Wednesday , March 29 2023

Alidu Ulidavaru (2019) Sinhala Subtitles | නොපෙනෙන බලවේග ‌ස‌ොයා [සිංහල උපසිරැසි]

Rating: 9.6/10. From 14 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම.

මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද.

අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රපටය තිරගත වුනේ පසුගිය 2019 වර්ශයේ දීය. Imdb මීටරයේ 6.9ක අගයක් වගේම ගූගල් පරිශීලයන්ගේ මනාප 91%කුත් මේ වෙද්දි ලැබිලා තියෙනවා.

මේ ලෝකේ කොච්චර දියුණු වුනත් නොපෙනෙන බලවේග ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය කිසිම දවසක නැති වෙන දෙයක් නෙමේ. මේ දේවල් යම්තාක් දුරකට හෝ මිනිස්සු තමන්ගේ ජීවිතේදී විශ්වාස කරනවා.. එහෙම කරන්න වෙන එක අවස්ථාවක් හරි හැම කෙනෙක්ටම අත්විඳින්න ලැබෙනවා..

කතාව ගැන කිව්වොත්,

ෂීලාම් කියන මාධ්‍යවේදියා තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ.. එයා “කරණ” කියලා ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් කරනවා..හොල්මන්,අවතාර පිලිබඳව තියෙන කටකතා ගැන හොයන් ගිහින් ඒ දේවල් ඇත්ත නෙමේ කියලා තහවුරු කරන එක තමයි ෂීලාම් එයාගේ මේ වැඩසටහනෙන් කරන්නේ..ඒ වෙද්දි එයා මේ ගැන කොටස් 99ක් කරලා තියෙනවා.. දවසක් නාදුනන මනුස්සයෙක් ප්‍රසිද්ධියේම ෂීලාම්ට අභියෝග කරනවා, එයා පෙන්නන ගෙදරට ගිහිල්ලා එහෙ හොල්මන් නෑ කියලා ඔප්පු කරන්න කියලා…ෂීලාමුත් හා කියලා වැඩේට බහිනවා..ෂීලම්ගේ කතාව වෙනස් වෙන්න ගන්නේ අන්න ඒ වෙලාවේ ඉදන්.. මෙහෙම ගියොත් කතාවේ සේරම ටික කියවෙනවා..ඒ නිසා එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..

මුලින්ම කියන්න ඕන දෙයක් තමයි අවසානයට කියන්න යන්නේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා මම කරන පළමුවෙනි උපසිරසිය තමයි මේක. වෙබ් අඩවියට පිළි අරගෙන මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න සිසිල අයියට මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි.

මේ දවස්වල ලාංකීය සිනමා රසිකයින් මලයාලම්, කන්නඩ, තෙලිඟු සිනමා නිර්මාණවලට ඇබ්බැහි වෙලා කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ සිනමා නිර්මාණයත් අනිවාර්යයෙන්ම ඔයාලාට වෙනස් ම අත්දැකීමක් ලබාදෙයි කියලා මට සහතික වෙන්න පුළුවන්..එහෙනම් චිත්‍රපටය බලන්න ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා..තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

බුදුසරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මදුශානි ගමගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

A Man Called Otto (2022) Sinhala Subtitle | හදවත විසල් මිනිසා. [සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර මම ඔයාලට අරගෙන ආවේ හොලිවුඩ් පුරයේ අපි කව්රුත් බොහෝ සෙයින් පෙම් බදින …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Malith Samarawickrama

    Thanks bn sub ekata

  2. සබට තුති වේවා…‍
    පළමු උපසිරැසි නිර්මාණයටත් සුබපැතුම්…
    දිගටම සබ් දෙමු ආ… ජය!

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. bohoma sthuthi

  5. පොඩි අදහසක් කියන්නද??
    මේ දවස් වල site එකේ ගොඩාක් පරන ෆිල්ම් වල sub වැටෙනවනේ,ඒත් පොඩ්ඩක් බලන්න ඒවා download කරන ප්‍රමානය,comment දාන ප්‍රමානය ගොඩක් අඩුයි
    ඒකට හේතුව ගොඩ දෙනක් පරන ඒවා බලන ප්‍රමානය අඩුයි…….
    ඒ නිසා මන් නම් කියන්නේ මේ දීලා තියෙන ෆිලුම වගේ 2015න් පස්සේ ආපු ෆිල්ම් දුන්නනම් පට්ට
    (Kannada,bengali,malayalam,telugu සුපිරි action,thriller ෆිලුම් තියනෝ , etc)

    එල එල…ජය වේවා!!!

  6. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  7. බයිස්කෝප් අඩවියෛ් පළමු උපසිරැසියට බොහොම ස්තූතියි මදුශානි. සුභ අනාගතයක්

  8. ස්තූතියි.පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!

  9. බොහොම ස්තුතියි නියම වැඩක්

  10. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහෝදරිය. එ වගේම පලවෙනි උපසිරසට සුබ පැතුම් දිගටම කරමු

  11. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

  13. Thanks……

error: Alert: Content is protected !!