Monday , June 5 2023

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

Exodus-Gods-and-Kings 2014

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා මාස හතර හමාරකින් පස්සේ ඒ කියන්නේ 2013 නොවැම්බර් 4 වෙනිදා Krrish 3 (2013) කියන චිත්‍රපටියෙන් මගේ පළවෙනි අර්ධ ශතකය බයිස්කෝප් සිංහලෙන් තුල ආරම්භ කරනවා. ඔහොම කාලය ගෙවීගෙන ගියා. විකියා වගේම ඒ පාර හසන්ත අයියයි, සමීර කරුණාරත්නයි ඩබලත් දැං ඔන්න මචං මේක ඇවිත් තියෙනවා කරමුද කිය කිය වද දෙන්න ගත්තා. මොනා කියන්නද ඉතිං. සමහරක් ඒවටනං බෑ කිව්වා. හැබැයි බෑ කිය කිය හරි පනස් වෙනි උපසිරැසිය දීලා මාස අටයි සති තුනකින් විතර 2014 ජූනි 30 වෙනිදා The Iceman (2014) කියන චිත්‍රපටියෙන් සීය ගැහුවා. ඇත්තම කිව්වොත් 50 ඉක්මනට ගැහුවට 100 ගහන්න කල් ගියා වැඩියි. එතකොට දැං ඇවිත් තියෙන්නේ 150ස් වෙනි සිංහල උපසිරැසි කඩඉම. මාස අටක් විතර ගියා 100 වෙනි උපසිරැසියේ ඉදලා 150 දක්වා යන්න. විකියා, හසන්තයා, සමීරයා ඇරෙන්න මේකෙදී අපේ අලුත් සමීරයත් එකතු වුනා. ඔන්න උබලා හතර දෙනාගේ තල්ලු කිරීම මතයි මේ 150 අද මම ඉන්නේ.

ඒ වගේම අපේ අනිත් සෙට් එකත් මතක් කරන්න ඕන. නම්නම් කියන්න යන්නේ නෑ. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මිස් වුනොත් හරි නැති නිසා. මේ අතරවාරයේ මගේ සමහර චිත්‍රපටි සහ ටීවි සීරියස් වලට ලිපි ලියලා උදව් වුන කිහිප දෙනකුත් හිටියා. උදා, විමා, සමීරයා, ගයාන්. ඒ අයටත් බොහොම ස්තූතියි.(අනේ නමක් මිස් වුනානම් ඇත්තටම සමාවෙන්න.) සිරාවටම 150 මෙහෙම කියන්න නෙමෙයි හිටියේ. ඒත් හිටි හැටියේම මේ ඉල්ලලා තියෙන චිත්‍රපටිය ආපු නිසා ඒ තීරණය වෙනස් වුනා. නැත්නං හිතාන හිටියේ 200න්ම ගේම දෙන්න 😛 😀

සමහර වෙලාවට නියමිත වෙලාවට උපසිරැසිය දෙන්න බැරිවෙනවා. ඒ හිතාමතලා කරන පරක්කු කිරීමක් නිසා නෙමෙයි. මගේ තියෙන පොඩි පොඩි වැඩ අස්සෙනේ මේකත් කරන්නේ. පුලුවන් වෙලාවට උපසිරැසියක් ගෙනත් දෙන්නම්.ඉතින් කියන්න ගොඩක් දේවල් නැහැ. තාම 150 වාර්තා කරා විතරයිනේ. සතුටුයි ඇත්තටම. බොහොම ස්තූතියි මාව දිරිපත් කරපු හැමෝටම.

ඉතින් අවසාන වශයෙන් උපසිරැසි බාගත කරගත්තු, අදහස් දක්වපු සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි. ඒ වගේම උපසිරැසි බාගෙන අදහස් නොදක්වා ගියපු අයට ස්තූතියි. අනිත් අයටත් මේ මොන මඟුලක්ද කියලා හිතලා ගියපු අයටත් පේජ් එක වීව් කරාට හරි ස්තූතියි. ගල් මල් චෝදනා හැම දෙයක්ම ඉඳිරිපත් කරපු අපේ සහෝදර සහෝදරියන්ට මාගේ හෘද්‍යාංගම ප්‍රණාමය හොඳේ 😀 ඒ වගේම බයිස්කෝප් උපසිරැසිකරුවන්ටත් වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැදෙන්න. කාත් එක්කවත් තරහක් මරහක් අපේ අඩවියේ කිසිම කෙනෙක් අතරේ නෑ. වෙනත් අය එක එක අංචි ඇද්දට අපි එහෙම කරන්න යන්නෙත් නෑ. අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව අපේ ගමන යන එකයි කරන්නේ. අනික ඒක තමයි ගොඩක්ම වටින්නෙත්. අලුතින් එන චිත්‍රපටි අතරේ පරණ, ඔය ගොල්ලෝ බලල නැති, සමහරවිට නම පවා අහල නැති චිත්‍රපටි පවා අපේ බයිස්කෝප් අඩවියෙන් ඔය ගොල්ලොන්ට ලැබිලා තියෙනවා සිංහල උපසිරැසි සමඟම. ඒ වගේම තවත් ඉදිරියටත් ඒක ඒ අයුරින්ම ලැබෙනවා.

