You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / Box-office Hits (page 3)

Box-office Hits

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Sunset Boulevard (1950) Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට …

Read More »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | පවුලක් නිසා ඇති කල විනාශය. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේ නම් සෝනි සමාගම දෙයක් ඔප්පු කලා. ඒ තමයි එයාලටත් ෆ්ලොප් නොවී හොද නිර්මාණ බිහි කරන්න පුලුවන් කියලා. මතකනේ දහසකුත් බාධාක මැද්දේ Venom (2018) චිත්‍රපටය නිකුත් කරලා ලබපු සාර්ථකත්වය. කියන්න සතුටුයි සිනමැටික් යුනිවර්ස් එකේ අය එයාලා ලග තියෙන චරිත පාවිච්චි කරලා අලුත් නිර්මාණ එලි දක්වද්දී සෝනි සමාගම පුලුවන් විදිහට එයාලා ලග …

Read More »

Creed II (2018) with Sinhala Subtitle | ප්‍රහාරකයා යළිත්! [සිංහල උපසිරසි සමඟ]

රොකී බල්බෝවා! මතකද 70, 80, 90 දශකයන්හි සහ 2006 වර්ශයේදි සිනමාව තුලින් බිහිවූ ඒ අසහාය බොක්සින් ක්‍රීඩා තරුව? වර්තමාන නව පරම්පරාවේ අය නම් රොකී බල්බෝවා කියන්නෙ කවුද කියලා නොදන්නවා වෙන්නත් පුලුවන්. හැබැයි, 70, 80, 90 දශකයන්හි ඉපදුණු කෙනෙක් නම් ෆිලඩෙල්ෆියාවෙ බොක්සිං පුරාවෘත්තය ගැන නොදැන ඉන්න විදියක් නැහැ. 2006 වර්ශය දක්වාම …

Read More »

Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) – Sinhala Subtitles | වැල යන අතට මැස්ස ගහමු. [සිංහල උපසිරසි සමඟ]

ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හේතුව නම් ඇත්තටම ඔය උඩ කියපු කාරණා දෙක …

Read More »

K.G.F: Chapter 1 (2018) Sinhala Subtitles | මුම්බායි වීදීවලින් කොලර් රන් පතල්වලට…!! [සිංහල උපසිරසි සමඟ]

“මට වචනය දෙන්න… මම දන්නේ නෑ ඔයා කොහොම ජීවත් වෙන්න යනවද කියලා, ඒත් ඔයා මැරෙනකොට… ඔයා ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන… හුගක් ධනවත් මනුස්සයෙක් හැටියට තමා ඔයා මැරෙන්න ඕන!” “මම හුගක් පොහොසත් මනුස්සයෙක් වෙනවා, අම්මේ…” රොකී එහෙමත් නැත්තම් රාජා ක්‍රිෂ්නාප්පා බේරියා කියන්නේ අන්ත දිළිදු පවුලක ළමයෙක් තාත්තා නැතුව හැදුන වැඩුන කෙනෙක් …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන …

Read More »

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු …

Read More »

Thugs of Hindostan (2018) with Sinhala Subtitles | හින්දුස්ථාන මැරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණක් තිස්සෙ ඉඳන් බොලිවුඩ් පුරවරයෙන් ඕපදූප ගලාගෙන එන්න ගත්තා, බොහොම ලොකු මුදලක් විය පැහැදම් කරලා, බොහොම දැවැන්ත මට්ටමේ චිත්‍රපටයක් නිශ්පාදනය කරන්න සූදානමක් තියෙනවා කියලා. කොහොමින් කොහොම හරි කාලය ගෙවිලා ගිහිල්ලා, අන්තිමේදි ඒ කතාව ඇත්තක් වුණා. කෝටි 300කට අධික මුදලක් ලෝභ නතුව වියපැහැදම් කරලා, එදා මෙදා තුර බොලිවුඩ් පුරවරයෙන් නිශ්පාදනය …

Read More »

Sarkar (2018) Sinhala Subtitles | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම [සිංහල උපසිරසි සමඟ]

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්.. ඒත් මේක චිත්‍රපටියක්… දේශපාලනය, සල්ලි… ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද? සංවාදයට විවෘතයි… හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී… දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව. ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්… එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්.. කටට …

Read More »

A Simple Favor (2018) Sinhala Subtitles | මගේ රහසත් රකින්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

