You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 16 2018
Breaking News
Home / All / Earth: One Amazing Day (2017) Sinhala Subtitles | පොළව මත එක් දිනයක්.. [සිංහල උපසිරසි සමඟ] *50*

Earth: One Amazing Day (2017) Sinhala Subtitles | පොළව මත එක් දිනයක්.. [සිංහල උපසිරසි සමඟ] *50*

Rating: 9.7/10. From 23 votes.
Please wait...

ඉතින් කොහොමද යාළුවනේ? Blue Planet II එකෙන් පස්සේ ඔන්න අපූරු සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නෙ. ඒවගේම අද විශේෂ දවසක් මොකද “අද මගේ 50 වැනි උපසිරසිය” තමයි මේ විදියට ඔයාලා අතට පත් වෙන්නේ.ඉතින් 2014 දෙසැම්බර් 27 වගේ දවසක තමයි මුල්ම උපසිරසිය Gracepoint Mini-Seriesඑක ඉසුරු සහෝත් එක්ක අරගෙන එන්නේ. ඉතින් මේ දක්වා කළ උපසිරසි වලින් අඩක ම අයිතිය ඔහුට තියෙනවා. ඊට පස්සේ penny dreadful, The Blue Planet කියන කතා මාලාවන් වල උපසිරසිය කළේ. ඔන්න ඔහොම තමයි මම සහ ඉසුරු සහෝ බයිස්කෝප් කණ්ඩායමට එකතු වුණේ. ඉතින් අද මට 50 කඩයිම වෙනුවෙන් මේක කරන්න කියලා කිව්වේ ශාන් විමුක්ති සහෝදරයා. ඉතින් ඒ වෙනුවෙන් මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මෙහෙම ගොඩාක් හැලහැප්පීම් මැද්දේ තමයි අද මම 50 කඩයිම පසු කරන්නේ. මේ වෙලාවේ නම් වශයෙන් කවුරුවත් ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මොකද බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් ගොඩක් උදව් ලැබිලා තියෙනවා. ඉතින් එක්කෙනෙක්ගේ හරි නමක් සඳහන් කරන්න බැරි උනොත් ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. තමන්ගේ කාලය ශ්‍රමය වැය කරගෙන උපසිරසි කරන සහෝදර උපසිරසිකරුවන් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම බයිස්කෝප් පවුල එකමුතුව, ශක්තිමත් වෙමින් මේ තරම් කාලයක් පවත්වාගෙන ආ සහෝදර ඇඩ්මින් මණ්ඩලයත් මේ වෙලාවේ දැඩි සහෝදරත්වයෙන් යුතුව මතක් කරනවා.

 

එහෙනම් මම චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්. අද ඔයාලට අරන් එන්නේ  Documentary | Family යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 ඔක්තෝබර්  06 වැනිදා සිට ලොව පුරා විකාශය වුණු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Dale, Lixin Fan, Peter Webber යන අධ්‍යක්ෂවරුන් තිදෙනායි. තිර පිටපත නිර්මාණය කරල තියෙන්නෙ Frank Cottrell Boyce, Richard Dale, Geling Yan විසින්. ඉතින් මේක ඉදිරිපත් කරන්නේ Robert Redford කියන කථිකයා සහ Jackie Chan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Earth Film Productions කියන ආයතය විසින්. ඉතින් මේ චිත්‍රපටයට 7.7 ඉහළ IMDB අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය සම්මාන දෙකකට නාම යෝජනා වෙලා තියෙනවා. මිනිත්තු 95 පුරාවටම දිවෙන මේ චිත්‍රපටය ස්වාභාවික ලෝකයේ ඇති අපරිමිත ඓශ්චර්ය ගැන තමයි කියවෙන්නේ. එක් දිනක් තුළ ලෝකයේ ඈත කෙළවර සිට නොයිඳුල් වැසි වනාන්තර දක්වා ජීවීන් තම ජීවී ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය මේ අපූරු සිනමා නිර්මාණය මගින් නැරඹීමේ හැකියාව තිබෙනවා. නූතන දියුණු තාක්ෂණය භාවිත කරමින් ඉතාමත් සමීප සජීවී අලංකාර දසුන් ඔබට මේ චිත්‍රපටය හරහා දැකගත හැකි වෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටය නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබගේ සහාය නොමැතිව අපට මේ ගමන යෑමට හිතන්නවත් බෑ. ඉතින් ඔබ අපට ලබාදුන් ඒ ශක්තිය ඉතාමත් ඉහළින්  අගය කොට සලකනවා. එහෙනම් ස්වභාවදහමේ අපූරු සුන්දර තැන් රාශියක් අඩංගු වූ මෙම සිනමා නිර්මාණය නැරැඹීමට ආරාධනා කරමින් මම අදට සමුගන්නවා. ජයෙන් ජයම වේවා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

