3 A.M. 3D (2012) | පෙරවරු යාමයේ ළංවන මරණයේ කණිසම. [සිංහල උපසිරසි සමඟ]
අද මම මගේ ස්ටයිල් එක වෙනස් කරන්න හදනවා.මම ලෑස්තියි ආසියාතික රටවල තියෙන හොරර් ගණයට අයත් මූවිස් වලට පණ දෙන්න.ඇත්තටම ගත්තොත් හොරර් කියන්නේ,වචනයේ පරිසමාප්ත අරථයෙන් ෂොක් වෙන්න පුලුවන් චිත්‍රපටි විශේෂයක්.මේ ලෝකේ හොරර් ලෝලීන් සමහරක්ගේ මතය නම්.,ක්වොලිටි ගණයේ හොරර් අරන් එන්නේ ආසියාතික රටවල් කියන එක. ඇත්ත වශයෙන්ම ඔව්..ඔබ මුල් බැස ගත් හොරර් ලෝලියෙක් නම් අද සිට ඔබ හොලිවුඩ් බොලිවුඩ් හොරර් මූවිස් ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගනීව්.
තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ කියන්න යන්නේ තවත් ලේ හලාගෙන එන සුම්බීස්ලා ගැනවත්,කටින් දත් එන ඩ්රැකියුලා ගැනවත්,ටීවි වලින් මතුවන සෙල්ලම් ආත්ම ගැන නෙමෙයි.මෙම චිත්‍රපටිය තායිලන්තයේ දී දෙදහස් දොලහේ තිරගත වුනු තායිලන්තියේ හොරර් සිනමාව උඩූ යටිකුරු කල ,බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ “ද ත්‍රී ඒ එම්” ගැන
එකිනෙකට වෙනස් අධ්‍යක්ෂකවරු තිදෙනෙක්….එකිනෙකට වෙනස් කථා තේමාවන් තුනක්….බියකරු අද්භූත නිමේෂයක වෙනස් වන තාත්වික ගණයේ පසුබිම් තුනක්….එකිනෙක ගලපා …පෙරවරුවේ තුන්වන කණිසමට එකිනෙක හා යා වෙමින් දිවෙන …ලොමු ඩැහැගැන්වෙන “ද ත්‍රී ඒ එ ම්“ ඔබ නැරඹීමට උත්සුක විය යුත්තේ ඇයි ?.ඒ අන් කවර දාකවත් ,කවර ආකාරයකින් වත්, කිසියම් හෝ විදියකින් මෙවැනි ආකාරයේ චිත්‍රපටියක් මීට කලින් ඔබ නරඹා නොමැති නිසාමය.
ආදරය සුන්දරද ? ආදරය හරිම සුන්දරයි.ආදරය හරිම පෙම්බරයි..ආදරය ඇතිවෙන්නේ සජීවි මිනිසා හා සජීවි ගැහැණිය අතරමද ? ඇත්තෙන්ම නැත.මල ගැහැණියකට වුවද රගයෙන් මත් වුනු තරුණයකුට ඇයගේ අවසන් ඉරණමද වෙනස් කල හැකිය.ඊට සාක්ෂි,ලංකාවේ පුවත්පත් තුලින් ද සොයා ගත හැක.රූමත් මල මිනියකට පෙම්බදින්න තරුණයෙක්ට පුලුවන්ද? “ද ත්‍රී ඒ එ ම්“ ඒ සියල්ලටම පිලිතුරු සපයනු නිසැකය
සැබවින් ගතහොත් යක්ෂයා සහ ආත්මය ජීවත්වෙන්නේ තමන් තුලය. එහි ස්වරෑපය වෙනස් කරමින් අප තුලින්ම නැගී එන්නේ අපගේ ආත්මයද සුණු විසුණු කර දමමින්ය.කොටින්ම කීවොත් අපේ සැගවුණු ප්‍රතිරූපය කල එලි බසින්නේ ඒ ඒ අවස්ථාවන්හිදිය.නිරන්තරයෙන් ඇස ගැටෙනා යම් අයෙක් වෙත්නම් ..ඒ ඔහුගේ බාහිර ස්වරෑපයයි.නමුත් ඒ බාහිර ස්වරූපය අභ්‍යන්තරයේ ඇති ලක්ෂණ කවදාවත් දර්ශනය නොවන්නේ .,අප හට කෙදිනකවත් ඒ අභ්‍යන්තර ගති ලක්ෂණ පිටට පෙනෙන්නේ නැති නිසාය. ඔබට මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව දවසක් වුවද මෙම කරුණු කල්පනා කල හැක.
