Wednesday , October 28 2020
Breaking News

Edge of Darkness (2010) | සෙනහස වෙනුවෙන් කැපකල හැකි දේ බොහෝය.!

Rating: 9.4/10. From 9 votes.
Please wait...

මෙල් ගිබ්සන් කියන්නේ මගේ ප්‍රියතම නළුවන් අතර ඉහලින් වැජඹෙන්නෙක්. මම කැමතිම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහුමයි. ඔහුගේ අළුත්ම ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වෙ වාසල සහෝදරයායි. ඒ මීට මාසෙකට විතර කලින් වුනත් මගෙ ජංජාල අලේ නිසා මට ඒක ගැන ලියන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. මෙල් ගිබ්සන් සම්බන්ධව මතක තියෙන චිත්‍රපට තරම් සුපිරියි කියලා මට කියන්න බැරි වුනත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.9/10 විතර ලබාගන්න සමත් වෙලා තියෙනවා.

මෙල් ගිබ්සන් රඟපාන හොම්ස් ක්‍රේවන් චරිතය බොස්ටන් අපරාධ අංශයේ සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක්. ඔහුට සිටින්නේ අවුරුදු 24ක් වයසැති තම දියණිය එමා පමණයි. ඇය කලකට පසුව නිවසට පැමිණෙන විට ඇය තරමක් අසනීප තත්වයෙන් පෙළෙන බව පේනවා. එදින රාත්‍රී ආහාරය ගන්න සැරසෙන විට හදිසියේම ඇයගේ නහයෙන් ලේ වැගිරීමට පටන් ගන්නවා. වෛද්‍යවරයෙක් වෙත යෑම සඳහා හදිස්සියෙන් තම තුවක්කුවද අමතක කර දමා දියණිය වත්තම් කරගෙන වාහනය වෙත යන්න ප්‍රධාන දොර විවෘත කරන විටම පාරේ සිටින අවිගත් පිරිසක් තබන වෙඩිල්ලකින් ඇය මිය යනවා. තමුන් වෙත එල්ල කරන ලද වෙඩි පහරක් ලෙස මුලින් සිතුවත් තමුන්ට සතුරන් නැති නිසා ඔහු මේ පිළිඹඳව සෙවීමට පටන් ගන්නවා. ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මොහු සූදානම්.

මේ පිළිඹඳ සෙවීමට පටන් ගන්නා විට ඔහුට තේරෙන්නේ මේක බොහොම ඉහල තැනකින් සිද්ධ වෙන රජයේ අනුදැනුම මත සිද්ධ වෙන මරණයක් බව. ඒ ගැන ඔයාලත් හොයලා බලන්න ආසනම් බාලම බලමු.

ආ තව දෙයක්. මතකද ඉස්සර ගියපු රොබින් හුඩ් කතා මාලාවේ විල් ගේ මුරණ්ඩු චරිතය රඟපාපු කෙනාව. ඔහු නමින් රේ වින්ස්ටන්. ඔහුත් මෙහි උප ප්‍රධාන චරිතයක් රඟපානවා. ඔහු රඟපාන්නේ මෙවැනි අපරාධයකින් පසු ඉතිරි වන සාක්ෂි විනාශ කරන රහස් නියෝජිතයෙකුගේ චරිතයක්. එහෙනම් තවත් හිතන්න එපා. බාලම බලමු. 🙂

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E11] Sinhala Subtitles | අලුත්ම අලුත් දවසක්! [සිංහල උපසිරසි]

මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. meke sub eka ganna barida

  2. Sub Pls Bro….

  3. sub plssssssssssssssssssssssssssssssssssss

  4. Lakshansilva18

    Sub plz

  5. Rohanvanderlan

    ROIL MALLI SUB EKA DENNAKO PLZZ

  6. Rohanvanderlan

    roila sub eka dapanko bro

  7. mihiravandrlan

    Subtitles nedda bro

  8. සිංහල උපසිරැසි Link එක හොයා ගන්න බැහැ.
    (සමහරවිට, මගෙ browser එකේ ගැටළුවක් ද දන්නෙත් නැහැ)

  9. surangaubandara

    sub eka nane

  10. machan sinhala sub titile 1 ganne kohomada ?
    film 1 link karala thiyenne kindom relese lata.

