Friday , October 2 2020
Breaking News

Monthly Archives: January 2013

Spartacus: Blood and Sand [S01 : E01] Sinhala Subtitles | රතු සර්පයා [සිංහල උපසිරසි සමඟ]

අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් …

Read More »

Rambo: First Blood (1982) Sinhala Subtitles | රම්බෝගේ පළමු ප්‍රහාරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාර සබ් දාන්න හිතුවේ ටිකක් පරණ එකකට. මේකනම් මම හිතන්නේ ගොඩ දෙනක් බලලා නැතුව ඇති. මේ Rambo කථා මාලාවේ පළවෙනි එක. IMDB හි 7.6 ක අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. මේ කථාවේ කථා නායකයා තමයි රම්බෝ කියන්නේ. රම්බෝ විශේෂයෙන්ම පුහුණු කරපු හමුදා බටයෙක්. හරියට නිකම් ජේසන් බෝන් වගේ. …

Read More »

Bait (2012) Sinhala Subtitles | ගොදුර [සිංහල උපසිරසි සමඟ]

මේච්චර කල් සිංහල උපසිරැසි බාගත්තට චිත්‍රපටියකට සබ් එකක් දෙන්න බැරි උනානේ. මේක තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා සමහර විට මේකෙ ගොඩක් අඩුපාඩු ගොඩක් ඇති..ඒකට මම සමාව ඉල්ලනවා.. මම උපරිම උත්සාහයක් ගත්තා සබ් එකට සාධාරණයක් කරන්න.. ඒක එහෙමද කියලා ඔයාලා චිත්‍රපටිය බලලම කියන්නකෝ…. The Bait ෆිල්ම් එක නිකුත් උනේ …

Read More »

The Covenant (2006) – Sinhala Subtitles | අපායේ බලය [සිංහල උපසිරැසි සමඟ]

The Covenant කියන්නේ Renny Harlin විසින් අධ්‍යක්ෂණය කරපු සුපිරි ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන තොරතුරු තලින් මේ අඩවියේ පළවෙලා තියෙනවා සිංහල උපසිරැසි නැතුව. මේ මම ගොඩක් කැමති වර්ගයේ ෆිල්ම් එකක්. ඒක නිසා තමයි උපසිරැසි එකත් ලියන්න හිතුනෙ. මේක ගොඩක් හිට් වුන ෆිල්ම් එකක් නෙවෙයි. IMDb 4.9 කට විතර තමයි rate …

Read More »

We Stand Alone Together (2001) Sinhala Subtitles | සැබෑ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන. ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම …

Read More »

Avatar: The Last Airbender [S01 : E20] Sinhala Subtitles | අති දැවැන්ත ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද… දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් …

Read More »

Horrible Bosses (2011) Sinhala Subtitles | දරුණු ලොක්කො [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම විදියට ෆට්ටම ෆට්ට හිනා කාල මැරෙන කොමඩි ෆිල්ම් එකක් අරන් ආව. මේ ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්, ඒ කිව්වෙ පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ බලාගෙන යද්දි. හරි ෆිල්ම් එක ගැන හොඳ කිව්ව ඇති. දැන් ඒක ගැන පොඩ්ඩක් කියන්නම්. …

Read More »

Kismet Love Paisa Dilli (2012) Sinhala Subtitles | සල්ලිද ? නම්බුවද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාලට මගේ ඊළඟ නිර්මාණයටත් හින්දි එකක්ම අරගෙන ආවා. ටිකක් පරක්කු වුනා මේකේ සබ් එක හදල ඉවර කරන්නනම්. කොහොම උනත් මේකේ ස්ටෝරි එකනම් ටිකක් වෙනස්. මේ ෆිල්ම් එක ටිකක් දේශපාලනය එක්ක සම්බන්ධව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ තියෙන දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වගේම සමාජ අන්තර්ගතය ගැනත් මේකේ කතාවෙන් කියවෙනවා. …

Read More »

Avatar: The Last Airbender [S01 : E19] Sinhala Subtitles | ජල බන්ධකයෝ [සිංහල උපසිරැසි සමඟ]

කටාරා’ට ජල බන්ධන උගන්වන එක සම්ප්‍රදායෙන් තහනම් වුණාට කටාරාගෙ බලගතු හැකියාව දැකලා මාස්ටර් පාකු උගන්නන්ඩ කැමති වුණා විතරක් නෙවෙයි අන්තිමේ මේ දෙන්නා සීයයි මිණිබිරීයි වගත් දෙන්නට දෙන්නා දැනගත්ත නෙවැ . ඒ වග ගියපාර දැකගන්ඩ ඇතිනෙ? දැන් ඔන්න කටාරා ටිකෙන් ටික තමන්ගෙ හැකියාව ඉහළ තලයකට වර්ධනය කරගනිමිනුයි ඉන්නේ. ගිය පාර ඈන්ගෙන් …

