The Bang Bang Club (2010) | ප්රවෘත්ති වාර්තාකරණයේ අමිහිරි පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]
ඔබ කෙවින් කාටර් කියන නම අහලා නැතිවෙන්න ඉඩක් තිබුණත් ඉහත ඡායාරූපයනම් අනිවාර්යයෙන් දැක ඇති බවට කිසිම සැකයක් නෑ.සාගතයෙන් සහ සිවිල් යුද්ධයෙන් බැට කෑ සුඩානයේදී 1993 වසරේදී කැමරාවට හසුකරගන්නා ලද කුසගින්නෙන් පෙළෙමින් ආහාරයක් සොයා එක්සත් ජාතීන්ගේ කඳවුරක් බලා යමින් සිටියදී හෙම්බත්ව අද වැටුණු කුඩා දැරියක් සහා සිය ආහාරය වෙනුවෙන් ඇය මියයනතෙක් කල්මරන කෑදර ගිජුලිහිණියෙකු පිළිබිඹු වන එම ඡායාරූපය නිසා සුඩානය මෙන්ම සමස්ත අප්‍රිකානු කලාපය වෙතම ලෝකයේ අවධානය යොමුවුණේ ඇසුරු සැණින්.
එම ඡායාරූපය සාගතයෙන් සහ සිවිල් යුද්ධයෙන් පෙළුණු අප්‍රිකානු කලාපයේ ජනතාව වෙත කල බලපෑම කොතෙක්ද යත් එම ඡායාරූපය1994 වසරේදී ඡායාරූශිල්පියෙකුට සිය ජීවිතේදී ලැබිය හැකි ඉහළම සම්මානය වන පුලිට්සර් සම්මානයෙන් පිදුන් ලැබුවා. නමුත් අවාසනාවකට එයින් මාස තුනකට පමණ පසු දරිද්‍රතාවය, මානසික අවපීඩනය සහ එම ඡායාරූපය ගැනීමෙන් පසු ඡායාරූප ශිල්පියාගේ භුමිකාව ගැන එල්ලවූ ප්‍රශ්න කිරීම් සහ චෝදනා හේතුවෙන් ඇති වූ සිත් තැවුල හේතුවෙන් මේ අග්‍රගණ්‍ය ඡායාරූප ශිල්පියා සිය දිවි නසාගන්නවා. ඒ සිය අබලන් මෝටර් රථයේ සයිලන්සරයට සවිකළ නලයක් මගින් විෂ සහිත කාබන් මොනොක්සයිඩ් වායුව සිය රථයට පුරවා ගැනීමෙන්.
ඊ මේලයකින් මා දුටු එම ඡායාරූපය මා සිත කොතරම් කම්පනයට පත්වුනාද කියතොත් මේ ඡායාරූපයේ පසුබිම සොයාගිය මා හට අපූර්වගණයේ කැනේඩියානු – දකුණු අප්‍රිකානු සිනමා සිත්තමක් හමු වුණා. නිදහස වෙනුවෙන් සටන්කළ මැන්ඩෙලාගේ භුමිකාව ගෝත්රිකගැටුම් අතරේ ගලාගිය රුධිර ගංගාවන් සහ ඒ පසුබිමේ සිට සියලු සිදුවීම් ලෝකයට වාර්තාකරණයේ කෙවින් කාටර් ප්රමුඛ ප්රවෘත්ති ඡායාරූප ශිල්පීන්ගේ ජීවන අන්දරය මේ සංවේදී සිනමා සිත්තම තුළින් තුළින් නිරූපණය වෙනවා. Steven Silver විසින් අධ්‍යක්ෂණය කල, Taylor Kitsch , Ryan Phillippe , Frank Rautenbach සමඟින් Neel Van Jaarsveld රංගනයෙන් දායක වන IMDB අඩවියේ 6.7/10 ක අගයක් ලබා තිබෙනවා.
මේ දක්වා බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට ලබාගත්තත් මේ දක්වා එකම එක කොමන්ටුවක්වත් දමා නොමැති බැවින් ( කම්මැලි කමට පින්සිදුවෙන්නට ) මේ උපශිරැසිය අඩවිය වෙනුවෙන් සිංහල උපශිරැසි නිර්මාණය කරන හැමෝම වෙනුවෙන් පුදන්න කැමතියි. ඒ වගේම මේ වෙද්දී අර්ධයක් නිම කර තිබෙන The Platoon සහ තවත් සම්මානනීය චිත්‍රපටයක් වන ශ්‍රීමත් රිචඩ් ඇන්ටේබරෝගේ Cry Freedom සිනමාසිතුවමත් සමඟ හමුවෙනතුරු ගිහිං එන්නං ඈ.
1209 downloads
Thanks…
Thanx saho…You’ve chosen a good movie…
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි තුෂාර සහෝ…
ah…niyamai kollo….ela wadk karala thiynwa.maru….maru….me film eka mm balapu ewwata wada tikk amuthui wage.eth patta film eka.
මෙවැනි වටිනා නිර්මාණයක් අප වෙත සිංහල උපසිරසි සමඟම ලං කලාට බොහොම ස්තූතියි,ජයවේවා.
obata bohoma stutiyi….
haki nam “GIFTED HAND” EKATA SUB DENNA..
good work bro
පොඩි file එකක් තිබ්බනන් නියමයි
පට්ට කතාවක් වගේ, අනිවා බලන්න ඕනේ.
