Breaking News
Home / All / Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8. From 75 votes.
Please wait...

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු පන්දහස ඇතුලතදී, මෙම රමණීය වූ පෘතුවි තලයෙන්, ප්‍රචණ්ඩකාරී මරණ බිලියනයක් පමණ වාර්තාවෙලා තියෙනවා. එමෙන්ම, එම කාල සීමාව තුලදීම, ප්‍රධාන හමුදා ගැටුම් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් සිදුවී තිබෙනවා. ඉදිරියටත් මේ ආකාරයෙන් සිදුවුවහොත්, ඉදිරි වර්ෂ හයසීයක කාල සීමාවක් තුලදී, මනුෂ්‍ය වර්ගයා මෙම පෘතුවි තලයෙන් සදහටම වියැකී යනු ඒකාන්තයි.

තවත් එක්තරා සාමාන්‍ය දවසක්. නමුත් රුසියාවට නම් එහෙම නැහැ. වර්ෂ ගණනාවකට පසු, දුර්ලභ වූ උල්කා වර්ෂාවක් ඇද හැලෙන්නාවූ දිනය අදයි. නමුත්, කිසිවෙකුත් නොසිතූ විරූ අයුරින්, සුළු නිමේෂයකින් සියල්ලම උඩු යටිකුරු වෙනවා. හදිසියේම හඳුනා නොගත් යාත්‍රාවක්, පෘතුවි කක්ෂයට ඇතුල් වෙනවා. කිසිසේත්ම හඳුනාගත නොහැකි මෙම අබිරහස් යාත්‍රාව හේතුවෙන් සමස්ත ලෝකයාම කම්පාවී යනවා. කෙසේහෝ, අවසානයේ ප්‍රහාරක යානා යොදවා, මෙම අබිරහස් යානාවට ප්‍රහාරයක් එල්ල කරනු ලබනවා. මෙම ප්‍රහාර හමුවේ අසරණ වන අබිරහස් යාත්‍රාව, ජීවිත සිය ගණනක් අහිමි කරමින් සහ ගිණිය නොහැකි තරමේ දේපල හානියක් කරමින්, රුසියාවේ මොස්කව් අගනගරයට කඩා වැටෙනවා. මෙම සිදුවීමත් සමගින් සමස්ත ලෝකයාගේම ඇස යොමුවන්නේ රුසියාව කෙරෙහියි. කුමක්ද මේ අභිරස් යාත්‍රාව? මෙය පිටසක්වල යානාවක්ද, නැතහොත් වෙනත් රටකට අයත් වන්නාවූ පර්යේෂණ අත්හදාබැලීමක්ද? මෙම අබිරහස් යානාව ඇතුලේ සිටින්නේ කවුරුන්ද? ලැබුණු පිළිතුරු වලින් සියලු දෙනාම පුදුමයට පත්වුනා. ඒ ආකාරයටම, සැබවින්ම ඔබත් පුදුමයට පත්වෙනු ඒකාන්තයි…

Action, Sci-Fi, Romance, Drama යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින, රුසියානු භාෂාවෙන් නිකුත්වූ මෙම සලරුව, ඇමරිකානු ඩොලර් මිලියන 6.3 ක බරපැනක් දරමින් නිෂ්පාදනය කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 18.4 ක බොක්ස් ඔෆිස් ආදායක් වාර්තාවක් පිහිටුවීමට සමත්විය. චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙන තාක්ෂනය ගැන පවසනවා නම්, සැබවින්ම ඔබ පුදුමයට පත්වේවි, හොලිවුඩ් පුරවරයෙන් පිටත මෙතරම් අතිශයින් දියුණු තාක්ෂයන් භාවිතා කරමින් චිත්‍රපට නිපදවෙනවාද කියා. එතරම් ඉහල මට්ටමේ දියුණු තාක්ෂණයක් සමගින් චිත්‍රපටය ඉතාමත් තාත්වික ආකාරයෙන් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ වගේම, හැමදෙනෙක්ම වගේ පිටසක්වල ජීවින් හා ගෙතුණු චිත්‍රපට නරඹලා ඇති. නමුත් මාගේ වචනය විශ්වාස කරන්න. මෙවැනි වූ කතාවක් නම් ඔබ කෙදිනකවත් නරඹා නැති බව විශ්වාසයි. මේතාක් දුරට කාලයක් මුළුල්ලේ ඒකාකාරී ලෙස නිෂ්පාදනය වෙමින් පැවතුනාවූ පිටසක්වල ජීවින් පදනම් කරගත් චිත්‍රපට ඉතිහාසයේ නව දොරටුවක් විවර කරමින්, සැබවින්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ප්‍රේක්ෂකයා හට තිලිණ කර දෙනු ලබනවා. එසේනම්, ත්‍රාසය, භීතිය, කුතුහලය, ක්‍රියාදාම, ආදරය සහ ද්වේශය අතර දෝලනය වන්නාවූ හෝරා දෙකක කාලයක් පුරාවට අතරමංවීමට සහෘද ඔබ සැමට කෙරෙන්නාවූ සුහද අරාධනවත් සමගින් අදට සමුගන්නවා.

