Saturday , July 31 2021
Breaking News

DCs Legends of Tomorrow (2016) [S02 : E04] with Sinhala Subtitles | සෝම්බි ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Legend of tomorrow S2-1

ඊබර්ට් තෝර්න් ඇවිල්ල රෙක්ස්ව මරල දැම්ම. ඊට පස්සෙ අමායා හිතනවා එයාව මැරුවේ ලිජන්ඩ්ස්ල කියල. ඉතිං එයාලව මරන්න කියල හිතාගෙන අමාය යානයට ඇතුල් වෙනවා හොරෙන්. එහෙම කරලා යානය ඇතුලේ ඉන්න හැමෝටම පහර දෙනවා. ඒත් එක්කෙනෙක්ට පහර දෙන්න බැරි වෙනවා. ඒ තමයි ස්ටීල්. කවුද ස්ටීල්. රේ නේට්ව බේරගන්න කියල හිතාගෙන එයා හදපු සෙරම් එක නේට්ට විද්ද. ඒකෙන් පස්සෙ එයාගෙ ලේ කැටි නොගැසීම හෙවත් හිමෝෆීලියාව හොඳ වුණා. ඒ විතරක් නෙවෙයි. එයා අධි ශක්ති වානේ මිනිහෙක් වුණා. ඉතිං එයාට ස්ටීල් කියල නම දැම්ම. හැබැයි මෙයාට තමන්ගෙ බලය පාවිච්චි කරන හැටි ගැන තාම හුරුවක් නෑ. අමායා හිතං ඉන්නෙ මික් මිනීමරුවෙක් නිසා එයා තමයි රෙක්ස්ව මැරුවෙ කියල. හැබැයි හරියටම ඇත්ත දැනගන්නකන් මික්ට අත තියන්න බෑ කියල සාරා අමායාව කැමති කරගන්නවා.

සාරා ස්ටීල්ගෙ බලය එයාට හුරු කරවන වැඩේ රේට බාර දෙනවා. ඉතිං එහෙම හුරු කරන්න කියල හිතාගෙන කාර්ගෝ එකේ පොඩි සටනක් යනවා. එතනදී යානයට හානි වෙලා යානයේ කොටසක් කැඩිලා ස්ටීල් එලියට වැටෙනවා. එයා කාලික කලාපයෙන් එලියට වැටිලා නතර වෙන්නෙ 1641 ජපානයේ කන්සායි ප්‍රදේශයට. මෙයාව බේරගන්න හිතාගෙන රේ එනවා මෙයාගෙ පස්සෙන්. හැබැයි රේව රජ මාලිගාවෙ සෙබළුන්ට අහු වෙනවා. නේට්ව හම්බෙන්නෙ මසාකෝ කියල ගෑනු කෙනෙක්ට. රජ මාලිගවේදී රේගේ සූට් එක ගැන ගගහ ප්‍රශ්න කරනවා. ඒවගේම රජ්ජුරුවෝ ඒක අඳින්න තීරණය කරනවා. හැබැයි ඒක රජ්ජුරුවන්ගේ හෙවත් ටෝකුගාවා අතට යනවා කියන්නෙ මහා විනාශයක් වෙන්නෙ. ඒවගේම නේට්ට දැනගන්න ලැබෙනවා ටෝකුගාවා මසාකෝව බලෙන්ම විවාහ කරගන්න යනවා කියල. ඒ විතරක් නෙවෙයි එයා තමන්ගෙ බිරින්දෑවරු මරනවා කියල.

