Game of Thrones [S4E09 – The Watchers on the Wall] (18+)| ප්‍රාකාරය අනතුරක. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා ඔයාලා බොහොම ආශාවෙන් බලන් ඉන්න මේ කතා මාලාවේ නව වැනි කොටස. ලබන සතියේ කොටසෙන් මේ අදියරත් ඉවර වෙනවා. මුලින්ම කියන්න ඕනා ටික දෙනෙක් පහුගිය ලිපිය බලලා අහලා තිබ්බා වර්තමානයේ මේ භූමියට මොකක්ද කියන්නෙ කියලා. ඇත්තටම කියනවනම් මේක ඇවිල්ලා මාටින් ලොකු උන්නැහැගේ මනසේ ඇඳිච්ච මනඃකල්පිත භූමියක්. ඒක මේ ලෝකෙට කිසි සමාන කමක් නෑ. එයා කියන විදියට වෙස්ටරොස් වල ප්‍රමාණය දකුණු ඇමරිකාවේ භූමි වර්ගඵලයට සමානයි ලූ. ඒ වගේම එක එක කරුණු අපි දන්න ලෝකයේ තියෙන සිද්ධි වලින් උකහා ගත්ත ඒවලු. (උදා. ඇදහීම් ගැන වගේ- ඒ ගැන පසුවට) හැබැයි තව දෙයක් රූපවාහිනී කතා මාලාව පොත් ඇසුරෙන් නිපදුනාට ඒ සිද්ධින් සිදුවෙන විධි ටිකක් විතර වෙනස් කරලත් තියෙනව. හොඳයි අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. දැන් මේ පහළ කියන සිදුවීම් මම දීපු සිතියම එක්ක සසඳලා ඔයාලත් මේවා සිදුවෙන ස්ථාන ගැන පොඩි අදහසක් ගනී කියලා හිතනවා.
ප්‍රාකාරය කිට්ටුව තියෙන මෝල්ස් ටවුන් නම් ගමට වනචාරීන් පහර දෙනවා. ඒ ගමේම තමා සෑම් අර ගිලී ව හා ළදරුවාව රඳවලා තියෙන්නෙ. ඒත් ඒ පොඩි ළමයාව දකින යිග්රිටී ඇයව මරන්නෙ නෑ. මේ ගමට පහර දීම ගැන සෑම් වැඩිපුරම කම්පා වෙනවා. ඒ ගිලීව එහි රැඳෙව්වෙ ඔහු නිසයි. නමුත් ඔවුන් ප්රාකාරයේම රැඳී සිටීමට අවසානයේ තීරණය කරනවා.
මේ අතර උතුරට බෝල්ටන් ගේ හමුදා වලට යන්න බැරි වෙච්ච මෝට් කේලින් නම් ස්ථානය රැම්සිගේ මෙහෙයවීම මත තියෝන් ග්‍රේජෝයි විසින් දිනා දෙනවා. විශේෂයෙන්ම මෙහිදීත් අයන් බෝන් වැසියන්ගේ ප්‍රාණ බිය මත ඔවුන් විසින්ම තම ප්‍රධානියාව මරා දමා අවසානයේ භාර වුණත් රැම්සි සුපුරුදු පරිදිම ඔවුන් සියල්ලන්වම හම ගහනවා. මේ ගැන පැහැදෙන බෝල්ටන් විසින් රැම්සිව ස්වජාතක පුතෙක් තත්වයට උසස් කරලා ඔවුන් සියලු දෙනා මෙතක් යෑමට නොහැකි වූ වින්ටර්ෆෙල් වෙත ගමන් කරන්න පටන් ගන්නවා.
මේ අතර පටු මුහුදට එහා එසොස් වලදී ඩැනේරිස් ගේ සේවිකාව වෙච්ච මිසැන්ඩෙයි හිතනවා නිකැළැල් හමුදා ප්‍රධානියා තමා ගැන උනන්දුවෙන් සිටින බව. ඒත් ඔවුන්ව කුඩා කලදිම නපුංසක තත්වයට පත් කර තිබෙන නිසා ඇය ඒ ගැන මවිත වුණත් ඇයත් ඒ ළැදියාව ගැන අහිතක් නොහිතන බව තමා පෙන්වන්නෙ. මේ අතර ලැනිස්ටර් වරුන්ගේ උපාය නියමෙට වැඩ කරනවා. ඒ තමා ජෝරාව සේවයෙන් පහකිරීම.
කවුද මේ ජෝරා කියන්නෙ? ජෝරා කියන්නෙ වෙස්ටරොස් වල හිටපු නයිට් වරයෙක්. ඔහුගේ පියා තමා නයිට්ස් වොච් වල ප්‍රධානියා විදියට උන්නු ජෝර් මෝමන්ට්. මතක ඇතිනේ ජෝන් ස්නෝව් මුලින්ම නයිට්ස් වොච් ඇවිල්ලා අතවැසියා වුණේ මොහුට තමා. අර ක්‍රස්ටර්ස් කීප් වලදී තමුන්ගෙම කට්ටිය අතින් මැරුම් කෑවේත් මෙයාම තමා. ඒ මරපු කාල්ව මරන්න තමා ජෝන් ස්නෝව් මේ අදියරේ මුල් කොටස් වලදී ගියෙත්. ඉතින් මේ මෝමන්ට් වංශය කියන්නෙ ස්ටාක් වංශයේ අනු වංශයක් විදියටයි. ඔවුන් පාලනය කරන්නෙ බෙයාර් දූපත නැත්තම් වලස් දූපත කියන දූපතයි. එහි නායකයා වෙච්ච ජෝර් තම පුතා වෙච්ච ජෝරාට පාලනය භාර දීලා තමා නයිට්ස් වොච් වල නායකයෙක් වෙන්න යන්නේ. ජෝරා තමුන්ගේ නයිට් පදවිය ලබා ගන්නේ මේ රූපවාහිනී කතා මාලාව පටන් ගන්න අවුරුදු නවයකට විතර කලින් තිබ්බ ග්‍රේජෝයි වරුන්ගේ කැරැල්ල මැඩපවත්වන්න කරපු අවසන් සටනෙදි. අපි ඒ ගැන කලින් කතා කළා මතක ඇතිනේ.
නමුත් මේ ජෝරා තම ණය පියව ගන්න හොර දඩයක්කාරයෝ කට්ටියක්ව වහල් කමට විකුණන්න ගිහින් නෙඩ් ස්ටාක්ට මාට්ටු වෙනවා. වෙස්ටරොස් වල වහල් වෙළඳාම තහනම් වගේම හරිනම් හොර දඩයක්කරුවන්ට දඬුවම් විදියට ඔවුන්ව නයිට්ස් වොච් එකට දෙන්නත් ඕනා. ඉතින් නෙඩ් ස්ටාක් විසින් ජෝරව වෙස්ටරොස් වලින් පිටුවහල් කරනවා. වලස් දූපත දැන් පාලනය කරන්නේ ජෝරෝගේ සහෝදරියයි. (දැන් ජෝරා මේ සල්ලි හොයන්න හැදුවේ තම බිරිඳගේ අතිශය වියදම් කාරී මනදොළ සපුරන්න වුණත් අන්තිමේ එයත් ජෝරාව දාල තවත් ධනවතෙක් ළඟට ගිය බව තමා කියවෙන්නේ.) මේ පිටුවහල් කිරීමෙන් පස්සෙ ඔහු රං කණ්ඩායම කියන කුලී හමුදාවට බැඳිලා සටන් කරලා තියෙනවා. ඊට පස්සෙ තමා ඔහු ඩැනේරිස් හා කාල් ඩ්‍රාගෝ ගේ විවාහයෙන් පස්සෙ භාෂා කුසලතා මත ඔවුන්ට සේවය කරන්න බැඳෙන්නේ.
හැබැයි මේ අතරම ඔහු වෙස්ටරොස් වල වාරිස්ට ඇය ගැන ඔත්තු සපයනවා. ඔයාලට මතක නම් ඩැනේරිස්ට කාල් ඩ්‍රාගෝගේ දරුවා පිළිසිඳගෙන ඉන්න වෙලාවේ ඔහුට සමාව දානය කරලා ලිපියක් ලැබෙනවා. ඔහුට තේරෙනවා යම් දෙයක් සිදුවෙන්න යන බව. ඒ වෙලාවෙදි ඔහු ඒ වයින් පෙවෙන එක වලක්වලා ඇයව බේරගන්න සමත් වෙනවා. එදා ඉඳන් ඔහු ඇයට නියමාකාරයෙන් සේවය කරනවා. හැබැයි ඔහු කලින් ඔත්තු දුන් බව ඇයට ඔහු කියන්නෙ නෑ. ඉතින් ඒ හින්දා ටයිවින් ලැනිස්ටර් ගහන ගැටෙන්, මුල සිටන්ම ඩැනේරිස්ට සිටි වටිනා පුද්ගලයෙක්ව ඇයට අහිමි වෙනවා.
මේ අතර වේල් වලදී තමා චන්ද්‍ර විවරයෙන් පහළට දමා මරා දමපු ලයිසා ආර්යාව, සිය දිවි නසා ගත් බව බේලිෂ් විසින් පැවසීම ගැන සැක හිතන වේල් වල වංශවතුන් ඉස්සරහා ඔහුට කරුණු පැහැදිලි කරන්න වෙනවා. මේ අතර ඉන්නවා රොයිස් ආදිපාදවරයත්. ඔහු හොඳින් බේලිෂ්ව අඳුනන නිසා මේ සිද්ධිය දුටු සන්සාව ඔවුන් ඉදිරියට ගේන්න කියනවා. මෙහිදී සන්සා තමා කවුද යන්න හෙළි කරනවා. හැබැයි ඇය සියදිවි නසාගැනීම සත්‍යයැයි කියා බේලිෂ්ව බේරා ගන්නවා. දැන් සන්සා අත බේලිෂ්ට අනතුරක් විය හැකි රහසක් තිබෙන අතර ඇය එහි බලය ගැන හොඳින්ම අවබෝධ කරගන්නවා. මේ අතර බේලිෂ් විසින් මෙච්චර කලක් බොහොම ආරක්ෂාවෙන් තබාගත් ලයිසාගේ එකම පිරිමි දරුවා හා අනාගත වේල් හී ප්‍රධානියා වෙන රොබින්ව ප්‍රථම වතාවට තම දේශය පෙන්වීමට රැගන යනවා.
