Tuesday , November 29 2022
Breaking News

පසිදු මධුමාල්

Cobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය …

Read More »

Ek Villain Returns (2022) Sinhala Subtitles | දුෂ්ටයාගේ නැවත ආගමනය! [සිංහල උපසිරසි]

ආදරය කවදාවත් පරදින්නේද නැත… මිය යන්නේද නැත… මනුශ්‍යයෙක් උන්මන්තකයෙක්… පරාජිතයෙක්… බිඳුණු සිතක් ඇති පුද්ගලයෙක් බවට වුණත් පත් කරන හොඳම අවියක් විදියට ආදරය ගන්න සළකන්න පුළුවන්. ඒත් ආදරයට කෙනෙක්ව මිනීමරුවෙක්… දාම ඝාතකයෙක් කරන්න පුළුවන්ද? අන්ධ ආදරයෙන් මුලා වූ තවත් පරාජී ආදරවන්තයෙකුගේ කතාවයි මේ. “මම ඔහේගේ කතාවේ වීරයා! ඔහේ මගේ කතාවේ වීරයා …

Read More »

වික්‍රන්ත් රෝනා (2022) AKA VR Sinhala Subtitles | කමරොට්ටු ගම්මානේ මිනීමැරුම් අභිරහස! [සිංහල උපසිරසි]

බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙවත් නැති අය ඉන්න …

Read More »

Nikamma (2022) Sinhala Subtitles | මැරවරයෙකුට එරෙහිව නිකමෙක්! [සිංහල උපසිරසි]

නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටියා කියන්නේ කවුද කියල ඔයාලා …

Read More »

රාශ්ට්‍ර කවාච් ඕම් (2022) AKA ඕම්: ද බැට්ල් විතින් Sinhala Subtitles | කවාච් මෙහෙයුම! [සිංහල උපසිරසි]

“න්‍යෂ්ටික බලඅවි ලෝකය ජයගද්දී ඒවා මැඩපැවැත්වීමට වෙර දරණ හින්දුස්ථානයේ බලගතු පළිහ… නමින් එය ‘කවාච්’ වේය නමුදු, එවන් නූතන තාක්ෂණයක් අත දරන්නේ බලයට ගිජුවූවෙක්, සෙනෙහසක අරුත නොදත් පියෙක් හා තම මවුබිමේ බිහිවූ තවත් එක් ද්‍රෝහියෙක් ය. මා කවුරු වූවත මට ඇතිවිය යුතු ඒකායන පරමාර්ථය මගේ රට රැකීමයි එබැවින්, මාගේ මෑණියනි මෙවන් …

Read More »

ජුග්ජුග් ජීයෝ (2022) Sinhala Subtitles | දිඟුකල් සතුටින් ජීවත් වේවා! [සිංහල උපසිරසි]

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කසාදයක් ලස්සන වෙන්න දෙපැත්තෙම පැහැදීම තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් මේ අතර මැද්දට වෙන්වීම | දික්කසාදය කියන වචන එනවා. එහෙම ආපු කතාවක් …

Read More »

බච්චන් පාණ්ඩේ (2022) Sinhala Subtitles | භාග්වාහි මැරවරයා, බච්චන් පාණ්ඩේ! [සිංහල උපසිරසි]

බොලිවුඩයේ කිලාඩි අක්ශේ කුමාර් රංගන දායකත්වයෙන් යෙදෙන බච්චන් පාණ්ඩේ අරගෙනයි අද මම ආවේ. ඉතින් කාලයක් තිස්සේ මේක ගැන ඉන්දියාවේ ගොඩක් කතා වුණු චිත්‍රපටියක් වුණා. කොමඩි චිත්‍රපටිවලට ගැළපෙනම නළුවෙක්, ඒ වගේම තමයි ඇක්ශන් කියන්නෙත්. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ හොඳට දිළිසෙන තරුවක් තමයි අක්ෂේ කුමාර් කියන්නේ. අක්ෂේගේ මේ චිත්‍රපටියට ප්‍රධාන නිළිය ලෙස …

Read More »

ඇ‍‍ටෑක්: Part 1 (2022) Sinhala Subtitles | අති-ප්‍රබල සොල්දාදුවා – පළමු කොටස [සිංහල උපසිරසි]

…හිටපු සොල්දාදුවෙක්, පැරදුණු ආදරවන්තයෙක්, අනාගත සැලසුම් බොඳ වූ කෙනෙක්, තම මවට බරක් වූ පුතෙක්, එහෙත්… මේ සියල්ල ඔහුගේ ජීවිතයට බලපෑම් කරද්දී වාසනාව ඔහුව වටා කැරකේ. අවසානයේ තම ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත් නවීන යුගයේ අති-ප්‍රභල සොල්දාදුවෙක්… අද මම ඔයාලට අරන ආවේ හොලිවුඩ්+බොලිවුඩ් චිත්‍රපටයක්. ඒ කිව්වේ මොකක්ද බැලුවා නේද. සාමාන්‍යයෙන් බොලිවුඩයට …

