Tuesday , May 30 2023

Deadpool (2016) with Sinhala Subtitles | ඔබේ අසල්වැසි පූල් හාදයා. [සිංහල උපසිරසි සමඟ] (300)

Rating: 8.7/10. From 47 votes.
Please wait...

Deadpool (2016)ඔන්න එහෙනං කාලයක් තිස්සේ හැමෝම වගේ මග බලාගෙන හිටපු චිත්‍රපටියකින් තමයි මේ හමුවෙන්න එන්නේ. බොහෝම අමාරුවෙන් කතාව වෙන් කරගත්තේ මගේ මේ සුවිශේෂී දවස වෙනුවෙන් පල කරන්න ඕනේ නිසාමයි. මේ තමයි මගේ 300 වෙනි උපසිරැසි නිර්මාණය. 300 කිව්වත් දැනට 300 පහුවෙලා. ඒකට හේතුව වුනේ, කතාවේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගතවුනු නිසා. ඒ වගේම තමයි ඒ අතරේ ලබාදිය යුතු රූපවාහිනී කතා මාලා වගේම අතරින් පතර වෙනත් කතාත් වැටුනු නිසා තිතටම 300 සමරන්න බැරුව ගියා. කොහොමත් බයිස්කෝප් එකේ මට හරියට කඩයිමක් සමරන්න අවස්ථාව ලැබෙනවා හොරයි. 50 උපසිරැසියේදී ලිපියක් ලියන්න බැරිවුනා, 100 උපසිරැසිය යාන්තං ගොඩ දාගත්තා, 150 මටත් නොදැනීම පහුවෙලා ගියා, 200 සමරන්න හරිහමං චිත්‍රපටයක් හොයාගන්න බැරිවුනා, 250 සමරන්න කියලා තමයි Sense 8 කතාවේ පලවෙනි සීසන් එක එකපාර දෙන්න හැදුවේ. ඒත් උපසිරැසි දීමේ පිලිවෙලට බාධා වෙන නිසා ඒක එකින් එක දෙන්න සිද්ධ වුනා. කොහොමින් කොහොමහරි 300 සමරන්න කියලා මේ චිත්‍රපටිය වෙන් කරගත්තා. ඒත් කලින් වගේම 300 පහුවෙලා තමයි 300 සමරන්න වෙන්නේ. කොහොම වුනත් එව්වා අමතක කරලා දාමු. මේක තමයි මගේ 300. ඇයි යකෝ මට බැරිද සමරන්න? 😂

ඕ ඉතිං දැන් යාතිකාව පටන් ගන්නයි යන්නේ. මුලින්ම කියන්න ඕනේ නමක් කාරිය ලියන්න අමතක වුනා නම් සමාවෙන්න ඕනේ. බයිස්කෝප් නිසා හමුවුනු හැම කෙනෙකුගේම නම් ලියන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒත් මෙතන මතක් නොකර බැරි කිහිපයක් දෙනා ඉන්නවා. ඒක නිසා මම එදා මෙදාතුර දැන හඳුනගත්තු අයව පිලිවෙලකට ලිපියේ සඳහන් කරන්නං. මුලින්ම සයිට් එකට සබ් එකක් දාන්න කියලා ඊ-මේල් එකක් දාද්දී අදහස් හුවමාරු කරගන්න ලැබුනේ වාසල අයියා. ඒ කාලේ යන්නේ කොහේද මල්ලේ පොල් රිප්ලයි දීලා එයාට ලොකු වදයක් වුනා. ඊට පස්සේ තමා රොයිලි අයියා ගැටලු පැටලිලි විසඳන්න කාරිය මැද්දෙන් මේල් එකක් දාන්නේ. ඒ අතරේ තමයි සමීර අයියා දැන අඳුනගන්න ලැබුනේ. හසන්ත මාමා 😉  යශෝ, මේ දෙන්නත් ඉඳලා හිටලා ඊ-මේල් වලින් සෙට් වුනා. ඔය අයව තමා මම මෙන්ටලිස්ට් එක දෙන කාලේ දැන අඳුන ගත්තේ. පස්සෙන් පහු නිකීටා එක වගේම, මැසෙන්ජර්ස් උපසිරැසි ලබාදෙන කාලේ තමයි සමීර අයියා ෆේස්බුක් එකෙන් සෙට් වුනේ. සබ් එක ආපු ගමන් ලින්ක් එක එවලා “ඔන්න මලේ ආවා“ කියලා කූද්දන්නේ එයා තමා. 🙂 ඊට පස්සේ තමා ලාස්ට් ශිප් එක. ඔන්න ඔතන ඉඳන් තමයි කට්ටිය හෝ ගාලා දැන හඳුනා ගන්න ලැබුනේ. මුලින්ම හයිඩ්‍රා. මංසලට ලිපි දෙන්න හොඳ තොරතුරු එහෙම සපයද්දී අපේ හයිඩ්‍රා සෙට්වුනා. ඊට පස්සේ හේවයියා. ගොඩක්ම ෆිට් වුනේ රොයිලි අයියගේ Intersteller කතාව ගැන චැට් එකේ සාකච්ඡා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ තමා සයිට් එකේ ඇඩ්මින් කම ලැබුනේ. දැන් තමා හොඳම හරිය. ඔතනින් අපේ වැඩිහිටි දැනමුතු ගුරුහරුකම් සහිත ෆුල් පැකේජ් කුප්පි දෙන පිරිස… (රොයිලි මාමා, හසා මාමා, සමීර අයියා) 🙂 ඊට පස්සේ කුප්පියේ තියෙන දේවල් බීලා පිස්සු කෙලින පිරිස [පිස්සු කෙලින පිලිවෙලට දැක්වේ] (හේවා, මම, විමා, නලින් අයියා). යශෝධ අයියා ගොඩක් වෙලාවට හච් සිග්නල් වගේ තමා, අහුවෙනවා යනවා. අනික, අන්තිමට වගේ මලවුන්ගෙන් නැගිටලා ආපු කරුණා අයියා. කුප්පිත් දීගෙන, මඩෙත් බැහැගෙන, පිස්සුත් කෙලගෙන ඉන්නවා. අනිත් අයත් ඉඳලා ඉඳලා බැහැගෙන මඩ නානවා. දැන් ඉතිං රොයිලි අයියත් විශ්‍රාම යන්න ඉන්න එකේ (ඔය කිව්වට තාම ශුවර් නෑ…) හැමෝම වගේ පෞද්ගලික වැඩත් එක්ක හිරවෙලා, සබුත් කරන ගමන් සයිට් එක ගොඩදාන එක බොහෝම අගය කරන්න ඕනේ වැඩක්. මේවයේ අමාරුව තේරෙන්නේ කරන්න පටන් ගත්තාම.

