Breaking News
Home / All / Tunnel AKA Teo-neol (2016) with Sinhala Subtitles | බිඳවැටුණු උමගක [සිංහල උපසිරැසි සමඟ]

Tunnel AKA Teo-neol (2016) with Sinhala Subtitles | බිඳවැටුණු උමගක [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5. From 6 votes.
Please wait...

Teo-neol (2016)

කොහොමද ඉතින්? මං අදත් වෙනද වගේම වෙනස්ම කොරියානු චිත්‍රපටියකට උපසැරසියක් අරගෙන තමයි ආවෙ. මේකත් මම හොඳ කොපියක් එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ අවුරුද්දෙ තිරගත වුණ හොඳම චිත්‍රපටියක්. ඉතින් චිත්‍රපටිය මං විතරක් බලල හරියන්නෙ නැති නිසා සිංහලට පරිවර්තනය කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා. 2016 අගෝස්තු 16 තිරගත වීම ආරම්භ කල මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 51 ට අධික ආදාමයක් උපයලා තියෙනවා. ඒ වගේම imdb 6.9 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා. එතකොට මේකෙ ප්‍රධාන නළුවා තමයි මම කැමතිම  ”haa jung woo”. මං මෙයාගෙ කතා කීපයක්ම දීල තියෙන නිසා බලපු අය දන්නව ඇති එයාගෙ චිත්‍රපටි ගැන. හුඟක් අය Rotten Tomatoe අගයත් දෙනවා මං දැකල තියෙනවා මේකට 100% ක්ම ලැබිල තියෙනවා ඔන්න. ඉතින් මේ කතාව පැය 2 යි විනාඩි 7 ක් පුරා දිවෙන,  Drama/Thriller ගණයට වැටිල තියෙන චිත්‍රපටියක්.

හරි එහෙනම් කතාව ගැන සරළව කියනවනම් මෙහෙමයි.  Lee Jung-soo (Ha Jung-woo) කියන්නෙ සාමාන්‍ය වාහන විකුණුම් කරුවෙක්. මෙයා එයාගෙ දුවගෙ උපන්දිනේට වාහනෙන් ගෙදර එනවා. කන්දක් ඇතුලෙ තියෙන උමග ඇතුලෙන් එළවගෙන එනකොට නොසිතන දෙයක් වෙනවා. උමග කඩාගෙන වැටෙනවා. Lee Jung-Soo ට සිහිය ඇවිත් බලනකොට තේරෙණවා එයා කාර් එක ඇතුලෙ හිර වෙලා කියලා. කාර් එක උඩට ටොන් ගානක කොන්ක්‍රීට් සුන්බුන් වැටිලා. මෙයා ලග තියෙන්නෙ එයාගෙ පෝන් එකයි, වතුර බෝතල් දෙකකුයි දුවගෙ උපන්දින කේක් එකයි විතරයි. මෙයා හදිසි ආපදා ඒකකේට කතා කරල උදව් ඉල්ලනවා. කොහොමහරි කාලයත් එක්ක මෙයා මුදවා ගැනීම් කණ්ඩායමේ නායක Dae-kyung (Oh Dal-su) එක්ක හිත හොඳකමක් ඇති කරගන්නවා. මොකද එයා තමයි උමගෙන් පිට ඉඳන් උමග ඇතුලෙ ඉන්න කෙනාට බේරෙන්න උපදෙස් දෙන්නෙ. ඉතින් Lee Jung-soo ට කාර් එකේ පිටිපස්සෙ තිබිලා වැදගත් බඩු වගයක් හම්බෙනවා.

ඒ වගේම මේ උමගෙම  Mi-na (Nam Ji-hyun) කියන තරුණ ගෑණු ළමයයි එයාගෙ බල්ලා ටැංගී(pug)යි හිරවෙලා ඉන්නවා. Mi-na එයාගෙ පපුවෙ තියෙන තුවලයක් නිසා මැරෙනවා. දවස් ගානක් උත්සහ කරත් මෙයාව බේරගන්න බැරි වෙනවා. මෙයාගෙ පෝන් එකේ බැටරියත් බැහැල ගිහින් එළියෙ ඉන්න අය එක්ක සම්බන්ධතාවක් නැති වෙලා යනවා. රජයයි අනිත් හැමෝමයි හිතනව මෙයා මැරෙන්න ඇති කියලා .ඒත් මෙයා ඒ වෙනකොටත් ජීවත් වෙනවා. අන්තිමේදි මෙයාට බේරිලා එන්න පුළුවන් වෙයිද කියල ඔයාලම බලන්න. ටිකක් සංවේදී කතාවක් මේක. ඒ වුණාට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ ගැන මම වග කියනවා. එහෙනම් ඊළඟ උපසැරසියෙන් හම්බෙමු. අදට ගිහින් එන්නම්.

බුදු සරණයි!

Tunnel (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


Tunnel.2016.720p.BluRay.x264.DTS-HDC

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 comments

  1. supirima film eka.
    thank you so much !!!

  2. කලින් බැලුව චාමල් මෙක ඔයා දෙන්න කලින්..
    එ උනත් මම ඔයාගෙ සබ් එක අරගත්ත තැන්ක්ස් බ්‍රො
    පස්සෙ අයේ බලන්න ඔනෙ සබ් එකත් එක්ක ඔයාගෙ

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  4. Thanks brother for subtitles

  5. ashan lankanath

    Very happy new year! thanks

  6. download link eka wada karanne na ne

  7. නුවන්

    සබට බොහොම ස්තුතියි සහෝ . ලින්ක් එකක් තමා හොයාගන්න බැරි …කව්රුහරි ලින්ක් එකක් දෙන්න පුලුවන්ද

  8. බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  9. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Torrent file ekahoyaganna lesima vidiya mokakda

  11. magen direct link nama uda kik karanna

  12. සබට තුති සහෝ

  13. tnx bro..ubanam supiri.patta korean films walata sub denawa.best stories…

  14. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. elama saho thanks.puluwan nam

    The Suspect (2013)

    film ekakath sab denna……..

  17. torrent link ekak dennako

  18. Thanks…

  19. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  20. බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  21. Udara Damith B/K

    1

  22. Udara Damith B/K

    එල කතාවක් වගේ .
    සබට ස්තුතියි.