Breaking News
Home / උපසිරසියක් නිර්මාණය කර ජයග්‍රහකයෙන් වෙන්න..!

උපසිරසියක් නිර්මාණය කර ජයග්‍රහකයෙන් වෙන්න..!

 

සිංහල උපසිරසිකරනයේ ප්‍රමුඛයා ලෙස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ඉදිරියෙන් වැජබෙනුයේ ඔබගේ කාලය ශ්‍රමය වැයකරමින් නිර්මාණය කරනා උපසිරැසි මතයි. එම නිසා දහසකට ආසන්න අපගේ උපසිරසිකරුවන් සහ අප හා සම්බන්ද වීමට බලාපොරොත්තු වෙන නව උපසිරසිකරුවන් ධෛර්යමත් කිරීම සඳහා මාසිකව දිනුම් ඇදීමක් කර ත්‍යාග ලබාදීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත්තෙමු.

මෙම අවස්ථාව හිමිවෙන්නේ කාටද..?

බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරසි සපයන ඕනෑම උපසිරසි කරුවෙක්ට මෙම අවස්ථාව හිමිවේ.

අවස්ථාව හිමිකර ගැනීමට කල යුත්තේ කුමක්ද..?

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට උපසිරසියක් නිර්මාණය කිරීමයි. මසකට නිර්මාණය කරනා උපසිරසි ප්‍රමාණයට දිනුම් අවස්ථා ගණන හිමිවේ.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට උපසිරියක් නිර්මාණය කරන්නේ කෙසේද..?

දැනට උපසිරසි සපයන ඔබ දැන සිටියත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට උපසිරසි ලබා නොදුන් එහෙත් ලබාදීමට කැමැත්ත ඇති ඔබ සැමට මෙම ස්ථානයෙන් අදාළ විස්තර ලබාගත හැක.

දිනුම් ඇදීමට අදාළ අංක ලබාගන්නේ කෙසේද.?

සැම මසකම අවසානයේ උපසිරැසිය සඳහා අංකයක් අප ලබාදෙන්නෙමු. ඒ සඳහා වෙබ් අඩවියේ උපසිරැසිය පලවූ අනුපිලිවෙල, උපසිරසියට අදාළ පොස්ට් එකේ නමෙහි ඇති අකුරු ප්‍රමාණය, උපසිරැසිය අපවෙත එවනා ලද ඊමේල් ලිපිනයේ ආකරාදී පිළිවෙල යන නිර්ණායක තුනම බාවිතා කරමු. එමගින් කාටත් සාදාරන අංක රටාවක් නිර්මාණය වන බව අපහට පැවසිය හැක., අවශ්‍ය නම් අදාළ මාසය අවසානයේ තමන්ට එම අංකය ලැබුන ආකාරය ඇඩ්මින් මණ්ඩලයෙන් විමසා සිටිය හැක,.

අදාල අංක සහිත සම්පුර්ණ ලිස්ට් එක පහතින් ඔබට ලබාගත හැක.

 

දිනුම් ඇදීම සිදුවන්නේ කෙසේද.?

අදාළ මස පලවෙන සම්පුර්ණ උපසිරසි ගණන ගෙන එය පහෙන් බෙදීම පළමුව සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස මසකට උපසිරසි 125 තිබුන හොත් 5 බෙදීමෙන් 25 යන අගය ගනු ලැබේ.

ඊට පසු ඇඩ්මින් මඩුල්ලේ සාමාජිකයින් පස් දෙනෙක් සහ වෙබ් අඩවියේ වැඩි කාලයක් සිටින සහ වැඩි උපසිරසි ප්‍රමාණයක් කරනා ලද උපසිරැසිකරුවන් සඳහා වෙන් වූ ෆේස්බුක් ගෘප් එකේ කමෙන්ට් හරහා අංක 5 ක් ලබා ගැනීම සිදුවේ (පළමු කමෙන්ට් පහේ අංක පහ). ඉහත උදාහරණයම ගතහොත් 0 සිට 25 අතර අංක 5 ක් ඇඩ්මින් මඩුල්ලේ සාමාජිකයින් ගෙන්ද තවත් අංක පහක් ෆේස්බුක් ගෘප් හි උපසිරැසිකරුවන් අංකයක් කමෙන්ට් කිරීම හරහා ලබා ගනී., ඉන්පසු එම අංක දෙක බැගින් එකතු කොට ඒවායේ සාමාන්‍ය අගය ලබාගැනීම සිදුවේ. ඊට පසු එම සාමාන්‍ය අගයන් පහ එකට එකතු කිරීම සිදුවේ. එහිදී දශම ස්ථාන පැමිණිය හොත් ආසන්න පුර්ණ අගයට වැටයිම සිදුවේ. අවසානයේ ලැබෙන අංකයට අදාළ උපසිරසියේ හිමිකරු ජයග්‍රාහකයා ලෙස සලකනු ලැබේ.

