අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Planets (1999) [EP – 07] | ජිවය සහ අරුම පුදුම ලොව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

The Planetsජීවය කියන දෙය එදා සිටන්ම මිනිසා පුදුමයට පහ් කළ දෙයක්. මුල්ම වරට සතෙකු දු‍ටු මොහොතේ සිට-මුල්ම වරට සතෙකු කපා බැලූ මොහොත දක්වාත්-මුල්ම වරට අහස දෙස බලා අර ඈත ලෝකවල තවත් මෙවන් සතුන් සිටිය හැකිදැයි ඇසූ මොහොත දක්වාත්-මුල්ම වරට ක්ෂුද්‍ර ජීවීන් ගැන හෙළිකරගත් මොහොත දක්වාත්-මුල්ම වරට වෙනත් ලොවකට ගොඩබට මොහොත දක්වාත් මිනිස් සිත එකෙල මෙකෙල කළ, කුතුහලයේ බීජය බවට ජීවය පත්වුණා.

1976 ජූලි මාසයේදී වෙනත් ලොවක පොළොව ප්‍රථම වරට දැකගත් මොහොතේ, NASA විද්‍යාඥයින් බලාපොරොත්තු වුණේ අඟහරු මත ජීවයේ සලකුණක් දැකගන්නයි. Viking යානයේ කෘතිම අත, මුල්ම අඟහරු පස් නියැඳිය ලබා ගෙන, ඒ සීරුම උඩට පෝෂණ දියරයක් වත් කළහම, නැගුණු දුමක් වගේ වායුව ලොව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළා. ඒ පෘථිවියට පිටත්තර වෙනත් ලොවක ජීවයේ සලකුණක් සොයාගත් බව සිතීම නිසා.

නමුත් හිරුගේ ‍රැසින් දැවෙන පාරජම්බුල කිරණය සෘජුවම සිඹින, අඟහරුගේ පසේ ජීවයකට ඉඩක් නෑ. යක්ෂ රස්නයක් දරණ හිරු කිරණින් නැහැවෙන අඟහරු පස නිර්ජීවීයි. ජීවාණුහරණිතයි. රතු දුහුවිල්ලෙන් ගැවසි, ජීවයට නුහුරු, මළ ගුණයක් දරන රතුග්‍රහයා ඒ කළේ පොඩි ‍රැවටිල්ලක්. Viking දු‍ටු හීනය ඒ අනුව බොඳවී ගියා. අභ්‍යවකාශයේ ඈත කොණ තෙක්ම ජීවයේ බලාපොරොත්තුව ඉවත ලන්නට මිනිසා අධෛර්යමත් කළා. ජීවයට අහිතකර දරුණු කිරණයක් හෝ ශීතලක් හෝ උණුසුමක් සැම තැනකම විසිරී පැතිර පැවතුණා…

මේ අහේතුව වෙනස් කළ හේතුව අපට කියාදුන්නෙත් අපේම ලෝකයමයි. ඒ දක්ෂිණ ධ්‍රැවයේ ඝන හිම වැස්ම යට ගල්පොත්තක් මතට වී හිඳිමින් ජීවය ‍රැකගත් “උග්‍රධාරිතයන්” හෙවත් Extremophiles නමැති ජීව විශේෂයක් ගැන සැඟවුණු තතු හෙළි කරමින්. (මේ ලිපිය ලියන මම -උදා- ඒ ගැන විස්තර ඇතුළත් වැඩසටහනක් ඔබ වෙත ඉක්මනින්ම ගෙන ඒමේ අදහසින් කටයුතු කරගෙන යනවා මේ වනවිට… මගේ වැඩත් එක්ක තරමක් කලක් යයි. නමුත් ඉවසීමෙන් ‍රැඳී ඉන්නට ඉල්ලනවා ඒ වනතෙක් 🙂 )

මේ හෙළිදරව්වත් සමඟින් යළි අඟහරු ගැන තිබූ බලාපොරොත්තු පිබිදුණා. Europa චන්ද්‍රයාගේ හිම තට්‍ටු යට ජීවයේ පියවර මෝදු වෙමින් ඇති බව; Titan චන්ද්‍රයාගේ කඳු මුදුන් පිරිමදින කාබනික වායුගෝලය අස්සෙන් ජීවයේ හෝඩුවාවක් නැග එනු ඇති බව විද්‍යාඥයන් අනුමාන කළා. 2004 වසරේදී; යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට අයත්, Huygens යානය Titan මතට පහත් වූ පසු, මිදී ගිය ආවාට තුළ හිරගත වුණ, ජීවයේ ප්‍රාථමික රසායන සටහන් හමුවනු ඇතැයි ඔවුන් අදහස් කළා. මෙලොවින් බැහැර ජීවයේ පළමු සාධකය අප සුර්යමඬුල්ලෙන්ම හමුවනු ඇතැයි දැඩි සේ විශ්වාස කළා.

ලිපිය -උදා

The Planets (1999) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

a2609a49e403f57d86599361c7a874f73f3fe6a2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

26 thoughts on “The Planets (1999) [EP – 07] | ජිවය සහ අරුම පුදුම ලොව [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

    Reply
  • thanx

    Reply
  • Thanks machan upasirasiyata

    Reply
  • thank u very much bro..!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niyamai saho,,,thank you….

    Reply
  • ඔබ සියලු දෙනා වෙනුවෙන් මා ගත් වෑයම වෙනුවෙන් අද මා තුළ ඇත්තේ අපමණ අස්වැසිල්ලක්. මුදලින් නොව කිසිවකින්වත් මිළ කළ නොහැකි මෙවන් සාර සංග්‍රහයක් අත්විදින්නට ඔබ සියලු දෙනා වාසනාවන්ත වූයේ baiscope.lk මගේ උපසිරැසි පිලිබදව ඇති විශ්වාසයයි. යමක් කළ නිසා නොව උදෙක්ම වටිනාකමකින් හෙබි යමක් කළා යැයි සිතෙහි ඇති අපමණ තෘප්තිය හෙටත් ඔබ වෙනුවෙන් යමක් කරන්නට මට දිරි දෙනු ඇත. ස්තුතියි.

    පිවිසෙන්න මගේ facebook පිටුවට.. https://www.facebook.com/PathumsSubFans

    Reply
  • සබට බොහොම ස්තුතියි!

    Reply
  • එල එල
    සහෝ
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • නියමයි සහෝ තව එකයි,ජයවේවා.

    Reply
  • නියමයි පැතුමා.
    උදාත් ලස්සනටම විස්තරේ දීල තියෙනවා.
    වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තුතියි පැතුම් සහො 😛

    Reply
  • බොහොම පින්

    Reply
  • වටිනා කියන දෙයක් කරන්නේ දිගටම කරමු!

    Reply
  • පට්ට කතාවක් ජය!

    Reply
  • බොහොම පින් සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *