Breaking News
Home / Sinhala Subtitle / රොයිලි ප්‍රනාන්දු

රොයිලි ප්‍රනාන්දු

Game of Thrones [S7E05 – Eastwatch] with Sinhala Subtitle (18+) | ඔප්පු කිරීම් [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගිය සතියෙ එපිය නේද? ආර්යා වින්ටර්ෆෙල් ආවා. ලිට්ල්ෆින්ගර් ගල් ගැහුණා. ඒ ඔක්කොටම වඩා සටනෙන් කොයි පැත්ත ගන්නද කියලා හිතාගන්න බැරිවුණා. ජේමිවයි බ්‍රොන්වයි මැරෙනවට කැමතිත් නෑ. මකරට හෙල්ල වදිනවට කැමතිත් නෑ. පළවෙනි පාරට කොයි පැත්තට සපෝට් කරන්නද කියල හිතාගන්න බැරුව උන්නයි කියමුකෝ. මේ පස්වෙනි කොටසයි. තව තියෙන්නෙ කොටස් දෙකයි. 🙁 …

Read More »

Game of Thrones [S7E04 – The Spoils of War] with Sinhala Subtitle (18+) | ඛේදවාචකයන් යනු…. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද කොටසත් අරගෙන ආවා. මේ හතරවෙනි කොටස. ඒ වගේම තව තියෙන්නෙ කොටස් තුනක් විතරයි. එපා වෙනවා නේ? අදනම් ඔන්න තරිඳු අයියගෙ ලිපිය තියෙනවා. හැබැයි ඒ කොටන යුනිකෝඩ් වලටත් පාඩුයි කමෙන්ට් දාල තරිඳු අයියට ටිකක් උනන්දු කරවල ගන්නෙ නැත්තම්. එපා වෙනවා ඇති අනිවා. එහෙනම් මුලින්ම මගෙන් ලැබෙන සිතියම එක්ක විස්තරේ. …

Read More »

Game of Thrones [S7E03 – The Queen’s Justice] with Sinhala Subtitle (18+) | ජයග්‍රහණ හා පරාජයන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල …

Read More »

Game of Thrones [S7E02 – Stormborn] with Sinhala Subtitle (18+) | කුණාටුව මැද උපන් තැනැත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කලින් කොටස? HBO වාර්තා බිඳ හෙළමින් වාර්තා තිබ්බා කියල තමා එහෙන් ලැබෙන ආරංචි. තරිඳු අයියා කිව්ව වගේ හොඳ ආරම්භයක් දුන්නා හැම චරිතෙකටම වගේ. එහෙනම් අදත් මම ඉල්ලනවා හැමෝගෙන්ම ලිපි ටික කියෝලා, වචනෙකින් හරි අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් මුලින්ම කලින් කොටසේ සිදුවීම්ඒ වෙච්ච තැන් සිතියම එක්ක මතක් කර ගමු. …

Read More »

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම …

Read More »

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන …

Read More »

The Space Between Us (2017) with Sinhala Subtitles | කුජ නීච වේවිද????? [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ල‍ංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යාපෘතියේ යහපත තකා මෙම සිදුවීම් …

Read More »

Homeland 🇺🇸 [6×12 – America First] with Sinhala Subtitle | ඩාර් කිව්වා හරි එතකොට? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ අදියරේ අවසාන කොටස. මමත් මේ ලිපිය ලියන්නේ කතාව විකාශය වෙන්න කලින්මයි. වෙනදටනම් සබ් එක දාල ඉවර වෙලා තමා පොඩි පහේ ලිපියක් ලියල දාන්නේ. මෙදාපාර ඉතින් කලින්ම ලිව්වා. සුපිරිම විදියට කොටස ඉවරයක් වෙලා ඇති. තව අදියර දෙකකින්, ඒ කියන්නෙ 8 වෙනි අදියරෙන් හෝම්ලෑන්ඩ් ඉවරයක් කරන්න යනවලු. ඒ අදියර …

Read More »