හැබැයි මේ අතර ආර්යා හා හවුන්ඩ් වේල් වලට ළඟා වෙනවා. එහිදි ඔවුන් දැනගන්නවා ලයිසා දින තුනකට කලින් මියගිය බව. මේ හින්දා හවුන්ඩ්ගේ කප්පම් ලබා ගැනීමේ අභිප්‍රාය විනාශ වූ බව දකින ආර්යා, ඒ මරණය ගැන අසා මහ හයියෙන් හිනා වෙන්න ගන්නවා. (ඒක නම් සිරා සීන් එකක්. 🙂 )
මේ අතර කිංග්ස් ලෑන්ඩින් වල හැමෝම බලා සිටි උද්වේගකර සටන සිදුවෙනවා. කොට ආදිපාද හා ජේමි ගේ සතුටට හා සර්සිගේ තරහට හේතු වෙන ලෙස ඕබ්රන් විසින් ක්ලේගන්ව පරාජය කරන නමුත් අවසානයේ සියල්ල කණපිට පෙරළී මරණීය තුවාල ලබා සිටින ක්ලේගන් ඕබ්රන්ව මරා දමනවා. දැන් කොට ආදිපාදට කොහොමත් මරණය නියතයි. 😉
හොඳයි දැන් එහෙනම් ඉතිහාස පාඩම. අද මම මේ ලියන කොටස් සෑහෙන්න දීර්ඝ වශයෙන් ලියන්න ඕනා. ඒ මොකද කියනවනම් ඒ හැම එකකින්ම දැන් යන කථාවේ එක් එක් කොටස් වල අරුත පැහැදිලි කරගන්න ඉතා වැදගත් වෙනවා. ඒත් ගොඩක් ලොකුවට ලියන එක ප්‍රායෝගික නැති නිසාම මම බොහොම සැකවින් අවශ්‍ය කරුණු විතරක් ලියන්නම්.
මේ වෙස්ටරොස් වල අවුරුදු ගණන් කරන්නේ ඒගොන් නම් විජයග්‍රාහකයා හෙවත් ටාගේරියන් අධිරාජ්‍යා මුලින්ම වෙස්ටරොස් වලට ගොඩබැසිමේ අවුරුද්දට පෙර (Before Aegon’s Landing – BAL) හා පසු (Aegon’s Landing- AL) වශයෙනුයි.
ප්රාග් ඉතිහාසයේ වෙස්ටරොස් වල උන්නයි කියන්නේ Children of the Forest නම් මනුෂ්‍ය නොවන කණ්ඩායම් හා යෝධයන් ලෙස හඳුන්වන කොටසුයි.
12,000 BAL – මුල්ම මනුෂ්‍ය කොට්ඨාසය වෙච්ච පළමු මිනිසුන් (First Men) නම් කණ්ඩායම ඩෝන් හී අත නම් එසොස් හරහා බැදී තිබුණු භූමියක් හරහා වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණය වළක්වන්න Children of the Forest වරු තම මායා බලය භාවිතා කොට එම කොටස කැබලි වලට බිඳ Stepstones නම් දූපත් සමූහය (රූපය ලොකු කරන්න ඒ මත ක්ලික් කරන්න) නිර්මාණය කළත් එම මිනිසුන් සාර්ථකව වෙස්ටරොස් ආක්‍රමණය කරන්න සමත් වෙනවා.
ඒත් Children of the Forest වරු තම මායා බලයෙන් මහා ජල ගැල්මක් නිර්මාණය කරලා THE NECK නම් කොටස ජලයයෙන් යට කරලා වහා වගුරක් බවට පත් කරවනවා. මේ හින්දා තමා අදටත් උතුරට මහා හමුදාවක් යවන්න භාවිතා කරන්න වෙන්නේ කිංග්ස් රෝඩ් නම් පටු පාර පමණයි. ඒ වගේම ඒක මෝට් කේලින් හරහා වැටී තියෙන නිසා තමා එතන ඉතා වටිනා වැදගත් යුධ මර්මස්ථානයක් වන්නේ.
10,000 BAL – දී Children of the Forest වරු හා පළමු මිනිසුන් (First Men) අතර ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අනුව පළමු මිනිසුන් (First Men) විවෘත භූමීන් හා Children of the Forest වරු වනාන්තර ප්‍රදේශ පාලනය කරන්න පටන් ගන්නවා. ඒ වගේම පළමු මිනිසුන් Old Gods of the Forest කියන දෙවියන්ට වන්දනා කරන්න පටන් ගන්නවා. ඒ වුණාට අයන් දූපත් වලට ගියපු පළමු මිනිසුන් ගේ කණ්ඩායම වෙනම දෙවියක් අදහන්න පටන් ගන්නවා.
වීරයන්ගේ යුගය.
8,000 BAL – හිදී මහා සීතලක් පැමිණ වෙස්ටරොස් පරම්පරා ගණනාවක් සීතලට යටවෙනවා. මේ කාලෙදි ධවල ඇවිදින්නන් පැමිණ වෙස්ටරොස් ආක්‍රමණය කරනවා. ඉතින් Children of the Forest වරු හා පළමු මිනිසුන් (First Men) එකතුව මොවුන්ට විරුද්ධව සටන් වදිනවා. ඉතින් ක්‍රම ක්‍රමයෙන් මේ ආක්‍රමණීක ධවල ඇවිදින්නන්ව උතුරට පලවා හරින්න මොවුන් සමත් වෙනවා වගේම බොහෝ වීරයන් මේ යුගයේදී මතුවෙනවා. එයින් කෙනෙක් තමා බ්‍රැන්ඩන් ස්ටාක් නම් ගොඩනගන්නා. (Brandon Stark -the Builder) මොහු තමා අනාගත ආක්‍රමණ නැවැත්වීමට උපායන් හා මායාවන් භාවිතයෙන් ප්‍රාකාරය ගොඩ නගන්නේ. ඒ වගේම වින්ටර්ෆෙල් බලකොටුව, ස්ටාක් වංශය හා නයිට්ස් වොච් නම් ආරක්ෂක කණ්ඩායම් ගොඩ නගන්නේ මොහු විසිනුයි. සමහරුන්ට අනුව මොහු උතුරේ පළමු රජ ලෙස අභිෂේක ලබන බව කියවෙනවා. නමුත් ජයග්‍රහණය ලැබුවා වුණත් Children of the Forest වරුන්ට සිදුවන හානි ඉතා විශාල බැවින් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වඳ වී යෑමට පටන් ගන්නවා.
මේ ප්‍රාකාරය හදන කොට ඊටත් උතුරින් සිටි පළමු මිනිසුන් (First Men) ස්වල්පයක් දෙනා ප්‍රාකාරය ගොඩ නැඟූ පසු වෙස්ටරොස් වලින් වෙන් වෙනවා. පසුව රාජධානී ගොඩ නැඟීම් වැනි සියලු දෙයින් වෙන් වන මොවුන්ගෙන් පැවතෙන අය පසු කාලීනව වෙස්ටරොස් වලම සතුරන් වෙනවා. ඔවුන්ටද නායකයෙක් ඇති අතර, ඔවුන් තමන්ව “නිදහස් මිනිසුන්” ලෙස හඳුන්වා ගත්තත් ප්රාකාරයට දකුණෙන් ඉන්න අය ඔවුන්ව ම්ලේච්ඡන් ලෙස සලකා “වනචාරීන්” ලෙස හඳුන්වනවා. ඒ වගේම ප්රාකාරයේ මුල්ම බලකොටුව නයිට්ෆෝට් වන අතර මේ වන විට තවත් බලකොටු 18 ක් එහි ගොඩ නගා තිබෙනවා.
6,000 BAL – මේ යුගයේදී වෙස්ටරොස් වල තවත් විශේෂ සිදුවීමක් සිදුවෙනවා. ඒ තමා ඇන්ඩල් වරුන්ගේ ආක්‍රමණය. මේ සිදුවීම වෙස්ටරොස් වල සංස්කෘතියට බොහොම වෙනස් කම් සිදු කළ සිදුවීමක් වුණා (මේ ගැන වෙනම රචනාවක් ලියන්න පුළුවන් වුණත් ඒක දැන් නොකර ඉන්නම්කෝ). ඔවුන් පැමිණියේ එසොස් වල ඉඳගෙනයි. ඔවුන් මුලින්ම පටු මුහුද හරහා යාත්‍රා කර වෙස්ටරොස් වල ගොඩ බැස්සේ ඒරින් හී ඇඟිලි නම් හඳුන්වන භූමියටයි. (රූපය ලොකු කරන්න ඒ මත ක්ලික් කරන්න)පළමු මිනිසුන් (First Men) ගේ ලෝකඩ ආයුධ වලට හැප්පෙන්න සිදුවුණේ ඇන්ඩල් වරුන්ගේ ලෝහ හා වානේ සමඟයි. ඒ වගේම මේ වෙද්දි පළමු මිනිසුන් (First Men) වෙස්ටරොස් පාලනය කළේ සිය ගාණක් වූ කුඩා කුඩා රාජධානී විදියටයි. ඒ හින්දම වෙස්ටරොස් ආක්‍රමණය කරන්න ඇන්ඩල් වරුන්ට බොහෝ පහසු වුණ බව තමා කියවෙන්නේ. හැබැයි නැවත වතාවක් ස්ටාක් වංශයේ අය විසින් උතුර මේ ආක්‍රමණයෙන් බේරගන්න සමත් වෙනවා. ඒ ඇන්ඩල් වරුන්ට THE NECK කියන ප්‍රදේශය තරණය කරගන්න බැරි වෙන හින්දයි. ඒ හින්දම පසුව ඔවුන් උතුරේ රජ වරුන් හා එකඟතාවකට පැමිණ ඊට යටින් තිබෙන භූමිය පාලනය කරන්න තෝරගන්නවා. ඒ වගේම ඔවුන් කලින් යුද්ධයෙන් හොඳින්ම බැට කෑ Children of the Forest වරුන්ගේ මායාවන් ගැන දැනගෙන ඔවුන්ව සදහටම වෙස්ටරොස් වලින් අතුගා දානවා. ඉතුරු වූ ස්වල්පයක් වූ Children of the Forest වරු ප්‍රාකාරයෙන් එහා ශීත පෙදෙස්වලට ගිය බව තමා කියවෙන්නේ.
