Wednesday , February 1 2023

ප්‍රභාෂ් ජයවීර

The Batman [S03 : E08] with Sinhala Subtitles | වස මල් කුමාරී [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද …

Read More »

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන …

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ …

Read More »

The Batman [S03 : E05] with Sinhala Subtitles | කාර් රේස් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව …

Read More »

The Batman [S03 : E04] with Sinhala Subtitles | රූකඩ සටන [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. The Batman කතා මාලාවේ බාගයක් දුරට ආසන්නව අපි ඇවිල්ලා. මේ වෙනකොට වුණ ගොඩක් දේවල් අතර බැට්මෑන් ගේ හතුරන්ගේ මතු වීම්, එතකොට බැට්ගර්ල් ගේ ආගමනය වගේ විශේෂ සිදුවීම් ටිකක් පෙන්නන්න පුළුවන්. බැට්මෑන් ගැන උනන්දුව තියෙන ගොඩක් අයට මේ කාටුන් සිරීස් එක මුලින්ම බලන්න තියෙනවා නම් වඩා හොඳයි මං හිතන්නේ. …

Read More »

The Batman [S03 : E03] with Sinhala Subtitles | බැට්මෑන් අමතකයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඉතින් ඔන්න සුපුරුදු ලෙසම තුන් වෙනි සීසන් එකේ තුන් වෙනි සබ් එකත් අරන් ආවා. 😀 මේ දවස් වල ලොකු කට්ටක් කනවා සබ් කරන්න. මොකද ලැප් එකට බබා හම්බෙන්න ලන් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් සබ් ටික කරන් යනවා. මොකද පටන්ගත්ත වැඩක් නවත්තන්නෑ, ඉවර කරලා තමයි නවත්තන්නේ. ඒ කයිවාරු වැඩක් …

Read More »

The Batman [S03 : E01&02] with Sinhala Subtitles | වවුල් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

තුන් වෙනි සීසන් එක ඔන්න අපි පටන්ගමු. මේකේ පළමු එපිසෝඩ් දෙකම එකට තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න දෙකම එකටම සබ් කරන්න වුණා, අනිත් ඒවා වගේ දෙගුණයක් දිගයි එපිසෝඩ් එක. එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා. මේකෙ ටයිටල් එක දකිනකොටම ඔයාලා දැනගන්න ඇති බැට්වුමන් ගැන මේකේ තියෙනවා කියලා. බැට්වුමන්, නැත්නම් …

Read More »

The Batman [S02 : E13] with Sinhala Subtitles |තුන්කට්ටුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික වගේම රසවත්. අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. අද කතාවෙ අපේ බැට්මෑන් ගෙ සතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවා. ජෝකර්, පෙන්ගුයින් සහ රිඩ්ලර් තමා මේ තුන් දෙනා. මේ තුන් දෙනාටම ඕන බැට්මෑන් …

Read More »

The Batman [S02 : E12] with Sinhala Subtitles | විකටයෙක් ගේ කඳුළු. [සිංහල උපසිරසි සමඟ]

ජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා බලන්න යන්නේ. ජෝකර් ගැන ඔයාලා දන්නේ මොනවද? මම මීට කලින් කියලා තියෙනවද මන්දා ජෝකර් ගේ උපත ගැන. මට ඒක ඒ හැටි මතකයක් නෑ කිව්වද නැද්ද කියලා. ඒ කෝක වෙතත් මම …

Read More »

The Batman [S02 : E11] with Sinhala Subtitles | මළ පිල්ලිය. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා දන්නවද හැලොවීන් රාත්‍රිය ගැන? හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 රෑට තමා හැලොවීන් රාත්‍රිය කියන්නේ. සමහර රටවල් වල අය විශ්වාස කරනව එදාට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. යක්කු, භූතයෝ වගේ අමනුෂ්‍යයෝ එදාට ඇහැරෙනවලු. හැලොවීන් දවසක ගෝතම් නඟරයේ රාත්‍රියේ වුණ දෙයක් තමා අද කතාවේ තියෙන්නේ. ගෝතම් නඟරය නිර්මාණය කරන කාලේ ඒ ගොඩනැගිලි …

