Friday , October 23 2020
Breaking News

Criminal (2016) with Sinhala Subtitles| ඔත්තු කරුවෙකුගේ මතකය අපරාධකරුවෙකුට ලැබුනහොත්? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 14 votes.
Please wait...

Criminal (2016)

ටික දවසකින් ඔන්න ආවා මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි මට්ටමේ බයිස්කෝප් එකක් අරගෙන. ලිපිය ලියන මම පූසා. ලිපිය ලිවුවට මේක මම කරන්න ගත්ත ෆිල්ම් එකක් නෙවේ. විමා භාරගත්ත ෆිල්ම් එකක්. ඉතින් අන්තිමට උගේ අධ්‍යාපන වැඩ නිසා මේකෙන් භාගයක් මට කරන්න වුණා. භාගයක් කිවුවට හතරෙන් එකක් වගේ. පස්සෙ ලිපියත් උඹම ලියහං කියලා ඌ කිවුවා. හැබැයි ඉතින් විමාගෙ මට්ටමේ ලිපියක් නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් බලමු ෆිල්ම් එක ගැන අද අරගෙන ආපු.

සිනමාපටයේ නම තමා Criminal. සිංහලෙන් කියනවා නම් “අපරාධකාරයා”. (අපරාධකාරයා කිවුවහම නම් බයිස්කෝප් කට්ටියට කාවද මතක් වෙන්නෙ කියලා කියන්න ඕන නෑනෙ නෙහ්?? )  2016 වසරේ ආපු කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සිනමාපටයක් කියලා කිවුවොත් හරි.  IMDb අගය 6.3 ක් කියලා සඳහන් වෙනවා. අපි හොඳට දැන හඳුනන නළුනිලියෝ කීපෙ දෙනෙක් තමා මේ සිනමාපටය පුරාවට අපිට හම්බවෙන්නේ. සිනමාපටයේ එන ප්‍රධානම චරිතයක් වෙන CIA බුද්ධි අංශ සාමාජිකයෙක් වෙන බිල් පෝප් කියන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් DC ග්‍රීන් ලැන්ට්ර්න් සහ මාවල් ඩෙඩ්පූල් විදිහට අඳුනන Ryan Reynolds. මේ බිල් පෝප්ගෙ බිරිඳ වෙන ජිල් පෝප් විදිහට සිනමාපටයෙදි අපිට හමුවන්නේ F&F සිනමාපට මාලාව හරහා ජනප්‍රිය වුණු, ඊයේ පෙරේදා DC වොන්ඩර් වුමන් නාමය දිනාගත් ගෑල්ලමයා හෙවත් Gal Gadot. ඊට පස්සෙ ප්‍රධාන චරිතයක් වෙන ජෙරිකෝ ස්ටුවර්ට් විදිහට Man of Steel(2013), Jack Ryan: Shadow Recruit(2014), Message in a Bottle(1999), Robin Hood: Prince of Thieves(1991) වැනි සිනමාපට හරහා අපිට හමුවුන Kevin Costner ද, බිල් පෝප්ගේ CIA ප්‍රධානියා වෙන ක්වෑක්ර් වෙල්ස් විදිහට Dawn of the Planet of the Apes(2014), RoboCop(2014), The Dark Knight සිනමාපට ත්‍රිත්වය, Harry Potter(2004/2007/2011), Red Riding Hood(2011) වැනි සිනමාපට හරහා අපි දැක්ක Gary Oldman ද, ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස් විදිහට Men in Black 1, 2, 3, Captain America: The First Avenger(2011), Volcano(1997) වැනි සිනමාපට වලට තම රංගන දායකත්වය ලබා දුන්න Tommy Lee Jones ද මෙම සිනමාපටය තුල අපට දැකගන්න පුළුවන්. එහෙනම් දැන් ඉතින් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…

බිල් පෝප් කියන්නෙ CIA නියෝජිතයෙක්. ජාන් ස්ටෲප් කියන්නෙ පරිගණක හැකර් කරුවෙක්. මෙයා එක්සේවියර් හෙයිම්ඩල් කියන කෙනා වෙනුවෙන් ලෝකෙ සියළුම න්‍යෂ්ඨික ආරක්ෂක පද්ධති වලට පිවිසෙන්න පුළුවන් වර්ම්හෝල් කියලා වැඩසටහනක්  හදනවා. ඒ වුණත් ජාන් මේක ගැන කළබල වෙලා මේ වැඩේ ගැන CIA එකට කියනවා. එතකොට තමා එයා  බිල් පෝප්ව සම්බන්ධ කරගන්නෙ. ඊට පස්සෙ මෙයා ඒක දෙන්න නම් සල්ලි ඉල්ලනවා. ඉතින් පස්සෙ මේ බිල්, ජාන්ගෙ ආරක්ෂාවට එයාව හංගලා ජාන්ගෙ සල්ලි ටික අරගෙන එද්දි හෙයිම්ඩල්ගෙ කට්ටිය මෙයාව අල්ලගෙන වද දීලා මරණවා. හැබැයි ජාන් ඉන්න තැන දන්නෙ බිල් විතරයි. ඉතින් මේක නිසා CIA එකට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. එතකොට තමා වෙන කරන්නම දෙයක් නැති නිසා බිල් පෝප්ගෙ ප්‍රධානියා වෙන ක්වෑක්ර් ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස්ව සම්බන්ධ කරගන්නේ. මේ ඩොක්ටර් ෆ්‍රෑන්ක්ස් හොයාගෙන තියෙනවා මැරුණ කෙනෙක්ගෙ මොළයේ තියෙන මතක රටාව ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙ මොළයට ඇතුල් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් මේ වැඩේට තෝරගන්නෙ ජෙරිකෝ ස්ටුවර්ට් කියන අපරාධකාරයව. මේ ජෙරිකෝට පොඩි කාලේ වෙච්ච අනතුරක් නිසා එයාගෙ මොළයේ ලලාට කණ්ඩිකාව නියමාකාර විදිහට වර්ධනය වෙලා නෑ. ඒ නිසා මෙයාට හැගීම් දැනෙන්නෙ නෑ, ආවේගයන් පාලනය කරගන්න බෑ. මේ හේතූන් නිසා තමා මෙයා දරුණු අපරාධකාරයෙක් වෙලා තියෙන්නෙ. (හරියට BA වගේ. :3 ) . ඉතින් ඊට පස්සෙ මෙයාගෙ ඒ ලලාට කණ්ඩිකාව පාවිච්චි කරනවා බිල්ගෙ මතක රටාව ජෙරිකෝගෙ මනසට ඇතුල් කරන්න. ඉතින් ඊට පස්සෙ ඉඳන් තමා කතාවෙ හොඳම හරිය වෙන්නෙ. කිවුවොත් රසය නැති වෙන නිසා නොකියා ඉන්නම්. බලලම රස විඳින්න.