මේ ඇන්ඩල් වරු මුලින්ම ආක්‍රමණය කරනකොට ඔවුන් ආවේ සත් විශ්වාසය නම් ධජ පතාක යටතේයී. ඒ වගේම ඒක තමා ඔවුන්ගේ ආගම වුණෙත්. ඉතින් ඔවුන් ආවට පස්සෙ Old Gods of the Forest දෙවියන් ඇදහීම, ඔවුන් යටත් කර නොගත් උතුරට පමණක් සීමා වෙලා දකුණු දිග ප්‍රදේශ වල Faith of the Seven නම් දහම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඇන්ඩල් වරු තමා නයිට්වරුන්ව හඳුන්වා දෙන්නෙත්. නයිට් වරු ගැන ලබන සතියේ කතා කරන්නම්.
ඉතින් මෙහෙම ගත්තහම දකුණේ උන්නු පළමු මිනිසුන් (First Men) සියලු දෙනාවම ඇන්ඩල් වරු මරා දැම්මේ නෑ. ඔවුන් මුලින්ම ගොඩ බැහැපු වේල් වල එහෙම වුණා වුණත් අනික් තැන් වල මරා දානවට වඩා පාලනය කරන්න තමා ඇන්ඩල් වරුන් පෙළඹුණේ. ඉතින් දකුණෙ උන්නු පළමු මිනිසුන් (First Men) හා ඇන්ඩල් වරුන් අතර ආවාහ විවාහ මඟින් භූමියේ අයිතිය තහවුරු කරගැනීම් වගේ ඒවා වෙච්ච බව තමා කියවෙන්නේ. ඒ වගේම උතුරේ වුණත් ආවාහ විවාහ ඇන්ඩල්වරුන් එක්ක සිදුවුණා. හැබැයි උතුරෙ කලින් තිබ්බ පැරණි භාෂාව වෙනුවට ඇන්ඩල් වරුන්ගේ භාෂාව වෙච්ච සාමාන්‍ය භාෂාවට හුරු වෙච්ච එක සිදු වෙච්ච සිදුවුණා. ඇන්ඩල් වරුන් උස, පැහැපත් කොන්ඩයෙන් යුතු ලස්සන අය කියලා තමා කියවෙන්නේ. ලැන්ස්ටර් වංශය මොවුන්ගේ ලේ වලින් පැවත එන්නන් වෙනවා.
මේ කාලයේ තව වෙච්ච විශේෂ දෙයක් තමා ඇන්ඩල් වරු 4,000 BAL දී පමණ අයන් දූපත් ආක්‍රමණය කිරීම. හැබැයි මෙහිදීත් පළමු මිනිසුන් වගේම ඇන්ඩල් වරුනුත් අයන්බෝන් මිනිසුන්ගේ සංස්කෘතියට හා ආගමට නැඹුරු වෙච්ච එක විශේෂ සිදුවීමක් විදියට සැලකෙනවා.
2,000-700 BAL – අතර වෙද්දි ක්‍රම ක්‍රමයෙන් දැනට තියෙන සත් රාජධානී සකස් වීම ඇරඹෙනවා. ඒ වෙද්දි තිබ්බ කුඩා කුඩා රාජ්‍යන් එකිනෙකා සටනින් පරාජය කොට භූමිය ඈඳෑගෙන හෝ විවාහ මඟින් උරුමයක් වෙනස් වීම මඟින් මෙසේ විශාල ලොකු රාජධානී බවට පත්වීමට පටන් ගත් බව තමා කියවෙන්නේ.
700 BAL – මේවා මෙහෙම වෙනකොට මීට යාබද එසොස් වල, 5,000 BAL වගේ ඉඳන් ආරම්භ වෙන්න ගත්ත හා ඉදිරියේදී තවත් අපි කතා කරන වැලේරියානු අධිරාජ්‍යය පැතිරෙන්න පටන් ගන්නවා. මේ වැලේරියානු අධිරාජ්‍ය මේ වෙනකොට අපි කලින් සතියේ සිතියම් වල දැක්ක එසොස් වල රොයින් ගඟ ආශ්රිත ප්‍රදේශ පහු කරලා මේ වෙද්දි නිදහස් නගර විදියට හඳුන්වන ප්‍රදේශයට පැතිරෙනවා. මේ වැලේරියන් වරු තමා මකරුන්ව හීලෑ කරගෙන යුද්ධ වලට යොදව ගන්නේ. ඉතින් මේ රොයින් ප්‍රදේශ වල රොයිනාර් වැසියනේ නායිකාව මේ මකරුන් එක්ක සටන් කරන්න බැරි බව තේරුම් අරගෙන වෙස්ටරොස් වල ඩෝන් වලට ඇවිල්ලා, එහෙ ඒ කාලේ උන්න මෝට් මාටෙල් කියන (ගිය සතියේ ද්වන්ධ සටනෙදි මැරුම් කෑව ඕබ්රන් කුමාරයාගේ මුතුන් මිත්තන්) වංශවතාව විවාහ කරගෙන මුළු ඩෝන් ප්‍රදේශයම යටත් කරගන්න ඔහුට උදව් කරනවා.
400 BAL – මේ අතර ස්ටාක් වංශයේම උප වංශයක් විදියට උන්න බෝල්ටන් වංශය කැරලි ගහන්න ගන්නවා. හැබැයි ඒක ස්ටාක් වංශය විසින් මැඩපවත්වනවා. (මේ වෙද්දි රූස් බෝල්ටන් ගන්නෙ මේ ආදීකාලීනයේ ඉඳන් එන වෛරය පිරිමහන එක වෙන්න ඕනා.)
360 BAL – The Stormlands වල ස්ටෝම් රජවරුන් විසින් Riverlands ආක්‍රමණය කිරීමත් සමඟ ජාතීන් ගණන හතකට බහිනවා. එනම් උතුරු රාජධානිය, වේල් රාජධානිය, දූපත් හා ගංඟා රාජධානිය, රොක් රාජධානිය, රීච් රාජධානිය, ස්ටෝම් රාජධානිය හා ඩෝන් රාජ්‍යයයි.
300 BAL – අලුතෙන් පිහිට වූ ෆ්රේ වංශය විසින් The Twins නමින් පාලමක් හදනවා. ඒක උතුරේ සිට දකුණට එද්දි හමුවෙන වැදගත් ස්ථානයක්. (ඔයාලට මතකනම් රොබ් ස්ටාක්ට මේ පාලම හරහා යන්න එකඟ වෙන විවාහය කඩ කිරීම නිසා තමා වෝල්ඩර් ෆ්රේ පසුව ඔහුව මරන කුමන්ත්‍රණයට එකඟ වෙන්නේ.)
200 BAL – එසොස් වල මකර ටාගේරියන් පාලකයා දකින දර්ශනයක් නිසා ඩ්‍රැගන්ස්ටෝන් කියන දූපත අල්ලාගෙන තමුන්ගේ වෙළඳ නගරයක් විදියට පාවිච්චියට ගන්නවා.(මතක ඇති අපි කලින් මේ දූපත ගැන කතා කළා. ස්ටැනිස් බැරැතියන් ඉන්නෙ මෙහෙ තමා)
100 BAL – මේ කාලයේදී අර බලගතු වැලේරියානු අධිරාජ්‍ය විනාශ වෙනවා. ඒ අධිරාජ්‍යයේ හදවත බඳු නගරය විශාල ගිනිකඳු පිපිරමකින් විනාශ වෙලා අළු වලට යට වෙනවා. අර මකරුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එහිදි මිය යනවා. ඒ ප්‍රදේශයේ මුහුද තවමත් විෂ සහිත බව තමා කියවෙන්නේ. හැබැයි මේ විනාශයට කලින් ටාගේරියන් පවුලේ අයව ඩ්‍රැගන්ස්ටෝන් දූපතට එන්න සමත් වෙනවා. මින් පස්සෙන් පහු තමා ක්‍රමක්‍රමයෙන් ඒ අධිරාජ්‍ය කැබලි වලට කැඩිලා නිදහස් නගර නවය වගේම, ඩොත්රාකි වරු වගේම අපි කලින් කොටසෙදි කතා කරපු විදියටම වහල් බොක්ක ආශ්‍රිතව වෙළඳ නගර බිහිවෙන්නෙ.
60 BAL – අයන් දූපත් වැසියෝ තම භූමිය දූපත් වලින් පිටට ව්‍යාප්ත කරගන්න සමත් වෙනවා. ඒක කොච්චරද කියනවනම්, බ්ලැක්වෝටර් සිට NECK දක්වාත් බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වාත් කියලා තමා කියවෙන්නේ. ඉතින් මේක පටන් ගත්ත රජතුමාගේ මුණුබුරා වෙච්ච Harren Hoare විසින් තම ධනය බලය පෙන්වීමට භූමියේ සිට බිඳ නොහැලිය හැකි ආකාරයේ බලකොටුවක් තනන්න ගන්නවා. ඒ දේව ඇස නම් විලේ උතුරු ඉවුරේයි. (රූපය ලොකු කරන්න ඒ මත ක්ලික් කරන්න) එනම් හැරන්හෙල් (Harrenhal)බලකොටුවයි.
හැබැයි මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය හදලා ඉවර කරන දවසෙම වෙස්ටරොස් ඉතිහාසයේ තවත් එක වැදගත් සන්ධිස්ථානයකට මුහුණ දෙන්න සිදුවෙනවා.
ටාගේරියන් ආක්‍රමණය.
