Thursday , June 17 2021
Breaking News

Kalathil Sandhippom (2021) Sinhala Subtitles | අඹ යාළුවෝ! [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 35 votes.
Please wait...

ජිවිතේ අපි නොදැන වැරදි දාහක් කරන්න පුලුවන්!
නමුත් දැනගෙන කරන එක වැරැද්ද ඇති ජීවිතේ පුරාවට විඳවන්න!

සුභ දවසක් වේවා! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි. අදත් සුපුරුදු පරිදි වෙබ් අඩවිය වෙත පැමිණියේ ACTION හා Comedy වර්ගීකරණයට අයත් දමිළ සිනමාපටයක් සමඟින්. ලොවපුරා පවතින කොරෝනා වෛරස් බලපෑම හේතුවෙන් පසුගිය වසරේ දැඩි ලෙසින් අර්බූදයකට මුහුණපා තිබුණු අතර බොහොමයක් සිනමාපටයන් තිරගත වීම දින නියමයක් නොමැතිව කල් ගොසින් සිනමාහල් වසා දමා මෙන්ම සිනමා නිර්මාණ කටයුතුද නතරව තිබු මුළු මහත් ලෝක සිනමාවම මේ වසරේදී යම් සුභදායී මාවතක ගමන් කරනා ආකාරයක් පෙනි යන මෙවන් අවස්ථාවකදි සාම්ප්‍රදායික දමිළ සිනමා අත්දැකීමක් ලබාගන්නට දමිළ සිනමා රසිකයින් හට ආරාධනා කර සිටින්නට කැමතියි.

මෙම චිත්‍රපටයද පසුගිය වසර අවසාන භාගයේ තිරගත කරන්නට යෙදුණු නමුත් ලොවපුරා පැවැති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තිරගත කිරිම කල් දැමුණු අතර 2021 වසරේ දමිළ සිනමාව උඩුකුරු කරමින් එක් පසකින් දැඩි අවදානමක් පවා ගනිමින් Master 2021 දමිළ සිනමාපටය තෛපොංගල් උත්සවයට සමාගාමීව ජනවාරි මස 13 දින තිරගත කළ බව දමිළ සිනමා රසික ඔබටත් මතක ඇති. ඒ සමඟම බොහොමයක් සිනමාපටයන් තිරගත වන දිනයන් පිළිබඳව හෙලිදරව් වූ අතරම මෙම චිත්‍රපටය Master 2021 දමිළ සිනමාපටය තිරගත වී දින 22 ක් ගතවු පසු එනම් 2021 පෙබරවාරි මස 05 වන දින තිරගත කිරීම ආරම්භ කරන ලදි. මෙහි අධ්‍යක්ෂනය N Rajasekar නම් දමිළ සිනමා අධ්‍යක්ෂකවරයා විසින් සිදුකර ඇත. ප්‍රධාන රංගනය දමිළ නළු Jiva සහ Arulnithi මෙන්ම Priya Bavani Shanker, Robo Shanker විසින් හොබවන අතර පවුලේ සියලුම දෙනා සමඟින් එක්ව නැරඹිය හැකි ක්‍රියාදාමයන් සහ හාස්‍යෝත්පාදනය නොඅඩුව සපිරි මෙම සිනමා පටය මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත කෙරුනා. එසේ නම් සුපුරුදු පරිදි චිත්‍රපටයේ අන්තර්ගත කතාව කීමට බලාපොරොත්තු වන්නේ නෑ මුලින් කීවා මෙන් මෙම සිනමා පටය ගජ මිතුරන් දෙදෙනකු වටා ගෙතුණු කතාවකින් හෙබි සාම්ප්‍රදායික ඇක්ෂන් මසාලා චිත්‍රපටියක්!

චිත්‍රපටය සඳහා ලැබුණු යහපත් ප්‍රතිචාර කිහිපයක්.!

අවසාන වශයෙන් මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන සිසිල ප්‍රසාද් සහෝට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරමින් කාර්යබහුල අවස්ථාවකදි සිංහල උපසිරැසි නිර්මාණයට සහය ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාටද ස්තුතිවන්ත වෙමින් තවත් දමිළ සිනමා පටයකට සිංහල උපසිරැසියක් රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි.!

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි HD / Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

පන්චායත් (2020-) [S01 : E02] Sinhala Subtitles | ලයිට් එකක් වෙනුවෙන් වින්ද දුකක්… [සිංහල උපසිරසි]

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු …

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published.

34 comments

  1. Thank You my friend

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Sub ekta thanks bro

  6. ස්තුතියි සහෝ

  7. Thanks kollo
    Jaya wewa

  8. Thanks bro

  9. Red(telugu-2021) filumatath oya gammatama sub demu

  10. මේවනෙ දෙන්න ඕන
    ස්තුතියි සහෝලා දෙන්නටම

  11. thanks… jaya wewa!

  12. Pogaru(kanada-2021)
    Chakra(tamil-2021)…….film dekatath sub denna saho
    Jaya wewa

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Thanks bro

  15. සාම්ප්‍රදායික ඇක්සන් මසාලා

    උපසිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  18. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  19. Prabodha Jayakody

    Thanks…

  20. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  21. Sub ekata thanx

    • මරැ මචන් උබලා තමා සිනමාවෙි ලෙජන්ලාලෙජන්ලා බන් alm bs

  22. නියමයි සහෝ…. නියමයි….මේ වගේ ඒවා බලන්න කම්මැලි නෑ…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා….. මචං පුලුවන් නම් KGF 2 හොඳ copy ආපු ගමන් උපසිරැසි දෙන්න බලන්න මචං… එහෙනම් ජය වේවා සහෝ….

  23. Thanks bro sub ekata jaya weva.

  24. Digatama tamil film demu

  25. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  26. මේ වගේ හොඳ දමිල චිත්‍රපටිය සිංහල උපසිරසි ඉතා ඉක්මනින් ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි.
    තව තවත් මේ වගේ හොඳ චිත්‍රපටිවලට උපසිරසි දෙන්න හැකි වේවායි ප්‍රර්ථනා නරනවා!!!!!!!

  27. කාලෙකින් කොහොමත් මසාලා ටයිප් ටැමිල් ෆිලුමක් බැලුවේ නෑ
    ඒකනිසා මේක බලන්න ඕනා
    ස්තුතියි සහෝ උපසිරසියට

  28. මේකේ පෝස්ටරේ හැටියට නන් ගන්න හිතුන් නැති චිත්‍රපටියක්. සබ් එක දීලා තියෙන නිසා අරන්ම බලනවා නේහ්..

    ඒනන් කොල්ලෝ උපසිරැසියට බෝම නන්‍රි..
    ජය වේවා..

  29. Thank you brother

  30. thank you

  31. Thanks bro

error: Alert: Content is protected !!