Breaking News
Home / MaxxA

MaxxA

Supergirl [S02 : E18] with Sinhala Subtitles | මිනීමරු නැනෝ තාක්ෂනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් මාසෙකට විතර පස්සේ ආයෙම සුපිරි කෙලී ගේමට බැහැලා.. කෙලී ගේමට බැස්ස එකේ අපිටත් සද්ද නැතුව ඉන්න බෑනේ.. ඔන්න සබ ගෙනාවා ආව දවසෙම රෑ 7.40 වෙද්දීම.. හෙහ් හේ.. හරි එහෙමනම් බලමුකෝ අද මොකෑ වෙන්නේ කියලා.. අදනම් සුපර්ගර්ල්ට හැප්පෙන්න වෙන්නේ පිටසක්වලයෙක් එක්ක නෙවෙයි ඔන්න.. මේ පාර ගේමට එන්ටර් ...

Read More »

The Road Home (1999) AKA Wo de fu qin mu qin with sinhala subtitles | අනන්තයට යන පාර දිගේ…[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “Anthropoid (2016 ) ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම…. ”  උපසිරැසියට එක වචනෙකින් හරි අදහස් දක්වපු , ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 12] with Sinhala Subtitles | දැවෙන ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ භාගයකටම ආවා.මේ තමයි 12වැනි කොටස.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි ෆයර්ෆ්ලයි. The Batman සීරිස් එක බලන අය නම් එයාව දන්නවා ඇතිනේ.හැබැයි ඒකේ කතාවට වඩා දෙයක් මේ කතාවේ තියෙනවා.ඒකේ කොතනකවත් කියන්නේ නෑනේ, එයා ෆයර්ෆ්ලයි වුණේ කොහොමද කියලා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාව කෙටියෙන් බලමු. කැසිඩි කියන්නේ ලෝකයේ ඉන්න ...

Read More »

The Age of Shadows (2016) AKA Hangul with Sinhala Subtitles | සෙවණැලි යුගය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2016 සැප්තැම්බර් 07 තිරගත වීම ආරම්භ කරලා ඇමරිකානු ඩො.මි 55 කට වඩා ඉහළ ආදාමයක් සමඟ තක්කාලි අගය 100% කුත් imdb 7.3 ක අගයකුත් ගත්තු drama/thriller/action ගනයට අයත් වෙන කොරියානු චිත්‍රපටියක්. මේක හුඟක් අය ඉල්ලුවා වගේම තමයි මාත් දෙනකල් ආසාවෙන් හිටියෙ. “Train to busan”,”Goblin” කතාවල  ප්‍රධාන ...

Read More »

Kavan (2017) with Sinhala Subtitles | ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් සුපුරුදු වැඩේ පටන් ගන්න හිතුණා. පසුගිය වකවානුවේ අධ්‍යාපන වැඩ බහුලව තිබුණු නිසා තමයි උපසිරසියක් ඇරන් එන්න බැරිවුණේ. එහෙම ටික කාලයක් ඉන්නැද්දි හිතුණා ආයේ උපසිරසි කරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් විජය් සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය නිසා ආයෙමත් ආසාවක් ඇතිවුණා උපසිරසියක් කරන්න. ඒ තරමටම එදා යාපනේ රාජා සිනමා ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 11] with Sinhala Subtitles | බැට්ගර්ල්ගේ අවසානය, කරදර ගොඩක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගේනවා කියපු විශේෂ කොටස අරන් ආවා.මේ තමා The Batman new adventures කතාමාලාවේ 11වැනි කොටස.අද කතාවේ විශේෂ ප්‍රධාන හතුරෙක් නෑ.ඒ වුණාට අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්,නයිට්වින්ග්,රොබින් තුන්දෙනාවම දැකගන්න පුළුවන්.අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම් එහෙනම්. බැට්මෑන්,බැට්ගර්ල්,රොබින් තුන්දෙනා යනවා ස්කෙයාක්‍රෝව අල්ලගන්න.එතන සටනේදී ස්කෙයාක්‍රෝ පැනලා දුවන්න හදනවා.එයාගේ පස්සෙන් යන්නේ බැට්ගර්ල්.බැට්ගර්ල් එයාගේ ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 10] with Sinhala Subtitles | යෂ්‍ටියේ බලය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 10වැනි කොටසත් ගෙනාවා.අද කතාව ටිකක් අමුතුයි.මොකද අද කතාව දිවෙන්නේ මැජික් එක්ක.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි, ක්ලැරියන්.එයාව මතකද? Young Justice සීසන් එකේ ඉන්න මැජික් කරන පොඩි කොල්ලා.පූසෙක් එහෙම අතේ තියන් ඉන්නේ.ඒ කතාවේ නම් මෙයා සටන් කරේ Doctor Fate එක්කනේ.මේකෙදී නම් මෙයා සටන් කරන්නේ ජේසන් බ්ලඩ් එක්ක.The Batman brave and ...

