Wednesday , December 2 2020
Breaking News

Box 507 (2002) AKA La caja 507 Sinhala Subtitles | තැන්පතු පෙට්ටිය – 507 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 9 votes.
Please wait...

අයුබෝවන් කියල කියනව හැමෝටම. හරියටම අවුරුදු හයකින් පස්සේ වගේ තමයි බයිස්කෝප් එකට උපසිරැසියක් අරගෙන ආවේ. මේ සලරුව කලින් බලල තිබ්බත්, සිංහල උපසිරැසියක් නැති නිසා මට හිතුන මේකට උපසිරැසි දාන්න ඕන කියල. 2002 වසරේ නිෂ්පාදනය වෙච්ච ස්පාඥ්ඥ සලරුවක් තමයි මේක. IMDB ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ක්‍රියාධාම, අපරාධ, කුතුහලය හා නාට්‍ය යන කාණ්ඩ වලට තමයි මේක අයත් වෙන්නේ.

මුල සිට අගට යනකම් කම්මැලි නැතිව බලන්න පුළුවන් කුතුහලයෙන් යුතු කතාවක් තමයි ගලාගෙන යන්නේ. කතාව ගැන සඳහනක් කරනවනම්,

බැංකු කළමණාකරුවකු වන මොඩෙස්ටෝ පර්ඩෝගේ දියණිය කඳවුරු බැඳගෙන සිටියදී ලැව් ගින්නකින් මිය යනවා. අවුරුදු 7 කට පසු පර්ඩෝගේ බැංකුව කොල්ලකෑමට ලක් වන අතර, මංකොල්ලකරුවන් විසින් ආරක්ෂිත තැන්පතු පෙට්ටි රාශියක් මංකොල්ල කනවා. මංකොල්ලයෙන් පසුව, පර්ඩෝ වැරදීමකින් තැන්පතු පෙට්ටියක් දෙස බලා තම දියණියගේ මරණය හදිසි අනතුරක් නොව මිනීමැරුමක් බව සනාථ කරන අමුතු ලියකියවිලි කිහිපයක් හොයා ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ මොනාද සිද්ද වෙන්නේ කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා 😁

හරි එහෙනම් බලලම කියන්නකෝ හොඳ නරක. ගිහිල්ල එන්නම්. ජය වේවා හැමෝටම 🙏!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. ThnQ mchoooo

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Torrent link na ne. Seedr la na

  4. Lakshansilva18

    Thanks

  5. නිමල් දිසානායක

    අවුරුදු හයකට පස්සේ හරි
    ඔයා ගෙනත් තියෙන්නේ සුපිරි ෆිලුමක් නිසා
    තව අවුරුදු හයක් යනකල්මත්
    චානක ලක්ෂාන් නම අමතක නොවී තියෙයි!
    කුතුහලය උපරිමයෙන් රැඳී තිබුනා අන්තිම වෙනකල්ම.
    ගොඩාරියක් ස්තුතියි!

  6. Thanks for sub!

  7. උපසිරැසිය දාන කොට කතාවේ අන්තර්ගතය නොදා ඉදපන්කෝ… කතාවේ මුල තියෙන ගතිය නැති වෙලා යනවානේ…
    චිත්‍රපටිය බලන ගම්න් මේ ආවේ…

  8. bohoma sthuthi

  9. outpost 1,2 sinhala sub danwd……outpost 3ne BR copy ekkuth dannnn……

  10. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

  12. thanks..

error: Alert: Content is protected !!