Read More »

Stranger Things [S04 : E06] Sinhala Subtitles | පැට්‍රික් ඝාතනයට මුල එඩීද? [සිංහල උපසිරැසි]

පසුගිය කතාවෙන්… කලින් කතාවෙන් දැක්කනේ එලවෙන් ආයෙම එයාගේ බලය ලබාගන්න ඩොක්ටර් බ්‍රෙනර්ගේ ලැබ් එකට අරගෙන යනවා. ඒවගේම අපිට බලාගෙන්න පුළුවන් වුණා ඇලස්කාවේ හිරවෙලා ඉන්න හෝප්වයි බේරෙන්න කප්පම් දුන්න ආරක්ෂයා නිලධාරියාවයි යූරී පාවා දෙනවා. ඒක නිසාම මේ දෙන්නව රහසිගත හිරගෙදරකට ගිහින් දානවා. ඒකේ හරිම අභිරහස් සිද්ධිවගයක් සිදුවෙන බව අපිට තේරුණා නෙහ්. …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E05] Sinhala Subtitles | දියමන්ති මංකොල්ලයෙන් නැඟි ත්‍රස්තවාදය..! [සිංහල උපසිරසි]

අද අරගෙන ආවා රුද්‍රා කතා මාලාවේ 5 වෙනි කොටසට අදාළ උපසිරැසිය. ඔයාලා දන්නවනේ දැන් මේක ලූතර් නම් ඉංග්‍රීසි කතා මාලාවේ ප්‍රති නිර්මාණයක් කියල. ඒත් ඉන්දියානු රසස්වාදය මුසු කොට නිපැයූ මෙය රසිකයින් අතරේ මේ වෙනවිටත් මහත් කතාවට ගෙනෙන කරුණක් වෙලා තියෙනවා. එයට හේතුව මෙහි ප්‍රධාන චරිතය ලෙස රඟපාන අජේ දේව්ගන් විය …

Read More »

රුද්‍රා : දී එජ් ඔෆ් ඩාක්නස් [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙන් වැසී යන හෝරාව..! [සිංහල උපසිරසි]

දාම ඝාතකයින්, දූෂකයන්, මිනීමරුවන් රජවන ලෝකයක අවංක පුද්ගලයින් තම මසුරුකමට ගිජුව වංක වී පිවිතුර ආදරයේ සුවඳ රාක්ෂයෙකුගේ විලකින් එන සුවඳ මෙන් අන්ධකාරයෙන් ගිලගත් විනිවිද ලෝකයක දේශපාලනික, රාජත්‍රාන්තික ගැටුම්, පිරිවරා ගත් මිනිසුන් ඇති එහෙත් නරුමයන්ගෙන් පිරුණු ලෝකයක අද කාලයට අවශ්‍ය වන ඒ දීප්තිමත් රේඛාව රුද්‍රා… අද අරගෙන ආවා ඔන්න කවුරුත් දන්න …

Read More »

තඩප් (2021) Sinhala Subtitles | ආලය කිරීමට ඇති ආශාව..! [සිංහල උපසිරසි]

ඇක්ෂන් එක්ක රොමෑන්ස් තියෙන චිත්‍රපටියක් බලමුද! හැමෝම බලන්න ආස කැටගරියක් තමයි ඒ. පෞද්ගලිකවම මාත් හරි ආස කැටගරියක් ඒක. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ 2021 වර්ශයේ තිරගත වූ ලස්සන ආදර කතාවක ෆුල් පැකේජ් එකක් ගැන. මේ චිත්‍රපටය 2018 වර්ශයේ නිකුත් වූ RX100 නම් තෙළිඟු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් බව මුලින් කියල …

Read More »

අත්රන්ගී රේ (2021) Sinhala Subtitles | උන්මාද ප්‍රේම වෘත්තාන්තය..! [සිංහල උපසිරසි]

බොලිවුඩයේ බොක්ස් ඔෆිස් කින්ග් මොන වසංගත තිබ්බත් සිනමාශාලා පුරවන වසරකට වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවකට වග කියන කින්ග් කුමාර් අක්ෂය… කොලිවුඩය විතරක් නෙමේ හොලිවුඩය පවා දින්න ඇඟපතින් නොවේ අව්‍යාජ රංගනයෙන්ම ලොවක් වසඟයට ගත් ඒ හීන්දෑරියා ධනුෂ්… Raanjhanaa, Tanu Weds Manu Returns වගේ හිත අල්ලගත්ත, Box Office වාර්තා තබපු ඒ අසහාය නිර්මාණ වල …

Read More »

