Thursday , September 24 2020
Breaking News

Dora (2017) with Sinhala Subtitles | සුනඛ ශාපය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.7/10. From 95 votes.
Please wait...

අපි අපේ ජීවිත කාලය තුළදී, ගොඩක් දේවල් කරනවා. සමහර දේවල්, හොද දේවල්. නමුත්, තවත් සමහරක් දේවල් , නරක දේවල්. සමහර විට, අපේ මේ නරක දේවල්, නොදැනුවත්ම අපි අතින් සිද්ධවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම්, මේක නරක දෙයක් කියලා, දැන දැනම, හිතාමතාම කරනවා වෙන්නත් පුළුවන්. දැනගෙන හෝ නොදැන හෝ, වැරැද්ද වැරද්දම තමයි. මොකද, ඒ අපේ අතින් වෙන පුංචි වරදක් නිසා, තවත් කෙනෙක්ගේ ජීවිතයක් නිකරුණේ විනාශ වෙලා යන්න පුළුවන්. සමහරවිට, මේ විනාශය එක ජීවිතයකින් නොනැවතී, ජීවිත ගණනාවකට බලපෑමට තරම් දරුණු විය හැකියි. කෙසේ හෝ වේවා, කවදා හෝ සිතාමතාම සුළු හෝ වැරදි යමක් කර ඇත්නම්, කවදාකම හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවෙනවා ඒකාන්තයි. ඔබ සිතාගෙන ඇති, ඔබ සතුව ඇති, අනන්ත අප්‍රමාණ වූ කෛරාටික ශිල්පයන් තුලින්, කෙසේ හෝ ගැලවී සිටිය හැකි යැයි කියා. නමුත්, මාගේ වචනය විශ්වාස කරන්න, ඔබ කළ වරදේ තරමටම, ඒ හා සමානවම, කවදා හෝ ඔබට වන්දි ගෙවීමට සිදුවෙනවා, ඒකාන්තයි. එයයි, ලෝක ධර්මතාවය!

තම පියාණන් සමගින් බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන තරුණියක්. ඇයට කියා මෙලොව සිටින්නේ, මෙම දයාබර පියාණන් පමණයි. අතමිට කාසි සරුවට නැති මුත්, බොහොම සතුටින් මොවුන් ජීවත්වුණා. විටෙක රණ්ඩු දබර වුණත්, තවත් ඇසිල්ලකින් ආදරයෙන් පිරී ඉතිරී ගියා. කුඩා කාලයේ පටන්ම නොවිඳිනා දුක් විඳ, තමන්ව හදා වඩා ගත් සිය ආදරණීය පියාණන්ට, ඔහුගේ එක කුස උපන් නැගණියගෙන් ලද අවලාද හමුවේ, සිය බලය ඔවුන් හට පෙන්වීම සඳහා මෙම පියා සහ දියණිය විසින් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට අදිටන් කරගන්නවා. වසර ගණනාවක් පුරාවට සිය පියාණන් වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් රැගෙන, මෝටර් රථයක් මිලදී ගැනීමේ අදිනට සහිතව මොවුන් වෙළඳ සැලක් වෙත පියනගනවා. නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට, නවීන පන්නයේ මෝටර් රථ අතරේ, අවසානයේ මෙම තරුණියගේ සිත ඇදී යන්නේ, ඉපැරණි මෝටර් රථයක් වෙතටයි. ඔවුන් නොදැනුවත්වම, ඔවුන්ගේ ඉරණම තීන්දු තීරණය වෙනවා. කිසිඳු හාංකවිසියක් නොදැනම, මහත් වූ ව්‍යසනයක් වෙතට ඔවුන් පය තබනවා…

