Avatar The Last Airbender s2

මම හිතනවා ඉතිං ගියපාර කතාව හැමෝම බලන්ඩ ඇති කියලා. හැමෝම නැතත් ආශාවෙන් ඒක නරඹපු ටික දෙනෙක් හරි ඉන්නවා කියන එක සයිට් එකේ සටහන් වෙලා තියෙනවා. ඒ හින්දා මගේ මේ සූදානම ඒ කතාවෙ දෙවෙනි කොටස පොරොන්දු වූ පරිදිම සිංහල අරගෙන එන්ඩයි. මේ කතා පෙළ විකාශය වෙලානම් දැන් සෑහෙන කලක් ගත වුණා. ඒත් ඒ එක්කම සිංහල උපසි‍රැසි ලබා දෙන්ඩ පුළුවන්කමක් නොතිබුණ නිසාද මන්දා දැන් එතරම් මේක ගැන උනන්දුවක් කට්ටියගෙන් පේන්ඩ නෑ. ඒ වුණාට මේකට තවමත් කැමති කට්ටියකුත් ඉන්නවනේ, ඒ වගේම මේ වගේ කතාවක් බාල කාලේ ගතකරමින් ඉන්නා අයට කොච්චර අගේද කියන එකත් අමුතුවෙන් කියන්ඩ ඕනි නෑනේ. ඒ හින්දා මම හිතනවා මේකටත් කලින් එකට වගේම ඒ කිවූ අයගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙයි කියලා. එහෙම හිතාගෙන මගේ මේ සූදානම එහෙනම් දෙවෙනි කතා සමය ආරම්භ කරන්ඩයි.

ගියපාර ඔබට මතකනම් සොකා සහ කටාරා කියන අයිය නගෝ දෙන්නට අහම්බෙන් මිදුණු හිම කුට්ටියක් අස්සෙ ඉඳලා හම්බ වුණ කොලු ගැටයා, අවුරුදු 100ක් ලෝකයෙන් වහන් වෙලා ගිය අවතාර් කියන එක දැන ගත්තායින් පස්සෙ, මහ ජරමර ගොඩක් සිද්ධ වුණා. අග්නි ජාතිය අධිරාජ්‍යයක් පිහිටවන අදහසින් යුතුව ලෝකය ආක්‍රමණය කරන්ඩ ගනිද්දි එවකට තමන්ගේ හොඳම මිතුරාව සිටි අග්නි ජාතික අවතාර් රෝකුව පවා වනසා දමන්නට අග්නි රජු කටයුතු කළා විතරක් නොවෙයි, ඔහු යළි උපදින්නට නියමිත වායු ජාතීන්වත් විනාශ කර දැමුවා. නමුත් ඒ විනාශයෙන් අහඹුවකින් වගේ ගැළවීගන්නට අවතාර් සමත් වුණ නිසා ඔහු යළි අයිස් කුට්ටියක් අස්සෙන් ලෝකෙට මතුවුණා. ඉන් පසුව ඔහු තමන්ගේ දෛවයෙන් නියමව තිබෙන කටයුත්ත ඉ‍ටු කිරීමට අවශ්‍ය ශක්තියත් දැනුමත් සොයා යන ගමන ඇරඹුවා. ඒ ජල බන්ධන ඉගෙන ගනිමින්. ඒ ගමනේ අවසානය සනි‍ටුහන් වුණේ උතුරු ජල ගෝත්‍රයට පහර දී සඳේ සහ මුහුදේ බල තුලනය වනසා දැමීමේ අරමුණින් දැවැන්ත අග්නි නැවි ඇණියක් සමගින් සෙන්පති ෂාවෝ දියත් කළ මෙහෙයුම ව්‍යර්ථ කර දමමින්. එහිදී සිය ජල බන්ධන හැකියාවේ මස්තකප්‍රාප්තිය ඈන්ග් ලොවට ප්‍රදර්ශනය කළා. දැන් දැන් ලෝකයට යළි නව පණක් ලැබීගෙන එනවා අවතාර්ගේ මේ පුනරාගමනය හින්දා. නමුත් තවමත් පෙර යොවුන් වියේ පසුවන අවතාර් සිය පුහුණුව සම්පූර්ණ කර නැහැ. ඒ සඳහා ඔහු විසින් ප්‍රගුණ කළ යුතු තවත් බන්ධන හැකියාවන් දෙකක්ම ඉතුරුයි. භූමි බන්ධන සහ ගිනි බන්ධන.