Chalindu 150 Wish

 එහෙනම් අද චිත්‍රපටිය පැත්තට හැරෙමු.

Exodus: Gods and Kings එහෙමත් නැත්නම් දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම කියන මේ චිත්‍රපටිය 2014 වර්ෂයේදී තිරගත වෙච්ච බයිස්කෝප් එකක්. මේක 3D චිත්‍රපටියක්. Hannibal, Black Hawk Down, Kingdom of Heaven, A Good Year, American Gangster, Body of Lies, Robin Hood, Prometheus, The Counselor කියන ප්‍රසිද්ධ මනහ්කල්පිත චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනු ලැබූ Ridly Scott විසින් තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Adam Cooper, Bill Collage, Jeffrey Caine ෂහ Steven Zailian කියන රචකයින් තමයි මේ චිත්‍රපටියේ කතාව ලියලා තියෙන්නේ. Bat Man චිත්‍රපටියේ බෘස් සහ බැට්මෑන්ගේ චරිතයට පන පොවන්නේ Christian Bale සහ Joel Edgerton කියන නලුවෝ දෙන්නා. ඒ වගේම John Turturro, Aaron Paul, Ben Mendelsohn, Sigourney Weaver, Ben Kingsley කියන අයත් මේ චිත්‍රටියට රංඟනයෙන් දායක වෙනවා.

2013 මාර්තු 15 වෙනිදා Ridley Scottට Christian Baleව එයාගේ චිත්‍රපටියකට එකතු කරන්න ඕන කියලා ප්‍රකාශ කරලා තිබුනා. අගෝස්තුවේදී ඔහුගේ චරිතය වන මෝසස් ඔහුයි කියලා ඔහුම ප්‍රකාශයක් නිකුත් කරා. එදාම Joel Edgerton රාම්සස් යන චරිතයට පනපොවන්න එකතුවුනා. නිෂ්පාදනයන් සැප්තැම්බර් වල යොදාගන්න සැලසුම් කරනු ලැබුවා. අගෝස්තු 27 වෙනිදා Aaron Paul එකතු වුනා ජොෂුවාගේ චරිතයට පනපොවන්න. Sigourey Weaver, Ben Kingsley සහ John Turturro ඒ වෙද්දී මේ චිත්‍රපටියට දායක වෙනවද නැද්ද කියලා සාකච්ඡා කරමින් හිටියේ. 2014 මාර්තු 27 වෙනිදා ස්ටූඩියෝ එක විසින් චිත්‍රපටියේ නම Exodus: Gods and Kings කියලා වෙනස් කරා. Scottට අනුවනම් මේ චිත්‍රපටියේ පෙන්වන රතු මුහුදට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවාලු ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 3000කට ප්‍රථම ඉතාලි මුහුදු තීරයේ ඇතිවුනු භූකම්පනයක් නිසා සිදුවුන සුනාමියෙන් පසුව.

චිත්‍රපටිය දෙසැම්බර් පලමු සති අන්තයේදී එලිදක්වනු ලැබුවා. ඒ දෙසැම්බර් පහ සහ හය යන දිනයන්හීදී සිනමා ශාලා 6462ක් තුලදී. උතුරු කොරියාව, මෙක්සිකෝව, හොන්ග් කොන්ක් සහ ඉන්දියාව යන රටවල් මේ ප්‍රදර්ශණයන්ට උරුමකම් කීවා. මුලු ලෝකය පුරාවටම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න පටං ගත්තේ උතුරු ඇමරිකාවෙන්. ඒ දෙසැම්බර් 12 වෙනිදා තවත් සිනමා ශාලා 3503කට මේ චිත්‍රපටිය ලබාදීමෙන්. දෙසැම්බර් 26 වෙනිදා UK වල චිත්‍රපටිය ප්‍රදර්ශනය වුනා. දැන් චිත්‍රපටියේ විස්තර කියෙව්වා ඇති. කතාව ලාවට වගේ බලමු මොකක්ද කියලා.