Read More »

Dora (2017) with Sinhala Subtitles | සුනඛ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොකද, ...

Read More »

Blindspot [S02 : E18] with Sinhala Subtitles | තවත් කෙනෙක් සමු ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

චමල් මල්ලිගේ ආරාධනයෙන් මමත් මේ ටීවී සීරීස් එකට සෙට් උනා එහෙනම්.. පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් ...

Read More »

Fargo [S03 : E01] with sinhala subtitles | සත්‍ය කතාවක ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමෙයි කට්ටියට. දවස් දෙකක් පරක්කු වෙලා තමයි මේ ෆාර්ගෝ කතා මාලාව අරන් එන්නේ. ඉතින් මේක අලුත් ආරම්භයක්. ෆාර්ගෝ ගැන දන්න නොදන්න හැමෝටම දැන ගන්නත් එක්කලා අපි බලමු  ෆාර්ගෝ කියන්නේ මොකද්ද කියල… ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 09] with Sinhala Subtitles | ලස්සන මුහුණකට වඩා වටින්නේ ලස්සන හදවතක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9 වැනි එපිය ගෙනාවා.අද කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.අද කතාවේ ප්‍රධාන හතුරා තමයි පේජ් මොන්රෝ.අද කතාව පැත්තට හැරෙමු එහෙනම්. පේජ් මොන්රෝ කියන්නේ නිරූපිකාවක්.එයා ප්‍රධාන සමාගම් ගණනාවකම ඉදිරි මුහුණුවර වුණා.ඒ සමාගම් අතරින් Donna day වගේම ගෝතම් මෝර්ටස් යන දෙක ප්‍රබල ලෙස මෙයාව යොදාගත්තා.ඒත් කල්‍ යද්දී පේජ් මොන්රෝගේ විලාසිතා පරණ ...

Read More »

Marmaduke (2010) with Sinhala Subtitles | ඔබේ ළගම හිතවතා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් උපසිරැසියක් අරං මම අවුරුද්දට නෑගම් ආවා.හැමදේටම කලින් බයිස්කෝප් අඩවියට ඇවිත් යන සියලුම සහෘද උපසිරැසිකරුවන්ටත් බයිස්කෝප් රසික රසිකාවියන්ටත් ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම ‘ සුභ අලුත් අවුරුද්දක් වේවා! ‘ කියා පැතීමට මේක මම අවස්ථාවක් කරගන්නවා.උපසිරැසිය නම් පළ වෙන්න ඇත්තෙ අලුත් අවුරුද්දත් පහු වුණාට පස්සෙ ඒත් තාම ...

Read More »

iZombie [S03 : E03] with Sinhala Subtitles | කන්න, යාඥා කරන්න, ලිව් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ටිකක් පරක්කු උනා. වැඩ ටිකක් වැඩිවුනා. මේ අරගෙන ආවේ අයිසොම්බි තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මම විස්තර මුකුත් කියන්න යන්නේ නෑ. ඊලඟ සතියේ හමුවෙමු.       Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ. ...

Read More »

Blindspot [S02 : E17] with Sinhala Subtitles | ඔලිවර්ගේ අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද කොටස අරගෙන ආවේ මම.මම මේක කරන්න නෙමෙයි හිටියේ හැබැයි ඉතින් කරන්න එකක් නැති නිසාම චමල්ගෙන් මේක ඉල්ලගත්තා. අන්තිමේදී මතක ඇතිනේ ජේන්වයි ඔලිවර්වයි පැහැරගෙන යනවා.හැබැයි ඉතින් ඒ ෂෙපර්ඩ්ලගේ කට්ටිය නෙමෙයි.ඒ ඔලිවර්ගේ තාත්තගේ අතීතයේ සිද්දවුණු හුටපටයක් නිසා තමයි මෙයාලට පැහැරගෙන යන්නේ.ඒවගේම රීඩ් FBI එකෙන් අස්වෙනවා.හැබැයි ඒක හරියටම විශ්වාස නැහැ ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 08] with Sinhala Subtitles | අහිමිවීමේ වේදනාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 8වැනි කොටසත් ගෙනාවා.මේකේ ප්‍රධාන හතුරා කවුද කියලා මම නොකියා ඉන්නම්.මොකද එතකොට කතාවේ රසය නැතිවෙනවා.මොකද මේ කතාව අන්තිම වෙනකල් එයා කවුද කියලා හරියටම දැනගන්න ලැබෙන්නේ නෑ.කවුද කියලා ඉඟි කීපයක් නම් ලැබෙනවා.මේ කතාවේ බැට්මෑන්ට අමතරව රොබිනුත් ඉන්නවා. කුඩා දැරියක් රාත්‍රී කාලයේ යද්දී එයාව රස්තියාදුකාරයන් පිරිසකට කොටුවෙනවා.එතනින් එයාව බේරගන්නේ රොබින්.ඒත් එයාට ...