2 BAL – 0 AL – ඒ තමා එසොස් වල ටාගේරියන් අධිරාජ්‍යයේ විනාශයෙන් සියවසකට පස්සෙ එම වංශයේ ඒගොන් අධිරාජ්‍යා වෙස්ටරොස් වලට ඉතා කුඩා හමුදාවත් හා බිහිසුණු ආයුධයක් එක්ක ගොඩ බහිනවා. ඒ ගොඩ බහින්නෙ පසුව කිංග්ස් ලෑන්ඩින් විදියට වෙනස් වෙච්ච ප්‍රදේශයේ තියෙන බ්ලැක්වෝටර් බොක්ක නම් බ්ලැක්වෝටර් රශ් (පිංතුරයේ රතු පාටින් දක්වා තියෙන) කියන ගඟ මුහුදට වැටෙන ස්ථානයට.ඊට පස්සෙ මුහුදට නෙරාගිය ස්ථානයක ලී බලකොටුවක් හදනවා. (දැන් එතෙන්ට කියන්නෙ රෙඩ් කීප් කියලා. එහෙ තමා දැන් රජු නැවතිලා ඉන්න මන්දීරය) දැන් මේ ප්‍රදේශය මම කලින් කිව්වා වගේ යටත් කරන් ඉන්නේ අයන්බෝන් මිනිසුනුයි. ඒ ගැන උදහසින් ඉන්න භූමියේ උරුමකරුවන් වෙච්ච ටලි වංශයේ උදව් ඇතිව මේ ඒගොන් විසින් අලුතෙන් හැදූ හැරන්හෙල් බලකොටුව වට කරනවා. ඊට පස්සේ Harren Hoare ඒගොන්ට යටත් වෙන්න ප්‍රතික්ෂේප කළාම ඔහු තම රහස් ආයුධය පාවිච්චි කරනවා. ඒ තමා ඉතිරිව ඉන්න අවසාන මකරුන් තිදෙනා. ඒ මකරුන් විසින් හැරන්ව පණපිටින් පුළුස්සා තිබෙනවා. ඒ බලකොටුවත් විනාශ වෙනවා. ඒ බලකොටුවේ නටඹුන් දර්ශන ඔයාල කලින් කතා මාලා වලදි දකින්න ඇති. ඒ වගේම රිවරන් වල පාලනය තමාට උදව් කල ටලී වංශයට භාර දෙනවා.
ඉතුරු වෙච්ච අයන්බෝන් වැසියෝ පලා ගිහින් පසුව යටත් වෙනවා. අයන් දූපත් වල පාලනය යටත් වෙච්ච පයික් හී ග්‍රේජෝයි වංශයට බාර දෙනවා. ඒ වගේම ඒගොන් ගේ අවජාතක අඩ සොහොයුරෙක් වෙච්ච ඕරිස් බැරැතියන් විසින් ස්ටෝම් රජුව පරදා එහි පාලනය බාර ගෙන බැරැතියන් වංශය පිහිටුවනවා.
ලැනිස්ටර් වරු හා ගාඩ්නර් වංශය ඒගොන් හා සටනට යනවා. මකරුන් අතින් මිනිසුන් 4000 ක් පණ පිටින් පුළුස්සා දැමූ පසු, ලැනිස්ටර් වරු යටත් වෙනවා. ඔවුන්ට වෙස්ටර්ලෑන්ඩ් වල පාලනය බාර දෙනවා. ගාඩ්නර් වංශය විනාශ වෙන අතර ඔවුන්ගේ ආවතේව කරන්න උන්නු ටයිරෙල් වංශයට රීච් ලබා දෙනවා. ඒ වගේම ස්ටාක්වරු හා ඒරින් වරුත් සතුරාගේ ප්‍රබලත්වය දැකලා සාමාකාමී විදියට යටත් වෙනවා. හැබැයි ගරිල්ලා සටනකට ගිහින් මකරුන්ගෙන් බේරෙන ඩෝන් යටත් කරගන්න අසමත් වෙන ඒගොන් පසුව ඔවුන්ට ස්වාධීනව ඉන්න ඉඩ දීලා විජයග්‍රාහී සටන අවසන් කරනවා.
ඒ වගේම ඒගොන් විසින් ඊට පසු කිරුළු පළඳින අතරම එදා සිට නව අවුරුදු ක්‍රමයක් හඳුන්වා දෙමින් එය 1 AL (Aegon’s Landing) ලෙස නම් කරන අතර තමන් ගොඩ බැහැපු භූමියේ කිංග්ස් ලෑන්ඩින් නගරය ගොඩනඟනවා. (වර්ෂ ක්‍රමය සමහර විටෙක AC (After Conquest) ලෙසත් හඳුන්වනවා.
ටාගේරියන් පාලන සමය.
ටාගේරියන් පාලන සමයේ එක් එක් රජවරුන්ගේ අතිරේක කතා තිබ්බත් විශේෂම සිදුවීම් ඇර අනික්වා හිස්ව තියන්නම්. 😉
37-48 AL – පළමු ඒගොන් රජුගෙන් පසුව (ඔහුගේම සහෝදරියකුට දාව උපන්) ඔහුගේ පුත් ඒනිස් බලයට පත්වේ. (Faith of the Seven ආගමෙන් මේ අපචාරය නිසා ඔහුගේ නීත්‍යානූකූල බවට විරුද්ධව ඇතිවෙන කැරැල්ලක් ඔහුගේ අඩ සොහොයුරු මේගෝර් විසින් කුරිරු ආකාරයට මර්දනය කරමින් රාජ්‍ය පාලනය කරනු ලබයි)
48 AL – ඒනිස් පුත් පළමු ජහඑරිස් බලයට පත් වී මෙම ප්රශ්නය නිරාකරණය කොට එකඟතාවක් ඇතිකර ගනු ලබයි. ඒ වගේම නයිට්ස්වොච් කණ්ඩායම නයිට්ෆෝට් අතහැර කාසල් බ්ලැක් වෙත තම මූලස්ථානය ගෙන යනු ලබයි.
129-131 AL – එක්සත් සත් රාජධානියේ මුල්ම සිවිල් යුද්ධය හට ගනී. බලයට පත් කළ රජට විරුද්ධව ඔහුගේම සහෝදරයිට යුද ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ මකරුන් මකරුන්ට විරුද්ධව යුද වදී. යුද්ධය අවසාන වන විට ඉතිරි වන එකම මකරාත් අවසානයේ මිය යයි.
157-161 AL – වයස අවුරුදු 14 දී බලයට පත් වෙන ප්‍රථම ඩේරොන් විසින් ඩෝන් වලට විරුද්ධව යුද වදී. ඔහු ජයග්‍රහණයට ආසන්න වන මුත් ඔහු වැඩ බැලීමට පත් කළ ටයිරෙල් වරු ඩෝන් වෙත හිතවත් බැවින් කැරැල්ලක් ඇති කරයි. එමඟින් රජතුමා මිය යන අතර ඔහුට ළමුන් නැති නිසා තම සොහොයුරා වූ බේලන් රජකමට පත්වී ඩෝන් වලින් විවාහයක්ද කරගෙන එම මතභේදය සමථයකට පත්කරනවා.
161-171 AL – මේ තමා ආශිර්වාද ලත් බේලන්ගේ රාජ්‍ය සමය. ඔහු ඉතා තදබල ලෙසම බ්‍රහ්මචාරී විදියට හිටපු කෙනෙක්. තම වර්ගයාගේ පිළිවෙළ අනුව තමන්ගේම සහෝදරියක් විවාහ කරගැනීමට වේ යැයි සිතා, තම සහෝදරියන්වද රෙඩ් කීප් වල කුළුණක සිර කරපු බව සඳහන්.
172-184 AL – මේ කාලයේ වෙස්ටරොස් ඉතිහාසයේ දරුණුම රජෙක් සතර වැනි ඒගොන්ගේ රාජ්‍ය සමයයි. ඔහු තම අවජාතක පුතෙක්ට ඩේමොන් බ්ලැක්ෆයිර් යන නාමයෙන් වංශයක් ආරම්භ කිරීමට ඉඩ දෙනවා.
195-196 AL – මේ කාලයේදී දෙවන ඩේරොන් රජගේ නීත්යානූකූලබව අභියෝගයකට ලක් කරමින් බොහොම දරුණු ගණයේ යුද්ධයක් ඇති වෙනවා. ඩේමොන් බ්ලැක්ෆයිර් රජ කමට සුදුසුකම් කියමින් ආරම්භ කළ මෙය පළමු බ්ලැක්ෆයිර් කෝලහාලය යන නමින් හැඳින්වෙන. රජට මේ සිවිල් යුද්ධය ජය ගන්න ඩෝන් හමුදාවල සහය ලැබෙනවා.
197 AL – ඩෝන් හමුදාවට ස්තූතිය පළකිරීම පිණිස තම බාල සොහොයුරියක්ව ඩෝන් හී මේරොන් මාටෙල්ට සරණ පාවා දී නිල වශයෙන් ඩෝන් භූමියත් සත් රාජධානියට එකතු කරගන්නවා.
209 AL – Great Spring Sickness නමින් මහා වසංගතයක් පැමිණ ඩේරොන් රජ මෙන්ම ඔහුගේ උරුමකරුවන් බොහෝ දෙනෙක් මිය යනවා. පළමු ඒරිස් ටාගේරියන් රජකමට පත් වෙනවා.
211 AL – බ්ලැක්ෆයර් අනුගාමිකයින් දෙවන බ්ලැක්ෆයිර් කැරැල්ල ආරම්භ කරන්න හිතුවත් එය හෙළිවී ඩේමොන් බ්ලැක්ෆයර්ගේ එක පුත්රයෙක්ව අල්ලාගෙන තවත් බ්ලැක්ෆයර් කුමන්ත්‍රණ කරුවන් බොහෝ දෙනෙක්ව මරා දමනවා.
221 AL – පළමු මේකාර් රජකමට පත්වේ.
233 AL – රජු මිය ගිය විට ඔහුගේ පළමු පුතුන් දෙදෙනාද මිය ගොස් ඇති බැවින් තෙවන පුතුට රජකම දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කොට ප්රාකාරයට යනවා. (ඔහු තමා අදටත් ප්රාකාරයේ ඉන්න අන්ධ තැනැත්තා. ජොන් ස්නෝව්ට කැමති කෙනා) එවිට හතර වෙනි පුතා පස්වන ඒගොන් ටාගේරියන් රජ කමට පත්වෙනවා.
233-259 AL – පස්වන ඒගොන් ටාගේරියන් ගේ රාජ්‍ය සමය බොහොම සාමකාමී කාලයක් වන අතර ඔහුගේ රාජ්‍ය සමයේ අවසාන කාලයේ තමා ප්‍රධාන ආචාරී තනතුරට පයිසෙල් පත්වෙන්නේ.
