Wednesday , October 28 2020
Breaking News

ද ගර්ල් හූ සීස් ස්මෙල්ස් [E13] with Sinhala Subtitles | කොල එලියක්…! [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

දහතුන්වෙනි කොටසටත් ආවා. කලින් කොටස ඉවර වුනේ චෝ රිම්, ක්වොන් ජේ හී ගේ මූණටම හමු වුන තැනින්. ක්වොන් ජෙ හී ඒ ඉන්නේ චෝ රිම් කියලා අඳුන ගත්තා වගේ තමයි පෙනුනේ. අද එතන ඉඳන් පටන් ගන්නේ.

අද කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් මෝ ගක් ඇතුලු පිරිස ක්වොන් ජෙ හී ව අල්ල ගන්න අලුත් සැලැස්මක් හදනවා. ඒ අතරේ චෝ රිම් ගේ මතකේ ආපහු ගන්න වැඩසටහනකුත් කරනවා. ඒ වගේම එවුන් සෙයෝල් ගේ ඉස්කෝලේ කාලේ යාලුවෝ එකතු කරලා පොඩි හමුවීමකුත් තියනවා. පරණ යාලුවෝ හමු වුනාම එවුන් සෙයෝල් නැත්නම් චෝ රිම් ගේ මතකේ ආයිත් එයිද කියලා බලන්නකෝ.ඒත් එක්කම ක්වොන් ජේ හී ගේ අතීතේ ගැන වැදගත් තොරතුරු වගයක් හෙලි කරගන්න පුලුවන් වෙනවා.ඒකෙන් එයා මේ වගේ මිනීමරුවෙක් වුනේ මොකද කියලා ඉඟියක් දෙනවා.

ඒ වගේම අද කොටස මම නම් කරේ, ”කොල එලියක්” කියලා. ක්වොන් ජේ හී මෙච්චර දවසක් පරීක්ෂක කණ්ඩායම ම ගොනාට ඇන්දුවනේ. මෙදා පාර පරීක්ෂක කණ්ඩායම, ක්වොන් ජෙ හී ව ගොනාට අන්දනවා.

ආයිත් හමුවෙමු. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

error: Alert: Content is protected !!