Read More »

The Batman [S02 : E10] with Sinhala Subtitles | හොර සේවකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ, වේන් පවුලේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ්. ඒ වගේම බෲස් වේන් තරුණයෙක් වෙලා එයා බැට්මෑන් වුණාම එයාට ගොඩක් උදව් කළෙත් වයසක ඇල්ෆ්‍රඩ් තමයි. හමුදා වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා තියෙන ඇල්ෆ්‍රඩ්, බැට්මෑන් ගේ …

Read More »

The Batman [S02 : E09] with Sinhala Subtitles | පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ නිසා එයා බැට්මෑන් වුණා මිසක් එහෙම නොවුණා නම් වේන් පරම්පරාව අතීතයේ වගේම පැවතෙනවා. බෲස් වේන් ගේ …

Read More »

The Batman [S02 : E08] with Sinhala Subtitles | ජෝකර් බැට්මෑන්. [සිංහල උපසිරසි සමඟ]

අමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක් විතරක් දෙන්නම්. ජෝකර් ගැන කට්ටිය දන්නවා නෙ. හිනා වෙවී හිටියට මහ අපරාධ කාරයා. මිනිස්සුන්ව මරන්නේ හිනා වෙවී. ජෝකර් ට ඉන්න ලොකුම හතුරා ඉතින් බැට්මෑන් තමා. ජෝකර් ට බැට්මෑන් මහා හිසරදයක්. …

Read More »

The Batman [S02 : E07] with Sinhala Subtitles |ඊතන් ද, ක්ලේෆේස් ද? [සිංහල උපසිරසි සමඟ]

මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේෆේස් වුණේ. ඔයාලා …

Read More »

The Batman [S02 : E04] with Sinhala Subtitles | ජෝකර් ටී.වී. [සිංහල උපසිරසි සමඟ]

ටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර් කරන්න යන නසරානි වැඩේ මොකක්ද? හොඳයි ඔන්න එහෙනම් පොඩි පැහැදිලි කිරීමකින් පටන්ගන්නම්. ඔයාලා දන්නවනේ ජෝකර් ළඟ තියෙනවා වායුවක්. හිනා වායුව වගේ එකක්. ඒක මනුස්සයෙක්ට ගැහුවම සදාකාලික හිනාවකුත් එක්ක ඒ මනුස්සයා …

Read More »

The Batman [S02 : E06] with Sinhala Subtitles | සුරතල් සතුන් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. අද අරන් ආවේ දෙවැනි සීසන් එකේ හය වැනි කොටස. මේකේ මාතෘකාව වගේම මේකේ තියෙන්නේ සුරතල් සත්තු ගැන. කවුද මේ සුරතල් සත්තු? කාගෙද? ඔන්න ඒ ගැන පොඩි විස්තරයක්. සුරතල් සත්තුන්ගෙන් හොරකම් කරවගන්න කෙනා කවුද? පෙන්ගුයින්. ඔව් ඌ තමා. 😛 අද කතාව පෙන්ගුයින් ගැන. හැබැයි පෙන්ගුයින් එක්ක තවත් යාළුවෙක් …

Read More »

The Batman [S02 : E05] with Sinhala Subtitles | කිඹුල් දඩයම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්. ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ …

Read More »

The Batman [S02 : E03] with Sinhala Subtitles | ගින්දර එක්ක අයිස්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා. එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් …

Read More »

The Batman [S02 : E02] with Sinhala Subtitles | ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්. ඔයාලා දන්නවනේ මෙච්චර …

Read More »

The Batman [S02 : E01] with Sinhala Subtitles | ජෝඩු ජෝඩු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. …

Read More »
error: Alert: Content is protected !!