Read More »

Blindspot [S02 : E16] with Sinhala Subtitles | ඔත්තුකාරයා මමයි [සිංහල උපසිරැසි සමඟ]

ළඟ එන ශිෂ්‍යත්ව විභාගෙත් එක්ක චමල් මල්ලි කාර්යබහුල වෙච්ච හින්දා Blindspot ඊළඟ  කොටස් ටික අපි කිහිප දෙනෙක්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැනටත් හොඳටම පරක්කු වෙලා තියෙන එකේ චමල් මල්ලිටත් ශිෂ්‍යත්වයෙන් ගොඩ ගිහින් හොඳ පාසලක් ලබාගන්නට හැකි වේවායි ප්‍රාර්ථනය කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු. 19 වෙනි කොටසේ ඉඳන් අපි සමගාමිව උපසිරැසිය ...

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E18] with Sinhala Subtitles | ඔහුගේ සමු ගැනීම ඇයගේ මතකයට පොට පාදයි… [සිංහල උපසිරසි සමඟ]

ඩේසිට කොහොම හරි පුළුවන් වෙනවා කෝල්සන්ට කරුණු කාරනා මතක් කරලා දෙන්න. හැබැයි සම්පූර්ණයෙන්ම නම් නෙවෙයි. සමහර දේවල් ටිකක්. කොහොම වුනත් මනුස්සයා තේරුම් ගන්නවා. සිමන්ස්ට ඕන වෙන්නෙ දැන් ෆිට්ස්ව හොද කරගන්න. ඒත් ඩේසි ඒකට ඉඩ දෙන්නෙ නැ. මොකද ඉතින් ෆිට්ස් කියන්නෙ ෆ්රේම්වර්ක් එක ඇතුලෙදි වෙනස්ම කෙනෙක්. ඒ වගේම මැඩ්ම් හයිඩ්‍රා ලග ...

Read More »

The New Batman Adventures (1997-1999) [EP 07] with Sinhala Subtitles | මිලියනපති ජෝකර්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 වැනි කොටසත් ගෙනාවා.මේ කතාවේ ප්‍රධානම හතුරා වෙන්නේ ජෝකර්.මේ කතාවේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ල්, නයිට්වින්ග් දෙන්නත් ඉන්නවා.අපි අද කතාව කෙටියෙන් බලමු. ජෝකර් කියන්නේ අපරාධකාරයෙක්, මංකොල්ලකාරයෙක් කියලා ඔයාලා දන්නවානේ.මේ කතාව පටන්ගද්දී ජෝකර් කරපු අපරාධ, හොරකම් හැම එකක්ම වරදිනවා.අතේ සතේ නැති වුණ ජෝකර්ට ලියුමක් එනවා. බාලොව් රජතුමාගෙන්.බාලොව් රජා කියන්නේ ජෝකර්ගේ ප්‍රතිවාදියෙක්.පාතාල ...

Read More »

Prison Break : Sequel [S05 : E03] with Sinhala Subtitles | බොරුකාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

කැනීල් අවුටීස් හිරේ ඉදන් අලුත් සැලසුම් හදනවා හිරෙන් එලියට පැනගන්න. මයිකල් නොකියා කැනීල් කියලා කියමු නෙහ්. මේකේ ප්‍රධාන දේ උනේ කරන්ට් එක කපලා දාලා එලියට පැනගන්න එකයි. මේක කරන්න තිබුණේ ඇතුලේ ඉන්න කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්ට. නමුත් එයා සබර්බස්වල හිරවෙලා ත්‍රස්තවාදියෝ එක්ක. කැනීල් ඇතුලේ ඉදන් එලියට විසි කරන දෙයක් පොඩි එකෙක් ...

Read More »

Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

20 කොටස ජනතාවගේත් තම සොහොයුරියගේත් ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් සියොන් වූ තීරණය කරනවා සිල්ලාවේ රජු බවට පත්වෙන්න. එයට ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමයි. සියොන් වූ හරන්ග් පාලකතුමාගෙන් තමාට උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. ජින් හුන් රජතුමා හරන්ග් තුල බලය පතුරුවාහරින්න සැරසුනත් පෙනෙන්නේ එහි බලය සියොන් වූ සතුව ...

Read More »