩන් වල ජීවත් වුණ ප්‍රකෝටිපතියෙක්. එයාට ඉන්නවා පුතාලා තුන්දෙනෙක්. පළවෙනි විවාහයෙන් ග්‍යානේෂ්, දෙවෙනි විවාහයෙන් දේවේන් සහ ඩැනී. ග්‍යානේෂ් කියන්නෙ වයසට වඩා බුද්ධිය වැඩිලා නැති කෙනෙක් ඒත් එයාට ගීත ගායනයට හොඳ හැකියාවක් තියෙනවා. දේවේන්ව පුංචි කාලෙදිම පවුලෙන් අයින් කරලා. එයා ජීවත් වෙන්නෙ ඔස්ට්‍රියාවෙ. දේවේන්ගෙ පෙම්වතිය තමයි අනුෂ්කා. අනුෂ්කාගෙ තාත්තා විශේෂඥ වෛද්‍යවරයෙක්. එයාට ඕනෙ එයාගෙ දුවට සල්ලිකාර කෙනෙක්ව බන්දලා දෙන්න. ඩැනී කියන්නෙ සෙල්ලක්කාර කෙනෙක්. ඔය අතරෙදි යොගෙන්ද්‍ර යුවරාජ් සිං මැරෙනවා. දේවේන් සහ ඩැනී එයාලගේ දේපළ වල කොටස් අරගන්න නීතීඥවරයාව මුණගැහෙනවා. ඒත් දේපළවල සියලු අයිතිය ලැබිලා තියෙන්නෙ එක්කෙනෙකුට. ඒ කාටද කියලා ඔයාලා චිත්‍රපටිය බාගෙනම බලන්නකෝ. දේවේන් සහ ඩැනී තමන්ගෙ අයිතිය ලබාගන්න යොදන උපත්‍රමත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

චිත්‍රපටිය ගැන කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. තවත් උපසිරසියතින් හමුවෙමු.

 

Yuvvraaj (2008) on IMDb

 

 

Yuvvraaj (2008) 720p – WEB HD – x264 – AAC – Team IcTv Exclusive පිටපත සඳහා උපසිරැස අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂිනි ඇවුණුගල්ල” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. bohoma sthuthi upasirasiyata.

  2. Very good job.

  3. Sub walta thanx

  4. mcn hey bro movie eka blnna bn eka rank 4.3

  5. බොහොම ස්තූතියි හෂිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  7. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Y.S. Panu Sameera

    me mokada me . torrent link eka denne nedda den.

  9. y bn torrent link dennathe

  10. මෙන්න හැෂ් එක

    A70812A997D0D8D814CEDF8DB1321A5F3AA68D5D

  11. Sub 1kt thnx…
    bt meke torrent 1k dn denne nadda bn??

  12. thank for sub

error: Alert: Content is protected !!