මේක යුදෙව්වන් පිළිබඳ සත්‍යය කතාවක්. මෙහෙම පටං ගමු. රෙම්සීස් සහ මෝසෙස් කියන්නේ ඊජිප්තුවේ රජතුමාගේ පුතනුවන් දෙන්නා. ඇත්තටම රෙමිසීස් තමයි එයාගේ ඇත්ත පුතා. ඒත් මෝසෙස් එයාගේ පුතෙන් නොවුනට එයාව හදාවඩා ගන්නවා. දේනනම සහෝදරයෝ වගේ තමයි ආශ්‍රය කරන්නේ. එකපාරක් යුද්ධයකට යන්න කලින් අනාවැකි කියන කෙනෙක්ගෙන් යුද්ධය ගැන අහද්දී කියනවා නායකයා බේරෙනවා, හැබැයි නායකයාව බේරගන්න කෙනා දවසක නායකයා වෙනවා කියලා. මේකත් ඔලුවේ තියාගෙන දෙන්නම යුද්ධයට යනවා. යුද්ධයට ගියාට පස්සේ රෙමිසීස්ගේ ජීවිතය මෝසෙස් බේරගන්නවා. දැන් රෙමිසීස්ගේ ඔලුවේ තියෙන්නේ මේ කියපු අනාවැකිය හරියයි කියලා. ඉතින් ඔහොම ඉද්දී රෙමිසීස්ගේ පියතුමා, එහෙමත් නැත්නං රජතුමා මැරෙනවා. ඉතින් පුතාට, එහෙමත් නැත්නම් රෙමිසීස්ට සිංහාසනය හිමිවෙනවා. ඔය අතරවාරයෝ යුදෙව්වන් ලක්ෂ හතරක් විතර යොදාගෙන වෙනම නගරයක් නිර්මාණය කරනවා. ඉතින් මේ නගරය හදන එක වැඩ බලන්න වෙනම කෙනෙක් උපරාජ විදිහට යොදවලා ඉන්නවා. මේ නගරයේ වැඩ බලන්න මෝසෙස්ව යැව්වට පස්සේ යුදෙව්වන්ගෙන් වයසක කෙනෙක් විසින් හිතාගන්න බැරි කතාවක් කියනවා. ඉතින් මේ කතාව කොහොම හරි උපරාජගේ කනට යනවා. උපරාජ තකහනියෙම ඇවිත් මේක රෙමිසීස්ට කියනවා. ඔන්න ඔච්චරයි මම කියන්නේ.

මොකක්ද මේ කතාව, මොකක්ද වෙන්නේ, මෙච්චර හොදට කතාව තියෙද්දී කොහොමද මේක යුද්ධයකට ගලාගෙන යන්නේ කියලා බලන්න එහෙනම්. ඇත්තටම ඉතිහාස කතාව චිත්‍රපටියත් එක්ක ලස්සනට සංසන්දනය කරලා තියෙනවා කියන්න පුලුවන්. තැනක තියෙනවා මෝසෙස් කන්දකට නැගලා එතනදී එඬේරෙක් වෙස්ගත්ත දෙවියන් ඇවිත් ඔහුව හම්බවෙන. ඉතිහාස කතාවේ සඳහන් අයුරින්ම ලස්සනට ඒ කොටස එහෙම නිරූපණය කරලා තියෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ කතාවට අනුවනම්, දෙවියන් කියන්නේ අපි හිතාගෙන ඉන්න ස්වරූපයෙන් එනවත් ඉන්න කෙනෙක්වත් නෙමෙයි. පුලුවන්නම් ඔබ අදහස දෙවියන් පිළිබඳ මට කියලා දෙන්න. එතුමාගේ ස්වරූපය ගැන මට පැහැදිලි කරන්න.

දෙවියන් පිළිබඳ භක්තිය හිතේ තිබිය යුතුයි. නමුත් දෙවියන්ගේ ස්වරූපය ගැන හිතන්න එපා. දෙවියන් පොඩි දරුවෙක් විදිහට, හිඟන්නෙක් විදිහට වුනත් එන්න පුලුවන්. ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!

Tamanchey (2014) on IMDb

 

 

698 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6285C18DE20405B2A750685885B8DA4B228E29F9

986 GB (BR) කොපිය මෙතනින් බාගන්න

9EB1A2D6A377731FF645A9802293F9C6DDE6F3B1

2.16 GB (BR) කොපිය මෙතනින් බාගන්න

A382EED00124931CEC1E4D0723C9609F382E2757
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Review Overview

0

User Rating: 4.24 ( 67 votes)

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

156 comments

  1. එල ආ…

  2. sasanka sathyajith

    Thanks for the sub

  3. Tnx sub ekata.. jaya

  4. Lahiru Lakshan

    thanks machn..