257-259 AL – පස්වෙනි බ්ලැක්ෆයිර් කැරැල්ල ලෙස හැඳින්වෙන Ninepenny රජුන්ගේ යුද්ධය ආරම්භ වෙනවා. කුලී හේවායන්, වාසනාව සොයන්නන් සමඟ බ්ලැක්ෆයිර් පරපුරේ මේලිස් වෙස්ටරොස් ආක්‍රමණය සඳහා පැමිණෙනවා. ඒත් ජොෆ්‍රී නෙරපලා දැන් ඩැනේරිස් ගාව ඉන්න සර් බැරිස්ටන් සෙල්මි විසින් මේලිස්ව ද්වන්ධ සටනකදි මරලා දාලා බ්ලැක්ෆයිර් පරපුර අවසාන කරවනවා.
259 AL – ඒගොන් රජු හා ඔහුගේ පුත් ඩන්කන් කුමරු සමර්හෝල් ගින්නෙන් මිය යනවා. ඒ ඔවුන් මකර බිත්තර තුනකින් පැටවුන් ගැනීමට යෑමේදී කියලා තමා කියවෙන්නේ. ඒ බිත්තර එම ගින්නෙන් විනාශ වූවා කියලා තමා සැලකුනේ.
Mad King (පිස්සු රජුගේ) පාලන සමය.
259 AL – පස්වෙනි ඒගොන් රජුගේ පුත් දෙවෙනි ඒරිස් ටාගේරියන් රජකමට පත් වෙනවා. මේ තවත් එක වැදගත් කාල සමයක්. ඔයාල ගොඩක් පිස්සු රජා ගැන කතා වෙනවා අහලත් ඇති. මේ තමා ඔයාලා දන්න, දැනට වහල් බොක්ක ආශ්රිත ප්‍රදේශයේ මකරුන් තුන්දෙනෙකුත් එක්ක ඉන්න ඩැනේරිස් ගේ තාත්තා.
ඇත්තෙන්ම ඔහු රාජ්‍ය පාලනය පටන් ගන්නේ බොහොම සුභවාදි විදියටයි. ඔහුගේ පියාගේ හා සීයාගේ කාලේ ඉඳන්ම රාජ සභාවේ උන්න මහලු අයව අයින් කරලා තරුණ ශක්තිමත් අයව ඒ වෙනුවට ආදේශ කරපු බව කියවෙනවා. ඉතින් ඔහුගේ රාජ්‍ය සමය මුලින් හොඳ විදියට ආරම්භ වුණත් පසුව තමා ඔහුට පිස්සු වැටෙන්නේ. මොහුගේ රාජ්‍ය සමය අතරතුර 270 AL දී පමණ ලැනිස්ටර් වරුන්ට විරුද්ධව රෙයින් වරු කැරැල්ලක් ඇතිකරනවා ලැනිස්ටර් පාලන ප්‍රදේශ වලම. මේ කැරැල්ල එවකට තරුණ ටයිවින් ලැනිස්ටර් විසින් බොහොම දරුණු ආකාරයට මර්දනය කරලා ඉතුරුවුණ සියලුම රෙයින් ළමයින් පවා මරපු බව තමා කියවෙන්නේ. ඉතින් මේ අනුකම්පා විරහිත ස්වභාවයට කැමති වෙන පිස්සු රජ තමාගේ කින්ග්ස් හෑන්ඩ් තනතුරට ඔහුව පත් කරගන්නවා.
ඉතින් මේ අතරතුරේදී ටයිවින්ට ඕනා වෙනවා තමාගේ දියණිය වෙච්ච අපි හැමෝම දන්න සර්සිව පිස්සු රජාගේ පුතා වෙච්ච රේගාර්ට බන්දලා දෙන්න. හැබැයි ඒකට අකමැති වෙන රජු කරන්නෙ ඔහුව ඩෝන් වල එලියා මාටෙල්ට (ගිය සතියෙ මැරුණු ඕබ්රන් කුමාරයාගේ අක්කට) බන්දලා දෙනවා. ඕකට ටයිවින් නොසතුටෙන් ඉන්න බව දන්න පිස්සු රජාට මාළිගාවේ තැන් තැන් වල ටයිවින් තමා සත් රාජධානිය ඇත්තටම පාලනය කරන්නේ කියලා කථාවෙනවා ඇහෙනවා. මේ අතර ඩාක්ලින් කියන වංශවතා බදු ගෙවීම ප්‍රතික්ෂේප කරලා ඇතිකරන ප්රශ්නය ටයිවින්ගේ උදව් නොගෙන තනිවම විසඳන්න යන පිස්සු රජාව ඒ වංශවතා විසින් හිරකරනවා. ඔහුව පස්සෙ බේරගන්නේ ටයිවින් හා බැරිස්ටන් සෙල්මි විසින්මයි. ඔය සිදුවීමෙන් පස්සෙ තමා ඔහුගේ මානසික ස්වභාවය වෙනස් වෙන්න ගත්තෙ කියලා තමා කියවෙන්නේ.
මේ අතර 280 AL හිදී තවත් සිදුවීමක් සිදුවෙනවා. රජු හා ඔහුගේ පුතා වෙච්ච රේගාර් තරඟාවලියකට යනවා. (නයිට්වරු තරඟ කරන එකක් අපි දැක්කා මතක ඇතිනේ S01 එකේදී) මේක ජයග්‍රහණය කරන රේගාර් තම බිරිඳ වෙනුවට ස්ටාක් පවුලේ සුරූපි දියණියක් වෙච්ච ලියෙන්නා ස්ටාක්ව (නෙඩ් ස්ටාක්ගේ සහෝදරියව) නම් කරනවා ආදරයේ හා ලස්සනේ රැජින විදියට. ඒ වගේම ජේමි ලැනිස්ටර් ගේ දස්කම් දකින පිස්සු රජා ඔහුව කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශයට් බඳවගන්නවා. මේකට ජේමි ආඩම්බර වුණත් ටයිවින් හොඳටම උරණ වෙනවා. ඒකට හේතුව තමා කිංග්ස්ගාඩ් ආරක්ෂකයෙක්ට පවුලක් නඩත්තු කරන්න බැරි නිසා ටයිවින්ට තම නාමය ගෙනියන්න දරුවෙක්ට ඉතුරුවෙන්නෙ අපි හැමෝම දන්න කොට ආදිපාදතුමා පමණක් වීම හා කවදහරි ටයිවින් කැරැල්ලක් ගැහුවොත් පිස්සු රජා ගාව ප්‍රාණ ඇපකාරයෙක් විදියට ජේමි සිටීම. ඉතින් සර්සිගේ පලහිලව්ව කෙසේ වෙතත් මේ සිද්ධියෙන් පස්සේ ටයිවින් තම තනතුර දමලා ගහලා ආපහු කාස්ලිරොක් වෙත යනවා.
මීට ටික කාලෙකට පස්සේ පිස්සු රජාගේ පුත්‍ර රේගාර් කුමාරයා විසින් ස්ටාක් පවුලේ අර සුරූපි දියණිය ලියෙන්නා ස්ටාක්ව පැහැරගෙන අතුරුදහන් වෙනවා. මේ වරදට යුක්තිය ඉල්ලලා පිස්සු රජා ගාවට ලියෙන්නා ස්ටාක්ගේ පියා රිකාඩ් ස්ටාක් හා ලියෙන්නාගේ එක් සහෝදරයෙක් වෙච්ච බ්‍රැන්ඩන් ස්ටාක් යනවා. පිස්සු රජා මේ දෙන්නවම ප්‍රසිද්ධියේ කෲර විදියට මරලා දානවා.
රොබට් බැරැතියන්ගේ කැරැල්ල.
280-281 AL – මේ පිස්සු රජාගේ ක්‍රියාව නිසා දැන් ස්ටාක් පවුලේ ප්‍රධානියා වෙච්ච අපි හැමෝම දන්න නෙඩ් ස්ටාක් හා ලියෙන්නා විවාහ ගිවිසගෙන සිට රොබට් බැරැතියන් යුද ප්‍රකාශ කරනවා. මීට එතකු වෙනවා, ඔවුන් දෙදෙනාගේම උපදේශකයෙක් වූ වේල් වල අධිපති ජෝන් ඇරන්. ඊට පස්සේ මරා දැමුණු බ්‍රැන්ඩන් විවාහ කරන්න නියමිතව උන්න කැට්ලින් ටලි ව විවාහ කරගන්න නෙඩ් පොරොන්දු වීම නිසා කැට්ලින් ගේ පියා වෙච්ච හොස්ටර් ටලි වංශාධිපතියත් එකතු වෙනවා. ඒ වගේම ටලි වංශාධිපතියා තම සහයෝගය වඩාත් ස්ථිර කරන්නට තම දෙවන දියණිය වූ ලයිසාව ජෝන් ඇරන්ට සරණ පාවා දෙනවා. ඉතින් ඔවුන් රජුට පක්ෂපාත කොටස් සමඟ සටන් කරමින් ඉදිරියට එන විට ලැනිස්ටර් මේ සටනේ මොන පැත්තක්වත් නොගෙන කාස්ලිරොක් වලටම වී සිටිනවා.
මේ අතර රේගාර් කුමාරයාත් සටනට යන අතර ට්රිඩන්ට් සටනේදී ඔහු පරාජය වී මිය යනවා. මෙන්න මේ අවස්ථාවේ ළඟ එන රොබට්ගේ හමුදාවලින් පරාජය නියත බව දැනගන්න පිස්සු රජා සතුරා කිංග්ස් ලෑන්ඩින් වලට ඇතුළු වූ විට නගරයත් පුළුස්සා විනාශ කර දැමීමට නගරයේ තැන් තැන් වල වයිල්ඩ්ෆයර් නම් ද්‍රව්‍ය සඟවා තිබෙනවා. මෙන්න මේ මොහොතේ මෙච්චර කල් රජුගේ උදව්වට නොපැමිණි ටයිවින් ලැනිස්ටර් නගරය ආසන්නයට පැමිණ නගරයේ ද්වාර විවෘත කොට ඔවුන්ව ඇතුළට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. හැබැයි ඔවුන්ව ඇතුලට ගත්ත ගමන්ම ඔහු රජුගේ ආරක්ෂකයන්ට පහර දෙන්න ගන්නවා. මේක දැනගන්න පිස්සු රජා ජේමිට කියනවා තම පියාවූ ටයිවින් ලැන්ස්ටර්ගේම හිස රැගෙන එන ලෙස. මේ නියෝගයට වගේම නගරය විනාශ කරන්න යන බව දැනගෙන්න ඉන්න ජේමි විසින් පිස්සු රජාගේ පසුපසෙන් සිට ඔහුට තම කඩුවෙන් ඇන ඔහුව ඝාතනය කරනවා. මෙතන ඉඳන් තමා ඔහුට රජුන් නසන්නා යන නාමය පට බැඳෙන්නේ.