මම යෝජනාවක් කරමි.ඔබ මෙම චිත්‍රපටිය නැරඹීමට තෝරා ගත යුත්තේ රාත්‍රී 10 න් පසුය. ඔබ මෙම චිත්‍රපටිය නැරඹිය යුත්තේ තනිවමය. ඔබ මෙම චිත්‍රපටිය නැරඹීමට හෙඩ්ෆෝනයක් භාවිතා කල යුතුය. ෆාස්ට් ෆෝවර්ඩ් නොකට එක හුස්මට නැරඹිය යුතුය. ඔබ ට මෙම කොන්දේසි 03.,කෙදිනකවත් ඉටු කිරීමට නොහැකි බව මම තරයේ අවධාරණය කරන්නෙමි. මෙය සිදුකිරීමට ශක්තිය ඇති අයෙක් සිටීනම් ඔහු ධෛර්යවන්ත පුද්ගලයෙකි. ඒ බව කිසිම සැකයක් නැත.
තායිලන්තයේ මෙම අලුත්ම හොරර් සිනමාව කොටස් 03 කට බෙදා වෙන් වෙයි.
1). විග් (බොරු කොණ්ඩා විකුණන) සාප්පුවක සහෝදරියන් දෙදෙනෙක් .
2). මල මිනියක් හා පෙමින් වෙලුණු තරුණයෙක්…
3). මිනිස්සුන්ව ගොනාට අන්දන ආයතන 02 ක අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ,
පහත දැක්වෙන්නේ ද ත්‍රී ඒ ඒම් නැරඹු රසිකයන්ගේ අදහස්ය.
තායි හොරර් ගණයේ චිත්‍රපටි බලනවනම්.ඔයා මේකට කැමැති වේවි. “4bia” and “4bia 2” බලපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය ඔබ නරඹාවි.ඔබ කිසිදා කළ කිරීමක් නැති අයෙක් බවට පත්වේව. – IMDB Review
මේක තියෙටර් එකේ බලන කොට අපි බය වෙච්ච විදිය කවදාවත් අමතක කරන්න බැහැ.මේ හැම කතාවකදීම අපි හයියෙන් කෑ මොර දුන්නා..ඊට හේතුව එ් හැම කතාවකදීම අපිට බියක් දැනුනු නිසා (dailydoseofhorror.com)
පූර්ව යාමයේ තුනේ කණිසමට මුදා හරින ආත්මයන් සමග ගෙවන දරුණුතම බිහිසුණු රාත්‍රිය,..”ද ත්‍රී ඒ එම්” දැන්වත් ඔබ සූදානම්ද ? ? ?
6312 downloads
ගොඩක් ස්තූතියි…
එළ.උපසිරැසියට ස්තුතියි සහෝ
tnx sub 1 ta…..god bless !!!!!!!
Supiri onna gannawa
Reta Film ekkwth dwnload krnna bayayi bng any way tnqw ah
thanks bro
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
මොන ජරාවක්ද බන් මේ. මොනවා වුනත් උබ සබ් දැම්ම එක ගැන සතුටුයි. මිට වඩා හොඳ horror එක ඊලග පාර select කරහන්.
පුරාජේරුව තරම්ම ෆිල්ම් එක ගති නැහැ මචං… සබ් නම් නියමෙට තිබුණා, අන්තිම කතාව නම් මරු ප්‍රේක්ෂකයාව අන්දුන් කුන්දුන් කරවනවා, කියන තරම්ම බයක් නැහැ…කතා තේමාවන් නම් හොඳයි.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සමීර මම උඹේ පොර ටෝක් ලිපිය හින්ද මේක බැව බන් , හැබැයි මෙලෝ රහක් නැහැ බන් , පොඩ්ඩක් හරි හොද පළවෙනි එක විතරයි , ඇත්තටම මේකට උඹට බය හිතුනද බන් 😀 ( just kidding ) මොකද උඹ කියන තරමේ බය හිතෙන ගතියක් මේකේ නැහැ බන් . මම හිතුවේ ,
The Conjuring
1408
Silent Hill
Insidious
The Amityville Horror
වලටත් වඩා පට්ට ඇති කියලා 🙁
මම එහෙම කිව්වා කියල උඹ අව්ලක් ගන්න එපා හොදේ 🙂 උඹට ජය හා සතුට 🙂
Film eka fatta fata fata.. දැනුයි බලල ඉවර වුනේ
ela ela machan..thanks a lot.godak kalekin hoda horror movie ekak balanna puluwan wei wage.umbata jaya!!!!!