  11. maxxa….amuthu kathawak…thanks…

  12. hoda kathavak meka ethule thiyenava.

  13. ගිශාන්

    ඔන්න මමත් බාන්න දැම්මෝ.දැන් ඉතින් රවුටරේට උණ ගනියි.

  14. බාමි බාමි. රොයිලිගෙයි මෙල්ගෙයි වැඩක්නේ. එලට ඇති. තෑන්ක්ස් වේවා. අලූත් එකක් සබ් එකක් දීපන්

  15. සමන් කලුබෝවිල

    aniwaa bami……bala balami….thankx okkotama…

  16. ෂෙලින්ක

    පහුගිය ටිකේ පරණ ඔක්කොම බා ගත්තා… තාම බලන්ඩ වෙලාවක් තමයි ලැබුණේ නැත්තේ…
    දැන් මේ Avatar බාගෙන බලන ගමන්… මේකත් බාලම පරණ එව්වා බලන්ඩ පටන් ගන්නවා…
    අපිට ඉතින් වෙලාව පොඩ්ඩක් ප්‍රශ්නයක්… ලංකාවේ වගේ නිදහස් මදි..
    බොහොම ස්තූතියි මේ වැඩේට..

  17. පසිඳු

    බාමි බාමි… තැන්කූ වේවා… 😀

  18. ස්තුතියි…. බාමි!! 😀

  19. maru film eka mama balala tikak kal

  20. thanks broooooooo…………

  21. මනිෂ කසුන්

    මොකද මේ කාලෙකින් රොයිලි සහෝ සබ් එක්ක එකක් දුන්නෙම නැත්තේ?

  22. thanx machan

  23. ooka maasa gaanakata issella wena blog ekaka dapu film ekak ne. meyala denui danne !

    • @ Krish,

      හෙ හේ එකක නෙවෙයි සහෝ මම දන්න තරමින් දෙකකම ගියා. 😀 බා ගත්තම් කියන්නකො සහෝ චිත්‍රපටිය කොහොමද කියලා 😛

  24. මොකද මේ කාලෙකින් රොයිලි සහෝ සබ් එක්ක එකක් දුන්නෙම නැත්තේ? 🙂

    • @Enri,
      මක් කොරන්නද සහෝ. මම මේ ඉන්නෙ උඹේ විභාගෙ ඉවර වෙනකම්. නැත්තම් මෙතන මටයි බැනුම් අහන්න වෙන්නෙ 🙂

  25. අකියා (aKILLER)

    මෙල් ගිබ්සන් නම් ඉතින් අහන්න දෙයක් නෑ ගින්දර වගෙ ඇති…….

  26. විදුර ඉමේෂ්

    පට්ට ෆිල්ම් එක.තෑන්ක්ස්

  27. onna math danawa ko sinhala sub 1k nadda thama…. 🙂

    • @ ashan Kandy,
      ඔන්න මම දැන්වීමක් දැම්මා. බලන්නකෝ බයිස්කෝප් දැන්වීම්. මෙදා පාර එලම එකක් 🙂

  28. මාලු වගේ බාන්ඩ දැම්මා.. කතාව එල වගේ…

  29. අවුරුදු නැකත් වල වැඩ ඇල්ලීම හරියටම පටන් ගත්තේ අද තමයි… 😛

    • @ chamila,
      ඒක තමා මාත් බැලුවෙ මේ දවස් වල ඔබතුමාගෙ කමෙන්ට් නැත්තෙ මොකද කියලා 😛

  30. මම දෙක. 🙂

    එළ ෆිල්ම් එක. හොය හොයා හිටියේ

error: Alert: Content is protected !!