හැමදෙනාටම ජයවේවා!!!

 

NEW

Attraction (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි සියළුම WEB/ BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 comments

  1. Nirodha uthpala

    File eaka unzip karapuhama blueray sub eake size eaka 0.00 bytes kiyala I pennahan ne poddak eaka balanna bro hariyata copy vela na

  2. බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

  3. Nirodha uthpala

    Tahudu oya theyenne obata jaya

  4. sub akta tnxxxx………..

    puluwnnm me film dekatath sub denwda

    Office Christmas Party (2016) [YTS.AG] , The.Golden.Compass.2007

  5. Film 1 download karanne kohomada???????????????

  6. Web-බුවා

    යකෝ රුසියාව දැන් තද තද නොවැ. ඔහොම යන්. ඔහොම යන. තද තද රුසියා.

  7. Web-බුවා

    පට්ට ස්තූති වේවා සහෝ!

    ජය! 🙂

  8. sub wada nane mx,vlc wada karanne na.. Mokada karanne

  9. Sub වැඩ නෑ ගොඩක් වෙලාවට ,phone එකෙන් බලන අයට මේක අවුලක්……..කොහොම උනත් උත්සාහය වටිනව.

  10. බ්‍රෝ phone එකෙන් සබ් වැඩ කරන විඩියක් නැද්ද්. එක player එකකින් වත් සබ් වැඩ නැහැ නේ.

  11. කවිදු

    සුපිරි ෆිල්ම් එක බොහොම ස්තූතියි…

  12. thank you brothers sisila & ushan, all the best & good luck in your work………

  13. mata meke link eka one.ara thiyena link eka weda karanne nene

  14. mata me film eke link eka hoyala dennako

    • torrentz2.eu සයිට් එකට ගිහිල්ලා Prityazhenie 2017 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතනින් එන කොපි වලින් වෙබ් කොපියක් අරගන්න.

  15. Mx player eke support krana widhta hadala denna barida sahooooo

  16. බොහොම ස්තුතියි සහෝ…….

  17. චින්තක

    සුපිරිනේ බං .ඔන්න බාගන්න දැම්මෝ ……

  18. බොහොම ස්තූතියි….

  19. Kooo bn sub?me sub weda karanne nee redda.berinam baraganne nethuwa idapan

  20. පට්ට ෆිල්ම් එකක් සහො saho සබ් එකට තැන්ක්ස්… sub eka km player eke wada but phone eken baladdi mx eke wada na kalin sub 2 ma hodata wada adu paduwak kiyanawa nwi…. danuwath karanna ona nisa qwe.. නැත් නම් මෙච්චරය මහන්සි වෙලා අපිට සබ් දිලා කතා අහන්න ඕන කියලා මල පැන්නෙත්…

  21. උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. ashan lankanath

    thanks …………………………………….

  23. අයියේ..සබ් එක වැඩ කරන්නෙ නෑ නේ..මම ඩවුන්ලෝඩ් කරේ web dlrip එකක්… ෆිල්ම් එක පටන්ගත්ත ගමන් සබ් එක පොඩ්ඩක් යන්වා…ඊට පස්සෙ සබ් එක යන්නෙම නෑ

  24. supiri machan thaks wewaa!!!

  25. upa sirasiye aulak thyenawa mama eye gaththe mokada karanne?
    anith ayata kiyanna ona mama direct link aka dila thiyenne

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  28. niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  29. sub ekata thank’s sahoo. Jayawewaa!

  30. බොහොම ස්තූතියි

  31. thnx bro…

  32. machanla me film 1 hoyagana nane bn.nama gahuwata film eka anne na ne.komada film eka araganne?????????

    • torrentz2.eu සයිට් එකට ගිහිල්ලා Prityazhenie 2017 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතනින් එන කොපි වලින් වෙබ් කොපියක් අරගන්න.

  33. man kamathi jathiye akak vage. thanks saholata api venuven mechchara kattak kanavata

  34. බොහොම ස්තූතියි සහෝ

  35. elama saho thanks

  36. sthuuthiy yaluwa..meke kathawa wisthare ahuwama nobala ba…me wage eewa thama niyama sci-fi alien film kiyanne…

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි දෙන්නටම

  38. Udara Damith B/K

    අඩෝ මරු
    පිස්සු හැ දෙන එකක් නෙ මන්නම් බැ ලුවා
    අනිත් අයත් බලන්ඩකෝ

  39. thanks bro
    niyma wedak

  40. අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  41. තියෙන ටික බලල ඉවර වෙනකල් කොච්චර ගන් නෑ කියල හිතම් උන්නත් මේ වැඩේ කරන්න බෑ අෆ්ෆ ඔයාල එක්ක… දැම් ඉතින් මේකත් අරගන්න වෙනවන අරම ලිපි දකිද්දිම …ෆට්ට කතාවක් වගේ සහෝල දෙන්නටම ස්තුතියි උපසිරැසි ගැන්නුවට
    අරගෙනම බලමු මෙකත් එහෙනම් ස්තුතියි ගොඩක්