මචං ලිපිය හොදට ලියල තියෙනව. ඒත් මට horror ෆිල්ම් බලන්නත් එපා උනා මේකෙන් පස්සෙ. මං බලමු ගොන්ම horror film එක තමයි මේක 🙁 time wasting
Thanks for your comment…however …great deal!!!
එහ් මාත් බලන්න ඕනි… බට් මටනම් බෑහ් තනියම බලන්න.. මට රෑට පේනව.. නිකන් පිටිපස්සෙන් එනව එනව වගෙ දැනෙනව… 😀
thanks saho….. B.S…………
Mokakada bn mea film eka aiooo kamak na. thanks sub walata.
සබට තුති සමීර සහෝ !!!!!
ෆිලුම නම් සුපිරි සමීර සහෝ !!!
ඉදිරියටත් සුපිරි ෆිල්ම් දීමට ශක්තිය, ධෛර්යය ලැබේවා !!!!
Thanks my friend..!!!!
මං වෙනුවනේ කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම
හුගක් ස්තූතියි…..
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි සමිර සහෝ! මෙක නම් ලොවෙත් නැති හොල්මන් කථාවක් වගේ..
ජය වේවා!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
උපසිරැසියට තුති…… 🙂
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබි එකට
බොහොම පිං සහෝ
Kiyala thiyenawa widiyata nam hodai wage. ada thaniyama inna nisa balanna oni.. 😀
Thank you..
note ekanam hodata liyala tiyanawa,flim , ekath hoda atiy.balanna ome .sub ekata thanks
හොල්මන් නම් බයයි බන්
මන් දැන්
සබට තුති
ඔබට ජය…………………
supiri filumak wage. aniwa meka balanawa. sub ekata thanks saho. good luck.
supiri filumak wage. aniwa meka balanawa. sub ekata thanks saho.
බොහොම තුති සබට
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
උපසිරැසියට ස්තුතියි සහෝ
patta lipiyak saho film eka baluwa wage eka kiyewwama supiri damma banawa
ok ඔන්න මං මේක ගන්නවා. ඔයාගේ challenge එකත් ගන්නවා. හැබැයි හෙට උදේ මං ඇහැරුනේ නැත්නම් උඹ තමයි පුතේ වග කියන්න ඕනි. මගේ heart එකේ අවුලක් තියනවා.
=D
holman nam pattainy.thanks muchan.
බලමු මේකත්……
බොහොම ස්තුතියි උපසිරසට සමීර සහෝ
සැහෙන කාලෙකින් නේද?
ඔව්..මචෝ..සෑහෙන කාලෙකින් සබ් එකක් දැම්මේ….
නියමයි සහෝ.
සුපිරිමකතාවක් වගේ.
ඒ වගේම ලිපියත් ලෙසටම දීලා තියනවා.
ස්තුතියි සබ් එකට.
මන් ඔර් වල්ට එච්චර ආස නැ මොකද එවට බය වෙන්නෙ නැති නිස එත් මෙක බාලා බලමු තැන්ක්ස්
thank you bro ! 😛 😛 😛 great work ! 😀 😀 😀
niayamai…thanks SAMEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
tama baluwe naha et balanna hoda wadak saho tawath dewal karanna labenna one all da best!!!!!!!!!
Thank you saho..!!!
ammo! Mata dammama baya hithuna. 😛 mama nam balanne na meka… Java wewa!
ලිපියත් පට්ට
ඒ වගේම ෆිල්ම් එකත් පට්ට විදියට ඇති
උපසිරැසියට තුති…
ලිපිය නම් එළටම තියේ…කොහොමත් හොරර් ෆිල්ම් වලට කැමති නිසා මේකත් අනිවා බලනවා.
උපසිරැසියට බොහොම තෑන්ක්ස් ඔබට ජයෙන් ජය…!
thanks my friends….
thaniyama balana eka nam gemak ne. thnx bro
නියමයි.
සුපිරි හොරර් එකක් වගේ.
කියන්න ඕනේ, ලිපිය නම් පට්ටම පට්ට, සුපිරිම සුපිරියි.
හිතට වදින්න ලිපිය ලියලා තියෙන්වා.
ඒකට ස්තුතියි.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
නියමයි, ජයෙන් ජයම වේවා!
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!!!!!!
ස්තූතියි යාලූ…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Liyala thyena widihatama baya wenawa appa,,, ela saho sub 1ta thanx
thanks macho…………………
maxxxaaaa lipiyakne…loweth balanda hithuna….
ලිපිය නම් පට්ටයි සහෝ … අනිවා බලනවා … සබට බොහෝම ස්තූතියි