  5. shawshank redemption movie eke sub eka denna puluwannam loku deyak…

  6. Thanks for the sub

  7. Please repair This bro. download link is broken anyway congratz for 150 🙂

  8. brother sub download karanna ba..

  9. Oba Apata Sidukarana Me Vishala Sewayata Mage Hada Piri Utthamacharaya.Obata Suba Pathum.Good Luck.

  10. niyamai brother!digatama wede karagena yamu.good luck!

  11. macho dipu hama sub ekatama godak sthuthui. essarahatath digatama me wage sub karagana yanna oyata puluwan wenna kiyala mama suba pathanawa

  12. තරිඳු

    150 වැනි උපසිරසියට සුභ පැතුම්..
    Thanx..

  13. සුභ පැතුම් මගෙන්
    එළ කොල්ලෙක් 150 🙂 🙂 🙂

  14. supiri saho niyamai, ubata me wagema issarahatath sub denna sakthiya labenna one, jayawewa,,,,,,,,,,,,,,

  15. niyamy………supiri wadak…..ela kollek (y)

  16. THANK YOU BRO
    Awesome Movie
    Good Luck you Further !

  17. උපසිරසි 150ක් දුන්නාට, මගේ ස්තුතිය පිරිනමමි. ඔබට ජය සහ සතුට පතමි.

  18. නියමයි සහෝ .. සබ් එකට ගොඩක් ස්තුතියි ..

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  20. thanx machan… ela…

  21. තමන්ගේ වටිනා කාලය කෑප කරමින් කරනා මේ සේවය මම මහත්සේ අගය කරනවා

  22. අනිල්

    150 ට සුභ පැතුම් ….. සබට ස්තුතියි …… තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා

  23. “චූටී මල්ලි”

    ප්‍රමාද උනාට සමාවෙන්න
    සුපිරි එකක් මේක අනිවා බලන්න ඔනි
    දිගටම කරමු
    200ත් දෙමු
    සබට තුති
    ඔබට ජය………

  24. ගොඩ දවසකින් මේ පැත්තට ආවේ.එතකොට මෙන්න ලස්සනම එකක් තියෙනවා.ස්තුතියි තව දුරටත් සබ් කිරීමට ශක්තිය ලැබේවා

  25. Harshana Madumal

    Niyamai

  26. Harshana Madumal

    Super macho thawa sub karanna suba pathanawa

  27. thanks Chalindu, oya subs dun Exodus: Gods and Kings beluwa. lassanai. thawa honda filmswalata subs denna. Black Sea bagena thiyenne. balala iwarawelama ekata comment eka dennam. thanks again.

  28. 150 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා

  29. shereef perera

    ela machoooooooooooooo

  30. මචං මැක්ස්

    එල එකක් කීනා එල එකක්

  31. ela macho ela………. keep it up…….. all the best bro……….

  32. Thanx Machoo..

  33. අඩෝ මචන් කිනා… සමාවෙයන් කොල්ලෝ 150 වෙනුවෙන් සුභ පතන්න පරක්කු වුණාට. පහුගිය ටිකේ විභාග සීන් එක්ක ඔළුව විකාර වෙලා හිටියේ. අනිවාර්යෙන් ඉතින් මම සිංහල සබ් එක්ක ෆිල්ම් බලන සෙට් එකේ කිනා එකෙන්ම ඉන්නවා. ඔයා 150 න් කමෙන්ට් නොකළත් බර ගාණක් බලලා ඇති. කමෙන්ට් නොකෙරුවාට සමාව දෙනවනේ උඹ. එලස්ස්… එහෙනම් මචෝ.. දිගින් දිගටම උපසිරැසිකරනයේ යෙදෙන්න, කාලය සහ අවකාශය ලැබේවා කියලා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. කියන්න දෙයක් නෑ. උඹ ඉක්මණින්ම 200 ගහනවා ෂුවර්. ජයම වේවා.. සහෝ.. එලස්ස්ස්…

  34. thanks a lot saho..

