Saturday , July 31 2021
Breaking News

Marvels Daredevil [S02 : E10] with Sinhala Subtitles| අහිරහස් වෙඩික්කරුවා…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 11 votes.
Please wait...

අතපසුවීමක් නිසාවෙන් අපේ සහෝදරයින් දෙන්නෙක්ම මේ එපිසෝඩ් ඒකට උපසිරසි කරලා තියනව, ඒ නිසා ඒ දෙදෙනාගේම උපසිරස මෙහි පලකරනව අපි. සිදුවූ අතපසු වීමට කණගාටුව ප්‍රකාශ කරනව.

තාමර දෙනුවන්

ඔන්න මම එහෙනම් ඩෙයාඩෙවිල් කතා මාලාවේ තවත් එක කොටසක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. කලින් කොටස අපේ යසිරු සහෝ කළානේ. මම මේක ගෙනාවා. මේ උපසිරැසිය දෙන්න නම් බාරගෙන ටික කාලයක් ගියා. වැඩ වැඩි නිසා කරගන්න වෙලාවක් ලැබුණේ නෑ. පුළුවන් තරම් ඉක්මනට කරලා තමයි මේ ගෙනැල්ලා තියෙන්නේ. තව එකක්, ගොඩක් වැදගත් දෙයක් ගැන 4 වෙනි කොටසේ ලියපු ලිපියේ ලියන්න අමතක වුණා. ඩෙයාඩෙවිල් කතාවේ මේ කොටස් දෙක සබ් කරන්න ලබා දීම සම්බන්ධයෙන් ශාන් විමුක්ති (විමා) අයියට හදපිරි ස්තූතිය ‍පුද කරන්න ඕන. 4 වෙනි එකේ ලිපියත් එයාගේ. ඒකටත් ස්තූති කරන්න ඕන.

            කතාවට බහිමු. මේ කොටස පටන්ගන්නේ කලින් කොටසෙදි ඩෙයාඩෙවිල් හොයාගත්ත අර ලේ හිඳින කූඩු ඇතුලේ හිටපු මිනිස්සු ඉන්න තැනින්. ඒවගේම මතක ඇතිනේ කලින් කොටසේ ෆිස්ක්ගේ හිරගෙදර ජීවිතය ගැන පෙන්නුවා. ෆ්‍රෑන්ක් කාසල්ව නඩුවෙන් පරාද කරලා ෆිස්ක් එයා හිටපු හිරගෙදර අංගනයටම කාසල්ව ගෙන්නගත්තානේ. ෆිස්ක්ට හිරගෙදර බලය අල්ලගන්න උදව් කරොත් කාසල්ට හිරගෙදරින් එලියට යන්න දෙනවා කියලා ෆිස්ක් වුණු පොරොන්දුව අනුව ෆිස්ක්ගේ හිරගෙදර ප්‍රතිවාදියා ඩටන්ව කාසල් මරනවා. ඒ හින්දා කාසල් හිරෙන් එලියට එනවා. ඇයි මැට් ඉලෙක්ට්‍රාව පන්නගන්නවනේ. එයා නිව්යෝර්ක් වලින් යන්න හදන වෙලාවේ කෙනෙක් ඇවිල්ලා ඉලෙක්ට්‍රාව මරන්න හදනවා…කවුද ඒ? ඒක ඔයාලම බලාගන්න. මේ කොටසෙදි ගොඩක් අය මැරෙනවා. ඒ ඔක්කොම මිනීමැරුම් ගැන ඇඟිල්ල දික්වෙන්නේ කාසල්ට. කැරන් ඒක විශ්වාස කරන්නේ නෑ. ඒත් මේකෙදි මැරෙන්නේ කාසල්ට වැරදි කරපු අයමයි. එහෙනම් මිනීමරුවා කාසල්ද? නැද්ද? තව එකක්, මැට් මේකෙදි ෆිස්ක්ව බලන්න ගිහිල්ලා ගුටිත් කාලා එන්නේ. මෙහෙම කිව්වොත් කතාවම කියනවා. ඒ හින්දා විස්තරේ මේ ඇති. කතාව බලලම දැනගමු ඉතිරි ටික.

මගෙන් කලින් ඉල්ලලා තිබුණ විදියට ෂර්ලොක් හෝම්ස් සුනඛ ශාපය තමයි ඊළඟට අරන් එන්න හිතන් ඉන්නේ. ටික කලක් යයි. හැබැයි පුළුවන් තරම් ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්. තව උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!!!

සමීර කරුණාරත්න

මේක ගත්තේ නම් මම නෙමෙයි මේ ආසිරියාගේ කොටස, මේකා ගත්තා වගේම කොරන නිසා ඉතින් මම මේ මේක කළා…. පහුගිය කොටස මතක් කරගෙන ඉමුකො එහෙනම්, ගිය සතියේ තමයි ෆ්‍රෑන්ක් කාසල් හිර ගෙදර වෙත ගෙන ගියේ, ගියා වගේම ඉක්මනින් කලින් කතා සමයේ දුෂටයා වුන විල්සන් අංකල් මේ කොල්ලා ලව්වා වැඩ කරවා ගන්න පටන් ගත්තා නෙව, කොහොම හරි වැඩේ අවසාන වුනේ ෆ්‍රෑන්ක් හිරෙන් පැනයාමෙන්, ඒකට ඉතින් පැනයාමක් කියලා නම් කියන්න හැටියක් නැහැ. කොහොම නමුත් අවසාන වුනේ ඩෙයාඩෙවිල් නෝබු හා සටනක් කර රුධිරය වෙනුවෙන් හිරගත කරගෙන උන්න ළමයින් පිරිස බේරා ගැනීමෙන්…

අද එතැන් සිට එහෙනම්, කොහොම හරි පොලිසිය සිද්ධ්ය වුන තැනට එනවා, ඩෙයාඩෙවිල් අලුත් රහස් පරීක්ෂකතුමා එකක් කතා කරලා රෝගීන් ටික මෙට්‍රෝ ජෙනරල් එක වෙත ගෙනියන්න වැඩ සුදානම් කරනවා. ඒ ක්ලේරා ලගට. ඒ වගේම අද වෙඩි තැබීමක් වෙනවා, ලොකු රහස් ගොඩක් එලි වෙනවා. ෆ්‍රෑන්ක් නැවතත් නගරය හොලන්න පටන් ගන්නවා… ඒ එක්කම අද බිත්ති දිගේ නගින්න හැකි නින්ජාවරුන් එකක් සුපිරි සටනක් බලාගන්න ඇහැකි…. ඒ එක්කම ඉලෙක්ට්‍රා නික්ම යනවා අද… යනවා කීවට යන්න හදනවා ඒක අවසන් වෙන්නෙත් සුපිරි සටනකින්…

මේ ඔක්කොම බලන්නකෝ කොහොම විසදෙයිද කියලා…. 11 හා 12 කෝටස් දෙක ඔන්න විමාට භාරයි එහෙනම්. මම නැවත මේ කතා සමයේ අවසාන කොටස එකක් හමුවෙන්නම්. එතෙක් ඔබ සැමට ජය වේවා…..

Daredevil (2015) on IMDb

 

 

198 MB (x265 HEVC 1.93 GB) කොපිය මෙතනින් බාගන්න

B58B6D88446B2EBC43723834C4FAA81EC7A7E057

318 MB (3.53 GB) කොපිය මෙතනින් බාගන්න

90EFC5C734E9703A3B3EE0DC77A885AF7FBC3700
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සහ “තාමර දෙනුවන්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                          Next Season >>

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply to Sachintha Cancel reply

Your email address will not be published.

18 comments

  1. Thank you very much

  2. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  3. Milinda Sadaruwan

    thank you bro

  4. Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  6. බොහොම ස්තුතියි සහෝ..

  7. දෙන්නටම ගොඩක් ස්තුතියි.

  8. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  9. Thanks වේවා…

  10. niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තුතියි සහෝ..
    විමෝ ඉතුරු ටික ඉක්මනට දීපන් …

  12. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  13. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ…

  14. සබ් එකට තුති සහෝ ජය වෙවා

  15. නියමය් සහෝ. ඊලග එකත් ඉක්මනටම දෙන්න.

    • අම්මෝ පලවෙනි පාරට අද තමා බය්ස්කෝප් එකේ ඉස්සෝරොම කමෙන්ට් එකක් දැම්මෙ.

error: Alert: Content is protected !!