Friday , October 23 2020
Breaking News

Avatar: The Last Airbender [S03 : E09] | ලෝකයේ ඉරණම!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Avatar The Last Airbender  (11)

තමන්ට පිළිකුලක් ගෙනදුන් නපුරු බන්ධන හැකියාව ප්‍රතික්ෂේප කරමින්, ඉන් බැහැර යාමට කටාරා දැරුව උත්සාහය ඵල රහිත වුණා. අවසානයේදී මැහැල්ල බලහත්කාරයෙන් හෝ තමන්ගේ අරමුණ සපල කරගෙන, කටාරාව ඊට පොළඹවාලූයේ ඇගේ ප්‍රාණ සම මිතුරන් අනතුරේ හෙළමින්. අවසානයේ මේ නපුරු මැහැල්ල නීතියට හසු කරදෙමින් ඇගේ ග්‍රහණයේ හිරගතව සිටි මිනිසුන් බොහෝ ගණනක් මුදවා ගන්නටත් ඔවුන් සමත් වුණානේ.

දැන් ඔවුන් තමන්ගේ අවසන් විවේකස්ථානය බලා යන ගමනේ යෙදෙමින් ඉන්නවා. මේක ඈන්ග්ට හරිම අසීරු අවස්ථාවක්. ලෝකයේ ඉරණම විසඳන වගකීම ඔහු හිස මතට පැටවෙන දිනය ටිකෙන් ටික ළං වෙනවා. මේ සා විශාල භාරදූරයක් ගැන සිතීමත් ඔහුගේ හිතට මහා වදයක්. හරියකට නින්දක් නෑ. ඔහුගේ හිත නොඉවසිල්ලෙන් පිරිලා ඉතිරිලා. තමන් ගැන ඔහුටවත් විශ්වාසයක් නැති ගාණයි. තමන් අග්නි රාජයාට මුහුණ දෙන්නට සූදානම් ද? තමන් ලැබූ පුහුණුව මීට ප්‍රමාණවත් ද? තමන්ගේ ශක්තියත් හැකියාවත් මේ සඳහා මදි වුණොත්? එහෙම වුණෝතින් මොකකින් මොකක් වේවිද? ලෝකය සදහටම නපුරට බිලිවේවීද?

ඈන්ග්ට දිවා කාලයේවත් රාත්‍රී කාලයේවත් කිසිදු ඉස්පාසුවක් නෑ. සොකාගේ බුද්ධි තොරතුරු අනුව සියලු ජාතීන් එක්ව හැදූ අග්නි රාජ්‍යයට එරෙහි ප්‍රහාරය සැලසුම් පරිදිම සූර්යග්‍රහණය දා සිදු කළ යුතුමයි. අග්නි ජාතියේ තේජෝ බලය අඩපණ වන එකම දවස ඒකයි. ඒත් ඒ විනාඩි කිහිපයකට පමණයි. මේ දිනයේ මේ වෑයම අසාර්ථක වුවහොත් සෝසින්ගේ ධූමකේතුව අග්නි ජාතියේ බල පරාක්‍රමය අසීමාන්විත ලෙස වර්ධනය කරලනු ඇති. ඈන්ග්ගේ මනස පුරා හොල්මන් කරන අග්නි රාජයා ඔහුට ඔච්චම් කරන අතරතුරේ සූකෝ; කුමාර ජීවිතයේ කුමාර ලීලාව සම්බන්ධයෙන් කෙබඳු තීරණයක් ගනීවිද?

ලිපිය: උදා

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Check Also

Crackdown [S01 : E03] Sinhala Subtitles | හමීඩ් හමුවෙන තුරු… [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 03 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. ස්තුතියි උපසිරැසියට සහෝ

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. chathura Jayaml

    Ela

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. රාම් රාජ්

    සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.

  6. Mama balala thyen patta cartoon seris eke meka .. patta meka <3

  7. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. ලෝකය සදහටම නපුරට බිලි වෙන එකක් නෑ නේද පුබුදු සහෝ? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  9. mudiya / මුදියා

    දිගටම දෙමු පුබුදු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!

  10. තැන්ක්ස් මචං ඉක්මනටම අනෙක් කොටස් වලත් Sub ටික දෙන්නකෝ

  11. niyamai niyamai saho….
    bohoma stuti.. .

  12. “චූටී මල්ලි”

    එල
    ඔබට ජය…..

  13. meparath patta

  14. Thanks Friend….

  15. Thanxxx Bro!.

  16. thanx machan…ela honde..digatama demu…

  17. http://www.imdb.com/title/tt1622696/
    ඔයාට පුළුවන් නම් මේ ටීවී සීරිස් එකටත් සබ් දෙන්න බලන්න.
    මේක දැනට ටීවීඑකේ ගිහිල්ලා නෑ.

  18. ගොඩක් ස්තූතියි යාලූ ඔයාට….. අනිත් කොටස් වල සබ් දෙනකන් අපි මග බලගෙන ඉන්නවා යාලූ

  19. Meyka denakm unne.pubudu sahota tz

  20. Bohoma pin saho

  21. Jaya wew pubudu

error: Alert: Content is protected !!