  35. 150 suba pathum.matanam ohoma deyak kranna kiyala hithagannath ba.mahansiyata godaak pin.makada umbala honda deyakin thamai kaata hari sthutak laba denne.ayth sthuthi.devi pihitai

  36. ජයනන්දන

    ෆිල්ම් එක බැලුව, මම ඉන්නේ ඊශ්රයල් වල , මේ ගොල්ලෝ ලග දෙවියන්ගේ පිළිම නැහැ එත් සමහර ගෙවල් වල තියන් ඉන්න එකම පිළිමය මෝසෙස්ගේ පිළිමය විතරයි,, මෙයාල ඊජිප්තුවෙන් මෙහෙ එන්න පටන් ගත්ත එක සමරන්නේ අප්‍රියල මාසේ පේෂත් කියල. ඔකේ තියන් ඔය දස පනත දෙන එක කාන්තාරේ එත්දී කුඩාරම් ගහන ඒවා සමරනවා, ඒවගේ ඇත්ත නැත්ත කියන්න දන්නේ නැහැ, හැබැයි මෙයාල ඒවා අදටත් සමරනවා, තෝරා එකේ තියන විදියටම

  37. සුපුන් මධුසංක

    Tyanks yaluwa….. unusum subapathum…..

  38. Thanks 4 the sub…

  39. bluray අපු ගමන් update නේ.එල එල.

  40. පට්ට ..thanx …

  41. 150වෙනි නිර්මාණයට සුබපැතුම්….ජය වේවා…..!

  42. හේමාල් සිල්වා

    සත්‍යය මුළු කතාවම බලාගන්න පුලුවන් The Ten Commandments (1956) චිත්‍රපටියෙන්.

  43. හේමාල් සිල්වා

    150 ට උණුසුම් සුභ පැතුම !! මේක ඉනකන් මග බලාගෙන හිටියෙ.චිත්‍රපටිය බලන් යද්දි තෙරුනෙ බයිබලයේ මුල් කතාවත් එක්ක අධ්‍යක්ශක වරය චිත්‍රපටියෙ කතාව එහෙන් මෙහෙන් වෙනස් කරලා කියලා.සත්‍යය මුළු කතාවම බලාගන්න පුලුවන් චිත්‍රපටියෙන්.මෙකේ දෙවියන්ට රගපාන්න ළමයෙක් යොදාගත්ත නිසා ගොඩක් මුස්ලිම් රටවල තහනම් කලා.

  44. Saho… puluwan nam “Sahara (2005)” film ekata sub1 karannako… 😀

  45. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට දහස් වාරයක් සමා වෙන්න ඕනා. ඔන්න මමත් උණුසුම් සුබ පැතුම් එක් කරනවා චලිඳු සහෝ. 150 කියන්නෙ සෙල්ලම් වැඩක්ද කිව්වලු. මේ වෙගෙන්ම 200 ගහන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. උඹ දිපුවලින් සෑහෙන ටිකක් මම බලලා තියෙනවා. ඉතින් එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි කියලත් කියනවා සිංහල උපසිරැසියට. ජයම වේවා!!!!෴෴ 😛 😛

  46. දිනිඳු සම්පත්

    චලිඳු කොලුවත් එහෙනම් ‍ 150 ක් ගැහුවා.. බොහොම සතුටුයි. එ් වගේම බොහොම ස්තූතියි.. දැන්නම් උඹේ සබ් සපයන
    වේගෙ අඩු වෙලා තමයි. ඉක්මනටම 200ත් ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!!!

  47. thanks machan

  48. buddhi sankalpa

    සුබපැතුම් සහෝ 150ට.

  49. Suba Patum kolla…digata sub denna ..shakthiya labewa !!!

  50. Best of Luck. Keep-up the good work


  51. සුබ පතන්න පරක්කු උනාට සමාවෙන්න ඕනා

    හදවතින්ම සුබ පතනවා කිනෝ 150 කඩයිමට
    බොහොම තුති අපි වෙනුවෙන් මෙහෙම කට්ට කාල මහන්සි වෙනවට
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  52. එල ඈ..
    ගොඩක් පරක්කු උනා Comment එකක් දාන්න.
    ඔයාගේ සබ් නම් ගොඩක් බලලා තියෙනවා.
    ඇත්තටම Baiscope එකේ ඉන්න සුපිරි පොරක් ඔයා.
    200ක් 300ක් ළග ළගම දෙන්න ඔනේ.
    මේක බලන්න BR එනකම් ඉන්න ඔනේ.
    ජය වේවා. !

  53. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  54. සුබපැතුම් සහෝ 150ට…සබට බොහොම තුති කිනෝ ජය!!

  55. නියමයි සහෝදරයා!!! මෙක නැත්නම් ෆිල්ම් එකක්වත් බලන්න විදියක් නැහැ ඇත්තටම.. කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ඔයාලයේ කාලය ශ්‍රමය වැය කරනවාට ගොඩාක් තුති!!!!

  56. 150 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා කිනෝ
    මේ ගැම්මෙන්ම 200 ත් දෙමු,ෆිල්ම් එක අරගෙන තියෙන්නේ
    සබට බොහොම තුති කිනෝ ජය!!

