Thursday , May 19 2022
Breaking News

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E03] Sinhala Subtitles | ඉක්බිති එය එසේ නිම විය..! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

මතකද ඒ දවස් වල ඇඟිලි සලකුණ, හෙළිදරව්ව වගේ වැඩසටහන් බලලා රෑට එලිබහින්නවත් අමාරු වෙච්ච අතීතය? මහ ලොකු ලොකු දේවල් නොකෙරුවට, නොපෙන්නුවට, පෙන්නන්න ඕන ටික අපේ කොළ බොක්කටම වදින විදිහට දෙන්න ඒ වැඩසටහන් සමත් වුණා. ඉතින් මේ House of Secrets : The Burari Deaths කියන්නෙත් ඒ හා සමානම අත්දැකීමක් ලබාදෙන කතාමාලාවක් කිව්වොත්, ඔයා බලනවද නැද්ද?

මේ වෙද්දිත් මේක බලාගෙන ආපු අය දන්නවා මේක වාර්තාමය කතාමාලාවක් කියලා. ඒත් එහෙමයි කියලා නෑ හුස්මක් කටක් නොගෙන කුතුහලයෙන්, හොරර් ත්‍රිලර් චිත්‍රපටයක් බලනවා වගේ බලාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම දැනෙන කම්පනය නම් කියලා වැඩක් නැහැ. හොල්මන් චිත්‍රපටි බලලා හිනා යන අයටත් මේ කතාමාලාව යම් ගැස්මක් ඇති කරා කිව්වොත් අතිශයෝක්තියක් නම් නෙමේ. ඇත්තටම මේකේ පෙන්නනවා කියලා බලන්න බැරි අමාරු දර්ශන පෙන්නන්නෙම නැති තරම්, ඒත් ඒ පෙන්නපු සමහර දර්ශන වල තියෙන ගුප්ත බව නිසාම සමාජ මාධ්‍යයන් වල පවා එක එක memes හැදුනා. පහළින් තියෙන්නේ එහෙම එකක්.

ඉතින් මීට වසර 4කට ආසන්න කාලයකට ඉහතදී සිදු වෙච්ච මේ අවාසනාවන්ත සිදුවීම අළලා නිර්මාණය කළ මේ කතාමාලාව පසුගිය වසරේ සාර්ථකම කතාමාලාවක් විදිහට ප්‍රේක්ෂකයන් විසින් තෝරා පත් කර ගැනුනා. ඔබටත් ආරාධනා කරන්නේ, වාර්තාමය කතාමාලාවක් කියන දේ පැත්තකට දාලා මේක නරඹන්න කියලයි. අපි විඳි දේ ඔබටත් ඒ විදිහටම දැනෙන්න ගනීවි. ඉතින් සමුගන්න කලින් මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගන්වන්න එකතු වුණු දහරා සහ සුභාෂිනී අක්කලාව සිහිපත් කරනවා. එහෙනම් තවත් වෙනස් කතාමාලාවක් හෝ සිනමාපටයක් සමඟින් නැවතත් හමුවෙමු. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

Shark Bait (2022) AKA Jetski Sinhala Subtitles | බිහිසුණු ධවල මාරයා [සිංහල උපසිරසි]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් වෙසක් නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් තවත් අළුත්ම ෆිල්ම් එකක් ඉක්මනටම අරන් …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  3. සුපුන් තිවංක

    මේ කතාවෙ පොලිසිය එන්න කලින් , ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න. www☺.reddit.com/link/fap3gx/video/kpb3gccqclj41/player

    ඉමොජි අයින් කරල ලින්ක් එක ගන්න. ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. ටික්කා

    වෙලාවට දවල් වරුවේ බැලුවේ
    මෙවනේ බන් සීරීස් කියන්නේ
    යාලුවෝ ඔක්කොටම ස්තුතියි
    ඉස්සරහටත් මේවගේ ඒවනම් අනිවා දෙන්න

  6. සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!

  7. thank uuu

  8. Sub akta thanks

  9. උපසිරසියට තුති

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Thanks for sub

  12. උපසිරැසියට බොහෝම් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා…!!

error: Alert: Content is protected !!