ඊට පස්සේ තමා ගොඩක් අය හමුවුනේ. මම ඉතින් මෙතනදී පොදුවේ සමීප වුනු අයව මතක් කරන්නම්. මුලින්ම මාර්වල් වලට ගහන්න ආවොත් මාත් එක්ක රණ්ඩුවට පනින ජෝඩුව (තිසර, විමා). තවත් අය සෙට් වෙලා සප් එක දෙනවා. නම් මතක් කලේ නෑ කියලා ඩීසී වලට අදිනවා නෙමෙයි. ඊට පස්සේ ප්‍රතිවාදී පිල. (කොලදිවියා [AKA පූසා], චාමර,) ඉඳලා හිටලා මාමිත් ගේමට බහිනවා. ඔය කට්ටිය මතක ෆේස්බුක් වලි හේතුවෙන්. ගොඩක් වලි යනවා ඉතිං එව්වට මම නෑ. ඒ නිසා ගොඩක් අය මතක් වෙන්නේ නෑ. ඊට පස්සේ විමා පට්ටල් කරපු නමුත් නොකෙරෙන How i Met Your Mother චැට් එකෙනුත් දැනට මතක් කරපු අයට අමතරව නිර්මාණී අක්කා. ඊට පස්සේ මතක් නොකරම බෑ සඳුන් ධනුශ්ක අයියවත්. ලිපි වල අවුලක් තිබුනොත් කතා කරලා අඩුපාඩු පෙන්නන්නේ එයා තමා.

ඉතිං ඔය විදියට ලිපියේ සඳහන් කරපු අය අතරේ නොකරපු අය බොහෝමයක් ඉන්නවා කියලා මට සහතිකයි. ඒත් ඒ නම් මතක් කරන්න ගියොත් උපසිරැසිය දෙන්න ප්‍රමාද වෙන නිසා තමයි මම මේ විදියට ගොඩක් සමීපතම අයගේ නම් මතක් කලේ. ඒ වගේම තමයි මේ හැම දෙනාම අඩවියේ කටයුතු වලට වගේම උපසිරැසි සකසද්දී ඒ ඒ අවස්ථාවන් වල අනේක වාරයක් උදව් උපකාර කරලා තියෙනවා. ඉතිං හැම දෙනාටම බොහෝම පිං වගේම ස්තුතියි. 🙂

Pranith 300 Wish

වේඩ් විල්සන් කියන්නේ විශේෂ බලකායේ සේවය කරපු, පසු කාලීනය අගෞරවාන්විතව සේවයෙන් නෙරපූ හමුදා සෙබලෙක්. මැරයෙක් විදියට තමයි මෙයා හමුදාවෙන් පසු කාලීන ජීවිතය ගත කරන්නේ. මෙයාගේ සමීපතම මිත්‍රයා වුනේ, බාර් එකේ ඉන්න වීසල්. දවසක් වේඩ් බාර් එකක ගත කරන දවසක තමුන්ට හමුවුනු කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳිලා තමයි ඉන්නේ. දෙන්නා බොහෝම සතුටින් එකට ජීවත් වෙනවා. නමුත් පිලිකාවක් නිසා මෙයාලාගේ සතුටු ජීවිතේ බොහෝම වෙනස් අතට හැරෙනවා. ඉතිං මේ පිලිකාව ප්‍රතිකාර කරන්න බැරි තරමට දරුණු වුනු පිලිකාවක්. නමුත් රජයේ නොවන ආයතනයක් විසින් කරගෙන යන පර්යේශණ වැඩපලකින් ඇවිල්ලා වේඩ්ට අවස්ථාවක් ලබා දෙනවා තමුන්ගේ පිලිකාව සුව කරගන්න… මේ තමයි කතාවේ සාරාංශය. X-Men චිත්‍රපට මාලාව බලලා තියෙනවා නම් ඔයාලට මේ කතාව බොහෝම හුරු පුරුදු කතාවක් වේවි. මොකද කිව්වොත් මේ කතාව X-Men වලට ඒකාබද්ධව තමයි ගලාගෙන යන්නේ. එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්. වෙනදා වගේම තවත් උපසිරැසියකින් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

 

 Chloe and Theo (2015) on IMDb

 

 

994 MB (HD) කොපිය මෙතනින් බාගන්න

70D6E6C074A8DC494746FBBB2AB07656EEF3A413
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

212 comments

  1. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  2. ස්තූතියි

  3. mn bluwe nh tha …. ewnata mru hbay gud jobb bro

  4. මොකක් උනත් මේක ගහපු එකා සබ්ටයිටල් වලට වඩා තමන්ගෙ නම ගහගන්න ලොකු ඇම්මක් තිබිල තියනව ෆිල්ම් එක පුරාවටම උගේ නම ස්ක්‍රීන් එකේ පෙන්නනව .රෙද්ද

  5. download wunata add wenne nane film eka yaddi

  6. Thanks …..

  7. ස්තුතියි!!
    ජයෙන් ජය!!

  8. Thanks …

  9. Sandunprabath1230

    ආයෙත් බලනව.මචං Thanks

  10. Tnx mchn sub ekata ..!!

  11. Sasanka Dilhan

    Jaya wewa………digatma sub denna…….

  12. ස්තුතියි…!

  13. Thank u Pranith brother & baiscope team for the sub, all the best to baiscope team…………..

  14. Mevandhanushka

    Thanks…

  15. Thanks !!!!!!!!!!

  16. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  17. sub ekata thanks saho.. jaya wewa!!

  18. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  19. thanks***

  20. 300 වැනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් ප්‍රණිත් සහෝ !!!
    දිගටම සබ් දෙමු.
    350 කඩඉමත් ඉක්මනින්ම සම්පුර්ණ කරන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා….

  21. 300 වෙනි උපසිරැසියට උනුසුම් සුබපැතුම්…………
    සහෝ 350 වෙනි සබ් එකත් දෙමු මාවල් ෆිල්ම් එහෙකින්ම

  22. Thanks bro….

  23. Soggade Chinni Nayana [2016] mekatath sub ekak demuda

  24. niyamai ahhh good luck

  25. 703 MB Copy eka weda karanne ne ne

  26. thanks bro

  27. Thanks sahoo sub 1ta.jaya wewa!!!

  28. Thanks bro….!!!!

  29. br rip 1080p සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම් .

  30. niyamai bro

  31. ඔීයේ තෑන්ක් යූ කිවිවා !!!

  32. නිකන් දෙන සබ අරන් යන්නෙ නැතුව බල්ලොත් ඇවිත් මෙතන බුරනවා.. ගනන් ගන්නෙපා මචන්.. දිගටම කරගෙන යමු තෑන්ක්ස් සබට.. 🙂

  33. E kari huththo wadak karanawanam hariyata karapan kariya.brrip eka awith sathiyak wenawa uba puk gahanawada yako.wadak karaddi piliwelata karapan.barinam baraganna epa halapayo

  34. brrip update plz

  35. අම්මෝ මෙන්න ෆිල්ම්.
    තෑන්ක්ස් හොදේ…

  36. 300 ට සුභ පැතුම් සහෝ

  37. Br Rip awilla broo…please Update…

  38. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  39. sub ekata thanks Br Rip awilla broo…please Update….