Read More »

The Thieves (2012) Sinhala Subtitles | හොරුන්ගෙත් හොරු කම්බ හොරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සැරේ කට්ටියටම මැක්සා කොරියන් බයිස්කෝප් එකක් ගෙනාවා. ෆිල්ම් එක ගැන කියන්න කලින් කියන්න ඕනේ මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ෆිල්ම් එක ගැන කියනව නම් ඔයාලටම තේරෙනවා ඇතිනේ මේක හොරු ගැන කියලා, ඒක නම් හරියටම හරි. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමානයක් ලබාගෙන තියනවා. මෙය …

Read More »

Tad, the Lost Explorer (2012) Sinhala Subtitles | සැඟවුන නිධානය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

හයයි කියලා පැය 24 ක් යන්න කලින් හතයි කියන්න කියල තමා ඔන්න සූදානම. මේ සැරේ දෙන්න යන්නේ අලුත්ම ඇනිමේෂන් වර්ගයේ ලස්සන කතාවක්. මේක ලොකු ලොකු ලේබල් යටතේ කරලියට අවේ නැති උනාට හරිම ලස්සන කතාවක්. ඇනිමේෂන් නම් ඕනේ එකක් ඔට්ටුයි මට නම්. මොකද මගේ පලවෙනි උපසිරස දෙන කොටත් ඒක මම කිව්වා. …

Read More »

Avatar: The Last Airbender [S01 : E18] Sinhala Subtitles | ද්වන්ධ සටනක් [සිංහල උපසිරැසි සමඟ]

අන්තිමේ ඔන්න දුර ගමනක් ඇවිදින් ඇවිදින්, කට්ටිය මෙදා පාර උතුරු ධ්‍රැවයට ඇවිදිල්ලා. මෙච්චර දවසක් ඈන්ග්’ට ජල බන්ධන ඉගෙන ගන්ඩ හරිහමන් ගුරුවරයෙක් හිටියෙ නැති අඩුව ඕං පිරවෙන්ඩයි යන්නේ. මාස්ටර් පාකු තමයි මෙහේ ඉන්න අන්භිබවනීය රාජකීය ජල බන්ධන ඇදුරුතුමා. ඈන්ග්ට ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි වගේ දැන්. එතකොට කටාරා….? හපොයි කියන්නෙ මෙහෙ තියෙන …

Read More »

The Adventures of Sherlock Holmes [S01 : E04] Sinhala Subtitles | පා පැදියේ රූමතිය..[සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හතරවන කොටස තමයි අද මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නෙ. 3 වෙනි එක හැමෝම බලන්න ඇතිනෙ. ෂර්ලොක් හෝම්ස් පළවෙනි වතාවට ඒ කොටසෙදි තමයි පොඩ්ඩක් අත පය වෙහෙසවන්න වෙන්නෙ. මේ කොටසෙදිත් පොඩි සටන් ජවනිකාවක් තියනව. මත්පැන් හලකදි වුඩ්ලි නම් පුද්ගලයෙක් ෂර්ලොක් හොම්ස්ට නරක විදියට බැනල පාරකුත් ගහනව. …

Read More »

Avatar: The Last Airbender [S01 : E17] Sinhala Subtitles | යුධ ආම්පන්න [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙදි ඈන්ග් මේ බලයන් දමනය කිරීම ගැන බොහොම අගනා කියන පාඩමක් ඉගෙන ගත් බව අමතක නෑනෙ… කොහොම වුණත් ඒ කටයුත්තෙදි කටාරාටත් ඔහුගෙ අතින් තුවාල සිදුවුණා. දමනක බලය කියන්නේ මිනිසෙකු සතු තවත් එක දෙයක් විතරක් බව ඔහු එඅකෙන් දැනගත්තා. දමනකයෙකු සතුව තිබිය යුතු තවත් ගතිගුණ රාශියක් ඇති බව ඔහුට අවබෝධ …

Read More »

The Collection (2012) Sinhala Subtitles | ලේ වැගිරීමේ නවතම දිගහැරුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාල බලන් හිටපු ත්‍රාසය, භීතිය කුතුහලය දනවන චිත්‍රපටයක දෙවන කොටසත් නිකුත් වෙලා.. ඔයාල බලන්න ඇතිනෙ මේකෙ පළවෙනි චිත්‍රපටය The Collector (2009) කියන එක.. කට්ටියට මතක ඇතිනෙ ඒකෙ හිටපු “ආර්කින්” කියන ගෙවල් වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයාව. මේ කතාවෙත් එයාම තමයි ඉන්නෙ.. මෙන්න මෙහෙමයි දෙවනි කොටසෙ කතාව දිගහැරෙන්නෙ..එලේනා කියන ගෑනු …