ජැක්ස් සහ මාටින් යානයේ අලුත්වැඩියා කටයුතු කරන්න නතර වෙලා ඉද්දි අනිත් අය එනවා රේවයි නේට්වයි හොයාගෙන. මේ අතරේ මසාකෝ හම්බෙන්න එන සෙබළුන්ගෙන් මසාකෝව බේරගන්න ගිහිං හොඳ කඩු පාරක් කන්න සිද්ධ වෙනවා නේට්ට. ඒ විතරක් නෙවෙයි. සාරායි, මිකුයි, අමායායි රේ හොයාගෙන යනවා මාලිගාවට. එතනදී රේව බේරාගෙන ආවත් සූට් එක ටෝකුගාවගෙන් ගන්න බැරි වෙනවා. කණ්ඩායම නේට් හොයාගෙන මසාකෝ ඉන්න ගෙදරට එනවා. එතනදී ආපහු කණ්ඩායමට යන්න බැරි වෙනවා ප්‍රධාන හේතු දෙකක් නිසා. එකක් තමයි නේට් මසාකෝට ආදරේ කරන නිසා මසාකෝව ටෝකුගාවාට විවාහ කරලා දෙන්න එයා අකමැති වෙනවා. අනික් ප්‍රධානම දේ තමා රේගේ සූට් එක ටෝකුගාව අතට පත් වීම. නැවතත් සාරා රේට බාර දෙනවා නේට්ට තමන්ගේ බලයන් හසුරුවන්න උගන්නන්න කියල. ඒවගේම රේට තවත් විශේෂ ඇඳුමක් හම්බෙනවා. ඒ තමා මසාකෝගේ අයියගේ සමුරායි යුදාවරණය. මේ අතරේ ටෝකුගාවා ගමට එනවා. හැබැයි ගම්මුන්ව ආරක්ෂාවට පන්සලට යවල තිබ්බේ. මෙතැනදී වෙන සටන් වලින් කණ්ඩායම ජයග්‍රහණය කළත් රේගෙ සූට් එක විනාස කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නෙ දැන් රේට සූට් එකක් නැහැ. කණ්ඩායම හැමෝගෙන්ම සමු අරන් නැවත යානයට එනවා.

කණ්ඩායම කණ්ඩායම කියල කිව්වට මෙතන නැතුව යානයේ දෙන්නෙක් නැවතිලා හිටිය. ඒ තමයි ජැක්ස් සහ මාටින්. මේ දෙන්නට යානය අලුත්වැඩියා කරද්දි යානයේ තිබිල සැඟවුණු කුටියක් හම්බෙනවා. මේකෙ තිබිල මේ දෙන්නට එක එක අවි ගොඩක් හම්බෙන අතරේම තවත් විශේෂ පණිවිඩයක් හම්බෙනවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි බෙරී ඇලන් හෙවත් ෆ්ලෑෂ්ගෙන්. පණිවිඩේ එවල තිබ්බෙ රිප්ට. ඒ පණිවිඩේ තමයි ලෝකය තියෙන්නේ ලොකු අනතුරක. ඒ ගැන කණ්ඩායමේ අනිත් අය දැනගන්නෙ නැතුව රහසක් විදිහට තියාගන්න කියන එක. එහෙනම් අද කොටසින් මොකද වෙන්නෙ කියල බලමු. ඊළඟ එපියෙන් හම්බෙමු. ජය වේවා!!!

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

dcs.legends.of.tomorrow.204.hdtv-lol[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season              All Episodes                       Next Episode >>

Check Also

Luca (2021) Sinhala Subtitles | ලූකා! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. බොහොම ස්තූතියි සහෝ

  2. Sub1kt Tanks Ela Jayawewa……………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. sherlock galle

    DCs.Legends.of.Tomorrow.S02E05.HDTV.x264-LOL[ettv]

  4. sherlock galle

    Thanks episode5?

  5. කෝ බං 2-5 සබ් එක? ටක්ගාලා දාපල්ලකො

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. උපසිරසට ස්තුතියි අචින්ත සහෝ….

  8. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  9. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……..

  10. Thanks machan……jayawewa…..!

  11. sherlock galle

    Thanks for sub

  12. බොහොම ස්තූතියි සහෝ…..

  13. Thanks….
    The X Files ekenn set wemu

  14. Thanks

  15. Patttaaaaaaaaaaaaa

  16. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  17. ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  18. Udara Damith B/K

    උපසි
    රසිය

    බො
    හො

    ස්තු
    ති
    යි

  19. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි අචියා.

  20. උප සිරසියට බෝම ස්තූතියි…..
    ජය වේවා…

  21. nice work bro

  22. උපසිරසට ස්තුතියි අචින්ත සහෝ…
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු…

  23. Thanks..

  24. thkz bro,,meka ikmant dennna pulwnm watinwa ,

error: Alert: Content is protected !!