ඒ වගේම රොබට් ප්රමුඛ හමුදාව කිංග්ස් ලෑන්ඩින් එනකොට ලැනිස්ටර් රේගාර් කුමාරයාගේ බිරිඳ වෙච්ච එලියා මාටේල් ව හා දරුවන් දෙදෙනාවත් මරා දමා ඔහුට තම පක්ෂපාතීත්වය පළකළ බව සඳහන්. මතක ඇතිනේ මේක ගැන තමා ඕබ්රන් කුමාරයා අහන්නෙත්. ඒ වගේම ජේමි පිස්සු රජාව මරලා සිංහාසනය මත ඉඳගෙන උන්න කියලත් කියවෙනවා. හැබැයි ටාගේරියන් අනුගාමිකයින් විසින් පිස්සු රජාගේ ඉතුරු දරුවන් දෙදෙනා වෙච්ච විසේරිස් හා ඩැනේරිස්ව හොර රහසේ එසොස් වෙත රැගෙන යන්න සමත් වෙනවා. (ඩැනේරිස් ට රජකමේ උරුමය තියෙන්නෙ කොහොමද කියලා පැහැදිලියි නේ)
ඉතින් රජ පවුල වෙච්ච ටාගේරියන් පවුලේ ලේ උරුමයකින් (මම උඩින් ලියලා තියෙන ටාගේරියන් ආක්‍රමණය කොටස බලන්න) පැවත එන වංශයක් වෙච්ච රොබට් රජු විදියට අභිෂේක ලබනවා. ඒ වගේම ලැනිස්ටර් වරුන් හා තිබෙන බැඳීම ශක්තිමත් කරන්න සර්සි ලැනිස්ටර්ව සරණ පාවා ගන්නවා. ජේමිට රාජ ඝාතන චෝදනාවට සමාව දීලා ඔහුව නැවතත් කිංග්ස්ගාඩ් ආරක්ෂක අංශයේම පිහිටුවනවා.
රොබට් බැරැතියන් ගේ පාලන සමය.
රොබට් රජු සර්සිව බැන්දට හැබැයි ඔහු ඇයට ආදරය කරන්නෙ නෑ. හැබැයි ඔහු බොහොම සල්ලාල රජෙක් බව තමා කියවෙන්නේ. ඒ වගේම ඔහුට දාව ළමුන් තිදෙනෙක් සර්සි බිහි කළත් අපි දැන් දන්නවනේ එයාලා ඇත්තටම ඇගේ සහෝදර ජේමිට දාව උපන් අය කියලා.
289 AL – අයන් දූපත් වල බේලන් ග්‍රේජෝයි කැරැල්ලක් පටන් ගන්නවා. මේ කැරැල්ල රොබට් හා නෙඩ් විසින් මර්දනය කරනවා. එහිදී බේලන් ග්‍රේජෝයිගේ වැඩිමහල් පුතුන් දෙදෙනා මිය යනවා. පොඩිම පුතා වෙච්ච තියෝන් ව නෙඩ් ළඟ ප්‍රාණ ඇපකරුවෙක් වෙන පොරොන්දුව පිට ආපහු බේලන් හට පාලනය භාර දෙනවා. මේ පලිය තමා බේලන් රොබට් ස්ටාක් යුද්ධයට ආධාර ඉල්ලපු වෙලාවේ අරගන්නේ.
297 AL – එසොස් වල පෙන්ටොස් වල ප්රභූවරයෙක් වූ ඉලීරියෝ මොපාටිස් විසින් පිස්සු රජු ගේ ඉතුරු වෙච්ච ළමයි දෙන්න වෙන ඩැනේරිස් හා විසේරිස්ට තම මන්දීරයට ආරාධනා කරනවා නැවතත් කිරුළ දිනාගැනීමට උදව් දෙන්න.
298 AL – Game of Thrones පළමු අදියරේ සිදුවීම් පටන් ගත් කාලයයි.
299 AL – Game of Thrones දෙවන අදියරේ සිදුවීම් සිදුවෙන කාලයයි.
300 AL – Game of Thrones තෙවන අදියරේ සිදුවීම් සිදුවෙන කාලයයි.
301 AL – Game of Thrones මේ අදියරේ (සතරවෙනි අදියරේ) සිදුවීම් සිදුවෙන කාලයයි.
මේ කාල සීමාවන් රූපවාහිනී කතා මාලාවේ කාලසීමායී. පොත් වල මේවලට සුළු සුළු වෙනස් කම් තියෙනවා කියලා කියවෙනවා.
ඔන්න එහෙනම් කෙටියෙන් වුණත් සෑහෙන්න ලිව්වා අද. දැන් නම් ගොඩක් පැහැදිලි වෙන්න ඕනා මේ සිදුවෙන සිදුවීම්. තව උදව්වක් වෙන්න මෙන්න තරිඳු සහෝගේ විඩියෝ ටිකත් තියෙනවා. එහෙනම් ලබන සතියේ අවසාන කොටසෙන් හමුවෙමු.
ප.ලි. පහුගිය කොටසෙදි කවදාවත් නැති විදියට ආසිරි පරාජය බාර ගත්තා නොවැ. මම නම් කවදාවත් හිතුවෙවත් නෑ ආසිරියා ලේසියෙන් පහුබහී කියලා. අනික අපේ සිරාජයත් දිග කමෙන්ට් දාල ගේමට එන්ටර් වෙන වෙලාවෙම. මම නම් කියන්නෙ අසිරියෝ උඹ සෙකන්ඩ් වෙන්න එපා. නිකන්ම සිරාජයට වුණත් දිනන්න දෙන්න එපා. අදත් වෙනදට වඩා දිග අදහසක් දක්වමු එහෙනම්. 317
පසුබිම් විස්තර ලිපි.
1) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
2) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
3) ඇදහීම් හා නයිට්වරු.
4) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
5) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
6) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
7) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
8) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
9) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
Due to copyright issues, we do not provide any torrent links.
57206 downloads
උපසිරසියට හා මේ විස්තර කිරීම් වලට ගොඩාක් ස්තූතියි…
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ohommama A Song of Ice and Fire series eka parivarthanaya karamukoooo aiyeeee kattiya set welaa
sub ekatai me lipiyatai patta thaanxxx brotherrr thanx thanxx
Thnx sub ekta…
Tnx broo
Good
Sub ekta Thanks
player eken ghn sub add krna yaddi Sub file pennane nane godak episode wala ehemai
Ela, Good job….! sub ekata thanks….!
Thanks brothers .. thanks …. vistharaya superb …
Thanks bro…
me lipiya godak wadagath una , ela…
me explain eka godak wadagath una , ela…
me lipiyanm godk wedagt una..thnkz guyz
thanks bro
thanks aiyye
Thanks great work
ලිපියට බොහෝම ස්තූතියි!
thanks machanla
thank you very much bro. god bless you
thank you very much royly fernando. you have done so much to sri lanka. god bless you
>dg
ketiyenma kiwwoth P.A.T.T.A
Thanks
නියමයි රොයිලි අයියේ..
නියම කතාව..
සබට තුති..
ඔබට ජය..
අම්මෝ අද දිග කමෙන්ට් බෑ
සබට බොහොම තුති
ලිපිය කොර
thanks god job
Episode 10 Awo Subs Danna Royli Ayya.. Elaaaaa…………..
ela . sub num niyamai. meke season 5 kuth ei neda.
thank you very much
niyamaiiii
supirima thma ah
thank you very much bro..
thank you very much bro…
thanks machan
thanks
ado… patta machan supiri wadak…
thank you…………!
Thanks
ස්තූතියි!!!!!!
Thanks machan
ගොඩක් වටින විස්තරයක්, ගොඩක් ස්තූතියි කථාව ගැන පහැදිලි අවබෝධයක් දුන්නට.
කතාව ගැන නියම විස්තරයක් කරලා තියනවා.සබ් එකට ස්තුතියි
හතර වෙනි පොත ඊළග කොටසින් ඉවරකරන්න බැරි වෙයි වගේ,සීසන් 5 ටත් යන්න වෙයි.මොකද හතරවෙනි පොතෙ ඉතුරු කතා ටික එක කොටසකින් කරන්න අමරුයි.
thanks මචං thanks
thankzz saho.denakan bala bala unne.anith ewath ikmanatama demu
Machan ela aha..
That post 😀 😀 😛
OH MY GOD!
කතාව ගැන නියම විස්තරයක් කරලා තියනවා.සබ් එකට ස්තුතියි.
thank you roily.. maarai… pattai.. thanks. asiri…
Thanks Roy… Saho………. Sabata Thuthi…..
නියම පැහැදිලි විස්තරයක්.
එළකිරි !
කමෙන්ට් ටික දැක්කමත් පිස්සු හැදෙනවා.
රොයිලි හැමදමෙත් කාලයක් නම තියාගන්න පුලුවන් විදියට ගේම දෙනවා !
(මතකනේ ඇවටර් එක)
ජයවේ්වා !
මේක බලහන් බලහන් කියලා කියනකොටඅනේ බන් මම රජ කාලේ කතා බලන්නේ නෑ පලවෙනි එපි දෙක තුන බැලුවා මට අල්ලලා ගියේ නෑ කියපු එකාමද මේ ඉන්නේ?