සමාජෙත් එක්ක ගැටෙන එදිනෙදා ජීවීතේදී අපිට අලුත් අලුත් අයම මුණගැහෙනවා. මේ විදිහට දැන හදුනාගන්න අය සමහර වෙලාවට හිතන්නෙවත් නැති විදිහට අපේ ජීවීත වලට පවා සමීප වෙනවා. සමීප වෙලා විතරක් නවතින්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නත් කලින් මේ විදිහට ආශ්‍රය කරන අමුත්තන්ව ලොකුම සමිපතයන් කරගෙන මේ අය ගැන විශ්වාසය තියලා සමහර …

Read More »

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitles | අනන්‍යතාවය සොයා [සිංහල උපසිරසි සමඟ]

අද ආවෙ අපි හැමෝම බලාගෙන හිටපු හැරී පෝටර් විශ්වයේ නවතම සිනමාපටයත් අරගෙනයි. ඒ Fantastic Beasts සිනමාපට පහේ දෙවැනි සිනමාපටය වන Crimes of Grindelwald සිනමාපටයයි. සබ් එක දෙද්දි කළින් සවිස්තරාත්මක ලිපියක් ලියන්න බැරි වුණා, මොකද සබ් එකත් පරක්කු වෙලා තිබ්බ නිසා ලිපිය ලියනකම් සබ් එක පබ්ලිෂ් නොකර තියාගෙන ඉන්න බැරි නිසා. …

Read More »

Badhaai Ho (2018) Sinhala Subtitles | ලැජ්ජාවේ බෑ.. සන්තෝසේ බෑ… [සිංහල උපසිරැසි සමග]

බලමුද 2018 ආපු හොඳම ඉන්දියන් චිත්‍රපටි වලින් 5වැන්න? IMDb දර්ශකයේ 8.2ක ලකුණු අරන් එදා මෙදාතුර හොඳම ඉන්දීය චිත්‍රපට අතර 92 ස්ථානය දිනපු චිත්‍රපටිය බලමුද බලමුද? බලමුද 2018 අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු සුපිරිම බ්ලොක්බස්ටර් වලින් එකක්? දැනට කෝටි 221ක් උපයලා තාමත් සල්ලි ගස් හොලව හොලව ඉන්න, මල්වෙඩි දාගෙන ආපු Namaste London පදිරි …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

Smallfoot (2018) Sinhala Subtitle | පුංචි පාදයා….! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ආයේ වයිකින් පටන් ගත්ත ඒ වගේම 2018 අවුරුද්දේ අන්තිම මාසයටත් දන්නෙම නැතුව ආව. සෑහෙන බලාපොරොත්තු සහගත සිනමාපට රැසක් කලඑළි බහින මාසයක් මේක. ඉතිං ඒත් එක්කම ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් කරන්න ලැබුනා.. මේක පදනම් වෙන්නේ ඉන්නව කියන එත් තව පිරිසක් නැහැ කියල කියන මේ වෙනකම් හරියකට ඇහැට දැකල …

Read More »

Venom (2018) Sinhala Subtitles | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් …

Read More »

A Star Is Born (2018) with Sinhala Subtitles | තරුවක් උපන්නා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වසරේ පලවෙනි ඔස්කාර් ඉඟිය සහිත සලරුව සිංහල උපසිරසි එක්ක ඔයාලට තිළිණ කරන්නයි මේ සැරසෙන්නේ. මුලින්ම කියන්නම් මේ චිත්‍රපටය දැනටමත් ලෝකයේ හොඳම චිත්‍රපට 250 තුල #218 වන ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ප්‍රේක්‍ෂක මනාප 99,000 කට අධික සංඛ්‍යාවකින් 8.2ක් වගේ ඉහල අගයකුත් හිමිකර ගෙන කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම මේ …

Read More »

Peppermint (2018) with Sinhala Subtitles | මව් සෙනෙහසක ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න කතා කරන්න යන්නේ දරු සෙනෙහස හා සම්බන්ධ මාතෘකාවක් ගැන. වෙනදා වගේම චිත්‍රපට උපසිරසක් එක්ක තමයි අදත් ඉතින් පොඩි තොරතුරු ටිකක් සමඟින් ඔයාල හමුවට එන්නේ. මාපිය දූදරු සම්බන්ධය සහ ඒවගෙන් අපේ ජිවිත වලට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද කියන දේ හරිම පුදුමාකාරයි. ලෝකේ හැම රටකම වගේ සමාජ ඒකකය වෙලා …

Read More »
error: Alert: Content is protected !!