Friday , January 27 2023

චේන්ෂෝ මෑන් [S01 : E11] Sinhala Subtitles | සතුරා හමුවට…! [සිංහල උපසිරසි] 18+

Rating: 10.0/10. From 8 votes.
Please wait...

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්! උද්වේගකර “චේන්සෝ මෑන්” 11වෙනි එපියේ සබ් එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් එපියේ මොකද උනේ කියල කෙටියෙන් මතක් කරගමු.

ටෝකියෝවේ සිදුවුණු ගැටුමෙදී පබ්ලික් සේෆ්ටි ඩෙවිල් හන්ටර්ස්ලා බොහොමයක් මියගියා. මේ පහර දීම “ඩෙන්ජිව” ඉලක්ක කරලා කරපු එකක්. කටානාකාරයා එක්ක සටන් කරලා අකීටත් තුවාල උනා. ඉතින් කලින් එපිය ආරම්භ උනේ අකී රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඉන්න අවස්ථාවෙන්. හිමෙනෝ ඇතුළු අකී ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කණ්ඩායම් සමාජිකයන් මේ විදිහට මියගිය එක අකීට දරාගන්න අමාරු වේදනාවක් බව අපි කලින් එපියෙන් දැක්කා. ඒ වගේම අකීට ඩෙවිල්ස්ලා දෙන්නෙක් එක්ක ගිවිසුම් තිබ්බා කියලත් අපි දැන් දන්නවා. ඒ ෆොක්ස් ඩෙවිල් හා කර්ස් ඩෙවිල්. කර්ස් ඩෙවිල්ව පාවිච්චි කරලා කටානාකාරයාට පහර දීපූ නිසා අකිගේ ජීවිත කාලය දැන් අවුරුදු දෙකකට කෙටි වෙලා. අවසනාවක මහත! 😥

මේ අතරේ කියෝතෝවලින් ආපූ කුරෝසේ හා ටෙන්දෝ අකීගේ උපදේශන වැඩවලට ඇවිල්ලා. මෙතනදී මේ දෙන්නා අකීගෙන් අහනවා දැන් මේ රස්සාවෙන් අයින් වෙලා ඉතිරි ජීවිත කාලය සතුටින් ගෙවලා දැම්මනම් මොකද කියලා. ඉතින් අකී දෙන උත්තරය තමයි, එයාගේ කණ්ඩායම් සඟයින් මරපු උන් තාමත් යහතින් ඉන්නකොට කොහොමද අයින් වෙන්නේ කියලා. ඉතින් අකී දැන් කැකෑරෙන වෛරයකින් ඉන්නේ කියලා අපිට පේනවා. කටානාකාරයා අතින් ෆොක්ස් ඩෙවිල්ට හානිවුණු නිසා ෆොක්ස් ඩෙවිල් හා අකී අතර තිබුණු ගිවිසුමත් දැන් කැඩිලා ගිහිල්ලා. කර්ස් ඩෙවිල්වත් පාවිච්චි කරන්න පුලුවන් කිහිපවතාවක් නිසා අකී දැන් ප්‍රශ්නෙක ඉන්නේ. ඉතින් දිගටම ඩෙවිල් හන්ටර්කෙනෙක් විදිහට පබ්ලික් සේෆ්ටියට දායකත්වය ලබා දෙන්න අකී අපේක්ෂා කරන නිසා කුරෝසේ හා ටෙන්දෝ අලුත් ඩෙවිල් කෙනෙක් එක්ක ගිවිසුමකට යන විදිහට අකීට උපදෙස් දෙනවා. ඒ අනුව තමයි අකී “ෆියුචර් ඩෙවිල්” ගාවට යන්නේ.

මේ අතර ස්පෙෂල් ඩිවිෂන් 1,2,3 දැන් ස්පෙෂල් ඩිවිෂන් 4 ට එකතු කරලා එක කණ්ඩායමක් බවට පත් කරලා. මේ සමස්ථ කණ්ඩායමම දැන් ක්‍රියාත්මක වෙන්නේ “මකිමා” යටතේ. ඉතින් මකිමා අපේක්ෂා කරන්නේ මේ අලුත් කණ්ඩායමේ ශක්තිය වැඩි කරන්න. ඒ අනුව තමා පවර් සහ ඩෙන්ජිව පුහුණු කරවන්න “කිෂිබේට” භාර දෙන්නේ. ඉතින් මේ සමස්ථ කතාවෙන් මම ගොඩක්ම කැමති චරිතය තමා කිෂිබේ කියන්නේ. මෑන් ඇවිල්ලා වෙනම ලෙවල් එකක ඉන්න පොරක්. සද්ද නෑ වැඩ විතරයි ටයිප් එකේ. කිෂිබේ ස්පෙෂල් ඩිවිෂන් 1වල ඩෙවිල් හන්ටර්කෙනෙක්. නමුත් මේ වුණු අලුත්ම වෙනස නිසා කිෂිබේ දැන් ස්පෙෂල් ඩිවිෂන් 4වල කැප්ටන් බවට පත්වෙලා. ඉතින් මරුමුස් විදිහට පොර, පවර්ව සහ ඩෙන්ජිව පුහුණු කරනවා අපි දැක්කා. බලමු මේ පුහුණුව පවර්ව සහ ඩෙන්ජිව කොයි විදිහට වෙනස් කරයිද කියල.

ඉතින් අද කතාවෙදී කලින් ගේමට ආපු කටානාකාරයා ඇතුළු පිරිසට එරෙහිව ඔන්න පබ්ලික් සේෆ්ටිය උත්තර දෙනවා. ඒ දැවැන්තම මෙහෙයුමකින්. ඒ වගේම අද අලුත්ම චරිත කිහිපයකුත් කතාවට එකතු වෙනවා. මම කලින් එපියකදී කිව්වා මතක ඇති පවර් වගේ ෆීන්ඩ්ස්ලා කිහිපදෙනෙක් අපිට ඉදිරියේදී දකින්න ලැබෙනවා කියලා. ඉතින් අද එපියෙන් මේ අලුත්ම සෙට් එක කවුද කියලා බලාගන්න පුලුවන්.

ඉතින් මේ මෙහෙයුම කොයි විදිහට කැරකෙයිද? අකී හා ෆියුචර් ඩෙවිල් අතර මොනවගේ ගිවිසුමක් ඇති වෙයිද? මේ එපිය බලලා එහෙනම් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. එහෙනම් “චේන්සෝ මෑන්” සීසන් 1වල අවසානයට අපි දැන් ළඟා වෙලා ඉන්නේ. ලබන සතියෙන් එහෙනම් අන්තිම එපියෙන් හමුවෙමු. හැමදෙනාටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

අද කතාවේ නම – Mission Start
Imdb අගය – 8.7
Directed by – Masato Nakazono
Storyboarded by – Masato Nakazono
Ending Theme Song – Violence
ගායනය – Queen Bee
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 20

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ben 10 (2005-2008) [S03: E08-E09] Sinhala Subtitles | මමියක් පසුපස… [සිංහල උපසිරසි]

අද අරන් ආවෙ තුන්වෙනි සීසන් එකේ අටවෙනි සහ නවවෙනි කොටස් දෙක. පුංචි විස්තරයක් කරන්නම් කොටස් …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Ep 12 සබ් එක දෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ කොල්ලො

  2. Epi 12 ikmanta genndo..

  3. thanks , Niyama wadak

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

  5. හිෂාන්

    Thank you Saho…!

    Thank you Brother

  6. Heta ena epi eke sub ekath ikmanata genna

  7. Meka dankm bln hitiye. Thnk bn❤

error: Alert: Content is protected !!