හොඳයි එහෙනම් මේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස තමයි ඔයාට දෙන්න හදන්නේ. මේ කතාව නම් වෙලා තියෙන්නේ “Quite a Ride” කියලයි. 2018 සැප්තැම්බර් 03 වෙනිදා සුපුරුදු විදිහටම ඇමරිකාව තුල AMC රූපවාහිනී නාලිකාවෙනුත්, ඇමරිකාවෙන් පිට Netflix හරහාත්ල විකාශය වෙලා තියෙනවා.
ඉතින් පසුගිය කොටසින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු.
කතාව පටන් ගන්නකොටම අතීත කතාවක් අලලාගෙන තමයි පටන් ගන්නේ. ඉතින් මේකෙදී මයික් තරුණ කාලේදී කොන්ක්රීට් එකක් දානවා. ඒකේ තමන්ගේ පුතා වෙන මැටීගේ නම ලියන්න ඉඩදෙනවා. මයික් තමන්ගේ පුතාගැන ස්ටේසිත් එක්ක කණ්ඩායමේ අයත් එක්ක කතා කරනවා දකින්න ලැබෙනවා. ඒක ඉවරයක් වෙන්නේ “ඔයාලට මම කතා කරනවට ඕන වුනානේ, මම කතා කරා” කියලයි.
දැන් හැරෙමු ප්රධාන කතාව පැත්තට.
ජිමීට ෆෝන් ෂොප් එකක ෂිෆ්ට් මැනේජර් තනතුරක් හම්බවෙනවා. එයා මුලින්ම ඒක ඒක ප්රතික්ෂේප කරනවා. ඒත් කිම් ජිමීට චිකිත්සකවරයෙක්ව හම්බවෙන්න කියපුවාම ජිමී කරන්නේ ආපහු ඒ රස්සාව බාරගන්න එකයි. ඉතින් මේ කඩේ වැඩිපුර සෙනග ගැවසෙන තැනක් නෙමෙයි. මේ නිසාම ජිමීට කම්මැලියි මේ කඩේට වෙලා ඉන්න. මේ අතරතුර ඉරා ජිමීව හම්බවෙලා හොරකම් කරපු හම්මෙල් ප්රතිමාවේ ජිමීගේ කොටස ජිමීට ලබාදෙනවා. ඒ වගේම ඉස්සරහට තව වැඩ තිබ්බොත් ඉරාට කියන්න කියලත් ජිමීට කියනවා.
කිම් මෙසා වෙර්ඩා එකේ වැඩ කරන එක අතෑරලා දාලා මුලු දවසක්ම මුන්සින්ගර් විනිසුරුවරයාගේ උසාවියට වෙලා කාලය ගතකරනවා. විවේක කාලය අතරතුර විනිසුරුවරයා කිම්ව ඔහුගේ කාර්යාලයට කැදවනවා. එතනදී ආපහු සැරයක් තමන්ගේ උසාවියේදී කිම්ව දැක්කොත් බැරෑරුම් වැඩක් පවරනවා කියලා කිම්ට අනතුරු අගවනවා. මුන්සින්ගර් ආපහු සැරයක් උසාවියට යනකොට ඔහුට ආපහු කිම් ඉස්සරහාට වෙලා ඉදගෙන ඉන්නවා දැකගන්න ලැබෙනවා.
නාචො සහ ආටුරෝටා එල්ල කරපු බොරු ප්රහාරය වහන් කරන එකේ කොටසක් විදිහට වික්ටර් සලමන්කාගේ කුඩු වලින් කොටසක් ඔවුන්ගේ ප්රතිවාදීන් වන එස්පිනෝසාට විකුණනවා. නාචෝ ඔවුන් ගැන තොරතුරු දුන්නට පස්සේ සලමන්කාගේ ඥාති සහෝදරයෝ දෙන්නා එස්පිනෝසාස්ගේ තිප්පොල වටලනවා. ඒ වගේම කල්ලියේ ගොඩක් දෙනෙක්ව මරළා දාලා ආපහු ඒ කුඩු තොගය අරගන්නවා. මේ කුඩු ආපහු ලබාගන්නවත් එක්කම පොලිසියෙන් බේරෙන්න ඕන නිසා සහෝදරයන් දෙන්නා ආපහු මෙක්සිකෝවට පලා යනවා. ගස් මේක සැලසුම් කරලා තියෙනවා කියලා නාචෝ දැනගන්නවා. මේ නිසාම ගස්ට දැන් කිසිම ගැටළුවකින් තොරවම එස්පිනෝසා රජ කරපු පැත්තෙත් තමන්ගේ කුඩු බෙදාහරින්න පුලුවන්කම ලැබෙනවා. නාචෝ තුවාලත් එක්ක හොරෙන්ම ගෙදර ගිහින් ඉන්නවා. මේ අතර නාචෝගේ තාත්තා එනවා. තාත්තා එලියට යන්න කියලා හොදටම බැන්නත් තුවාල දැකලා නාචෝට ගෙදර ඉන්න කියනවා.