අපිටනම් ඉතින් මාගල් වගේ කමෙන්ට් දාන්ට හැකියාවක් නැහැ ඉතින්
මොනා උනත් ආසිරි කොල්ලා ගැනනම් මාර සන්තෝසයි
පරාජය බාරගන්නවා කියලා සද්ද නැතුව ගේම දීලා
මොනා උනත් මේ කතාවට උපසිරසි උබෙන්ම ඉල්ලපු එක වැරදි නැහැ
මොකද මම දුන්නත් මේ වගේ විස්තර දාලා ලිපිය ලියන්නේ නැහැ ආත්මෙකට
ගිය සුමානේ වගේම මේ සුමානෙත් ලිපිය තියනවා පතුරු ගැලවෙන්නම
ලබන සුමානේ ලිපිය ගැන මට දැනටමත් හිතාගන්ට පුළුවනි
ආර්යා හවුන්ඩ් ලොක්කට දාපු කින්ඩියනම් කියලා වැඩක් නෑ
මම ආර්යට ආස වෙන්න ගත්තේ පලවෙනි කතා සමයේ ‘ලයර්’ කියලා කියනවා ගොඩක් තැන් වලදී
ඒ වචනේ ඒ විදියට කියන කෙනෙක්නම් තාම හම්බවෙලා නෑ
ඒ දවස්වල ඉදලම බැන්ද පෙම තමා මේ තම හද පතුලේ රිදුම් දෙන්නේ
සබට බොහොම ස්තුතියි රොයිලියෝ
මෙන්න ගන්නවා! 😀
බුදු අම්මෝ රොයිලි මාරයි නොවෑ. මචං ඔය පොත ඉන්ටනෙට් එකෙන් හොයා ගන්න පුලුවන් නම් ලින්ක් එක දෙන්නකෝ ඉංගිරීසි දන්න එකෙක් ලවා කියවා ගන්නම්. එතකොට ලබන සතියෙන් මේකේ 4 වෙනි සමය ඉවරයි ආයි එන්නේ 2015 අප්‍රේල් නේද? ඒ වෙනකම් පුලුවන් විදිහට අපිට මේ කතාවේ ඉතිහාසය දෙන්න පුලුවන් නම් පට්ට මචං. ට්‍රයි එකක් දාපන් මචෝ ඔන්න මම සබ ගත්තා ස්තූතියි
aiyo ban 2015 april wenakam inne kohomada???
Thanks
මචං ආසිරියෝ උඹට පිස්සුද හැටිද මාර විස්තර ටිකක නේ උඹ කියලා තියෙනෙන්. කෙහෙන්ද බන් මේවා හොයා ගන්නේ. අර උඹට සර්ච් කරන්න ලැජ්ජා වගේ තියන අනිත් චිත්‍රපටය මම හොයා ගන්න බලන්නම්. උඹයි රොයිලි දෙන්න මොකක් හරි අවබොදතා ගිවිසුමක් යටතේ යන ගේමක් ද මේ පෙන්නනේ අපේ ලෙමන් පෆ් තුමා වගේ
මුලින්ම මට සමාවෙන්න රොයිලි අයියේ කමෙන්ට්ටුව දාන්න පරක්කු
පරක්කු උනාට. මම හිතන්නේ ඔයා දන්නවා ඇති මේ දවස්වල මට අන්තර්ජාලයට
පැමිනීමට තිබෙන බාදාව.
හරි දැන් ලිපිය පැත්තට හැරුනොත් මම හිතන්නේ මේ ලිපිය කලින් පල කල
ලිපියට වඩා විශාල බවයි. කමක් නෑ, කතාවේ නොතේරුනු තැන් ගොඩාක් තේරුම්
ගන්න මේ ලිපිය උපකාරී උනු බව ඇත්ත.
ඒ වගේම කලින් කොටසේ මම කමන්ටුවක් විදිහට පල කල අදහසක් උනු ”අපේ ඕබ්ර්යන් කාරයා
කොට ආදීපාදයා වෙනුවෙන් සටනට ඉදිරිපත් වෙන්න යන එක ගැන සර්සි අක්කාගේ මොන විදිහේ
ප්ර්තිචාරයක් ලැබෙයිද කියලා” කියන එක ගැන මම බලාපොරොත්තු උනාට එහෙම දෙයක් සර්සි දක්වපු
නැති නිසා මේ කතාවේ ඉදිරියට මොන මොනවා සිද්ද වෙයිද කියන එක ගැන මම අනුමාන කිරීමෙන් වැලකී
සිටින්නට සිතා ගත්තා.
ඒ එක්කම අපේ ආසිරි අයියා පරාජය බාර ගත්තා කියලා කිව්වාට මට පේන්නේ එයා එහෙම එකක් සිදු කරලා නෑ වගේ.
එයා කතාව ගැන කියන්නේ නැතිව කතාවට සම්බන්ද අය ගැන තොරතුරු හොයාගෙන කමෙන්ට් දානවා.
එයා ඒ විදිහට බර කමෙන්ට් දානවා. ඒ හින්දා මට පේන විදිහට එයා රොයිලි අයියාට සෙකන්ඩ් වෙලා නැති හැඩයි.
මම හිතන්නේ රොයිලී අයියේ ඔයාට මේ ගැන තේරෙන්න ඇති.
ආසිරි අයියා බාහිර තොරතුරු හොයාගෙන දාන නිසා මාත් පොඩි බාහිර තොරතුරක් දාන්නම්කෝ.
ඒ තමා HBO නාලීකාවේ මේ තාක් විකාශනය වූ වැඩහටහන් අතරින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට තමා වැඩි
ප්‍රේක්ශක ප්ර්තිචාරයක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක් කොටසක් මිලියන 18.4ක් නරභන බව
ඔවුන් ඉතා ලගදී කල සොයා බැලීමකින් ප්ර්කාශයට පත් කරලා තියෙනවා.
ඒකට අපි ටොරන්ට් සයිට් වලින් බාගෙන බලන අයගේ රේට්න්ස් ඇතුලත්ව නෑ. ඒවත් ගනන් ගත්තොත් මේ
මීට වඩා ඉහල යන බව නාලීකාවේ අය පවසා සිටිනවා.
මම හිතන්නේ මේ කමෙන්ට් එක අදට ඇති කියලා. ලබන සතියේ අවසාන කොටසට තොරතුරු ටිකක් හොයාගෙ
ඉතා බර කමෙන්ට් එකක් දාන්නම්කෝ.
ඔන්න ඉතින් රොයිලී අයියේ මාත් ඉතින් ආසිරි අයියාට සෙකන්ඩ් උනේ නෑ………. 😀 😀 😀
Liyenna stark te mokade une ethakote?
niyamai broo..sub denakn balan hitiyee..thnkss
thanks bro..(meka kiyawanna mechchara welawak yanavanam meka apita denna kochchara welawak yanna athda? thanks again..)
බොහොම ස්තුතියි රොයිලි සහො….
ස්වේත අවිදින්නෝ ගැනත් ටිකක් පැහැදිලි කරන්නකෝ…
sub ekata thanx sahooo
එලකිරි සබට බොහොම ස්තුතියි රොයිලි සහො 😛 😛 ජය
Thanks…
ලිපියටයි උපසිරැසියටයි ගොඩක් පින්
sthutii yaluuu
Thanks….
thank you very much.
thaaanxxxxxxxxxxxxxxxx machann
ela ela saho patta api wenuwen loku lipiyak dammata godak pin jaya wewa
ammooo… marama watina wistharayak. godak pin oyalata me wena mahansiyata. bohoma pin! 🙂
මුලින් ම ගිය කොටහ ගැන කියනවනම්,
මේ සීරිස් එකේ මම බලපු තවත් හොඳම කොටසක් තමයි ගිය සතියේ කොටස..
ආර්යා හවුන්ඩ් ට දීපු නෝන්ඩිය නම් සිරාවටම මැක්සා..
ඒ වගේම සන්සාත් ගේමට බැස්සා, සනසා ගේ අලුත් පෙනුමත් නියමයි….
අපේ ග්‍රේ වෝම් ගැන නම් දුකක් ඇති උනත් පොරට කුලුන සහ ගල් නැති එක ගැන..ඒත් මම දැක්කා fb එකේ දාල තියෙනවා ඒ දෙක නැති උනාට මොකෝ මට දිව තියෙනවා කියලා..මමත් කියන්නේ ග්‍රේ වෝම් මචෝ..අරින්න එපා..
අපේ තියොන් මෙයා කවද හැදෙයිද මන්දා..
ජෝරාට උණු දේ නම් සිරාවටම දුකක්..
අනිත් දේ තමයි අපේ ටිරියන් උන්නැහේ..
ඇත්තම කියනවනම් මට ජෙමියි ටිරියනුයි අර කතා කරපු කුරුම්නි සීන් එක ඒ තරම් පැහැදිලි මදි වගේ…
කොහොම උනත් අපේ ඔබ්රින් ගේ මරනය නම් කොහෙත්ම බලාපොරොත්තු නොවුණු දෙයක්..
මම හිතනවා මේ සතියේ එහෙම අකටයුත්තක් අපේ ටිරියන්ට වෙන එකක් නැහැ කියලා..
ඔන්න ඔහොමයි දේවල් උනේ..
හොඳමයි,
මම අද වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ..
මොකද මම තරඟයෙන් ඉල්ලා අස්වුණු නිසා..මට ඇත්තට දුක් වෙනවා සිරාජ් ගේ ඉල්ලන් කෑම සම්බන්දව..
අපේ රොයිලි සහෝදරයා ඔයාලට මෙම කතාවේ ඉතිහසය ගැන හොඳ විග්‍රහයක් කරලා තියෙන නිසා..
මම හදන්නේ කතාවෙන් ඔබ්බට ගිහින්, ඔයාලා ගේම් ඔෆ් ත්රෝන් ගැන නොදන්නා සරළ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නටයි..
01. 2012 දී අලුත ඉපදුණු දරුවන්ගේ නම සදහා දෙමාපියන් විසින් “කලීසි”කියන නම යොදලා තියෙනවලු.
02. මේ කතාවේ බ්රියන්නේ චරිතය රඟ දක්වන කෙනා එයාගේ උපන්දිනය දන්නේ නෑලු.
03. සන්සා විසින් බල්ලෙක් ඇති කරනවලු, ඌ තමයි ලු මේ කතාවේ වෘකයෙක්ට පණ පොවන්නේ. ඒ බල්ලාගේ නම සුන්නි ලු.
04. අපේ ටිරියන් ලොක්කා මස් මාළු වර්ග කන්නේ නැ ලු, නිර්මාංශයි ලු. කතාවේදී කන එව්වා බොරු එවලු.
05. අපේ ආර්යාගේ මුල්ම රඟපෑමලු මේ කතාව.
06. රොබ් ස්ටාක් ගේ බිරිඳ විදියට රඟපාපු කෙනා චාලි චැප්ලින්ගේ මිනිබිරියක්ලු.
07. වයස අවුරුදු 13 ක චරිතයක් රඟපාන බ්‍රාන් එක්ක ඉන්න අනිත් ජෝජන් රීඩ් කොලුවාගේ ඇත්ත වයස 23 ක් ලු.
