අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Fabricated City (2017) AKA Hangul with Sinhala Subtitles | උඩුයටිකුරු කල නගරය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 49 votes.
Please wait...

ආයුබෝවන්!

අදත් මම ආවෙ 2017 පෙබරවාරි 09 තිරගත වුන පට්ටම ඇක්ශන් චිත්‍රපටියක් අරගෙන.imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අපරාද ගණයට තමයි වැටිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය පුරාවටම ඉහළම තාක්ෂනයක් යොදාගෙන තියෙනවා.. මං වැඩි දේවල් නැතුව කතාව කෙළින්ම කියන්නම්..

ක්වොන් යූ (Ji Chang-wook) කියන්නෙ නරක හැසිරීම නිසා කොරියානු ටයිකොණ්ඩෝ ජාතික කණ්ඩායමෙන් එළියට දාලා.. දැන් රස්සාවක් නැතුව ගේම් ගගහ ඉන්න කෙනෙක්.මෙයා ගේම් ලෝකෙ හෙනට ප්‍රසිද්ධයි.මෙයාට කණ්ඩායමකුත් ඉන්නවා.මෙයා දවසක් ගේම් ගහන තැන ඉද්දි එතන පෝන් එකකට කෝල් එකක් එනවා.ඒ පෝන් එකේ අයිතිකාරය ඒක අමතක කරල ගිහින්.අයිතිකාරයා තමයි කතා කරන්නෙ.කෙල්ලෙක්.මේ කෙල්ල කියනව ඒක ගෙදරට ගෙනත් දුන්නොත් ගෙවනව කියල.මෙයාට සල්ලිත් ඕනෙ නිසා පෝන් එක අරන් යනවා.යද්දි කෙල්ල නානවා.ඒ නිසා කෙල්ල කියනව සල්ලි ඇද උඩ තියෙනව පෝන් එක එතන දාලා සල්ලි අර ගන්න කියලා.ඉතින් මෙයා සල්ලිත් අරගෙන දොරත් වහල යනව යන්න.ඊළඟ දවසෙ උදේ මෙයා නිදාගෙන ඉන්නකොට පොලිසිය ගේ වට කරල ක්වොන් යූව අල්ලගන්නවා. මෙයාගෙ ඉස්සරහම ලේ ගෑවුණ පිහියක් වගේම අත් වලත් ලේ තියෙනවා.

ක්වොන් යූව පොලිසියට අරන් යද්දි පත්තරෙන් ටීවී වලින් හැම මාධ්‍යකම මෙයාව පෙන්නනවා.බාල වයස් කාර දැරියක්ව දූෂණය කරල මරපු වැරැද්දට තමයි අල්ලගෙන යන්නෙ. අර පෝන් එකේ අයිතිකාරි තමයි මැරිල තියෙන්නෙ.මෙයා මොන දෙයක් කිව්වත් කිසි කෙනෙක් පිළිගන්නෙ නෑ. ඇඟිලි සලකුණු DNA හැම දෙයක්ම තියෙන්නෙ මෙයා වැරදිකාරය වෙන විදියට.ඒ නිසා උසාවියෙන් මෙයාව ජීවිතාන්තය දක්වා හිරේට දානවා. හිරේට ගියාට පස්සෙ මෙයාට හිරේ ඉන්න ලොකුම මැරයගෙන් නොසෑහෙන්න කරදර වෙනවා.මොකද මෙයාගෙ වැරැද්ද බාල අපරාදයක් නිසා.මෙයා වද වේදනා ඉවසගන්න බැරුව දිවි නසා ගන්න පවා උත්සහ කරනව.ඒත් මෙයාගෙ අම්ම කොල්ලගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්න හුඟක් මහන්සි වෙනවා.අම්ම විතරයි කොල්ල වැරැද්දක් කරේ නෑ කියල විශ්වාස කරන්නෙ.ඒත් හදිස්සියෙම මෙයාගෙ අම්ම දිවිනසා ගත්ත කියල ආරංචියක් කොල්ලට එනවා.පුතාව එළියට ගන්නම් කියල කියපු අම්ම දිවිනසා ගත්තු එක සැක සහිත වග එයාට තේරෙනවා.ඒ නිසා මෙයා හිරෙන් පනින්න තීරණය කරනවා.