  40. උපසිරසියට බොහෝම තුති සහෝ..!
    කැප්ටන්ගේ සිවිල් යුද්ධයත් ඔයාගේ සබකින්ම පත්තු කරමු..!
    ඔබට සඳා ජය…!

  41. Thanks bro 😀 , update to BRrip.


  42. කොහොමද පැණියෝ.. අදහසක් පළ කරන්න මේ තරම් ප්‍රමාද වුනේ ඉතින් සුපුරුදු විදියටම වෙලාවක් නැති කම තමයි.. අද ඔන්න ෆිලුම බාන්නේ.. රටක් වටින ෆීලුමකින් 300 කඩයිම පහු කරන පැණියට උණුසුම් සුබ පැතුම්. අපේ සයිට් එකේ වේගෙන්ම වගේම රහට සබ් කරන සෙට් එකේ ඉස්සරහින්ම ඉන්න එකෙක් තමයි උඹ. කියන්නම ඕනේ…. තැනට ගැළපෙන විදියට අදහස සිංහලට හරවන සෙට් එකේ, රොයිලි, හේවා දෙන්නට පස්සේ ඊළඟට හරියටම සෙට් වුනේ බොලෑ තමයි. ඉතින් එහෙනම් උඹේ දෑතේ ඇඟිලි දහයට සවි ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ජය පතනවා. ජයම වේවා..! එලස්ස්ස්… 😀

  43. Plz bro පුලුවන් ඉක්ක්මනට අප්ඩෙඩ්ට් දෙන්නකො ..
    Web-dl AAC-ETRG mp4 ..

  44. බ්‍රෝ මෙක අප්ඩෙඩ්ට් දෙන්නකො පුලුවන් ඉක්ක්මනින් .. web-dl AAC-ETRG mp4 .copy රිලිස් වෙලා.. plz පුලුවන් ඉක්ක්මනින් දෙන්න.

  45. මචං ඔීකෙ WEB-DL එක ඇවිල්ලා. ඒකටත් සබි දෙන්නකෝ.

  46. Dhanuka Akalanka

    Congratzzzzz bro…ela ela…

  47. 300ta magen unusum subapethum….

  48. තෑන්ක්ස් බ්‍රෝ ,පට්ට……………….

  49. උපසිරැසියට තුති…

  50. ස්තුතියි මචන්………………

  51. 300 up… good luck …………..elaaaaaaa

  52. elma bro.thanks

  53. ස්තුතියි මචන් සබට අනුවා බනවා ඔබට ජය

  54. 400ත් ඉක්මනටම ගහමු,
    ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ…
    ජය වේවා

  55. Hasitha Kodithuwakku

    Good Luck Bro 😀

  56. patta bro.magen unusu suba petum, e coent 1 dana welawa balapan broo.. patta lipiak dila tiyenne, loba netuwa kiyewwa. ubanam patta buwek. 500 k one akenma lagadia uben…

  57. තිසර අයිය පුරාජේරු ගැහුවට DC බබාලට රිදෙයි කියල. මං හිතන්නෙ BvS ආවට පස්සෙ Marvel බබාලා බයවෙලා තාම හැංගෙන්න තැන් හොයනවා ඇති නේද…? හූ හූ…

    සබ් එකට ස්තූතිවේවා…. ඔන්න ගත්තා සබ් එක… ජයවේවා…!!

  58. හම්මටසිරි 300ක් නේ. එල එල.
    ජයවේවා!

  59. Thanx Broo

  60. Supirima film ekak mama baluwa. sub ekath supiriyatama karala thibba. Jayawewa……!!! thnx…!!!

  61. මම හිතන්නේ මෙතෙක් කාලෙකට මම බලපු හොඳම උපසිරැසිය මේක. 🙂 නියමෙට තැනට ගැලපෙන්න පරිවර්තනය කරලා තියෙනවා. තේරෙන භාෂාවෙන් සබ් කරලා තියෙනවා. හැමදේම සුපිරි ^_^

  62. Manjula Kumara

    300 වෙනි උපසිරසියට සුභ පැතුම්!
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා…!!!

  63. thx sahoo

  64. ගොඩක් ස්තුතියි උපසිරසි ලබා දුන්නට…
    මගෙන් සුබපැතුම් 300වෙනි Subtitle ලබදිම ගෙන..
    තව උපසිරසි යොදන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්තනා කරනවා…
    එල…..

  65. ඉසුරු දිල්ශාන්

    300වෙනි උපසිරැසියට සුභ පැතුම් ප්‍රණිත් සහෝ!
    ජයෙන් ජය!!!!!!

  66. Thanx Saho

  67. Rakitha Ranathunga

    අප්පටසිරි,,එල එල බ්‍රෝ…..
    එලම ෆිල්ම් එකක් 300ට දීලා තියෙන්නේ
    සුභපැතුම්

  68. Thanx machan…………

  69. ස්තුතියි .. 🙂

  70. praneeth මචෝ…. උබ දුන්න ගොඩක් ටීවී සීරියස් බලල තියනවා…
    the Mentalist කලේ උබ නේද කියල මතක් උනාම කොමෙන්ට් එක නොදා යන්න බැරි උන…
    අනික nikita ඔය දෙක තාමත් හිතේ හොල්මන් කරනවා…

    උබට අනේකවාරයක් ස්තුත්යි ඒ හැමදේකටම..

    300ක්… මදි වගේ මචෝ..
    400ක් කරමු….
    ජය…

  71. 300 වෙනි උපසිරැසියට උනුසුම් සුබපැතුම් සහෝ 350 වෙනි සබ් එකත් දෙමු මාවල් ෆිල්ම් එහෙකින්ම

  72. good luck sahooo..

  73. Udara Damith B\K

    300 ට උණුසුම් සුබ පැතුම්! 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

  74. Thanks Machan Subtitle ekata 😉 🙂

  75. tv series balanna welawak nethi mama films witharai balanne. eth awurudu dekakata kittu kalayak thisse balala thiyenne 267 witharai. onna ada oyage 300 samarana film eka baganna patan gaththa. comments kiyawana welawe hithuna ikmaninma meka balanna oni kiyala, goda denek oyage subswala sarala, awasthawochitha ha lagannasulu bawa gena kiyala thiyenawane. speed ekath ekka quality ekath thiyaganna hapanek wagei penenne. jayan jayama wewa! film eka balala comment ekak dannm, passe. thanks!

  76. සුබ පැතුම්

  77. elama jaya wewa 300 ta 😀

  78. 300 වෙනි උපසිරසියට සුබ පතනවා…
    තවත් ඉස්සරහට වේගෙන් වැඩි වැඩියෙන් සබ් කරන්න
    ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා…
    ජය වේවා!!!

  79. ෆිල්ම් එක බෑවට කමෙන්ට් 1 දාන්න බැරැව ගියා….
    300 සබට හදවතින්ම සුභම සුභ පැතුම් ප්‍රනීත් සහෝ…
    ජයෙන් ජයම වේවා..

  80. සති ගානක් බලන් හිටියා…
    මේක දෙනකම්…

    300ට උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!

  81. onna math ba download kalo…. eelanga para jayatama samaranna lebewa..

  82. විකියා

    දිගටම සබ් කරන්න ශක්තියලැබේවා !

    ජයෙන් ජය! 🙂

  83. sub1 ට ස්තුතියි……….
    300 වෙනි sub1 ට අපෙන් උණුසුම් සුබ පැතුම්!

  84. මෙන්න ඩිරෙක් ඩව්න්ලෝඩ් ලින්ක් එක http://www.hdlanka.com/2016/03/dead-pool-movie-2016-download.html

  85. නලින් පෙරේරා

    සුභ පැතුම් ප්‍රණිත් සහෝ උඹ දැන් හොල්මනක් වගේ හිටියා ඇති වර එළියට… 300කුත් ගහාපු එකේ. හරි ඉතිං කොහොමෙන් කොහොම හරි විශාල කර්ත්‍යව්‍යක් කරලා තියෙන්නේ. මේ වැ‍ය කරපු කාලයේ ඉතිං වටිනාකම සල්ලි වලින් මිල කරන්න අමාරුයි සහෝදරයා. එතරමි විශ්ෂට සේවයක් අඩවිය කරලා තියෙනවා. එහෙනම් සිංහල උපසිරැසියට ස්තුතියි කරන ගමන්, දන්නේම නැතුව ඉතිරි කඩඉම් ටිකත් පන්නමු. ජය වේවා෴

  86. 300ට සුභ පැතුම්…!!!
    උපසිරැසියට ස්තූතියි

  87. 300 වෙනි උපසිරසියට සුබ පැතුම්!!! මේ වගේම 400 ත් ඉක්මනට ගහන්න පුළුවන්…

  88. thank you brother….suba patanwa obata..

  89. Mulinma 300ta good luck bro.. 400ta adinna wadi kalayal yanne naa.. A nissa a Kadaematath yamu..

    Film eka gana kiwoth asawen balan hitapu ekak.. Ekatath thanx..

    Ellimakuth thiyanawa puluwan nm “lost” tv Sirius ekata sub demu…

    Ehenm Jaya wewa….!!

  90. ශෂික දිල්හාර

    300 වෙනි උපසිරසියට සුබපැතුම්, අපෙත් හයිය අරගෙන තවත් ඉදිරියටම යන්න

  91. Kiyanna wachana na bro…
    thanks bm uba nam deiiyek..

  92. Sanindu Lakkitha

    Congratulations Saho… Digatama sbu denna shaktiya dairaya lebewa kiyala prartana karanawa..
    Good Luck… Well Done..

  93. congratz machan bluray rip enakam innawa ban

  94. මෙන්න මිනිස්සු සුබ පතනවා දිගටම subදෙන්න

  95. Chethana Lakmal

    machoo plzz help me sinhala akuru pennanne na kutu watenne plzz help mee

  96. Naveen Lakshitha

    congratz machan sub 300k karanawa kiyana eka lesi wadak newei me widiyatama ubata 400 , 500 line ekath ikmanatama paninna puluwan wenna kiyala prarthanaa karanawaa

  97. 300 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්
    මේක් දෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ හැමදාම බයිස්කොප් සයිට් එකට ඇවිත් බලනව
    tnxxx සබ් එකට 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

  98. උණුසුම්ම සුබ පැතුම් ප්‍රණීත් මලේ. කොහෙද මම 300 ට හරියටම මේක සෙට් කරවල දෙන්න හැදුවට, ඒකට පිටුපෑවේ ඔයාමනේ. 🙁 මම නම් ඔයාගේ සබ් වලින් තාම ඉවර වෙනකම්ම බැලුවේ මෙන්ටැලිස්ට් තමා. ඉතින් කොහොමහරි මෙතනින් නොනැවතී ඉදිරියට යන්නත්, පුළුවන් නම් TV වලින් සමු අරගෙන චිත්‍රපටි පැත්තට යන්න කියලත් ඉල්ලනවා. මොකද TV විතරක් නැතුව චිත්‍රපටිත් තමුන්ගේ නමට තියෙන කොට කාටද ආඩම්බර. ඉතින් වෙනද වගේම බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  99. supiri bro congratz

  100. Hammata….. 300 k. patta bro….

  101. 300 ට උණුසුම් සුබ පැතුම්!!! BR එකක් ආපු ගමන් update කරන්න. එතකන් බලන්නේ නෑ කියලා බොහොම අමාරුවෙන් හිත හදා ගත්තේ…. 😀 😀

  102. 😀 #300 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…!!!! 😀

    හැමදාම බදාද 4 විතර වෙනකොට සයිට් එකට ඇවිල්ල ඉන්නේ AOS බලන්න ඔයා සබ් එක දෙනකන්.ඒක නම් දැන් පුරුද්දකට ගිහිල්ල.ඔයාගේ සබ් වල තියෙන සුපිරිම දේ තමයි අරුත් පැහැදිලි කරල දාන එක.මම නම් ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනව. 😀
    ඩෙඩාගේ භාෂාව සිංහලෙන් දානකොට තමා ආතල් එක තියෙන්නේ :v ඔයාගේ සබ් ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍ය ව්‍යවාහාරයෙන් දාන නිසා මේ සබ් එකත් සුපිරියටම ගොඩ දාල ඇති.
    කියල තියෙන විදියට නම් තව මාස 2-3කින් 400ත් ගහන්න පුලුවන් වෙයි වගේ.

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  103. ෂෙරින් සමාධි ගිනිගේ

    300 වෙනි උපසිරැසිය නිල වශයෙන් සැමරීම වෙනුවෙන් මං හදවතින්ම සුභ පතනවා මල්ලි…..
    මුලින්ම ඔයාගේ උපසිරැසියක් බලන්න ගත්තෙ මෙන්ටලිස්ට් කතා මාලාවෙන්…. ඒකෙ පැට්‍රික් ජේන් එදා සිට තාමත් හිතේ රැඳුණෙ ඔහුගේ රඟපෑම නිසාම විතරක් නෙවෙයි…. ඒ ඔයාගේ උපසිරැසියට එකතු උන ඔයාටම ආවේණික උන වචන මාලාව නිසා…….. එදා පටන් ඔයා කරන කතා වලින් බොහොමයක් ඒවා බලලා තියෙනවා…. ඇත්තටම ඔයාගේ වචන මාලාව නම් මල් හතයි මල්ලි…. කියන්න ඕනෙ දේ බොක්කටම වදින්න කියනව නොවැ. ඊටත් එහා සබක් කරන වේගෙ. හැමෝම කියනවා වගේ මේකා නම් සබ් හදන මැෂිමක්… 😀

    මට ප්‍රනීත් සහෝගෙ උදව් ලැබෙන්න ගත්තෙ මතක හැටියට නම් අන්ඩර් ද ඩෝම් එකේ අන්තිම කාලේ… ඊළඟට ස්කෝපියන් එකෙන්…… අපරාදේ කියන්න බෑ කොච්චර වැඩ තිබුණත් අපි හිරවෙන වෙලාවට අපේ පිහිටට එන්නෙ ඔයා තමයි… හැමෝම කාර්යබහුල වෙලා සබ කර ගන්න බැරිව හිර වෙද්දි දෙයියො දැක්කා වගේ මට පිහිට වෙලා තියෙනවා. මං වෙනුවෙන් වගේම අපේ ප්‍රේක්ෂකයො වෙනුවෙන් ඔයා ඒ කරන කර්තව්‍යට ගොඩක් පිං…..

    මේ කෙටි කාලය තුල ඔයා බයිස්කෝප් නිවහනේ මහා බලකණුවක් බවට පත් වෙලා කියලා මට හිතෙන්නෙ…. උපසිරැසි 300 ක් කියන්නෙ කොයි වගේ කැපකිරීමක්ද කියලා දන්නෝ දනිති….ඒ නිසා ඊළඟ පාර නිළ වශයෙන් 400 සමරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔයාගේ ජීවිතයේ උපසිරැසි නිර්මාණය වෙනුවෙන් කැප කරන කාලය අපතේ යන්නෙ නෑ මල්ලි…. ඔයා බොහොම ආසාවෙන් මහන්සියෙන් කැපවීමෙන් මේ කරන කර්තව්‍ය ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් වේවි….

    එහෙනම් ඉතින් කාලයක් බලන් හිටපු කතාවකට උපසිරැසි අරන් ආවට ඔයාට බොහොම ස්තූතියි….
    ජය!!!

  104. Supiri wadak :3 <3 Thank you

  105. උපසිරැසියට ස්තූතියි.
    300 වෙනි උපසිරැසියට සුබපැතුම්. 🙂
    ජය වේවා..!! 🙂

  106. Ela macho G8 work

  107. 300 ට උණුසුම් සුභ පැතුම්..!!!

  108. Ravindu Deshapriya

    නියමයි අයියේ….
    අපෙනුත් සුබ පැතුම්!!!
    තවට් දීර්ඝ ගමනක් යන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….
    ඒ වගේම සබට බොහොම ස්තූති!!!!

  109. Thank You………..!!!!!!!!!!

  110. balanna godak asawen idapu film ekak thanks bro thawa thawa sub karanna hakiyaa labewa

  111. good luck mcn……. thanx subata….. Budu Sranai……

  112. එල එල එළමයි
    ජයෙන් ජයම වේවා
    සබට ගොඩක් ස්තූතියි
    සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා……………………… 😛

  113. සුබ පැතුම් සහෝ ……

  114. 300 වෙනි උපසිරැසියට සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා කියලා සුභ පතනවා.

  115. මහසෝන් කොල්ලා හැමෝම කියනවා වගේ හතර ගාතෙන් සබ් කරන එකෙක්. සබ් එක ඇවිත් පැය දෙක යද්දී සිංහලට හරවලා. මම නම් දැකලම නෑ මෙච්චර වේගෙකින් සබ් කරන එකෙක්. ඒ නිසා උඹ මහසෝනම වෙන්ට ඕනේ 😛 ඒ වගේම බලන අයට සබ් එකට අමතරව දැනුමට යමක් එකතු කරන්න ගන්න උත්සාහය නම් අගය කරන්නම ඕනේ. මම ප්‍රණීත්ගේ කියල සබ් බලන්න ගත්තේ ශිල්ඩ් කතාවෙන් පස්සේ හේවගේ දැඩි බලපෑම් මත සෙන්ස්8. ඒ කතා දෙකෙම උපසිරැසි උපරිමෙන්ම තිබුනා. එහෙනම් ඉක්මනටම 400 ගහල මුරලි වගේ කඩන්න බැරි රෙකෝඩ් එකක් තියන්න ලැබේවා කියල පතනවා !!

  116. thanx macho wish u all the best……….

  117. 300 ta unusum suba pethum saho…
    patta film eakakin 300 dipu eaka gena sathutui….
    400 mitath weda patta film eakakin denna lebewa kiyala wish karanawa.
    jaya wewa….

  118. Sub ekata thanx aaaaaaaaaaaaa

  119. ආසිරි ප්‍රියන්ත

    hamme…. ෆිල්ම් හෝල් එකේ බලලා, ආයේ ෆිල්ම් හෝල් එකේ පෙන්නපු එකේ කැලි අඩුයි කිව නිසා අන්ඩර් කට් මාර්ගෙන් හම්බුනු සිංහල සබ එක්ක හද්ද පජාත කැමරා කොපිය බලලා, ආයේ මේ කොපිය ආපු ගමන් ඒකත් ඉංග්‍ සබ් එකෙන් බලලා, දැන් ආයෙත් මේ සබ් ඒකත් එක්ක ආයේ බලනවා, දන්න විදියට මේකද මංදා වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එක කෙටි කාලෙකින්. එව්වා ඕනේ නෑ…

    මගේ නමත් මතක් කොරලා තියෙනවා, ඒත් පිස්සු කෙලින ඩිපාර්ට්මන්ට් එකේ මමෙයි කියන්නේ මුලින්ම ඉන්නේ? ඒකටනම් අල්ලගන්නම වෙනවා…දෙන්නම් බැස්ටිය ඒකට.. වැඩේ කියන්නේ මට ඒ හැටි නිච්චියක් නෑ කොහොම අපේ යාළුකම සෙට් වුනාද කියලා, මටනම් මතක විදියට මම හිතුවේ සෙන්ස් එයිට් හෝ ලාස්ට් ෂිප් නිසා වෙනටති කියලා.. මොනා වුනත් කියන්නම ඕනා, ඔබතුමාගේ උපසිරැසි නම්….මල් හැත්තෑ හතයි කියලා…
    ආයේ වචන බාවිතා කරනවා වෙලාවේ හැටියට නැති වෙන්නම…සුපිරිම සබ් තමා ඉතිං, හසා රොයිලි උදා හා සමානව. එව්වා හරි,

    ඔන්න සුභම සුභ පැතුම් 300 වෙනි උපසිරසියට, මටත් ඔය කඩයිමට එන්න තව පොඩ්ඩක් තියෙන්නේ..
    ඔන්න ඉතිං වැඩි හිටියෙක් වසයෙන් දෙයක් කියන්නම්…
    ඔය මූණ පෙන්නන්න කියන එවුන්ගෙන් පරිස්සම් වුනොත් හොදා…
    නැත්නම් ඔය හතරගාතෙන්ම උපසිරැසි කිරීමේ හැකියාව නැති වෙලා යන්න පුළුවන්…
    ජය වේවා!!

    • සමීර කරුණාරත්න

      බොට වැහි නැති හෙන ගන්න ඕනේ සිරියෝ…. උඹ 300 කරනකොට ලෝකේ විනාස වෙලා හුගක් කල් ගිහින් තියේවි…

  120. මුලින් 300වෙනි subඑකට සුභ පැතුම:-):-) 400ත් ඉක්මනින්ම කරමු. ගොඩක් ආසාවෙන් බලන් හිටියේ මේ ෆිල්ම් එක දෙනකන්. Thank You සහෝ

  121. Thanks & wish you all the best
    Keep up the good work 🙂

  122. සෙනිකව

    අම්මෙහ්…මේක එනකල් ඉවසලා ඉවසලා ඉවසලා ආයිත් ඉවසගෙන හිටියේ…300 ට සුබ පැතුම්…PC ගේම් එක ගැහුවා වෙලේ ඉදලා තාම Deadpool ට අසා හිතුනේ…පට්ට පිස්සු ඩයල් එක…එහෙනම් සහෝදරවරුනි ඩේඩා පස්ස පෙන්නන වාර ගාන ගණන් කර කර බලමු 😉 ….බයිස්කෝප් අඩවියට ජය !!!

  123. Fatta Machan thnx

  124. එල එල. 300 වෙනි sub එකට හදවතින්ම සුභ පතනවා.
    ඒවගේම 400,500,600,700,800, ඔය ඔක්කොම කරන්න අවැසි ශක්තිය කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. 🙂

  125. නියමයි මචන් 300 කියන්නෙ ලේසිද ?
    දිගටම දෙමු.
    ජය වෙිිවා. !!!

  126. සබට ගොඩක් ස්තූතියි

  127. Congratulation . Thank you my friend

  128. තාරක නුවන් දිල්හාර

    හම්මටසිරි 300ත් ගහලනේ
    එල එල එළමයි
    ජයෙන් ජයම වේවා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු
    ජය..!!

  129. jaya wewa.ubanam sira porak

  130. ela ela bro

  131. 300 උණුසුම් සුපැතුම් සහෝ.

  132. 300 වෙනි සබ් එකට හදවතින්ම සුභ පතනවා.300ක් කරනවා කියන්නේ එසේ මෙසේ වැඩකුත් නෙවෙයි.කෙසේ හෝ ඒ සීමාව පට්ටම කොමික් ෆිලුමකින්ම සපුරා ගන්න ලැබුණ වගේම ඉදිරියටත් වැඩි වැඩියෙන් සබ් කරන්න වගේම ජීවිතෙත් සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගෙන ජිවිතේ ජයගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.ජය ශ්‍රී 😀

  133. එල මචෝ 300 වෙනි sub එකට බොක්කෙන්ම wish කරනවා !!!
    ගොඩ කාලයක් බලානහිට්පු movie එකක්
    අමාරු sub එකක් ඉකමනටම දුන්නට thanks………………………………
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා…!!! 😉

  134. නිර්මාණි

    300 යි. ජය වේවා. 400ක් 500ක් ඉක්මනටම දෙන්න ලැබේවා කියලා පතනවා. මහසෝනානෙ ඉතින්. අත් හතර පහකින්ම පැයෙන් දෙකෙන් ලයින් 500ක් විතර කරන එකනේ. ඒ හන්දා මාස තුනක් විතර යද්දි 400ත් දෙන්න බැරියෑ. හෙ හේ. මාවත් මතක් කරාට බොහොම තුති. නොකෙරෙන වැඩක් නෙවෙයි ඉතින් අම්මා මුණ ගැහුන විදිය ඉක්මනින්ම දෙමු. මට තව පොඩ්ඩයි තියෙන්නෙ. එහෙනම් සුභ පැතුම් වගේම සබට තුති. ජය වේවා…

  135. my hiroooooooooooo…………..yamu yamu digataama yamuuuuuuuuuuu

  136. Sajith Anthony

    300 වෙනි උපසිරසියට සුභ පැතුම්!
    මේක එනකල් හිටියෙ බලන්න.
    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා…!!!

  137. තිසර නියෝ

    මහන්සියෙන් මහන්සියෙන් ගෙදර ආවේ. 🙂
    ඇවිත් නෙට් ආව විතරයි දැකපු දෙයින් මහන්සිය නැත්තටම නැතිවෙලා ගියා….. 🙂
    හම්මේ මාස ගානක් බලන් හිටිය ෆිලුමට සබ් දීලනේ අපේ මහසෝන් කොලුවා.. 🙂
    320-330 ක් සබ් දීල වෙන්න ඕනේ මේ වෙනකොට මම හිතන්නේ…. 🙂
    මොනා උනත් 300 වෙනි කඩයිමට හදවතින්ම සුබ පැතුම්… 🙂

    මේ මොනා උනත් පූසා, චාමර වගේ DC බබාලට රිදෙන්නත් එක්කම 400 වෙනි කඩයිමත් මාර්වල් ෆිලුමකින්ම ගහමු හොඳේ :p ඩොක්ටර් ස්ට්‍රෙන්ජර්, එහෙම සුපිරි ෆිලුමක් ඈ :p

    දෙපාරක්ම මතක් කරාට තුති 🙂
    මොනා උනත් වලියක් ඉවරවෙන්න හදද්දී වලියක රෑ වෙලා ඇවිත් ආපහු වලිය අවුස්සන්නනම් නියම කෙනා තම උඹ :p

    උපසිරැසියට තුති…
    ඊළඟ කඩයිමෙන් ඉක්මනටම හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  138. Gud luck saho… Digatama uben sub ona.

  139. ඊයෙ ටොරන්ට් එක ආවා මෙන්න අද දීලා… හෙ හේ සුපිරිම තමා වැඩ මචෝ…
    අඩෝ පෙරුම් පුර පුර හිටියෙ මේක බලන්න…
    කොහොම කොහොම හරි 300 නිල වශයෙන් දෙන්න මේ ෆිල්ම් එකට අවස්ථාව ලැබුන එක ගැන සතුටුයි සහෝ….
    දහස් වාරයක් ස්තූතියි මචෝ සබ් එක දුන්නට…
    400ත් ඉක්මනට ගහන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (ඒකවත් හරියටම දෙන්න. 🙂 )

  140. තාමර දෙනුවන්

    300වෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම්. උපසිරැසි 300ක් කියන්නේ ලේසි ගේමක් නෙවෙයි. අපේ රොයිලි අයියාගේ රෙකෝඩ් එක ළඟටම යනවා නේද? තව තවත් උපසිරැසි කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා. 300ට අරන් ඇවිත් තියෙන්නේ පට්ටම කොමික් ෆිලුමක්. මේක නම් ලොවෙත් බලනවා. BR එනකම් ඉඳලා බාන්න ඕන.

  141. pissu hadenawoooooooooooo

  142. thankz brother

  143. Amila Kaushalya

    ප්‍රනීත් සහෝ 300ට සුබපැතුම් BR අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහො

  144. 300ට සුභ පැතුම්…
    ජය වේවා…

  145. charith lakshan

    sthutie mitraya, obata jaya wewa,

  146. Nishadi Wickrama

    tnx

  147. 300 වෙනි උපසිරැසියට මගෙනුත් සුභ පැතුම්!
    සබ් වලට ස්තූතියි මචන්!
    ජය වේවා!

  148. Ishan Viduranga

    Thanks මචං sub එකට…

  149. tnx bro onna math bawa bro

  150. හත්වලාමේ අපේ ප්‍රනීත් සහෝ 300 ත් පන්නලානේ 😀 උණුසුම් සුබපැතුම් ප්‍රනීත් සහෝ … මේ ෆිල්ම් එක නං ආයේ හොදම කොපිය එනකන්ම ඉන්නවා 😀 මාස දෙක තුනක් ගියත් කමක් නෑ.. බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.. ජය වේවා !!

  151. අනේ මංද ඉතිං මොනා කියන්නද කියල 🙂
    ළඟදිම මූණ පෙන්නනව කියල ආරංචියක් තියෙනවා. ඒක ඇත්තක්දහ්…? 😛

  152. නියමයි නියමයි ප්‍රනීත් අයිය‍ේ …
    සුපිරි වැඩක්
    එහෙනම් තවත් කෙනෙක් සුපිරි වැඩක් කරලා…..
    ඇත්තටම ගොඩාක් සතුටුයි……
    උපසිරැසි 300ක් කියන්නේ ලේසී පහසු වැඩක් නෙමේ…
    අපගේ සතුට වින්දනය උදෙසා, තමාගේ වටිනා කාලය , ධනය, ශ්‍රමය වැය කරමින් මේ කරන කාර්යයට හෘදයාංගම ස්තූතිය පුද කරමි.
    තවත් හැකි උපරිම කාලයක් පුළුවන් අන්දමින් මේ කටයුත්ත කරගෙන යන්න කියා ඉල්ලමි.
    ඒ වගේම ඊට අවශ්‍ය ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී…..

    අද දීපූ සබ් එකට ගොඩාක් ස්තූතිය අයිය‍ේ
    ගොඩ කාලයක් තිස්සේ හොඳ කොපියක් එනකන් බලාපොරොත්තු වේගෙන බලා සිටිය ෆිලුමක් තමා මේක.
    හැකි ඉක්මනින් උපසිරැසි ගන්වා ගෙනාවට ගොඩාක් ස්තූතිය !!!

    දිගටම සබ් කරන්න ලැබේවා !
    ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  153. Thkx bro dethpool akta sub dmmta

  154. අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ YIFY බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  155. කේ.යූ.ජී. උදාර

    300 ට හදවතින් ම සුබ පතනවා………….
    දිගට ම මේ වැඩේ කරගෙන යමු කොල්ලො. සිංහල සබට බොහොම ස්තූතියි.

  156. හම්මේ පිස්සු හැදිලා හොදවෙලා ආයේ හැදෙනවා නොවෑ..
    මෙන්න මේක දීලා..හම්මේ මාර හැපී අප්පා..
    දීලා තියෙන්නෙත් සුපිරි පොරක්(මහසෝනෙක්) නොවෑ..
    සහෝගේ සබ් මාත් ගොඩක් බලලා තියේ..ඒවා ඉතින් සුපිරි..
    අනික ඉතින් සබ් දෙන වේගේ ගත්තමත් අපිට ඇඩෙනවා.මැෂිමක් නොවෑ.
    300වන උපසිරසියට සුබ පතනවා..
    එහෙනම් ඉතින් ඉක්මනටම 350,400 වැනි කඩඉම්වලට යන්න ලැබෙන්න කියලා හදවතින්ම
    සුබ පතනවා.
    වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට කාලය ලැබෙන්න ඕනේ.
    මේවගේ මැක්සා ෆිලුමක් බලන්න ඉතින් HDRIP,BRRIP වගේ එනකම් ඉන්නවා..
    එහෙනම් උපසිරසියට ස්තුතියි කිව්වා..
    අර සමීර අයියා කිව්වා වගේ නරකද මූන පෙන්නුවානම්??
    කවුරුත් බයවෙන්නේ නැහැ මහසෝන්නු දැක්කට..

  157. Bhashith Udawatte

    300ta cheerZ PRANEETH ayye 😉 Sabatath thankz 🙂

  158. 300 වෙනි උපසිරැසියට සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා…

    Thank you very much brother…

  159. Thanx bro sub ekata

  160. දිල්ශාන් සචින්ත(සචී)

    අමමට සිරි මෙන්න සබ් මැශිම 300 ගහලා.ඇස්වහක් කටවහක් නැතුව…400 ,500ත් ඉක්කමට ගහමු……ඉස්සරහට ගොඩක් වැඩ තියෙයි නේ……….

  161. අයෙ කතා දෙකක් නෑ blurry එනකම් අතවත් තියන්නෑ මෙකට
    (බොහොම අමාරුවෙන් හිත වෙනස් කරගත්තෙ. BR අපුම අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහො )

  162. සුබ පැතුම් ප්‍රනීත් සහෝ. පුදුම ඉක්මනටම 300 ගැහුවනේ. ඉදිරියටත් දිගටම සබ් කරමු. ජය වේවා….!!!!!!

  163. sundaraiiii
    good luck

  164. සමීර කරුණාරත්න

    යන්තම් මහසෝනා මේක දීලා, පුදුම වෙලාවක් උඹට හොඳ ඒවා කියා කියා අපි බලා උන්නා. බොහොම පිරිසක් හිතුවේ මැරිලා වෙන්න ඇති කියලා, බලනකොට ඩේටා ඉවර වෙලා කියන්නේ. අහන්න දෙයක් නැහැ ඉතින් සුපිරිම පොරක්… ලේසි නැහැ 300 ක් නේ අම්මේ මට නම් හිතාගන්නවත් බැහැ අනික මේකා පුදුම අඩු කාලයක් නෙව ගත්තේ. හදතින්ම සුභ පතනවා මලේ 300 නොවන 300 වැනි සබ් එක වෙනුවෙන්. 001 අයියාට යන්න දෙන්නේ නැහැ එහෙම. උඹත් මාරු වෙන්න එහෙම හදනවා නෙමෙයි කොහොම හරි යමු ඉක්මනින් 400 වෙත… නැවතත් සුභ පතමින් සමු ගන්නවා….

    අන්තිමේ පූල් හාදයත් කෙල්ලට මුහුණ පෙන්නපු එකේ දැන්වත් ඔය මහසෝන් මුහුණ පෙන්වපන් අපිට…..

  165. දෙනකං බලං හිටපු ෆිල්ම් එකක්… මෙච්චර ඉක්මනට
    සබ කොටලා දුන්නට ගොඩක් ස්තූතියි ප්‍රණීත් සහෝ…
    ඔයා සබ් කරපු ගොඩක් ටීවී ෆිල්ම් බලල තියනවා…
    ඒවගේම 300 වෙනි උපසිරසියට සුබ පතනවා…
    තවත් ඉස්සරහට වේගෙන් වැඩි වැඩියෙන් සබ් කරන්න
    ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා…
    ජය වේවා!!!

  166. පිස්සු හැදෙනවනෙ ඉතින් .. සයිඩ් එකට ඇවිත් ගිය විතරයි
    අයෙ බැලිත් නම් ෆිලුම දිල 400ක් ඩව්න්ලොර්ඩින්නුත් කරල ලූ..
    වැඩෙ කරන්න බෑනෙ ඉතින් ..
    *300වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහො.
    Blurry අපුම බලන්න තම අදහස නම් බලමුකො තිරනෙ වෙනස් වෙයිද කියල…
    ~~බොහොමත්ම ස්තුතියි සිංහල උපසිරැසියට~~
    නියම වැඩක් ඉදිරියටම යමු

  167. සිරාවටම ?????????
    එහෙනම් කඩයිම සමරන්න ලැබුණා නේ. එල එල බොල…..
    හම්මේ ඉතිං උබේ සබ් කෙරිල්ල ගැන කියලා නැහැ (සබ් මැෂිම)
    ප්‍රතිවිරුද්ධ පිලේ හිටපු හන්දා යන්තම් ඇති මගේ නමත් කියවුනා … මාව මතක් කලාටත් ස්තුතියි හොදේ..!!!!
    අර තිසර කිව්ව උබලගේ ලොකු සිනමැටික් යුනිවර්ස් එකේ ඉස්සරහට එන ෆිලුමකින්ම 400 ගහන්න ලැබේවායි ප්‍රර්ථනා කරනවා….
    උපසිරැසියට ගොඩක් ස්තුතියි…….
    බ්ලුරේ ආවම අප්ඩේට් එකක් දෙන්න අනිවා ගන්නවා ඉතිං…..!!!!!

  168. thans for sub

  169. සජීවී

    300 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ප්‍රණීත්……

  170. really appreciate your works..thanks PRANEETH for giving us all of this…wish u’r great future…..

  171. mekana pattata athi neda sho tha….. sub ekata

  172. madusanka jayasooriya

    උණුසුම් සුභ පැතුම්. බ්ලුරේ කොපියක්ම බලනවා. ජය වේවා!

  173. 300 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් ප්‍රණීත් සහෝ,
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
    400ත් ඉක්මනටම ගහමු,
    ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ…
    ජය වේවා 😀

  174. Thankx mcn sub akata brrip aka apu gaman update karanna plz

  175. elama elama elama fattama tama bro//////// Ty

  176. Thank you!

  177. හම්මටසිරි.
    300ක් නේ.
    එල එල ඕයි.
    ජයවේවා!

  178. අඩෝ… මෙන්න ඩෙඩා ඇවිල්ලා…
    300 ගහපු එකට උඹට හදවතින්ම සුභ පතනවා…
    ඔව් ඉතින් වලිය යන වෙලාවට උඹ නෑ තමා…
    රෑ දෙගොඩහ ජාමේ ඇවිල්ලා කොමෙන්ටුවක් කොටලා යනවා…
    මේ ෆිලුම මෙහෙම බලන්න හිත දෙන්නෙම නෑ බං.
    F*&% HD Rip. Br ආවහම ගන්නවා(ඔන්න ඩෙඩාගෙ භාෂාවෙන්ම කිවුවා)… 😀 :3
    එහෙනම් ජය වේවා…!!!
    ඉක්මණටම 350 ගහපන් එහෙනම්…
    මාව මතක් කොලාටත් තුති…!!!

  179. thanx bro sub ekata meka enkan godak kalmai balan hitiye

  180. එහෙමනම් පැනියෝ මහසොණෝ මුලින්ම තුන්සියයට සුභපැතුම් වේවා… !
    උබව දැන අදුනාගත්තේ කිව්වත් වගේම ඇඩ්මින් ඒකෙන් තමා, එතැන් ඉදල මෙන්ටලිස්ට් බලන්න ගත්ත එකෙන්, ලාස්ට් ෂිප් එකෙන් ශිල්ඩ් එකෙන් ජෙසිකා ජෝන්ස් එකෙන් එහෙම හොදටම සෙට් වෙච්ච්ච එලටම සෙට් වෙන පොරක්
    වැඩියෙන්ම කරලා ඇත්තේ ටීවී වෙන්න ඕන මයේ හිතේ
    ඒ වගේම සෙල්ලම් පොරක් නෙමේ
    අතෙන් පයෙන් කටින් හැම එකෙන්ම යතුරලියනය කරන පොරක්
    නැත්නම් මේ හනිකට පැය දෙක තුනෙන් සබක් කරන්න පුළුවනැයි.
    ඒව්වා ඉවරයි ඔන්න,
    එහෙමනම් හාරසියයවත් හරි විදියට ටක්කෙටම සමරන්න ලැබේවා කියනව මහසෝණට
    එතෙක් හැමදාම උබ අපිට කියන විදියට අද උබට කියන්නම් මම
    මේ කරන සද්කාර්යයෙන් ලැබෙන පිනෙන් සියලු වැඩ කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා!
    ආයු -බෝ -වේවා !!! 😀

  181. Janith mathula

    Thank u bro

  182. Thanks For Sub Bro

  183. YASIRU HASARANGA

    300 වෙනි උපසිරැසියට සුභ පැතුම් තව තවත් ඉදිරියට සබ් කරන්න හැකිවේවා කියලා සුභ පතනවා.
    ජය ශ්‍රී

  184. Deshan Mudalige

    බොහෝම ස්තූතියි සහෝ…පට්ට කාලයක් බලන් හිටියා…300 වෙනි සබට උණුසුම් සුභ පැතුම් !!!!!ජය වේවා!!!!!

  185. KP Muthukumaranna

    අම්මියෝ… මෙන්න මේක දීලා…
    සති ගානක් බලන් හිටියා…
    මේක දෙනකම්…

    300ට සුභ පැතුම්…!!!
    350ත් ඉක්මණටම ගහමු…!!!
    Good Luck…!!!
    Keep It Up…!!!

error: Alert: Content is protected !!