08. තියෝන්ගේ සහෝදරිය විදියට රඟපාන යාරා ගේ නම ගේම් ඔෆ් ත්රෝන් පොතේ තියෙන්නේ “ආශා” ලෙසටලු.
09. මේ කතාවේ භාවිතා කරන දොත්රාකි වරුන්ගේ භාෂාව මේ කතාවටම හදපු භාෂාවක් ලු, වචන 3000 ක් පමණලු තියෙන්නෙත්.
10. සන්සා සහ ආර්යා සැබෑ ජීවිතේදී හොඳ යාළුවො ලු.
11. පීටර් ඩින්ක්ලෙග් නොහොත් අපේ ටිරියන් උන්නැහේ, මේ කතාවේ අධ්යක්ෂ ජෝර්ජ් ආර් ආර් මාටින්ගේ මුල්ම තෙරීමලු ටිරියන්ගේ චරිතයට.
12. කතාව තුළ නයි වයිරෙන් ඉන්න සර්සි සහ ටිරියන් කතාවට කලින් ඉඳලම හොඳ යාළුවො ලු.
13. සර්සි ගේ චරිතය සර්සි ට අරං දෙන්න ටිරියන් උදව්ත් කලාලු.
14. අපේ ජෝෆ්රි කොලුවා “batman begins” චිත්‍රපටයේ batman ගේ කුඩාකල චරිතෙට ඉඳලා තියෙනවා.
15. මේ කතාවේ පළමු කොටස විකාශය උනාට පස්සේ අපේ ජෝෆ්රි කොලුවට අධ්යක්ෂ මාටීන් ගෙන ලියුමක් ආවලු “සුභ පැතුම්, හැමෝම ඔයාට වෛර කරනවා” කියලා ලියපු.
16. කතාවේ ටිරියන්ගේ ගණිකාව (ආදරවන්තිය) ලෙස රඟපාපු “ශේ” එයාගේ වෘත්තීය පටන් ගත්තේ පෝර්න් ස්ටාර් කෙනෙක් විදියටලු. (මමත් ටිකක් සර්ච් කරලා බැලුවා, ඒ කතාව නම් ඇත්ත).
17. ජෙමි ලැනිස්ටර් රඟපාපු මුල්ම චිත්‍රපටය “Black Hawk Down”
18. කලීසිගේ කොන්ඩේ අච්චර සුදුපාට නෑලු, කළුම කළු කොණ්ඩයක් ලු තියෙන්නේ.
19. ඒ වගේම සන්සා ගේ කොන්ඩේ සුදුම සුදුයි ලු, කතාවට ඩයි කරලලු.
20. ඒ වගේම, අවසාන වශයෙන් ගේම් ඔෆ් ත්රෝන් කතාවේම පෝර්න් චිත්‍රපටයකුත් තියේලු “ගේම් ඔෆ් බොන්ස්” කියලා..(සර්ච් කරලා බලහල්ලකෝ, මමනම් දන්නේ නැ).
තවත් තිබ්බා, එව්වා ඕනේ නැ..මේ මදෑ..
ඉතිං රොයිලි අයියනඩියේ..
සමාව දෙනු මැනවි…
මොන වරදක් කලාටද මේ…
අදත් ගෙදර ආපු වෙලේ ඉඳන් (6ඉඳන්) මේ වෙනකම් (දැන් 9.15 යි) මේ පෝස්ට් එකෙමයි..
මිනිස්සුන්ට තමයි වචන වරදින්නේ.. වචනයක් වැරදුනා කියලද මේ..
අයියෝ..
ඔන්න එහෙනම් අපි යනවා කතාව බලන්න..
ජය වේවා…
මේක බලහන් බලහන් කියලා කියනකොට
අනේ බන් පලයන් යන්න මම රජ කාලේ කතා බලන්නේ නෑ
පලවෙනි එපි දෙක තුන බැලුවා මට අල්ලලා ගියේ නෑ
මල ජරාවක්
කියපු එකාමද මේ ඉන්නේ? 😮
patta pata pata
thanx machn meka balankan iwasillak natuwa hitiye. ekat ekatama ube comentuwa tama maru. eka kiywala iwarawenkota meka dwnload welath iwarai. machn ubata pin.
antima kotasata vishesha deyak karai kiyala hitanwa! 🙂
Thanks aiye.
thanks bro…..
patta. vistarayatat bohoma isthuthiiii 🙂
මේ ඉතිහාසය ඇතුලත් කරලා ටෙලිය ගැහැව්වේ නැත්තේ ඇයි රොයිලි.මේ ඉතිහාසය පලමු පොතේද තියෙන්නේ.
Thanks machan
ela kiri machan
අම්මෝ ඔයා නම් දෙයියෙක් නෙමේ, දේවාාාාලයක්. හි හි හි………….
අනංකවම කියන්නේ මචන් රොයිලි අයියේ මම පිස්සුවෙන් වගේ මේක බලන්න ඇබ්බැහි වෙලා.. මචන් අයියේ අපිටි මේකට කමෙන්ට් දාන්න වෙලාවක් නැහැ බන්.. පට්ට වැඩ.. බැංකුවක ඉන්නේ අද මම බොසාගෙන් බැනුනුත් ඇහුවා තෝ නිසා.. ඇයි උදේ ඉදන්.. දාලද දාලද කියල බලනවා.. උ දාන හැම එකක්ම අනිවා බලනවා.. මොකද උ සබ් දානවා කියන්නේ අනිවා වරවෙනකම් දානවා විතරක් නෙවෙයි ගේම ඉක්මනින්ම වරකරනවා… අන්න ඒකයි.. අද කලින් ගෙදර ආව බැනපු හිතේ අපාරුවටත් එක්ක.. එනකොටම මෙන්න බොලේ දාල… වාව්… උබට පිං. දෙන්න තියෙන්නේ එච්චරයි.. හිත සතුටින් තියන්න උත්සාහ කරන මේකෙ ඉන්න නිර්ලෝබී කොල්ලො සෙට් එකටම පිං දුන්න කියමු එහෙනම්.. මම බලනවෝ… අම්මේ දිග රචනයක් උනා… උබේ විස්තරේ වගේම… මම හැමදාම බැලුව හැබැයි අද තමයි. මේකෙ කෙටුවෙ. සමාව දෙනව නේදො…………………………………..
අප්පොච්චියේ අද හැන්දාවෙ ඉදන් බලන් උන්නේ අප්පා……………….
එලකිරි සබට බොහොම ස්තුතියි රොයිලි සහො 😛 😛 ජය
pattama patta…. ela 🙂
හොද වැඩක් දිගටම කරගෙන යන්න සුබ පතනවා . මේච්චර කල් comment දැම්මේ නැති උනාට අද ඉදන් දිගටම දානවා.
ජය ශ්‍රී
බොහොම ස්තුති උපසිරැසි වලට වගේම ගොඩක් මහංසි වෙලා කතාවෙ විස්තර ලියන කලින් කමෙන්ට් කරන්න හිතුවත් කවදාවත් එහෙම කරන්න ඌනෙ නැ නැත්නම් වෙනදා සබ්ට් එක බානවා විතරයි 🙁 ඒකට ස්තුතී කරන්න ඕනෙ නිසාමයි අද කමෙන්ට් එක දාන්න හිතුවෙ 😀
ජයවේවා!
thank You machan!
Niyamai saho, Thanx a lot.
නියම ලිපිය.
sub එක එනකම් බලාගෙන හිටියෙ.
ස්තුතියි….
ela aiyee.. patta..
dan tamai katawa hodatama terenne..
supirii
ela.thanx.jayawewa
කලින් සැරේ වගේම රත්තරන් වටින ලිපියක් නොවැ…………..
උපසිරැසියට වගේම ලිපියටත් බොහොම ස්තූතියි රොයිලි.
අප්පටසිරි අද තනිකරම
පෝස්ට් එක නිකන් ඉතිහාසය පාඩමක් වගෙ
දැන් ආසිරියයි සිරාජයයි
දමාගෙන කොටනවා ඇති
ඇයි ඉතින් රොයිලි උන්දැ
දෙන්නවමම ෆෝම් කරලනේ
එලස්
සබට තුති
ඔබට ජය…..
Great work. !
niyamai royli ayye………………………
subta thuthi e wagema lipiyatath…………….
awsana kotasath denakan api bala innawa.
JAYA WEWA!!!!!!!!!!!!!!!!
thankuu…. 😉
රොයිලි අයියා නම් දේවාලයක්
thanks
ස්තුතියි !!
Tnks
බොහොම ස්තුතියි රොයිලි අයියේ ලිපියටයි උපසිරැසියටයි….
Thanx bro!!!
නියමයි…..
වටිනා කියන ලිපියක්….
තේරුනෙ නැති ගොඩක් දෙවල් දැන් දැනගත්ත.
බොහොම ස්තුති සහො…. .
ela tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
නියමයි අයියේ…උදේ ඉදන් බලාගෙන හිටියේ sub දානකන්..
thnx bro
හුරේ අද මම තමා පළවෙනියා….. ගොඩාක් ස්තූතියි සබ් වලට සහෝ…..ජය වේවා…!!!
දවල් ඉඳන් මග බලාගෙන හිටියේ සබ් එනකල් මේකට….
අද ලිපියත් කියල වැඩක් නෑ. පට්ටයි… මුළු කතාවේම නොතේරුණු තැන් ගිය පාර සහ මේ පාර ලිපි වලින් කදිමට තේරෙනවා..
ලිපියට සහ උපසිරසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ….
බොහෝම ස්තූතියි අයියේ උපසිරසට.. ආවෙම ගන්න බලාගෙන.. ජයම වේවා එහෙනම්….. බාන්න දාලා ලිපිය කියවනවා… එලස්ස්ස්…… 😀
Thnx ayye….! sub eka denakal balagena hitiye.. 🙂 🙂
බුඩු අම්මෝ .. ලිපියේ දිග ඔන්න බලනවා අයියේ ඉවසිල්ලක් නෑ මේක බලනකම් 😀 කොට ආදී පාද මැරුනොත් නං වැඩක් නෑ 🙁 නැවත වරක් ස්තුතියි !!
godak sthuthiyi sab ekata 😀
සුප්පා
ඕක දෙනකල් බලන් හිටියේ
great 🙂
Thanks.
එල එල නියමයි අයියේ අද මම තමයි එක හොඳේ…
ජය වේවා එහෙනම්…