The Sleeping Dictionary (2003) Sinhala Subtitles | ආදරයේ මහිමය!!! [සිංහල උපසිරැසි සමඟ]
ආදරයට කොහෙදෝ බාධා නැත්තේ…
ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ…
කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ…
මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ රැඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ හිතේ තිබෙන නොඉවසිලි බලාපොරොත්තුව මේ තුළ සියුම්ව කැටිව තිබෙන නිසායි.
ඉතිං කවුරුහරි දෙදෙනෙක් කොහොමින් හරි එකිනෙකා වෙත ආකර්ශණය වෙලා, කෙමෙන් කෙමෙන් හිත් අස්සෙන් බැඳීමක් මෝදු වෙලා, අන්තිමේ ඒ ආදරේ අර පුන්සිරි සොයිසා කියන්නා වගේ බිඳෙන බඳුනක්, බිඳෙන බව දැන දැනත් බිඳෙන්ඩ නොදී පරිස්සම් කරනවාටත් වඩා පරිස්සමකින් රැක බලාගෙන වර්ධනය කරද්දී, කොතරම්නම් බාධා එනවා ඇත්ද? මේ එන බාධාවන් එකිනෙක අයවලුන්ට අනන්‍යයි, විශේෂයි. එහෙම වුණාට බොහෝ දෙනෙක් තමන්ගෙ ආදරේ රැකගන්ඩ හටන් කරනවා ඒ බාධකවලට එරෙහිව. ඉතිං හැබෑ ආදරවන්තයෝ අන්තිමේ එක්කාසු වෙන සුබවාදී අවසානයක් ලැබෙන්නෙ එහෙමත් දෙනෙකුට. ඒකටනම් ලොකු අධිෂ්ඨානයක් වගේම වාසනාවකුත් තියෙන්ඩ ඕනි.
මෙහෙම ලියාගෙන ආවට, මේක ටිකක් වෙනස් කතාවක්. මොකද මේක යටත් විජිත සමයේ ගෙතෙන ආදරයක් හා සම්බන්ධ කතාවක්. නමුත් ආදරය කීවම එකවර හිතට නැගෙන පෙම්වතුන්ගේ ආදරයකට වඩා එපිටහට ගිය ගැඹුරු ආදරයක් ගැන ලොකු කතාවක් මෙහි ගැප් වෙලා තියෙනවා. ඒ ආදරේ විඳගන්ඩ අපි හුඟ දෙනෙක් වාසනාවන්ත වුණාට, අදටත් ඒ ආදරය අහිමි ඒ වෙනුවෙන් හඬන පිරිස් අනන්තයි අප්‍රමාණයි. ඒ ආදරේ නොලැබීම නිසාම ජීවිත වරදවාගත්, රැකවල් අහිමි වුණ අය අදටත් හිඟ නෑ. ඉදිරියටත් එහෙම වේවි! 🙁
“ඒ තමා පියෙකුගේ ආදරය”
පියෙකුගේ ආදරය කොච්චර කලක් වුණත් පිටට නොපෙන්වා සඟවගෙන තිබෙනවා වෙන්ඩ පුළුවන්. ඒත් ඒ ආදරේ නැතිකමටනම් නෙමෙයි. ඒක ඒ අයගේ ස්වභාවය. ඇතැම් විට දරුවන් පියෙකුගේ හිතේ පුරවාගෙන ඉන්නා ආදරය ගැන නොදැනුවත්ව එය අවතක්සේරු කිරීමටද හැකියි. නමුත් ඒ ඔවුනගේ හිත තුළ ඇති කියාගන්ඩ බැරි ආදරයේ අඩුවක් හෝ වැරැද්දක් නිසා නොවෙයි. ඒ හරි වැටහීමක් නැති නිසා වෙන්ඩ පුළුවනි. මේ කතාවත් ඒ වගේ. අවුරුදු ගණනාවක් ගත වෙලත් එක බිඳකින්වත් පළ නූණත් එක බිඳකින්වත් අඩු නූණු වැඩිහිටි පියකුගේ ආදරය සහ තම දරුවා කෙරෙහි හදවත අවුළුවන දරාගත නොහැකි ආදරයෙන් තම රට දැය පවා පසෙකලා යන පියෙකුගේ ආදරයත් මෙහි දැකිය හැකියි.
අපි අධිරාජ්‍යවාදයට නතු වූ රටක් ලෙස අපි හිතන්නේ අප ඉන් දැඩි අසාධාරණයකට ලක්වූ බවයි. ඒ රටවල මිනිසුන් දැඩි ලෙස පීඩාවන්ට යොමු කළ බවයි. නමුත් යටත් විජිත නිලධාරියෙකුව පැමිණි පසුව තමන්ට පාලනය කළ නොහැකි ක්‍රමවේදයකට බලෙන්ම නතුව එය ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවතලීමට නොහැකිව ක්‍රමයට අනුගතවන්නට සිදු වූ අයද මේ නිලධාරීන් අතර සිටින්නට ඇතැයි මේ සලරුවෙන් අපට කියා දෙනවා. ඒ උදවිය තමන් නිසා උපන් දරුවන්ට ආදරේ නොකළා යැයි අපිට කියන්නට බැහැ. එවන් කතාවක් තමා මෙහි දිවෙන්නේ. ඒ නිලධාරීන්ට විධායක බලයට නතුව ගෙවන්නට සිදු වූ දිවිය නිසා ඇති වූ අසරණභාවය කෙතෙක්දැයි ලක් වූ අසාධාරණය කෙතෙක්දැයි මොනවට කියාපාන්නක් මෙය.
