Sunday , May 31 2020
Breaking News

Door Lock (2018) aka Doeorak Sinhala Subtitle | නොවිසිඳුණු අභිරහස… [සිංහල උපසිරැසි ]

Rating: 8.6/10. From 18 votes.
Please wait...

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් වෙනස්ම එකක්. වැඩිය කොරියන් ඒවා කරන්නෙ නැති වුණාට මේක කරන්න වුණා. මොකද කිව්වොත් චිත්‍රපටය හිතට අල්ලපු නිසා සහ එහි ඇති ත්‍රාසය නිසා. කොහොමහරි මේක මීට අවුරුදු දෙකකට කලින් ආපු එකක්. සමහරු නම් බලලත් ඇති. ඔන්න කොහොමහරි මේ අරගෙන එන්නෙ නොබලපු අයට. මේ වෙනකොට IMDb අගය 6.2 ක් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම අධ්‍යක්ෂණය කරන්නෙ Lee Kwon විසින්. ඒවගේම Thriller l Drama කාණ්ඩයට අයත් වෙන මෙය පැයයි විනාඩි 42 ක දාවන කාලයක් පවතිනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. 

මින්ග් කියන්නෙ රක්ෂණ සමාගමක වැඩ කරන කෙනෙක්.  ඒවගේම තමයි එයා අපාට්මන්ට් එහෙක ඉන්න කෙනෙක්. හැමදාම උදේට මෙයාට කැරකිල්ල වගේ ඇතිවෙනවා. මෙයාට ඒ ගැන කිසිම අදහසක් නැහැ. ඔන්න කොහොමහරි දවසක් රෑ මෙයාගෙ දොරට කෙනෙක් තට්ටු කරනවා. ඒවගේම මෙයාගෙන් පස්සෙන් කෙනෙක් එනවා වගේ දැනෙනවා. ඒ නිසාම මෙයා පොලිසියට කියනවා. නමුත් පොලිසියට කට්ටිය වැඩිය තකන්නෙ නැහැ. මොකද ඇය මීට කලිනුත් ඔහොම වාර්තා කරල තියෙන නිසා. ඒවගේම ඔහුන් පවසන්නෙ බීලා ආපු කෙනෙක් එහෙම කරන්න ඇති කියලා. ඊට පස්සෙ දවසක මෙයාගෙ වැඩ පොළේදී අමුතු මිනිහෙක් හමුවෙනවා. ඔහු ටිකක් එක්තරා අමුතුම ජාතියෙ කෙනෙක්. එතන වෙන ආරවුලකින් පස්සෙ  මෙයා පස්සෙන් එනවා. මොකද කිව්වොත් ඔහු ඇයට කැමැත්තක් දක්වනවා. ඉතිං පාරේදී මින්ග්ට හිරහැර කරද්දී ඇයගෙ බොස් ඇවිත් ඇයව ගෙදර ගිහින් ඇරලනවා. හැබැයි මින්ග්ට මේ බොස් කියන කතාවක් නිසා සැකයක් ඇතිවෙලා එතනින් දුවනවා. ඒ ගිහින් පොලිසියට කියනවා. හැබැයි එනකොට එයා මැරිලා. ඒත් කොහොමද? මෙයාව කවුද මැරුවේ? අර කලින් පාරේදී කරදර කරපු මිනිහද? එහෙනම් අවසනය  වෙනකම් බලන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD  පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

365 Days (2020) Aka 365 Dni Sinhala Subtitles | දින 365ක සරාගී පෙම..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතින් කොහොමද කට්ටියටම, ඔන්න මේ පාර මං ඔයාලට අරන් ආවා 2020 වසරේ පෙබරවාරි මාසයේ නිකුත් …

Leave a Reply

Your email address will not be published.

12 comments

  1. ස්තූතියී සහෝ …පුලුවන් නම් When the whether is fine …. 2020… korean tv series … 16 episodes …. උපසිරැසි දෙන්නකො …ලස්සන කතාවක්

  2. thank you

  3. download link eka nane film eke

  4. thanks saho sub ekata.

  5. උපසිරසට බොහොම ස්තූතියි

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thank you brother

  8. isuru srinath sjs

    ස්තුතියි සහො ..

  9. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති thawa Korean films walat sub denna

  10. Thankz broooo sub akata

  11. thanks..

  12. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

error: Alert: Content is protected !!