Homeland 🇺🇸 [6×11 – R Is for Romeo] with Sinhala Subtitle | එතකොට ඩාර් නිකන්ම ඉත්තෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට?  ගිය සතියේ මම හිතුවේ මේ කොටස අන්තිම එකට වඩා උද්වේගකර එකක් වෙයි කියලා. හැබයි පේන විදියට ලබන සතියේ කොටස තමා සුපිරිම වෙන්නේ. හැම තිතක්ම යාවෙන්නේ එදාටයි. මේ කොටස බැලුවට පස්සෙ තව ප්‍රශ්න මතුවෙයි. අහ් තව බෝම්බෙකුත් පුපුරනවා. මතුවෙච්ච සාක්ෂිය ඒකට අහුවෙනවා. හැබැයි කැරීට නම් පොටක් පෑදෙනවා. මේ කොටස …

Read More »

Homeland 🇺🇸 [6×10 – The Flag House] with Sinhala Subtitle | සියල්ල සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවෙ 10 වෙනි කොටස. තව කොටස් දෙකයි එන්න තියෙන්නේ. ඒ වගේම කතාව කලින් බලපු හැමෝම දන්නවා සාමාන්‍යයෙන් 11 වෙනි කොටස තමා උද්වේගජනකම කොටස කියලා. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස. ඒ වෙනුවෙන් අද හොඳ පදනමක් වැටෙනවා. මොනායින් මොනා වෙයිද මන්දා. අද ඩාර් තවත් අඩි කීපයක්ම ඉස්සරහට යනකොට වීරයෝ ටිකට …

Read More »

Homeland 🇺🇸 [6×09 – Sock Puppets] with Sinhala Subtitle | රූකඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාව නවවෙනි කොටස. අද නම් ටිකක් සලැස්ම අවුල් නොයන කොටසක් කිව්වැහැකි. හැබැයි ලිපියෙ අග තියෙන පෙර දසුන් බැලුවොත් නම් ඊළඟ කොටස සෑහෙන අවාසිදායක එකක් වෙයි වගේ. කොහොමත් 11 වෙනි කොටස තමා මෙතෙක් උද්වේගකර අවස්ථා සිදුවෙන කොටස වුණේ. ඒ හින්දා ලබන සතියෙ අවුල් යන්න තියෙන ඉඩ කඩ වැඩියි. …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

Homeland 🇺🇸 [6×08 – Alt.Truth] with Sinhala Subtitle | කෙළියා නේද තාප්පෙටම? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ අදියරේ දැනට ආව සුපිරිම කතාව. හරියටම කිව්වොත් 8 වෙනි කොටස. මේ කොටස බලලා ඉවර වුණාම නිකන් 2‍x2 පොල්ලකින් ඔළුවටම ගැහුව වගේ දැනෙයි. එතරම්ම සුපිරි. හැබැයි මේකත් දැන් GOT වේගන එනවද මන්දා. දුෂ්ටයො ඉන්න කොට වීරයෝ ටිකව මාටින් ගොයියා වගේම කපලා දානවා. අද තවත් චරිතයක් සමුගන්නවා. …

Read More »

Homeland 🇺🇸 [6×07 – Imminent Risk] with Sinhala Subtitle | ඩාර්, වැඩේ කැතයි හොඳේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. අදනම් කතාවට සබ් දැම්මෙ එපාම වෙලා. මේ කතාවටම සම්මාන දෙකක් දින්න කැරී මැතිසන් අද කොටසෙත් සුපිරි රඟපෑමක් දෙනවා. හැබැයි දැන්නම් එයාව අවුස්ස ගත්තා හා සමානයි. නයාට ගහලා වැරදුණ තත්වෙ ඇති වුණා. මේ හැම කුමන්ත්‍රණයක් පස්සෙම ඉන්න කෙනාව අද නම් පෙන්නවා. මිනිහා හිතන විදියටම …

Read More »