  57. 150 ක් සබි දුන්නට බොහොම පිං සහෝ. අපි වෙනුවෙන් කාලය යෙදෙවිවට බොහොම ස්තුතියි. මගෙනුත් උනුසුමි සුභපැතුමි….

  58. මුලින්ම සමාව ඉල්ලනවා සුභ පතන්න පරක්කු වීම ගැන.
    ඇත්තටම නියම කිනා කියන්න වචන නැහැ
    හැමෝම කියලා තියෙන්නේ
    තව වේගයෙන් 200 ඔයා කරයි කියලා බලාපොරොත්තු වෙනවා
    ජය….!

  59. හම්මේ…
    මුලින්ම සමාව ඉල්ලනවා මචෝ සුභ පතන්න පරක්කු වුනාට… මේ දවස් ටිකේ නෙට් එක පැත්තේ ආවේ නෑ බං. ඒකයි. :/
    ඉතින් කිනා නොහොත් කින් සෑර් කියන්නෙ අපේ බයිස්කෝප් සෙට් එකේ ඉන්න පට්ට ෆිට් පොරක් නොවැ. 😀
    උඹගේ හුඟක් සබ් මම බලලා තියෙනවා. ඔක්කොම පට්ටයි මචෝ…
    උඹගේ හැම සබ් එහෙකටම වගේ මම කොමෙන්ට් කොරලා ඇති. එකෙක් හරි මිස් වෙලා තියෙනවා නම සමාවෙයන් මචෝ…
    හැබැයි උඹගේ එක ටීවී සීරියස් එකකටවත් මම කොමෙන්ට් කොරලා නැතිව ඇති. සොලි ඈ… :3
    ඉතින් 150ක් කොරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා අපි දන්නවනේ…
    අපි වෙනුවෙන් කරන සෙයට උඹට හුඟක් පින් මචං…
    එහෙනම් 150ට හද පත්ලෙන්ම සුභ පතන ගමන් 200ත් ඉක්මනටම ගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කොරනවා ඔන්න එහෙනම්…!!!
    ජය…!!!
    අර ෂෙරීන් අක්කා කිවුවා වගේ මටත් ඔය කතාව කොහෙන් හරි ලාවට වගේ ඇහුනා… 😀

  60. 150 ට සුබපැතුම් !

  61. නියමයි කිනෝ… මේ වේගෙන්ම 200 ත් ගහමු ඈ… එන්න එන්නම වේගේ වැඩි වෙනවද මන්දා? එල එල. දිගටම කරගෙන යමු. කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජයම වේවා!!

  62. LIONEL PIYADASA

    ඔබ විසින් කරන ලද මෙම උපසිරසි ගැන්වීමට මාගේ අවංක ස්තූතිය පුද කරමි.

  63. ජයනන්දන

    සුබ පැතුම් 150වෙනි උපසිරසියට , එමෙන්ම අප වෙනුවෙන් ඔබගේ මහන්සියට ගොඩක් ස්තුතියි,මචන්

  64. සුබ පැතුම් සහෝ 150වෙනි උපසිරැසියට ඉක්මනටම 200ත් වාර්තා කරන්න
    ඒවගේම සබට තුති

  65. නියමයි චලිඳු සහෝ,,,
    ඉක්මණටම 150ටත් ආවා එහෙනම්,,
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!

  66. අඩෝ කිනා පට්ට බන්…. සුපිරි අහ……
    කොහොමහරි එහෙනම් 150 ගැහුවා….; සුබ පැතුම් බොක්කා…..
    එලම තමයි…. ජයවේවා….
    ඔහොමම 200 ඇදපන්…..
    ජය වේවා…!!!

  67. The Hobbit: The Battle of the Five Armies 2014 1080p BrRip x264 YIFY Sub kooooooooooooo

  68. අඩෝ කිනා සමාවෙයන් 😀 දැන් තමයි කමෙන්ට් කරන්නේ ඔන්න එහෙනම් උණුසුම් සුබ පැතුම් 150 ට 😀 තව තවත් ඉස්සරහට යන්න දිරිය ශක්තිය ලැබේව !! මේකේ හොද කොපියක් එනකම්ම ඉන්නවා ඕං

  69. සුභ පැතුම් කිනා 150 වෙනි උපසිරසියට
    දිගටම දෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
    ජය වේවා___!

  70. ජය වේවා… මචං….

  71. අමුතු

    Suba pathum!!!

  72. අදිත ප්‍රවීන්

    නියමයි චලිඳු අයියේ !
    150ට සුභ පැතුම් . ඉක්මනටම 200ත් දෙමු.
    ෆිලුමත් පට්ට වගේ .
    ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
    😀
    ජය ………….