මැදි වයසට ආසන්න යැයි කිවහැකි පිරිමි තිදෙනෙක්… නගරයේ තැනින් තැන, අභිරහස් මරණ කීපයක් සිදුවෙනවා. මහ දවාලේ, තම නිවසේදීම තරුණියක් අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීම සහ රාත්‍රියේදී මැදි වියේ පුද්ගලයෙකු මරා දැමීම… මෙම ඝාතන ද්විත්වයේම පොදු ලක්ෂණයක් ලෙස, මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයන් සතු වටිනා වස්තුව පැහැරගෙන ගොස් තිබෙනවා. මේ සියල්ල පසුපස සිටින්නේ, ඉහතකී මැදිවියේ පිරිමින් තිදෙනා යැයි, කිසිවෙකුත් සිහිනෙන් හෝ නොසිතන්නට ඇති. නමුත්, අවසානයේ කර්මය විසින් මොවුන් පසුපස හඹා එනවා. නීතිය පවා විමතියට පත් කරමින්, මෙම දරුණු මිනීමරුවන් පසුපස හඹා එමින්, ඔවුන්ව එකා බැගින් එකා දඩයම් කිරීම ඇරඹු, යුක්තියේ අදෘෂ්‍යමාන හස්තය කවුරුන් වේද…?

අපි ගොඩක් දෙනෙක් බොහොම ආසාවෙන් නරඹපු රූපවාහිණි කතා මාලාවක් තමයි, Knight Rider කියන්නෙ. මේ කතා මාළාවේ, KITT කියන හරි අපූරු මෝටර් රථය ගැන කිසිම කෙනෙක්ට අමතක වෙන්න විදියක් නම් නැහැ. ඒ වගේම, 2012 වර්ෂයේදී නිකුත් වුණු, Eega කියන දමිල චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹලා තියෙන්න ඕනේ. මොකද, මේ Eega චිත්‍රපටය, දමිල සිනමාවෙන් බිහිවෙච්ච අනර්ගතම චිත්‍රපට වලින් එකක් කියලා නොබියවම කියන්න පුළුවන්. එහෙනම් මතක් කරගන්න, ඒ චිත්‍රපටය තුල ඉඳපු, තමන්ගේ මරණයේ පළිය ගන්න ආපු පුංචි කෘමියව. මං මෙහෙම කියන්නෙ ඇයි කියලා, මේ චිත්‍රපටය බලනකොට හැමෝටම තේරේවි. ඒ නිසා, ඒක චිත්‍රපටය නරඹන අයට පමණක් උරුම, සුවිශේෂී අත්දැකීමක් වේවි.

දකුණු ඉන්දීය අයස්කාන්ත නිළිය, Nayanthara ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩ වැඩ ගැන්වී, Horror කාණ්ඩය යටතේ 2017 වර්ෂයේ මාර්තු මස 3 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙමින්, imdb දර්ශකයේ 6.1 ක අගයකින් සමන්විත වන, එක හුස්මට නැරඹිය හැකි කුතුහලය සපිරි අතිශය සංවේදී කතා පුවතක් සමගින් මා හා අත්වැල් බැඳගැනීමට සහෘද ඔබට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, අදට සමුගෙන යෑමට අවසරයි සියලු දෙනාගෙන්ම… හැමදෙනාටම ජයවේවා!!!

 

 

NEW

Ennodu Vilayadu (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.im – Dora (2017)[HDRip – XviD – MP3 – 700MB – ESubs – Tamil]

Dora-2017-720p-HD-HEVC-Team-x265mkv

ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. chanaka_priyakelum

    Thaks…bro jayawewa

  2. thanks sub ekata.

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. thnkz

  5. Mama youtube eken gatha film ekata sub damma ewa ge time ehe mehe welane aiya balann ba eka nissa

  6. thanx bro

  7. සෝමපාල

    ලිපියයි සබයි ලියද්දි මීට වඩා බාසාව තව සරල උනා නම් හොඳයි මචන්.. වචන ගොඩක් බර වැඩියි පාවිච්චි කරනවා.. අනිත් අයගෙ සබ් බලන නිසා ඒ වෙනස තදටම තේරුන නිසයි මෙහෙම කමෙන්ට් කරේ..