මේ වර ඔහු සැරසෙන්නේ බන්ධන චක්‍රයේ මීළඟට හමුවන භූමි බන්ධන ඉගෙන ගන්නට. නමුත් මේකට හරි විදිහෙ ගුරුවරයෙක් හොයාගන්න එක ලෙහෙසි පහසු නෑ. මොකද අග්නි ජාතිකයන් හසුවන සෑම භූමි බන්ධකයෙක්ම මරා දමා හෝ සිර ගත කොට ඇති නිසා. ඒ විතරක් නොවෙයි භූමි බන්ධන හැකියාව පාවිච්චි කරන එකත් තහනම් කටයුත්තක්. ඒ නිසා කිසිකෙනෙක් තමන්ගෙ හැකියාවන් හෙළි කරන්නේ නෑ. වහං කරගෙන ඉන්නවා. ගුරුතුමකු හොයාගත්තත් එහි කෙළ පැමිණි නිපුණයෙකු වන්නට ඔහුට තව වැඩි කලක් ඉතුරුව ඇත්තේත් නෑ. මෙවර කතා සමයෙන් දිග හැරෙන්නේ මේ සඳහා ඔහු ඇතුළු කණ්ඩායම දරන ප්‍රයත්නය ගැනයි. මේකෙදි මේ ගොල්ලන්ගෙ මේ කණ්ඩායමට තවත් අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනවා. ඒ වගේම තවත් විවිධ අත්දැකීම් ‍රැසකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ එකින් එක ගැන ඒ ඒ පිළිවෙළට දැනගමු. දැන් එහෙමනම් අද කොටස දිහාවට හැරෙමු. ඉස්ඉස්සෙල්ලාම ඈන්ග් සහ යාළුවෝ යන්නේ භූමි රාජධානියට, ඒ ගුරුවරයෙක් හොයාගන්නට. නමුත් මේ භූමි නගරය භාරව ඉන්නා සෙන්පතිතුමා කියා සිටින්නේ ඈන්ග් කළ යුතු එකම දේ අවතාර් තත්ත්වය පාලනයට නතු කරගන්නා ක්‍රමයක් සොයා ගැනීම බවයි. ඔහුගේ අදහස එවිට ඔහුට ඕනි දෙයක් කළ හැකි වනු ඇති බවයි. මේ පිස්සු අදහස ක්‍රියාවට නංවලා තමන්ගේ අදහස ඉ‍ටු කර ගන්න මේ සෙන්පතියා නොකරන දෙයක් නෑ. මේ සෙන්පතියගේ මෝඩ වැඩ හන්දා මහ නස්පැත්ති වගේකුත් සිද්ධ වෙනවා. ඒ මේ අස්සෙ සූකෝ කුමාරයගෙ නැගණිය අසූලා කුමරිය ඔවුන්ව සොයාගෙන එනවා, එයාලව ආපහු ගෙදර එක්කරගෙන යන්ඩ. ඈ තමන්ගෙ අයියණ්ඩියට කියන්නේ පියරජතුමා ඔහුට සමාව පිරිනැමූ බව. නමුත් ඇගේ අරමුණ වෙන එකක්. එහෙමනම් ඇගේ අරමුණ මොකක් වෙන්ඩ ඇද්ද?

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode (1st Season)                                                         Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


35 Responses to “Avatar: The Last Airbender [S02 : E01] | අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]”

  1. උදාර says:

    patta machan meyka denakm unne

  2. එල එල මචං

  3. Sub දෙනකන් මුලු series එකම Download කරගෙන බලාගෙන උන්නේ මචන්..ප්ං සිද්දවෙයි…

  4. දෙනකම් උන්නේ මචං පට්ටම කතාවක් නෙ :)

  5. අසංක says:

    නියමයි ඔහොම යන්

  6. chamath cafe says:

    බොහොම පින් අත්වේවා!!!! සහෝට

  7. elas aniwa gannawa

  8. thnxz so much

  9. wow…maru :D

  10. ජය වේවා

  11. thnxxxxxxxxxxxxxxxxxx

  12. niyamai anith epi ikmanata demu

  13. මරු මචෝ

  14. jeewantha says:

    pattaaaaa

  15. maxxxama machan meyka anith awath ikmanata danna

  16. mudiya / මුදියා says:

    නියමයි පුබුදු.මං මේ බලං හිටියෙ කවදද දෙවෙනි කතා මාලාව පටන් ගන්නෙ කියල.දිගටම මේ ටික දෙන්න.ආසාවෙන් ඉන්නෙ බලන්න.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  17. රෂි says:

    ela machan.. digatama sub tika denna.. loku deyak

  18. meka enakam balan hitiye…digatama diyan saho….

  19. “චූටී මල්ලි” says:

    එල මචන් එල
    මේකත් ඉවරයක් කරලා දාමු

  20. Prabeeth Milanke says:

    supiri saho…
    mekatath ehenam digatama sub demu…..
    supirima wadak… thnx a lot……..

  21. api mekata kamathii.sub digatama laba denna.

  22. Dilan Manoj says:

    වැඩේ නම් නියමයි. කලින් සීසන් එකේදී වගේ ඉක්මනට සබ් ටික දෙන්න පු‍‍‍‍ළුවන් වෙන්න කියල පාර්ථනා කරනව. සුභ අනාගතයක්.

  23. Niyami macho.digatama dapan.mama sub danakn balana hitiye

  24. කාටුන් වලට ඇබ්බැහි වෙනවා මේක බැලුවාම.. බොහොම පින් අපිට සින්හලෙන්ම දෙනවට…

  25. hasithadn says:

    thankz…………..

  26. නියමයි කොල්ලෝ මග බලාගෙන හිටියේ මේක එනකන් නියම වැඩක් සහෝ

  27. Thanks Friend
    Sub එක දෙනකන් බලාගෙන හිටියේ.
    Great work…….

  28. Dimuth Tharaka says:

    man meka digatama baluwa.apita meka digatama one ane plz mekata prathichaara athi wenakan thiyenwa.meka dena eka nawaththanna epa

  29. thanks for sin sub. s2 download karagena balagena hitiye sinhala sub denakam. comment nodammata kattiya bagena yanawani. comment nodana aya gana wada wenna epa. a ape jathiyema waraddani. oya digatama sub denna.

  30. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එක පටන් ගත්තාට බොහොම ස්තූතියි. ජය෴෴ :P :P

  31. අවුරුදු 3කට විතර ඉස්සෙල්ල බැලුව සම්පූර්ණයෙන්ම. සතියකට උඩදි ආපහු බෑව. දැන් Book 2 එකෙනුත් බාගයක් වගේ බලල.
    මම මාරම ආස සීරීස් එකක්. ෆිල්ම් එක නම් චා :(

  32. රාම් රාජ් says:

    ස්තූතියි.

  33. සිංහල සබ් වලට ස්තූති…… :)

  34. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]