මේ අතරතුර ඇනීටා එක්ක මයික් දවල් ආහාර වේලක් අරගන්නවා. ඒ අතරතුර මයික් කියනවා එයාලගේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වෙන හෙන්රි තමන්ගේ අතීතය ගැන බොරු කියනවා කියලයි. ඒ වගේම හෙන්රිගේ බිරිඳ මැරුණා කියලා කියන්නෙත් බොරුකියලා මයික් මෙතනදී ඇනීටාට කියනවා. ඊළඟ රැස්වීමේදී මයික්ට අමුතු හැගීමක් ඇතිවෙනවා. ඒකට හේතුව වෙන්නේ ස්ටේසි එතනදී කියනවා මැට් ගැන හිතන්නේ නැතුව එයාට දවසකට වැඩි කාලයක් ගත කරන්න පුලුවන් කියලා. මේ නිසාම තරහා යන මයික් හෙන්රිට එයා කරන බොරුව ගැන කට්ටිය ඉස්සරහාම කතා කරනවා. මේ බොරුව හැමෝම දැනගත්තට පස්සේ හෙන්රි කිසිම දෙයක් නොකියා කාමරයෙන් එලියට යන්න යනවා. මයික් පස්සේ ඇනීටාට, ස්ටේසිට සහ අනිත් සහභාගිවෙච්ච අයට හෙන්රි කියපු බොරු වලින් එයාලට ඇත්ත මොකක්ද කියලා තේරුම්ගන්න බැරිවුනේ මොකද කියන හේතුව පැහැදිලි කරලා දෙනවා. කතාවේ මුල ඉදන්ම තිබුන දර්ශනය මේක කියලා මෙතනදී අනාවරණය වෙනවා.
මැඩ්රිගල් වල තවත් පරීක්ෂා කිරීමකින් පස්සේ මයික් ගස්ව හම්බවෙන්න යනවා. ගස් තරහින් ඉන්නේ නාචෝ හෙක්ටර්ව මරණ්න අදහස් කරගෙන ඉන්න එක මයික් එයාට කියපු නැති නිසා. ඒත් මයික් මෙතනදී මතුකරන කාරණය වෙන්නේ තමන් පොරොන්දු වුනේ තමන් විහින් හෙක්ටර්ව මරණ්නේ නැහැ කියලා විතරයි කියන එක. ඊටපස්සේ මයික් ගස්ගෙන් අහනවා තමන්ගෙන් කෙරෙන්න ඕන වැඩේ මොකක්ද කියලා කියන්න කියලා.
ඉතින් අද කොටස ඔතන ඉදන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු ඉක්මනටම. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
476 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Ithuru tikatath sub dhenna..
ithuru tikata sub oni plzz
ithuru tika danna please!
Ithiru tika dennako
hamadama awilla balanawa ithuru tika dalada kiyala
ithuru tika dennko
ithru tikath dnnko brother
ithuru tika dannako, please!!!!
E6 eka denne ndda bn…… :-[
Tnx ithuru ewath damu ne
aiye ithuru ewath dannko
ithuru tika dannko
ko ithuru tika dnnko
sudu ayiye ithuru sub oneee
Great Job Bro
tnqqqqqqqq
adareii
sub ekata thanks macho season 5heth sub dana macho
kawadda bn ithuruwa denne?
කොල්ලො අනිත් ටිකත් දාමු නේද.
sub ekata thanks ithuru tikath ikmanata dennako
Sub එකේ ඉතුරු ටික කෝ කිය කිය ගෙන් අහන එක නෙමෙයි වැඩේ, බලහන් හැම එකකම average downloads තියෙනවා 500 කට වඩා,පෙලක් ඒවගේ ඊටත් වැඩියි, බලහන් ඒත් “Sub ekata thanks කරලා කරලා comment ekak leave කරලා තියෙන්නෙ හැම එකේම 10ක් 12ක් විතර. පෙලක් ඒවගේ ඊටත් අඩුයි.මොකද මේක sub කරන එකාට මේ වැඩේට salary එකක් දෙන්නේ නෑ කියල අපි හොදටම දන්නවානේ, කරන එකා මේක කරන්නේ එකට self satisfaction එකට. අපේ උන් එච්චරවත් නිහතමානී නෑ කරපු එකාට මචන් thanks කියල comment එකක් දාල යන්න. මෙයා විතරක් නෙමෙයි මම මේකෙ කරානම් මම නම් ඔච්චර දුරක් වත් එක කරන් එන්නේ නෑ, ඇත්ත ඒකයි. ඕනම දේක කරන දෙයක ඇගයීමක් නැත්තම් කරන එකාට එපා වෙනවා.
sub ekata tnx ituru tika ikmanata denna
කෝ ඉතුරු ටික. සබ් දෙව එක නවත්තලානේ. ඇයි ඒ. කරුණාකරලා ඉතුරු ටිකත් දෙන්නකෝ ආසාවෙන් බලපු කතාව. ඉතුරු ටික ඉක්මනට දෙන්නකො දැන් සෑහෙන කාලයක් ගිහින්නේ අන්තිම එක දාල
Ko bn ithuru tika
Pls dapan bn
ithuru tika dunna nm supiri
කෝ බන් ඉතුරු ටික
කෝ මචන් ඉටුරුටික
ඉතුරු ඒවා නැද්ද
ඉතුරු ටික දෙන්නේ කවද්ද?
maskata wada giya me tika okkama denwako
ඉතුරු ටිකත් දෙන්නකෝ
ithuru tika denae nadaa
ඉතුරු ටික දාන්නෙ නැද්ද බම් ඉක්මනට ඕනේ.ඉවසිල්ලක් නැතුව ඉන්නෙ බලන්න.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඉතුරු සබ් ටිකත් දාන්න
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks Machan <3
Sub akata thanx.NARCOS MEXICAN aka denne neddooo…ekmanata aka dendako baiscope..
නියමයි…සබ් එකට තැන්ක්ස්…