Breaking News
Home / All / Ore Mukham (2016) with Sinhala Subtitles | එකම මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

Ore Mukham (2016) with Sinhala Subtitles | එකම මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1. From 20 votes.
Please wait...

කීවත් සවණ පිනවන රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා(යාළුවෙක් උනත්)

සුභ දවසක් යාලුවෝ සියළුම දෙනාට. මුලින්ම පොඩි වදනක් දැම්මා. අද කතාව මොන වගේ එකක්ද කියලා ඔයාලට අදහසක් ලබා දෙන්න තමයි ඒක දැම්මේ. මම කලින් උපසිරැසි ලබාදුන්න Maheshinte Prathikaaram(2016) ෆිල්ම් එකත් බලන්න ඇති කියලා හිතනවා. අද අරගන ආවේ Ore Mukham (2016) කියන ෆිල්ම් එක. මේක අබිරහස්/අපරාධ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ෆිලුම අවසන් මොහොත වෙනකම්ම කුතුහලයෙන් එක දිගට බලාගන යන්න පුළුවන්  ෆිලුමක් තමයි මේක. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajith Jagandnandan විසින්. සංගීතය Bijibal විසින්.තිර රචනය Deepu S. Nair සහ Sandeep Sadanandan විසින්.  ප්‍රධාන චරිත විදියට Dhyan Sreenivasan, Prayaga Martin සහ Aju Varghese රංගනයෙන් දායක වෙලා තියනවා. ෆිලුමට IMDB අගය විදියට ලැබිලා තියෙන්නේ නම් 5.9/10 වගේ අගයක් තමයි. මට නම් හිතෙන්නේ මේකට ඊට වඩා වැඩි ගාණක් ලැබිය යුතුයි කියලයි.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. කතාව සම්බන්ධ වෙන්නේ වර්ෂ 1980 ගණන්වල ශාන්ත තෝමස් කොලේජ් එකේ සිදු වූ සිදුවීම් දාමයක් වටා. ඒ වගේම වර්තමානයටත් සම්බන්ධයි. සක්කරියා පෝතන්, දාසන්, දේවන්, අරවින්දන් සහ ප්‍රකාෂන් එකම කැම්පස් එකේ එකම බැජ් එකේ කොල්ලෝ සෙට් එකක්. පට්ටම කොල්ලෝ සෙට් එකක්. ආදර කතා කිහිපයකුත් ගලාගන යනවා ඔය අතරේ. දේවන් සහ ගයත්‍රී එකිනෙකාට ආදරේ කරනවා. ඒත් ගෙදරින් අකමැති වෙන නිසා සක්කරියා පෝතන් මේ දෙන්නව ගෙදරින් එක්ක ඇවිත් කසාද බන්දනවා. ඒත් අවාසනාවට ඒ දෙන්න එදාම මරලා දානවා. මේ මිනී මැරුම සක්කරියා පෝතන් කළා කියලා තමයි පොලිසිය කියන්නේ. සක්කරියා පෝතන් පැනගොස් සැගවුන කෙනෙක් විදියට තමයි පොලිසිය විසින් කියන්නේ. ඇත්තටම සක්කරියා පෝතන්ට මොකද වුණේ, දේවන් හා ගයත්‍රී මැරුවේ කවුද, ඇයි මැරුවේ, වගේ ප්‍රශ්ණ විසඳගන්න ඕන නම් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. ෆිලුමේ අවසානය දක්වාම කුතුහලයෙන් එක හුස්මට බලාගන යන්න ඇහැකි.

මිත්‍රත්වය කියන්නේ මේ ලෝකේ තියන ශ්‍රේෂ්ටම දෙයක්. අපි අතර කල්‍යාන මිත්‍රයන් සේම පාප මිත්‍රයන්ද ඉන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිතුරා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඔබට ඉන්නවා නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිතුරෙක්  නම් ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්නත් පුළුවන්.

“මම මැරෙන මොහොතේ මගේ ඇස් දෙක වහනකොට, අවසාන වතාවට දකින මුණ ඔයාගෙම වෙන්න ඕන” මේක කියන්නේ සක්කරිය පෝතන්ට එයාගේ ආදරවන්තිය(භාමා). හිතට වැදුණු දෙබසක් බං. ඒකයි කියලා දැම්මේ.

තවත් උපසිරසියකින් හමුවෙමු. ජයවේවා..!!

 Ore Mukham (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.cz – Ore Mukham (2016) Malayalam DVDRip x264 700MB ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 comments

  1. thanks for the sub

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දැන් මලයාලම් නැගලා යනවා නේහ්.. 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  3. තරිඳු රසාංග

    සබට බොහොම ස්තුතියි සහෝ,
    මඟ අරුණු ලස්සන මලයාලම් ෆිලුම් වල උපසිරැසි මේ විදියට ඉස්සරහටත් දෙමු,බයිස්කෝප් මලයාලම් රසිකත්වය වැඩි කරමු,ජය!

  4. බොහොම ස්තූතියි

  5. බොහොම ස්තුතියි උපසිරසියට

  6. thnx bro sub 1t……………dgtma kragena ymu…….good luck!!

  7. බොහොම ස්තූතියි

  8. සුදේශ් මදුසංක

    සබ් එක ඩවුන්ලෝඩ් කරගන්නකොට කොමෙන්ටුවක් කොටන්න බැරි වුනා ඉතිං. ඒත් බැලුවට පස්සේ කොමෙන්ටුවක් දැම්මොත් හොඳයි කියලා හිතුනා. සුපිරි ෆිල්ම් එක සහෝ. ඔයා නියමෙටම සබත් දීලා තිබුණා. අප වෙනුවෙන් මේ කරන සේවය ඉතා අගය කරනවා. ඉදිරියටත් මෙවැනි සුපිරි නිර්මාණ අපට දායාද කරන මෙන් ඉල්ලා සිටිනවා.
    බුදුසරණයි

  9. thnx bro…

  10. බොහොම ස්තූතියි උපසිරැසියට

  11. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  12. Thanks..
    Good Luck..

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Thank’s for sub bro…..
    Jaya wewa!!!

  15. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  16. niayamai…malayalam films nm atharin na..thwa malayalam film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තුතියි උපසිරසියට.
    ජය!!!