  8. thanks sahoo

  9. Patta me wage sub karanna wadiwadiyen shakthiya labewa

  10. සිරාවටම සහෝ සාමාන්‍ය හොරර් එකක් බලනවට වඩා පට්ටම දුකයි අන්තිමේ. මේකේ රේටින්ග්ස් මදි කියල මට හිතෙනවා. 7ක් වත් දුන්න නම් වටිනවා.

  11. Motta shiva ketta shiva sub dennooo

    • ඔය ෆිලුම කලින් මේකෙම ගිය pataas එකේ ටැමිල් කොපි එක. ටැමිල් එකේ නම් රේටින්ග්ස් මදි.

  12. thanks a lot

  13. Great Sub machan thanx a lot,
    mchan pluwan nan Dharma Durai 2017, ekatai, motta shiva ketta shiva ekatai sub dennako

  14. Thanks bro…………

  15. නියමයි සහෝ ☝️☝️☝️☝️☝️☝️☝️

  16. mcn lost tv series eketa sub demu bn

  17. Nirodha uthpala

    Sisila aiiyage products eakak nam mona kathada???? Obata me karana sewayata mage avanka uttamacharaya obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro ah subata thx soo much bro

  18. Good Post Friend, Thanks!

  19. Dora.2017.Tamil.720p.HEVC.HDRip.x265.mkv
    Mekat sub eka weda nhene brooo sub eka passe ynne.hari ekak dnn knk dennko

  20. හොඳ කතාවක් වගේ…
    සිසිල දුන්නා කියන්නේ ආය ඉතින් සබ් එක නම් නියමටම ඇති.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  21. sub ekata thanks saho..

  22. Ane meke film.hoygnne kohomda kyla dennko film.hoylama epa wenwa .sub eka nm hoygnnwa kohomhri

  23. පහරම පිලුමක් බ්‍රෝ.සබට රොම්බ තෑන්ක්ස්

  24. ආසිරි ප්‍රියන්ත

    මෙච්චරයි දන්නේ,
    මේකාගේ ලිපියක් කියවලා ෆිල්ම් එක නොගෙන ඉන්නවා කියන්නේ නම් අමාරු වැඩක් නෙවි. ලොවෙත් කරන්න බැරි වැඩක්.
    යේ ලිපියට හරියන්නම සුපිරි ෆිල්ම් ම තමා අපේ මස්සිනා බස්සනෙත්.
    ඉතින් නොගෙන ඉදිවී අපි.
    එහෙනම් මේ බලු සීන් එක මොකද්ද බලන්න ඔන්න අපිත් ගන්නවා ඈ.
    මෙව්වා අරවා වගේ පට්ටම එව්වම බස්සමු හොදේ.
    සුපිරි සබෙක් තමා අපේ මස්සිනා.
    එහෙනම් ඔන්න ගත්තා. තැන්ක්ස් වේවා.
    ජය වේවා!!

  25. Thanks..
    Good Luck..

  26. torrent aka wada nane

  27. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ

  28. elama bokkaniyamy digatama sub o nauba nm maara waddekelamajaya jaya brobokkapodi udauwak karanawadacolony season 2 eke sub naapoddak hoyala sub daanawada plz bokkathankz very muchGood Luke!!!!

  29. elakiri bro.[Motta Shiva Ketta Shiva] ekatath sinhala sub dennako thanks

  30. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  31. thnx bro…

  32. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  33. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. Ela sisila aiya.sub gatta film godak ekathu wela thiyenawa balanna.welawa thama nette.mekath kohoma hari balanna oni.patta film ekak wage.thanks sub ekata bro.ela

  35. sub ekata thank’s saho. Jayawewaa!

  36. යුශාන් පියුමාල්

    එල මචෝ ..

  37. Gathsara Umesh Kumara

    Tamil Nam ithin sisla ayya thama…niyamyi ayye…
    Thawath upa siresiyakin hamuwemoo….
    Jayawewaa…!!!

  38. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  39. onna math download kara thank you saho………jayen yayama wewa..

  40. Tq bro ✌✌✌

  41. නියමයි සිසිල අයියා දෙනකන් හිටියේ ස්තූතියි

error: Alert: Content is protected !!