The Serpent (2021) [S01 : E05] Sinhala Subtitles | ඇලාන්ගේ මංකොල්ලකෑම්, ජාවාරම් අහවරද? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කතාවෙන්… නැදීන් රහස් ඔත්තුකාරියක් වගේ ක්නිපින්බර්ගේ කීමට මේ අයගේ ෆොටෝස් ගන්න උත්සහ කරනවා, වගේම එයාලම ළඟින් ආශ්‍රය කරන්න ගන්නවා. ඒවගේම නැදීන් මේ ගෝටියර්, මොනික් අය ඉන්න අපාර්ට්මන්ට් එකේ සිතියමක් ඇදලා එයාලා ඉන්න තැන්, මේ ගෝටියර් මංකොල්ල කන පුද්ගලයන්ගෙන් ගන්න පාස්පෝට් ලිපි ලේඛන වගේ දේවල් තියල තියෙන සේප්පුවත් සිතියමේ ඇඳලා …

Read More »

සනක් (2021) Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම..! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අද අරගෙන ආවා ත්‍රිලර් හින්දි චිත්‍රපටයක්. නළුවා කවුද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොලිවුඩයේ රියල් ස්ටන්ට් මෑන් කිව්වොත් හරි ඉතින්. විද්‍යුත් ජාම්වාල්ගේ මේ වසරේ නිකුත් වුණු තවත් සාර්ථක චිත්‍රපටයක්. මේ වසරේ නිකුත් වුණ දෙවෙනි චිත්‍රපටය තමයි සනක් කියන්නේ. කොටින්ම කිව්වොත් හොලිවුඩ් ෆිලුමක අභාසයක්. කිඩ්නැප් හා ප්‍රාණ ඇපකරුවන් තියාගැනීම් …

Read More »

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය සිදුවීම් ඇසුරෙනි” කියල නෝටිස් එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක බොම්බේ කියන නගරය මුම්බායි බවට පත්වූණු කෲර කතාවක් කියල කියන්න පුළුවන්. ෆිල්ම් එකේ ටීසරය/ට්‍රේලරය බලද්දී අපිට පෙණූනා ප්‍රධාන නළුවා විදියට ජෝන් ඒබ්‍රහම් ඉන්නේ මාෆියා කාරයෙක්ගේ චරිතයට …

Read More »

ශිද්දත් (2021) Sinhala Subtitles | ප්‍රේමියේ, මා ඔබ සොයා එමි..! [සිංහල උපසිරැසි]

ආදරය..! අකුරු හතරකින් කියවෙන ගොඩක් ගැඹුරු හැඟීමක්. මිනිස්සු ආදරයට වෙනත් නම් පවා දීලා තියෙනවා. එකිනෙකාගේ දැනුම් තේරුම් අනුව. ආදරය විදින කෙනා දන්නා ආදරයක තියෙන වටිනාකම. එහෙම මේ අකුරු හතරෙන් කියවෙන ඒ හැඟීම ලස්සන සිනමාපටයකට දැම්ම කොහොමද? ඒක තවත් ලස්සනයි වෙයි! බලන අයගේ හිත් සතුටු වෙයි! සමහරුන්ට කම්පා හිතෙයි! සමහරුන්ට තරහ …

Read More »

Lucifer [S06 : E08] Sinhala Subtitles | යටි හිත කරනා සෙල්ලම..! [සිංහල උපසිරැසි]

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටිය ලුසිෆර් අවසාන කතා මාලාවේ 8 වෙනි එපියට. මුලින්ම කියන්න ඕනේ මම මේ එපිය දෙන්න ගොඩක් පරක්කු වුණා. සිද්ධ වුණු පෞද්ගලික කරාණාවක් නිසා තමයි මේක දෙන්න පරක්කු වුණේ. කොහොමහරි ඒ දේට සමාවෙන්න කියල ඉල්ලමින් ඉතුරු එපි ටිකේ සබ් ටික ඔයාලට අදම අරගන්න …

Read More »

Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා ගොඩක් කැම්පේන් ගියා. …

Read More »

Loki [S01 : E04] Sinhala Subtitles | මත භේදාත්මක ගැටුමක අවසානය..! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ඔයාලා කවුරු කවුරුත් හරිම ආසාවෙන් බලන් ඉන්න ලෝකි කතා මාලාවේ හතරවෙනි කොටසයි මම අරන් ආවේ. අපි පොඩ්ඩක් මතක් කරගමු ගිය සතියේ කොටසින් මොකක්ද වුණේ කියල. ඔයාලට දකින්න හම්බවුණානේ කතාවට අලුතින් එකතු වුණු සිල්වි කියන චරිතේ. අපිට කතාවෙන් මේ සිල්වි කියන කෙනා පෙන්නලා තියෙන්නේ ලොකීගේ වේරියන්ට් එකක් විදියට. මේ …

Read More »
error: Alert: Content is protected !!