හොඳ වෑඩක්
ඔබට ජය!
thanks for this film
මාත් මේකෙ කතාව අහල තිබුන මීට කලින්.ඒත් මෙහෙම චිත්‍රපටයක් තියෙනව කියල නම් දැනගෙන හිටියෙ නෑ.ගොඩක් සංවේදී කතාවක්.චිත්‍රපටියත් එහෙම ඇති කියල හිතනව.ඔන්න පළවෙනි සබ් එකට මගෙන් සුභ පැතුම් තුෂාර සහෝ.ඉතිරි ඒවත් දෙනකං බලං ඉන්නව.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
patta machan..
මම මේක බලල තියෙනවා මචන්
බලපු නැති උන්ට කියන්නේ අනිවා මරු.. බලහල්ලා………….
මේ ඡායාරූපය ගන්නවත් එක්කම ඒ ගිජුලිහිණිය කුඩා දරුවාව ඩැහැගෙන යනවා. කාටර් කියල තියෙනවා ඔහු මේ ඡායාරූපය ගන්න කාලය නාස්ති නොකලා නම් ඔහුට ඒ දරුවා බේරගන්න තිබුන කියල. ඔහු දිවි නසා ගන්න හේතුවක් වෙලා තියෙනවා ඒකත්…
ජය වේවා සහෝ..සබ එකට තුතියි
patta
ඔබගේ ඉදිරිපත් කිරීම් අගෙයි.Cry Freedom වැනි සිනමා සිත්තමක් සිංහල උප සිරැසි ගැන්වීම හරිම වටිනවා. ඔබට ජය.
thanks machan…http://yify-torrents.com/browse-movie wala honda films thiyanawa.
aluth ewa..old films ehemath thiyanawa… english sub ekkama..
sinhalen sub dala ewath denna puluwannam loku deyak..
seed godak wedi yifi torrent wala..
thanks machann…wasanaweewa..pinsiduweewa…
Thanks
අනේ ඔව් බන්
ඒ පික් එක දකින කොට
හිතෙනවා අපි ඒ අතින් කොච්චර වාසනාවන්තද කියලා
මෙහෙම ඉන්න
මේකනම් හොයන් බලන්නම වෙනවා
සබට තුති
ඔබට ජය….
niyama kathaawak…habai baluwata passe dawas ganak yanakn upst…..elakiri…platoon ekath denna…supiri film ekak..
නියමයි මචෝ
සුපිරි කතාවක් ඡය වෙවා
ඒ පාර තවත් එකෙක් ඇවිත්.
එලනෙ ඈ… සාදරයෙන් පිළිගන්නවා..
දිගටම සම්මානනීය චිත්‍රපටි දෙන්නැයි සූදානම?!
එල එල.
ඔහොම යමු.
ස්තූතියි.
ජයවේවා!
තුෂාර සහෝ; වටිනවා හොදේ…
ඇත්ත කතා කවදත් වටිනවා. අනික ඔයාට මගේ විශේෂ ස්තුතියක් හිමිවියයුතුයි. මම කාලෙකට කලින් Safe House ගෙන එනකොට කීවා Denzel Washington රගන වෙනස් සලරුවක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් මගේ උනන්දුව කොච්චරද කිව්වොත් ඒක කළේ නැහැ නොවැ. කරනවා තියා ආයෙ අතවත් තිබ්බෙ නෑ.
එදා ඒ කීවෙ, Cry Freedom ගැන තමා. ඉතිං මාව ඒකෙන් නිදහස් කළාට බොහෝම තුති ඔයාට. නිසැකවම අනර්ග තේරීමක්. දකුණු අප්‍රිකාවට ඔයාගෙ මනාපයක් තියෙන බව පේන නිසා ඉල්ලීමක් කරන්නම්, A Long Walk to Freedom මැන්ඩෙලාගේ ජීවිත කතාව රැගත් 2013 සිනමාපටයත් සබ් කරන්න කියලා ඔයාම.
එහෙමනම් ඔයාට ආපහු වතාවක් තුති මගේ බොරුපොරොන්දුවක් වෙන්ඩ තිබ්බ එකක් ඔයාවත් මෙහෙම දෙන එකට! අනිවා ඒක ඔයාගෙ අකුරින් සිංහලෙන් බලන්ඩ මාත් බලාන ඉන්නවා. ජය!
nice work bro, mama meka dakala thibunata balanna e tharam uwamanaawak kale nehe, lipiya dakala nawathune, dan nam ithin balanna wemawaa !
pena widiyata aluth neda ?
sadarayen piligananwa !
thxz lot
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
සුපිරි කතාවක් නේ සහෝ මමත් අනිවා බලනව දිගටම හොද ඒවාට සබ් දෙන්න ලැබේවා!
නියමයි සහෝ බලන්න ඕනේ තුති 🙂
ජය වේවා සහෝට සුභ පැතුම්!
වටිනා වැඩක් මචෝ
700mb withara akak nadda
මමත් හෙව්වා නෑ 🙁
thanks
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝව දිගටම සබ් දෙන්න එහෙනම් ඔන්න
jaya wewa!!!!
නියමම වැඩක් මේ කරලා තියෙන්නේ මේ ෆොටෝ එක අනන්තවත් දැකලා තියෙනවා දැන් තමා කතාව බලන්න යන්නේ සුපිරි
ඒ වගේම ප්‍රථම නිර්මාණයට සුභ පැතුම්!!!
niyama wadak ae wageyma 1st sub akata suba pathum!!!
palamu sub aka neyda niyama akak genalla thiyenne
Patta machn
ඔන්න…අද තමයි එක උනේ.
ඔන්න…අද තමයි එක උනේ.
ස්තුතියි සහෝ සබ් එකට.
මේ වගේ ඒවා බලන්න තියෙන්නේ විශේෂ කැමැත්තක්.