  73. 150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

  74. නිර්මාණි විජේසිංහ

    150 ට සුභ පැතුම් සහෝ.200ට තව ටිකයි.ඒකත් ඉක්මනින්ම දෙමු.මට එක එක නම් කියලා අපහාස කරාට මම ඉතින් මම අපහාස කරන්න යන්නෙ නෑ හොදේ. 😀 උපසිරසියට බොහොම ස්තූතියි.ජය වේවා….

  75. ජයෙන් ජයම වේවා…150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…

  76. ඔන්න හේනම් ෆිලුමත් බානවා !
    නැවතත් තුති!

  77. කැලුම් ගුණසේකර

    මගෙනුත් උණසුම් සුභපැතුම් 150ට. කොහොම හරි 200 ගහමු නේ?

  78. 150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….!!!!!! 😀

  79. සුබපැතුම්!!!සුබපැතුම්!!!සුබපැතුම්!!!සුබපැතුම්!!!සුබපැතුම්!!!
    ඉක්මනට 200ටත් යමු…

  80. සමාවෙන්ඩ ඕනේ කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට කාරිය.

    කාලෙකින් සයිට් එක පැත්තේ එන්න බැරිවුනා.
    150 ගහලා තියලා තියෙනවා දැක්කේ එතකොට. 🙂
    බොහෝම සතුටුයි.

    එදා මෙදාතුර දීපු උපසිරැසි වලින් කිහිපයක් බලලා තියෙනවා.
    එහෙනං ඉතිං සුබපැතුම් එකතු කරන ගමන්ම
    තවත් උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු- බෝ -වේවා !!!

  81. 150 ta suba pathum

  82. thn Q 🙂 සුභ පැතුම්!!!!!! :V

  83. නියමයි නියමයි කිනා අයියේ.
    සුපිරි වැඩක්.
    150 වෙනි සබ් එකට හෘදයාංගමය උණුසුම් සුබ පැතුම්!
    ඉක්මනට 200ත් ගහන්න ලැබේවා!
    ඔයාගේ සබ් එක්කත් මං ගොඩාක් ෆිල්ම් බලලා තියෙනවා.
    සබ් වලට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවෑසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    මේක පැරණි ගිවිසුමේ සදහන්, මෝසෙස් ඊජිප්තු වහල් ජනයා කැටුව පොරොන්දු දේශයට යන ගමන අඩංගු කතාව වෙන්න ඕනේ.
    එනි වේ, සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    ජයෙන් ජයම වේවා!!!!!!

  84. Thank you brother

  85. ela ela digatama demu koll.

  86. Patta Film ekak Patta wadakarayo tikak SUB dammata Thanks macho

  87. subapathum 150 ta………..api godak aasai meewagee kathaa walata……thankz

  88. niyamai macho. ikmanatama 200 gahapan.
    thanks for all sub

  89. එල…එල…150වෙනි නිර්මාණයට අපෙනුත් උණුසුම් සුබපැතුම්….ඉදිරියටම යමු….ජය වේවා…..!

  90. සුබපැතුම් අයියේ

  91. Ela kiri… 200th Ikmaninma balaporoththu wenawa.

  92. suba pathum!

  93. ඇත්තටම ගොඩාක් සතුටුයි…
    ඒ වගේම 150 ට සුභ පැතුම්…

  94. නලින්

    එළ එළ චලිදුවෝ! 150 ක් ගැහුවා කියන්නේ ඉතිං. ආයේ කථා මොකටද

    තව තව වැඩියෙන් සබ් කරමු.. එළස්

    ජය වේවා!

  95. සුබපැතුම්…shao ..

  96. well dne bro!gd luck!

  97. ishan madushanka

    wish u all the best machan.. keep ahead.. (Y)

  98. my congratulation bro.

    thanks.

    71′ Eng film eka torrent wala thiyanawa

    puluwannan sub danna.

  99. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  100. ඔන්න ඉතින් ප්‍රමාද වී නමුත් මගෙනුත් සුභපැතුම්…! (ප්‍රමාද වීම ගැන බලවත් කණගාටුව)
    ඉතින් ඉක්මනින්ම 200ත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!