එහෙනම් තවත් සබ් එකකින් හම්බ වෙනකම් විමයි මායි සමුගන්නවා. හැමෝටම ජය වේවා…!!!

Warcraft (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සහ “ශාන් විමුක්ති [විමා]”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. Thank you

  2. Thanks for sub!

  3. thanks bro….

  4. thanks

  5. Farmchemie_Roshan

    Sub ekata thanks….

  6. ජනිත් මාතුල ද සිල්වා

    Thank u

  7. Hashan M. Priyadarshana

    Thank you sub ekata bro

  8. nimal dissanayake

    ලිපිය ලියල ශාන්ට සහය වුණාට සමන් ප්‍රසාද්ට මුලින්ම ප්‍රණාමය!
    මම ෆිල්ම් එකක් බාගන්නේ ලිපිය කියවලා, ඊට පස්සේ.
    ඉතින් ලිපිය හොඳටම තියෙන නිසා ෆිලුම බාගත්තා.
    දැන් ඔයාට ශාන්, ස්තුතියි ගොඩාක්.
    ඔය සබ්ස් දුන් ෆිල්ම්ස්වලින් මම බැලූ දහසයවෙනි එක මේ.
    තව බලන්නත් තියෙනවා. දන්නවාද?
    නොදැක්කා වුණත්,කතාබහ කරලා නැතිව වුණත්
    සයිට් එකේ සමහරු ඉබේම හිතවතුන් වගේ වෙලා!
    ඔයාත් එයින් එක්කෙනෙක්.
    ඒකටත් ස්තුතියි,
    මොකද හොඳ image එකක් තියෙන අයගේ ෆිල්ම්ස්
    බාගන්නට අපි වගේ අය දෙපාරක් නොහිතන නිසා!
    ෆිල්ම් එක වගේම සබ්ස් ටිකත් මල්-මසුරන්!

  9. ashan lankanath

    Thanks ……………good luck ………………

  10. Vįrąj Mądų Męnđis

    elama ☝

  11. hdrip 1ta hari yan nane.. hada ganna vidiyak nadda?

  12. danneti apita kiya denna danna aya balla film wala link 1kakuth dannako apith asai balanna yaluwe

  13. meka baganne kohomada

  14. prasad ranushka

    නියමයි…මාත් ගත්තා..

  15. thank you saho

  16. ස්තූතියි උපසිරැසියට

  17. Maxxxaxaaaa

  18. Thank you very much friend

  19. thx broo

  20. 720pbluray264.mkv file akata sub set venne nane

  21. torrent link 1k onee???????

  22. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. "චූටී මල්ලී"

    Puus and vima tnx ah

  24. බොහොම ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනින් මේකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  26. Thanks mchn…!

  27. bohoma sthuthi sahoooo niyamaiii jaya …

  28. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    තැන්කු වේවා අපේ BA ට සහ පූසාට..
    මේක බාගෙන බලා උන්නේ..

  29. නියමයි සහෝ..
    සුපිරි ෆිල්ම් එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  30. ප්‍රණීත් චින්තක

    ආස කරන නලුවෝ ගොඩක් ඉන්න චිත්‍රපටියක්.
    කාලෙකින් ෆිලුමක් ගොඩ දාගන්නත් බැරිවුනා. මේකවත් බලන්න ඕනේ.
    සමනා විමා ඩබලටම ස්තුතියි උපසිරැසියට.
    වෙලාවක් සෙට් වුනු ගමන්ම බලනවා. 🙂

  31. Ai me torrent fill eka danna nette den?

  32. sub ekata thnkz
    sub set wenne 720 p blu ray da 1080p blu ray 1 tada ?
    hash tag 1 wat comment karahan

  33. thanks …
    pluwannam ..
    Mr robot season 2 akata sub karanto……

    Jaya………….

  34. Gal Gadot ගෑල්ලමයා ඉන්නවා නේ.
    එල තෑන්ක්ස්!!!

  35. niayamai…patta filumak.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. niayamai…patta filumak.thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.

  38. Fatta Story Ekak wage menna api gatta Thanxx Bro Sub ekata

  39. Thanx………. 🙂 🙂

    • ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

error: Alert: Content is protected !!