Read More »

Hit and Run (2012) Sinhala Subtitles | කල කල දේ ඵල ඵල දේ… [සිංහල උපසිරැසි සමඟ]

හය වෙනි පාරට මුණ ගැහෙන්න එනකොට “කල කල දේ ඵල ඵල දේ” කියලා පටන් ගත්තේ මොකද කියලා අපේ යාළුවො බලනවා ඇති. ඒකට හේතුව අද ගේන්න හදන සලරුව බොහෝ දුරට ඒ තේමාවට නෑදෑකම් කියන නිසා. මොකද අපි හැමෝම වගේ දන්න දෙයක් තමයි වැරදි කලොත් දෙකක් නැහැ ඒකට ආපසු ඒ විදිහෙම දෙයක් …

Read More »

Son of Sardaar (2012) Sinhala Subtitles | පරම්පරාගත වෛරය.. [සිංහල උපසිරැසි සමඟ]

“සමාවෙන්න මිත්‍රයා, ලෝකයෙන් පලක් නෑ, සර්දාර්ගේ පුත්‍රයෙක් නැතුව” මෙහෙමයි චිත්‍රපටය  පටන් ගන්නේ. මම අද ආවේ මගේ දෙවැනි උපසිරැස අරගෙන.මේ පාර මම තොරගත්තේ හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන හින්දි චිත්‍රපටයක්.මේ චිත්‍රපටය බොලිවුඩයේ ආදායම් අතින් අතිශයින්ම සාර්ථක වුනා.චිත්‍රපටය  ඉපයූ මුදල ඉන්දියානු රු. කෝටි 100 ටත් එහා. හැමෝම දන්නවනේ මෑත කාලේ බොලිවුඩය හොල්ලපු කොමඩි චිත්‍රපට වලින් කරලියට ආවේ …

Read More »

Wild Child (2008) Sinhala Subtitles | පිස්සු කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට ලබා දෙන ප්‍රථම උපසිරස නිර්මාණයයි මේ….ගෙනාවේ ඇමෙරිකන් කෙල්ලෙක් ගැන කෙරුණු ලස්සන ෆිල්ම් 1ක්… මේ කෙල්ලගෙ නම පොපී. හැමෝම දන්නවනේ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් කියන්නෙ විනෝද වෙන්න මරු නගරයක් කියලා. ඉතින් මේ කෙල්ලත් එහේ යාළුවොත් එක්ක පිස්සු නට නට හිටපු කෙල්ලෙක්. ඇත්තටම කියනවනම් කතාවෙ විදිහට හැමදාම පාටි තියෙනවා එයාලට යන්න. …

Read More »

Avatar: The Last Airbender [S01 : E16] Sinhala Subtitles | පාඩම… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණකින් තමන්ගෙ තාත්ත්ව දැකගන්ඩ ලැබෙන්ඩ තිබුණු එකම අවස්ථාවත් මුළු ලෝකයක යහපත වෙනුවෙන් කැප කරලා සොකා සහ කටාරාඈන්ග්ට මහා හයියක් වෙමින් ළගින්ම ඉන්ඩ තීරණය කළ හැටි දැක්ක නේද? ප්‍රියයන්ගෙන් දුරස් වුණත් යාපත් අරමුණක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්ඩම වෙනවා. ඔහොම යන අතරෙදි ඈන්ග්ට මුණ ගැහෙන්නේ, අග්නි ජාතියේ වැඩකටයුතු ගැන කළකිරීමෙන් …

Read More »

Terminator Salvation (2009) Sinhala Subtitles | යාන්ත්‍රිකයන්ගෙන් ගැලවීමේ මාර්ගය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ පහළොස්වෙනි නිර්මාණයත් අරන් ඔයාල හමුවෙන්න ආවා. ඒ වගේම මෙයත් සමග මම අවසන් කරපු පළමු චිත්‍රපට මාලාව බවට මෙය පත් වෙනවා. ඔයාල කලින් මෙහි පළමු, දෙවන, සහ තෙවන චිත්‍රපට බලන්න ඇති කියා සිතනවා. මෙය IMBd වල ලකුණු 6.7ක් වැනි ඉහල අගයක් ලබා තිබෙනව. මෙය තමයි දැනට ටර්මිනේටර් …

Read More »
error: Alert: Content is protected !!