කොහොම හරි කොල්ල හිරෙනුත් පනිනවා.. පැනල ගිහින් මෙයා ගේම් ගහන මෙයාගෙ යාළුවොත් එක්ක එකතු වෙනවා.මෙයාල හොයල බලනකොට ක්වොන් යූගෙ අපරාද සිද්දිය වගේම තවත් අපරාද වෙලා තියෙන බව හොයාගන්නවා.. මේ හැමදේටම එක පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා.. ඒ කෙනා කවුද කියල ඔයාලට බලන්න පුළුවන්.මේ කෙනාම හිරේදි ක්වොන් වුට වඳ දීපු මැරයවත් එළියට අරගෙන ක්වොන් යුව අල්ලන්න යවනවා.පොලිසිය වගේම මේ මැරයගෙ කල්ලියත් මෙයාව හොයනව.ඉතින් මෙයාට අන්තිම වෙනකල් කරදරම තමයි.

මම සාරාංශෙ විතරයි ඔය කිව්වෙ.. කතාව කොහොමද කියල තේරෙනව ඇති කියල මම හිතනවා.ඉතින් යාළුවන්ගෙ උදව්වෙන් මෙයාගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්නෙ කොහොමද කියල ඔයාලා බාගෙන බලන්න.බලල කියන්න කොහොමද කියලා. මේ අවුරුද්දෙ ඔයාල බලන සුපිරිම ඇක්ශන් චිත්‍රපටියක් වේවි මේ චිත්‍රපටිය.ඉතින් අදට ගිහින් එන්නම්.තවත් පට්ටම චිත්‍රපටියක් අරගෙන.

බුදු සරණයි!

Fabricated City (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fabricated.City.2017.HDRip.720p.H264-FILMKU.NET.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

51 thoughts on “Fabricated City (2017) AKA Hangul with Sinhala Subtitles | උඩුයටිකුරු කල නගරය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • පට්ට ෆිලුමක් වගේ…………
    සබට සුතූතියි යාළුවා

    Reply
  • අැයි මචන් ටොරන්ටි ලින්ක් එක දෙන්නේ නැත්තේ.

    Reply
  • AO haru ride
    kyou koi wo hajimemansu
    lupin the 3rd
    say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.

    Reply
  • tnqqqqqqqqqqqqqqqqqqqqqqqqq kelum ayyaaaa 🙂

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Suddenly Seventeen ekatath sub dennako?

    Reply
  • Thx you bro .. supiri ekak wage..dam tama kalin eki makat allala download damma satutui Godak bohoma stuthi oyata lokka

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • niyamai saho ! puluwan nm The Restless korean film ekatath sub eka dala denna……. 🙂

    Reply
  • direct download wenna damma sub eka Hari yayida danne nea anyway sub Ekta thanks

    Reply
  • ඕක හින්ද තමා කට්ටියටම කියන්නේ ලිපිය කියවන්න කියල. බැලුව නම් බලාගන්න තිබ්බා ලේසියෙන්ම වීඩියෝ පිටපත ගන්න තියන තැන.

    Reply
    • Bro oya neda saththu inna films karanne…man me kiyana film 1 godak aya balala nathuwa athi.patta film 1k wage meka.puluwannam mekata sub karanna.naththam korian sub karana kenekuta kiyanna.
      “Million Doller Crocodile” trailer 1 balanna me msg 1 dakka gaman.
      jaya wewa..!!

      Reply
  • Onna baganna link eka 😀

    Reply
  • Patta film eka mchn.. godak sthuthiy me wage film ekak genawata.. thawa me wage supiri ewa aran enna..

    Reply
  • පට්ටයි මචෝ…
    සුපිරිම කතාවක්.
    බොහෝම ස්තුතියි සබට.
    ජය…

    Reply
  • link ekak dapallakoooooo

    Reply
  • meka hoyaganta nane ooi

    Reply
  • Ai yakooo meka Hash Tag ekak wath diyanko

    Reply
  • සහෝ සබ් එකට තැන්ක්ස්…
    ලින්ක් එකක් දෙනවද ටොරන්ට්.හොයාගන්න බෑ සර්ච් කලාට.

    Reply
  • ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ටොරන්ට් හෙව්ව හෙව්ව එකක්වත් නෑනේ බං.. අඩුම ගානේ හෑෂ් ටැග් එකක් වත් දාපංකෝ බාපු කෙනෙක් … සුපිරි ෆිල්ම් එකක් උනාට බං බාගන්න ටොරන්ට් නෑනේ.. තියෙන කෙනෙක් දාන්නෝ…

    Reply
    • torrentz2 එකේ ෆිල්ම් එකේ නමින් search කරන්න සහෝ

      Reply
      • සයිට් එක වැඩ නෑ බං.. අනේ මට හෑෂ්ටැග් එක දීපංකෝ..

        Reply
        • goody.to එකේ තියෙනවා dircet download කරන්න

          Reply
  • හා හා පුරා කියලා මන් බාන්න දැම්මා. ස්තුතියි යාළුවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *