Wednesday , January 26 2022
Breaking News

Dhamaka (2021) Sinhala Subtitles | තවත් එක් බෝම්බ පිපිරීමක්… [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 20 votes.
Please wait...

ආයුබෝවන්! අද ඉරිදා. වෙලාව උදේ නවයාමාරයි. රේඩියෝ භරෝසා හරහා ඔබ සමග සම්බන්ද වෙන මම අර්ජුන් පාඨක්. අද උදේ දහයට සී ලින්ක් එකේ අලුත් වැඩියාවක් සිදු වෙනවා. ඉතින් සී ලින්ක් එකෙන් යන්න ඉන්න අය ටිකක් පරක්කු වෙලා යනවානම් ගොඩක් හොඳයි. නැතිනම් වෙනත් මාර්ගයක් වුනත් බාවිතා කරන්න පුලුවන්. දහයෙ පසුව නම් ඔබට එම මාර්ගයේ ගමන් කරන්න පුලුවන්. ඒ තමයි අද දවසේ ට්‍රැෆික් පිලිබඳ තොරතුරු. ඊට පස්සේ අද මාතෘකාව. අද අපි කතා කරන්නට යන්නේ ආයතනික බදු සහන ගැන. අපට දුරකතන ඇමතුමක් තිබෙනවා.

– ඔව් ඔබ අප සමග සම්බන්ද වී සිටිනවා. හෙලෝ!
– ආයුබෝවන් අර්ජුන් ජී.

– මගේ නම රඝුබීර් මාතා. මම කතා කරන්නේ මුම්බායි වලින්.
– ඉතින් රඝුබීර් ජී, අද මාතෘකාව ගැන ඔබට මොකද හිතන්නේ? මොනාද ඔබට කියන්න තියෙන්නේ?

– අර්ජුන් ජී. අපේ ගෙදර ටීවි එකයි විදුලි පංකාවකුයි විතරයි තියෙන්නේ. ඒත් මාසෙකට රුපියල් දාහක බිලක් එනවා. මම විදුලි බල දෙපාර්තුමේන්තුවට කීප සැරයක්ම ගියා. ඒත් එතන ඉන්න මහත්තයා කියන්නෙම බිල ගෙවන්න. නැත්නම් ලයිට් කපනවා කියල.

– රඝුබීර් ජී අද අපේ මාතෘකාව බදු ගැන.
– ඉතින් විදුලි බිලත් එක විදිහක බද්දක්නේ. පෝසත්තුන්ගේ බදු ගැන
විතරද කතා කරන්නේ? දුප්පත් එවුන් ගිනි පෙට්ටියේ ඉඳන් විදුලි බිලටත්
බදු ගෙවනවා. ආණ්ඩුව හරිනම් අපිට විදුලියයි වතුරයි නොමිලේ දෙන්න ඕනේ.

– මට ඔබතුමාගෙ දුක තේරෙනවා. මීලඟ ඇමතුමට වෙලාව හරි.

– ඔහොම ඉන්න. කට් කරන්න එපා. හෙලෝ! කට් කරන්න එපා. කතා කරලා ඉවර නෑ. මම කතා කර කර හිටියේ. එහෙම කොහොමද මැද්දෙන් එක පාරටම කට් කරන්නේ? මන් කියන්න හදන දේ අහනවා මුලින්! දුප්පත් මනුස්සයෙක්ගේ දුකක් අහන්නවත් බැරිද?

– මම මේ ගැන සෑහෙන කල්පනා කලා. මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. මගේ ලග බෝම්බයක් තියෙනවා. මම සී ලින්ක් පාලම පුපුරවන්නයි හදන්නේ!

ඊට පස්සේ මේ රේඩියෝ මැදිරියේ මොනවද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Neerja (2016) චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Ram Madhvani. රංගනයෙන් දායක වෙන්නෙ Kartik Aaryan, Mrunal Thakur සහ Amruta Subhash

නොවැම්බර් මාසේ 19 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය Thriller ඝනයට අයත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය 2013 අවුරුද්දෙ තිරගත වුනු The Terror Live චිත්‍රපටියේ remake එකක් වෙනවා. ඉතින් PHOENIX මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. මගෙ කොටස ඉවර වෙන්න ටිකක් පරක්කු උනා.

ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Lost in Space (2018-2021) [S03 : E03] Sinhala Subtitles | අළුත් හාදයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල …

Leave a Reply

Your email address will not be published.

31 comments

  1. Thanks for the subtitle. Keep it up the good work.

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. Ela kollo

  4. thanks dennatama

  5. thanks saho

  6. Thanks !!!

  7. උපසිරසියට ස්තුතියි

  8. The last duel ekth dennko

  9. සිංහල උපසිරසියට ස්තුතියි

  10. Thank you

  11. Niyamai sis

  12. Thank you

  13. සිසිල්

    බොහෝමත්ම ස්තුතියි දෙපලටම
    Sooryavanshi ෆිලුමත් ආපු ගමන් දෙමු
    ජය වේවා

  14. Thanks sister

  15. තෑන්ක්ස් දෙදෙනාටම
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු

  16. සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  17. සබට තුති වේවා❤

  18. Thanks both

  19. Thanks dennatama
    Digtma aluth film demu

  20. උපසිරසියට ස්තුතියි

  21. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  22. Thanks..

  23. සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

  24. උපසිරසියට තුති

  25. Thanks for sub

  26. ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  28. Sub akta thanks

  29. කවද්ද අනේ මයුර සුරාජ් phoenix උනේ ?

error: Alert: Content is protected !!