ඊටත් වඩා මම කිව යුතුමයි මෙම Hollywood චිත්‍රපටය මැලේසියාවේ රූපගත කරන ලද්දක් වුවත් මෙහි ඇතැම් දසුන් අප රටේත් රූගත කර ඇති බවක් ඇතැම් තන්හි සඳහන්. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් අප රටේ සිනමා ශිල්පීන් බොහෝවකගේ දායකත්වයත් ලැබී තිබෙනවා. ඔවුන් එතරම් දන්නා හදුනන අයවලුන් නොවුණත් මෙහි සාර්ථකත්වය කෙරේ ඔවුනගේ කැපවීමද ලැබී ඇති බව නිසැකයි. එහෙමනම් වතාවකුත් මවිසින් සිංහල ගෙනෙන බව පවසා තිබියදී කල් දැමීමට සිදු වුණත්, අත ගැහූ වැඩක් අත හරින්නට හිත ඉඩ නොදෙන නිසාම ප්‍රමාද වී හෝ මෙලෙස ඔබ වෙනුවෙන් මෙය ගෙන එන්නට මගේ හිත මට බල කළා. යළිත් වරක් වෙනස් අයුරේ චිත්‍රපට සමගින් ඉදිරියේදී ඔබ හමුවන අදහසින් යුතුව සමුගන්නම්.
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
thanks sub ekata
Thanks for the subtitles. Keep up the good work. I loved the movie.
තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!
Thank you very much
Thanx
elama thanks
Udha saho, thanks very much. film eka balala tika kalayak, passe thamai kalpana wune comment ekak dana eka oyalata watinawa kiyala. me wage sanwedi, lassana, adara kathawak thoragena api wage fansla wenuwen suba deema gena ayemath thank karanawa!
thanks
Thanks saho…
me subtitle eaka down lode karanna beha. please anyone help me..
බොහොම ස්තුතියි
much appreciate 😀
සිංහල සබ්ටයිට්ල් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ සහෝ…එරෝ එකක් එනවා
ela uda
ela
Thanks Machan..!
Thanks !!!!!!!!!!!!!!!!
thank you boss.
thank’s machan…. niyamai..
සෑහෙන කලෙක ඉඳං මේක බලන්න හිටියේ…
ගොඩක් ස්තූතියි සහෝ… ඔයාගේ සබ් වගේම ඔයා තෝරාගන්න ෆිල්ම්ස්ත් උපරිමයි.
ආහ්… අලුතෙන් ඇවිත් තියෙන Lincoln ෆිල්ම් එකට ඔයා සබ් කරාවි කියල හිතනවා… 🙂
subtitle download karaganna bane
Trailer එක බැලුවා විතරයි, බාගන්න හිතුනා…… 🙂
Thank you very much
නියමයි උදා මෙන්න නියම කතාවක්.මේව තමයි සුපිරි ස්තුතියි.
උදා ගේ වැඩක් කියන්නෙ අනිවා බෑමක්.. වෙන කිසිම කතාවක් නෑ. ස්තුතියි මචෝ.
Thank u very much.
ආ ඔන්න උදා සහෝගෙන් එකක් එහෙනම්.ස්තූතියි.මේකේ රෑප කෑලි අරගෙන තියෙනවා සමහර ලස්සන සින්දුවලට.මේක බලන්නමයි හිටියේ.ස්තූතියි.
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපටියනම් බා ගත්තා. දැන් සබ් එක බාගෙන බලලා ඉවර වෙලාම හොඳ නරක කියන්නම්කෝ. නරක කියලා කිව්වෙ වචනෙට හොඳේ. උඹේ වැඩ කොහොමත් පට්ට කියලා දන්නවනේ. . 😛 😛
macho subtitles download karaganna bene.file ekata thanks
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thnx bro!
නියම වැඩක් 🙂
Thanks
My favorite Actress…….. thx Dear………….
ela wadak saho
කාලෙක ඉඳන් උදා දෙනවයි කියල බලන් හිටපු ෆිල්ම් එකක්……..
ෆිල්ම් එක තියෙන හින්ද සබ ගන්නම්.
මේ වැඩේට බොහොම ස්තූතියි උදා…
puluwannam amata udawwak karannako..me film tv eke baladdi sinhala sub pennanne..sinhala font dala video ekak convert karaganne kohomada?
thanks
maru.wachana tika ea wageama film 1th ati kiyala hiotanawa tanx bro
බොහොම ස්තූතියි සහෝ
නියමයි සහෝ… ලස්සන කතාවක් වගෙයි..බොහොම ස්තූතියි෴
ela ela
මේකත් අපේ උදා සහෝගෙන් නේද බොලේ..? ඔන්න මමත් බානවා.. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
මැක්සා හොදේ 🙂
බලමු බලමු ජය
බොහොම ස්තුති සහෝ සබ් එකට …
maxxa story akak jaya
බොහොම පින් 🙂
ela ela thnxz
Thanks
චිත්‍රපටිය තියේ.. සබ් එක්කම බලමු
වටිනා කියන අනිවා හැමෝම බැලිය යුතු එකක්.. බොහෝ පින් උදා
නියමයි…
ලස්සන ෆිල්ම් එකක්…
බලන්නම ඕන…
ela ela thxz
මේක පට්ට මචං
18+ එකක් නේද…:)
thxxxxxxxxxx
කොච්චර ෆිල්ම් දුන්නටත් වැඩක් නෑ මේ වගේ අනගි ඒවා නැතුව..ජය වේවා
maxxa saho 🙂
ස්තුති උදා සහෝ මේ වටිනා, අපිට මග ඇරුණු නිර්මාන අපි වෙත ගෙනවට
ඔන්න මමත් බා ගන්නවා මචෝ..
ජය වේවා
නියමම ෆිල්ම් එකක් මේක අනිවා බලන්න හැමෝම 🙂
Thanks 🙂