Homeland 🇺🇸 [6×06 – The Return] with Sinhala Subtitle | කුමන්ත්‍රණයේ කොන් එළිවෙන ලකුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හයවෙනි කොටස. දැන් කතාවේ බාගයක් ඉවරයි. මෙදාපාර බ්‍රෝඩි ඇරෙන්න අනික් ඔක්කොම චරිත එනවද මන්දා. කොහොමහරි ටිකක් විතර පැටලුම් නම් අද ලෙහෙයි. සේකූ බෝම්බෙ පිපිරෙව්වා කියල තමා හැමෝම හිතන්නේ. මේ ඔක්කොම පස්සෙ ඉන්නෙ ලොකු මොලකාරයගෙ සැලැස්ම මොකක්ද කියලනම් තාම හිතාගන්න අමාරුයි. මොකද පෙන්නන දේම නෙවෙයිනේ කතාවෙ අන්තිමට බලපුවහම වෙලා …

Read More »

Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle | එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා. අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ. ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට …

Read More »

Homeland 🇺🇸 [6×04 – A Flash of Light] with Sinhala Subtitle | සෙල්ලම පටන් ගත්තා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ගිය සතියෙ කොටස විකාශය වුණේ නැති හින්දා අපි මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සේ. මේ හතරවෙනි කොටස. මෙච්චර දවසක් කතාව කිසිම ගතියක් නෑ වගේ තිබ්බ නම් ඔන්න අද ඒක වෙනස් වෙනවා. කතාවක් තියනවා හෝම්ලෑන්ඩ් එක බෝම්බයක් පිපිරෙනකම් ගතියට එන්නෙ නෑ කියලා. ඔන්න අද කොටසෙ ඒක වෙනවා. කොහොමද, කා අතින්ද, …

Read More »

Homeland 🇺🇸 [6×03 – covenant] with Sinhala Subtitle | ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. උණ ගැනිල ගෙදර ඉන්න එකේ වැඩේ ඉක්මනට කරගත්තා. කලින් ලිපිය ලිව්වට මොකද කුයින් එහෙමත්ම අංගවිකල වෙලා නෑ වගේ. හැබැයි මොන ජල්ලියක් නටනවද කියන එක ගැනනම් සැකයි. කලින් අදියරේ වගේම ඩාර් අඩාල් සෑහෙන්න ඇණයක් වේගන යනවා වගේ. හැබැයි මම කලින් කිව්ව වගේ තාම නම් කතාවේ …

Read More »

Homeland 🇺🇸 [6×02 – The Man in the Basement] with Sinhala Subtitle | බිම් මහලේ මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. මෙන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. පළවෙනි කොටස බලන්න ඇති කියල හිතනවා. හැබැයි කුයින් උන් ඔහොම ඉන්නවට වඩා කලින් එකේදී ඉවරයක් කළානම් හොඳයි කියලා එදා නාහෙන් අඬපු ඈයෝ අද කියයිද දන්නෙ නෑ. කොහොමහරි ජනාධිපතිවරණය ඉවරයක් වෙනකම් මෙදාපාර විකාශය පස්සට දැම්මට මොකද, හිලරි පත්වෙයි කියල හිතාගෙන තමා කතාවෙ …

Read More »

Homeland 🇺🇸 [6×01 – Fair Game] with Sinhala Subtitle | මෙදාපාර මොකාට එන්නද මේ???? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කාලෙකට පස්සෙ උපසිරැසියක් උස්සගෙන ආවා. මූණු පොතෙන් පණිවිඩ එවපු අයටත්, විශේෂයෙන්ම (ආ)සිරි මහත්මයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනා උපසිරැසිය දාන්න මාව පෙළඹවීම ගැන. පහුගිය කතා මාලාවේ අවසාන කොටසෙදි නොහිතපු විදියට කුයින් මැරුණ කියල හිතපු ඈයන්ට ඔන්න අද කොටසෙන් ඒකට පිළිතුරු ලැබෙයි. කට්ටියට නාහෙන් ඇඬුවනේ ඒ ගැන. 😛 හරි විදියට පටන් …

Read More »