Wednesday , October 28 2020
Breaking News

Breaking Bad [S05 : E09] | අපරාධ සල්ලි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 16 votes.
Please wait...

Breaking Bad s01

මයික්ගේ මිනිය වගේම එයාගේ කාර් එක ගැනත් ටොඩුයි වොල්ටරුයි බලාගත්තා. ඒවා සදහටම අතුරුදහන් කරන්න මේ දෙන්නටම පුලුවන් වුනා. ඔය අතරේ අර මයික්ගේ මිනිස්සු නම දෙනා මේ වෙද්දි හොදටම බය වෙලා එයාලා දන්න විස්තර කියන්න ලංවෙලයි ඉන්නේ. ශ්‍රේඩර් වුනත් එයාලගෙන් තද කරලා විස්තර අහන්න පටන්ගෙන. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න ඕනි නිසා ඒ අයගෙන් කෙනෙක් පොලිසියට හැම විස්තරයෙක්ම දෙන්න පොරොන්දු වුනා. මේ දේ සිද්ධ වුනොත් ලොකු අවුලක් වෙන ‍නිසා වොල්ටර් ලඩියාගෙන් ඒ නම දෙනාගේ විස්තර ඉල්ලුවා. ඒත් ලඩියාට නම් වොල්ටර්ව ෂුවර් නෑ. මොකද ඒ විස්තර ගත්තට පස්සේ එයාව මරලා දායිද කියලා එයා සැක කලා. ඉතින් ඒ නිසා ලඩියා වොල්ටර්ට ගණුදෙනුවක් ඉදිරිපත් කලා. වෙන මොකුත් නෙවෙයි එයාගේ මෙත් රටෙන් පිට කරලා චෙක් අධිරාජ්‍යට පවා යවන්න. මුලින් නම් වොල්ටර් මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් ලොකු ලාභයක් හොයාගන්න පුලුවන් නිසා මේ වැඩේට එයා කැමති වෙනවා.

ඉතින් ලඩියාගෙන් නම දෙනාගේ නම් දැනගත්ත වොල්ටර් ඊලගට යන්නේ ටොඩ්ගේ හිරේ ඉන්නවා කිව අංකල් ලගටයි. එයාගේ මාර්ගයෙන් මේ නවදෙනාම මරලා දාන්න තමයි වොල්ටර් සැලසුම් කරන්නේ. කොහොම හරි විනාඩි දෙකක් ඇතුලත වෙනස් බන්ධනාගාර  තුනකදි මේ හැම දෙනාම මරලා දාන්න ටොඩ්ගේ අංකල්ගේ කණ්ඩායමට පුලුවන් වෙනවා. මේ වැඩේ නිසා පොලිසිය පවා පුදුම වෙනවා මොකද කරපු කෙනෙක් හොයාගන්න බැරිවුන නිසා. ඒ වගේම ශ්‍රේඩර් ගොඩක් අවුලෙන් ඉන්නේ එයාට ලැබුන අන්තිම චාන්ස් එක නූලෙන් මිස් වුන නිසා. කොහොම හරි එදායින් පස්සේ හැමදේම සරලව සිද්ධ වෙනවා. වොල්ටර් එයාගේ බිස්නස් එක හරි හරියට කරගෙන යනවා. කොච්චර බිස්නස් එක කලාද කියනවා නම් එයා හම්බකරන සල්ලි ගොඩ ගහන්න ස්කයිලර්ට වෙන තැනක් ගන්නත් වෙනවා. ඒ සල්ලි ගොඩ පෙන්නලා ස්කයිලර් වොල්ටර්ගෙන් අහන්නේ එක දෙයයි. ‘ඔයාට ඇතිවෙන්න මේ ගොඩ කොච්චර ලොකුවෙන්න ඕනිද’ කියලා. ඉතින් පවුල ගැන හිතලා වොල්ටර් එයාගේ වැඩේ නවත්වනවා වගේම ජෙසීට එයා ණය ගානත් දෙනවා. හැමදේම මේ විදියට වෙද්දි ශ්‍රේඩර්ට අහම්බෙන් අර ගේල් ලියපු පොත බලන්න හිතෙනවා. ඒකෙ තියෙන W.W අකුරු දෙක දැකලා එයාට දෙයක් හිතෙනවා.

ශ්‍රේඩර්ට මොනවා නම් හිතෙයිද? ජෙසී ඉදිරියට මොනවා කරයිද? වොල්ටර් මෙත් බිස්නස් එක නවත්වලා මොන වගේ ජිවිතයක් ගතකරයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Check Also

The X-Files [S09 : E04] Sinhala Subtitle | එකවිට දෙතැනක? [සිංහල උපසිරැසි සමඟ]

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. උපසිරසියට ස්තුතියි

  3. thanks…

  4. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  5. Thanxx bro……..

  6. Sandarunimsara

    Sub ekata tnx bro

  7. ස්තුතියි සබ් එකට සහෝ

  8. thanx machoo part II ekath demu 😀

  9. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. niyamai saho…………..ubata pin

  11. ජයවේවා මචෝ

  12. ela ela digatama dila iwarama karamu
    thankz saho sub ekata

  13. ela bro thanks ikmanta anna ehema demu sub ela kollek aaaaaaaaaaaa

  14. Ane budu aiye meka denakan balan hitiye adath mathak una . Ane digatama denna . Plz thank you.

  15. niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Thank u very much bro..tawa episodes 7k wage tiyanne.digena digena yamu bro ikmanta.. 😀

  17. machn mayka mathakuna eka nm loku deyak saho … Thanks a lot

  18. thx thawa tikaine ikmanata iwarayak karala daamu neda,,,tnxxxxxxxx

  19. ela machan
    me sare meka iwarayakma karamu…….

  20. නියමයි…නියමයි….තව ටිකයි…..මෙහෙමම දීගෙන යන්න….
    සබ් එකට තැන්ක්ස්…

  21. ඉසුරු දිල්ශාන්

    එල එල කවිදුවෝ!
    මේ පාර නම් ලග නමන්න වගේ යන්නේ!
    ජය!!!!!!

  22. tnx mcho,,ikmanata meka iwara karapankoo

error: Alert: Content is protected !!