43 comments

  1. kelumchathuranga

    thanks

  2. 50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
    දිගටම කරගෙන යමු.

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි…පුලුවන්නන් මේ movie එකට sub එක කරන්න.life of the party (2018)සුපිරි film eka…

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  5. Thanks bro….maawa lamainta wadagath..good job and good luck…keep continue it…god bless you…

  6. rishithadesilva

    THANKS Bro

  7. 50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ! ඉස්සර penny dreadful එක බැලුවා මතකයි සබ් එක්ක..පට්ට කතාවක්..ඩොකියුමෙන්ට්‍රි ටික ඔක්කොම අනිවා බලනවා ඉදිරියේදී..ඊලග කඩයිමටත් යමු..ජයවේවා!!!

  8. මම කැමතිම වර්ගයේ ඩොක්රියුමන්ටරි එකක් !
    ස්තුතියි සහෝ සබ එකට (y)

  9. Bhathiya gamage

    thanks sub ekata!!!! 50 weni subata suba pathum…

  10. menna mewa shooook thankssssssssss

  11. 50 වෙනි සිංහල උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ! බොහොම වටිනා කියන, අපූරු නිර්මාණ ගොන්නකින් 50 ට ම ඇවිත්නේ.. හරිම ආඩම්බරයි, අපේ බයිස්කෝප් පවුලේ මේ වගේ සාමාජිකයෙකුත් ඉන්නෙක ගැන. මේ ආ ගමන ඉදිරියටත් යන්න වාසනාව, ශක්තිය ප්‍රාර්ථනා කරනවා!

  12. කඩයිම වෙනුවෙන් හදපිරි සුබපැතුම් සහෝ. දිගටම අපිත් එක්ක රැඳී ඉන්නට සුබ පතනවා…
    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  13. හසන්ත වික්‍රමරත්ත

    පළමු කඩඉම වෙනුවෙන් සුබ පැතුම් සහෝ!

    හැමෝටම වඩා වෙනස් සහ වැදගත් දෙයක් තමන්ගේ තේමාව කරගෙන මේ කරන දේ නම් අගය නොකර බැහැ. අධ්‍යාපනික වැදගත් කම අතින් බැලුවම ඉතාමත් ඉහලින් පවතින අපේ ලෝකය සම්බන්ධ දේවල් සිංහලට සමීප කරවන්න දරන උත්සාහය නම් අනගිභවනීයයි. ඒ කටයුත්ත ඉදිරියත් එලෙසින්ම කරන්න ධෛර්ය සහ ශක්තිය ලැබේවා කියල පතනවා. ජය !!!

  14. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…….!
    ඒ වගේම 50 වෙනි උපසිරැසි ගැන්වීමටත් සුබ පැතුම්.
    ඔබට ජය……!

  15. සුබපැතුම් !!!!
    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  16. 50ta suba pathum. sub ekata thanks saho.. jaya wewa!!