එය පහත පරිදි පැහැදිලි කර හැක.

අදාළ මාසයේ උපසිරසි 125 තිබේ යැයි සලකන්න. එවිට එය 5 බෙදීමෙන් 25 අගය ලැබේ. ඒ අනුව බින්දුවේ සිට විසිපහ අතර අංක පහක් ඇඩ්මින් මඩුල්ලේ සාමාජිකයින් ගෙන් සහ තව අංක පහක් ෆේස්බුක් ගෘප් කැමති උපසිරැසිකරුවන් අංකයක් කමෙන්ට් කිරීම හරහා ලබාගනු ලැබේ. ඉන්පසු අනුපිලිවෙල අනූව යුගල් කර ඒවයේ සාමාන්‍යය අගය අරගෙන එකතු කරනු ලැබේ.

ජයග්‍රාහි ඔබට හිමිවන්නේ මොනවාද..?

කාලෙන් කාලෙට මෙම තෑගී වෙනස් විය හැක. නමුත් තෑගී තුනකින් එකක් ජයග්‍රාහකයාගේ අභිමතය පරිදි තෝරා ගත හැක.

  • VR බොක්ස් එකක් ( ඕනෑම වර්ගයක ස්මාර්ට් දුරකතනයක් සමග බාවිතා කර හැක)
  • 32 GB පෙන් ඩ්‍රයිව් එකක්
  • රු 2500/= නොවැඩි මාසික අන්තර්ජාල බිල්පත් ගෙවීමක්

මීට අමතරව සෑම කඩඉම් අවස්තාවකදිම උපසිරැසිකරුවන් හට විශේෂ ත්‍යගයක් පිරිනමනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 comments

  1. තිලින චාමර

    හොද වැඩක්..දිගටම කරන් යමු

  2. මාසෙකට රුපියල් 2000කට නොවැඩි ව වියදම් කිරීමක් නැත.
    Advertisements වලින්ම කොච්චර මුදලක් වෙබ් අඩවියට ලැබෙනවා ඇත් ද?
    සිතා බලන්න 🙁

    • අනේ බන්… උබලට සයිට් එකෙන් නිකන් සබ්ටයිටල්ස් දෙන එක නෙමෙයි වැඩේ. ඒ මිනිස්සු ඒකෙ දාන ඇඩ් තමයි ප්‍රශ්නෙ. සයිට් එකක් කරන්න කොයි තරම් වියදමක් යනවද කියල දන්නෙ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහල බලපන්. මේ සයිට් එක අවුරුදු 5ක් විතර කාලයක් කිසිම ඇඩ් එකක් නැතිව දිවුව. කාගෙන්වත් රුපියලක්වත් ගන්නෙ නැතිව. අන්තිමට බැරිම තැන තමයි සයිට් එකේ ඇඩ් පෙන්නන්න ගත්තෙ.

    • ane palayan bn yanna.. site eka salli nathuwa kochchara amaruwenda geniyanne kiyala danne naththan kata piyan hitapan. ad dala salli hewwath moko e minissu.. mehema hari sub denwane lankawe unta.. eka thanakin….. puduma puke amaruwakne thiyenne munta..

  3. Affata… Ela ah… Jaya..!

  4. වටිනවා නියමයි බයිස්කෝප්.

  5. Supiri wadak ela

  6. Gathsara Umesh Kumara

    Aha…meknm niyam wsk sahodara waruni
    .danm mamath sub ekk karann oni

  7. eloooooooooooo

  8. C. R. ජයලත්

    නියමයි මේ කරන්නාවූ ක්‍රියාව. බයිස්කෝප් උපසිරැසිකරුවන් මෙයින් තව තවත් දිරිගැන්වේ!!!!. ජය වේවා බයිස්කෝප්!!!!!!!!!!!!!!