Thursday , June 30 2022
Breaking News

Anchorman: The Legend of Ron Burgundy (2004) Sinhala Subtitles | සැන් ඩියේගෝහි ප්‍රවෘත්ති නිවේදකයෝ [සිංහල උපසිරසි]

Rating: 5.3/10. From 4 votes.
Please wait...

කොහොමද යාලුවනේ අද මම ආවේ ඔයාලා කව්රැත් ආසාවෙන් බලපු Anchorman 2: The Legend Continues චිත්‍රපටයේ පලමු චිත්‍රපටය අරන් චිත්‍රපටයේ නම වෙන්නේ Anchorman: The Legend of Ron Burgundy

මේකේ දෙවැනි ෆිල්ම් එක බලපු අය ගොඩක් පලවෙනි චිත්‍රපටයත් ඉල්ලලා තිබ්බ නිසා ඔන්න අද මම එහෙනම් ගෙනාවා. මේක ඇවිත් හිනා කාලා පන යන තරම් ජෝක් වලින් පිරැනු එකක් කීවොත් මං නිවැරදියි. දෙවැනි චිත්‍රපටය බලපු අය නම් පොඩ්ඩක් කතාවේ ඉන්න චරිත ගැන එහෙම පොඩි අදහසක් ඇති, ඒත් ඒක බැලුවේ නෑ කියලා මේක තේරෙන් නැතිව තියෙන් නෑ.

අධ්‍යයක්ෂණය Adam McKay විසින් දරන අතර, Will Ferrell / Steve Carell / Paul Rudd / Christina Applegate වැනි ජනප්‍රිය නලු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටය Comedy ගනයට වර්ගීකරණය කර ඇති අතර IMDB 7.1 අගයක්ද දරනවා.මේ සත්‍යය සිදුවීමක් පදනම් කොටගෙන තමයි නිර්මාණය කරල තියෙන්නේ.

චිත්‍රපටයේ වටපිටාව හොයල බැලුව ඇති කතාව පැත්තට හැරෙමු එහෙනම්.

” රැහැන් නාලිකා වලට පෙර කාලයේ,
දේශීය වාර්තාකාරයින් ඉහලම තැනක සිටින්නට වුනා,
රෑපවාහිනියෙන් කියන හැම දෙයක් ගැනම මිනිස්සු විශ්වාස කලා
මේ කාලයේදි ප්‍රවෘත්ති නිවේදනය පිරිමි අයට පමණක් සීමා වුනා
සැන් ඩියේගෝ වල, එක වාර්තාකාරයෙක් අනික් අයට වඩා වෙනස් වුනා
ඔහු නමින් රොන් බර්ගන්ඩි “

රොන් බර්ගන්ඩි කියන්නේ සැන් ඩියේගෝ වල ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියතම හා දක්ෂතම ප්‍රවෘත්ති නිවේදකයා.එයාගේ තැනට එනව අලුත් කෙනෙක් ඒ ආවට පස්සේ රොන්ට තියෙන තැන ටික ටික අඩුවෙයි කියන බයට අපෙ යාලුවව එලව ගන්න මාර ගේමක් දෙනව එලව ගන්න ගිහින් හැබැයි රොන් බර්ගන්ඩිට වෙන්නේ මරැ වැඩක්.මම හිතන්නේ මෙතනින් එහාට කියන්න ගියොත් තේරැමක් නැති වෙනවා ඒක නිසා මම කතාව මෙතනින් නවත්ත ගන්නම්.ඔයාලම බලාගන්නකො අපෙ අලුත් යාලුව ගැනයි රොන් බර්ගන්ඩි පෙරල ගන්න බාල්දි මොනවද කියල එහෙනම්.‍

අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා මම මේ සබ් එක ලිව්වේ ගොඩක් මගෙ රාජකාරි වැඩත් එක්කම ටිකක් වේගෙන් සබ් එක කරේ ඒක නිසා අඩුපාඩු තැන් තිබ්බොත් සමාවකුත් දෙන්න කියල ඉල්ලන ගමන් මේ සබ් එකක් කරන එක ෆිල්ම් එකක් බලන තරම් ලේසි නෑ, ලොකු වෙහෙසක් උපසිරැසිකරැවා විසින් දරනවා උපසිරැසිය වෙනුවෙන්,තවද උපසිරැසි කරැව හට ලැබෙන එකම ධනය ඔයාලා දෙන අදහස් , ඒක නිසා ෆිල්ම් එකත් බලලා පල්ලෙහයින් අදහසකුත් දීලා යන්න කියල ඉල්ලමින් අට මම යන්නම් ක්මනටම ආයෙත්සබ් එක්කින් හම්බෙනකම් හැමෝම පරිස්සමට ඉන්න යාලුවනේ.

ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

සුළල් : ද වෝටෙක්ස් [S01 : E08] Sinhala Subtitles | පියාගේ පවු. [සිංහල උපසිරසි සමඟ]

නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Hugak sthuthi..

  2. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  3. Sub එකට thanx bro
    මේ director ge the big short film එකත් පුළුවන් nm දෙන්ඩ. Eke Christian bale,brad Pitt,ryan gosling, steve cartell ඉන්නේ.

  4. ගොඩක් ස්තූතියි බ්‍රෝ සබට…

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  7. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. පට්ට ෆිලුම බොසා…
    පුලුවන්නම් මේකටත් සබ් දෙන්න (අලුතෙන් ආවෙ)

    Chip ‘n Dale: Rescue Rangers (2022)

  9. Kocchchara kal bln hitapu filmakda.
    Sthuthi saho

  10. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    හැකිනම් මේ චිත්‍රපටි දෙකටත් සබ් දෙන්න.

    The Nutty Professor – 1994
    Nutty Professor II : The Klumps – 2000

  11. bohoma sthuthi machan…

  12. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  13. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට ස්තූතියි

error: Alert: Content is protected !!