  17. 50 වැනි උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. උණුසුම් සුබ පැතුම් ප්‍රදීප් සහෝ. තවත් වටිනා උපසිරැසි 50 අරගෙන 100ටත් යන්න හැකි ඉක්මනින්ම අවස්ථාව ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

  19. සමීර කරුණාරත්න

    කතා බහ කරලා නැති වුනත් පුද්ගලිකව ප්‍රදීප් සහෝ ගැන මට තියෙන්නේ අමුතුම අත්දැකීමක්… ඒ මේ 50 වැනි උපසිරස වෙනුවෙන් හොඳ හිට් එකක් හොයල දෙමු කියලා විමාට කිව්ව මොහොතේ විමා කියනවා නැහැ නැහැ එයා ඒ වෙනුවෙන් ඩොක් එකක්ම කරනවා කිව්වා කියල… අපි බොහොම දෙනෙක් එවැන්නක් කිසිසේත් තෝරාගන්නේ නැහැ කඩයිමක් වෙනුවෙන්… ඉතින් එහෙව් ඔබටයි මගේ සුභාශිංසන…!!! මේ වගේම හරබර උපසිරස තව 50 ක් එකතු කරලා 100 වැන්නක් දකින්න ලැබෙයි කියලා හිතනවා.. ඔබේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලත් මේ මොහොතේ එක හිතින් පතනවා… ජය වේවා…!!!

  20. my congrats bro

  21. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

  22. සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි!
    50 වෙනි උපසිරසි ගැන්විමටත් සුභ පැතුම්!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. ජයෙන් ජය ඔබගේ අර්ධ ශතකය වෙනුවෙන්
    බොහොම ස්තූතියි!

  24. 50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  25. nimal dissanayake

    බයිස්කෝප් සයිට් එකට
    ප්‍රදීපයක් වන්නට
    ප්‍රදීප්ට
    වාසනාව උදා වේවා!

    නිදි

  26. Kelum chethiya

    ස්තුතියි …..

  27. පළමු කඩයිම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝ
    සයිට් එකේ ඉන්න වටිනාම සම්පතක්…
    වැඩි දෙනෙක් ඩොක් එකක් කිවොත් බලන්නෙත් නෑ සබ් කරන්නත් ආස නැහැ
    හැබැයි මේ ඩොක් බලන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක් විදියට මම දන්නවා මෙවන් අපිට කොයිතරම් දේවල් ඉගෙනගන්න තියෙනවද කියල
    ඒ වගේම අපිට ජිවිතේටවත් කිසිදිනක දැකගන්න නොලැබෙන දේවල් කොච්චරවත් මේ ඩොක් වලින් දැකගන්න ලැබිල තියෙනව
    එහෙනම් සහෝ බාධක මැඩගෙන ඊළඟ කදයිමත් පහු කරමු හෙමින් සැරේ
    ජයෙන් ජය වේවා…

  28. suba pathum obata

  29. welldone….Hat off Respect Bro….Great work & Lot of thanks PRADEEP saho.wish u’r great future…..

  30. පළමු කඩඉමට සුභපැතුම් සහෝ…
    තවත් උපසිරැසි කරන්න කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  31. සනිඳු ලක්ඛිත

    පළමු කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..ඉදිරියටත් උපසිරැසි කරන්න වගේම සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!

  32. congratulation brother thanks a lot

  33. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් මධුසංඛ සහෝ.
    50 වෙනි කඩඉමට මගෙන් සුබ පැතුම්.
    ජයෙන් ජය.

  34. Pacific Rim2 ekata ikmanata subtle daaaannnooo

  35. නියමයි සහෝ ජය වෙිවා !!!!!

  36. ස්තුතියි…අපූරු සිනමා පටයක් වගේ

  37. 50 කඩයිමට සුභ පැතුම්!!!

  38. 50ta subha pathum. jaya wewa!!!

  39. 50ta subha pathum..jaya wewa!!!

  40. සුපිරි ඩොකියුමෙන්ටරි එකක් වගේ.
    50 කඩයිමට සුභ පතනවා සහෝ.
    තව තවත් මේවගේ උපසිරසි කිරීමට
    හැකියාව ලැබේවා…
    ජය වේවා සහෝ…

error: Alert: Content is protected !!