    150 විදිහට දීලා තියෙන්නෙත් නියම චිත්‍රපටයක්නේ..!
    බොහොම තුති සහෝ…!
    මම බලාගෙන හිටපු චිත්‍රපටයක්…
    මේක අනිවාරෙන් බලනවා…
    ඔන්න සහෝ උපසිරසත් ගත්තා…

  101. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ.
    ඒ වගේම 150 වෙනි උපසිරැසියට වෙනකම් මෙච්චර කලක් මහන්සි වෙලා කාලය ගත කරලා කරපු මෙහෙයට බොහෝම පිං.. ඒ වගේම 150 ට සුභ පැතුම්…
    මේක 150 ද නැත්නම් 154 ද??
    මං කොහේදෝ දැක්කා එහෙම කතාවක්..:)

  102. බොහෝම ස්තුතියි

  103. මදූෂ දුලාංජන

    සුභ පැතුම් සහෝදරයා!!!!! දිගටම කරගෙන යමු… ඹබට ජය

  104. ජය වේවා… මචං….

  105. ප්‍රදීප් මධුසංඛ

    ඇත්තටම ගොඩාක් සතුටුයි…
    උපසිරසි 150ක් කරනවා කියන්නේ ලේසි පහසු
    වැඩක් නෙමෙයි…
    ඒක අපි හැමෝම දන්න දෙයක්.
    ඒත් සහෝ ඔයා ඒ කඩයිම කොහොමහරි ජයගත්තා. 😀
    ඉතින්, සහෝ….
    මමත් ඔයාට හදවතින්ම සුභ පතනවා…
    ඒවගේම 200න් ආයෙත් මුණගැහෙනකන්
    ජය වේවා…
    එලස්…
    😀

  106. 150 weni sub ekata unusum subapathum sahodaraya.. Good luck…

  107. maga balan hitapu film eka

  108. elaaaaaa subapathanawa ediriyatath karagena yanna

  109. viraj kodituwakku (thela)

    Unusum subha patum chalidu saho!!! Kattiya kiyala tiyenawa wage monataram utsahayak darslada ada oya metenta awit tiyenne. Ewagema ema utsahaya nisa kidenekta chitrapati hondata balanna puluwan unada! Obe idiri gamanata mamat hadawatinma ashirwada karanawa!!!

  110. කේ.යූ.ජී. උදාර

    150 ත් එක්ක ගෙනත් තියෙන්නෙ රජ බඩුවක්නෙ………. මේ ආව වගේ ම තව කාලයක් මේ ගමන යන්න සුබ පතන ගමන් ම ඔන්න එහෙනම් මාත් සබ අරගන්නවා මචෝ. සිංහල සබට බොහොම ස්තූතියි……….

  111. SUBA PATHUMA SAHO….. TNX ME FILM 1TA

  112. well done brother……keep it up

  113. thank u bro

  114. නියමයි චලිදු සහෝ.
    150 ගහන්න තෝරගෙන තියෙන්නේ පට්ටම ෆිලුමක් නොවැ.
    අනිවා බෑමක් තමයි.
    එහෙනම් 150 ට සුබ පැතුම්. ඉක්මනින්ම 200 ගහමු.
    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් උන මහන්සියට.
    සියලු වැඩ කටයුතු සාර්තක වේවා.
    ජය වේවා.

  115. බොක්කෙන්ම සුබ පැතුම් සහො 200ත් ගහමු හොදෙ තැන්ක්ස් සබට මචන් උබ නම් සුපිරි බුවෙක් තමා good luck for ur future

  116. නියමයි සහෝ!
    ඒ වගේම 150 වෙනි sub 1ට හදවතින්ම අපි සුබ පතනවා……
    මේ කරන්නා වූ කුසල කර්මය….
    දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා දිරිය ලැබෙන්න යැයි,
    අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !

  117. නුවන්ත දුලාන්

    නියමයි චලිඳු සහෝ,,,
    ඉක්මණටම 150ටත් ආවා එහෙනම්,,
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!
    ජය වේවා!!!

  118. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි කිනෝ…
    නියමම ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ 150 ට..
    ක්‍රිස්ටියන් බේල් ඉන්න එව්වා නම් ලොවෙත් අතාරින්නෙ නැහැ..
    මේකත් ට්‍රේලරේ ආපු දවසේ ඉඳන් බලන්න උන්නු එකක්…
    මේ කොපිය සුපිරිද බං, නැත්නම් බ්‍ර්ර් එනකම් ඉන්නම්ද?
    සුභ පැතුම් මචං 150 ට..
    200 ත් ගහමු හනිකට..
    ජය වේවා!!

    • BR එනකං ඉන්න ඕන නෑ. කොපිය එල.
      හැබැයි ඉතිං ඔෆීෂියල් කියලා තිබ්බා උං මාර්තු 11 br අවුට් කරනවා කියලත්.

  119. ඔයාට පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ
    1.THE PYRAMID(2014)
    2.JINN(2014)
    3. FOG(2005)
    4.DARKNESS FALLS(2003)
    5.ROGUE(2007)

  120. patta bro… congtzzzzzzzzz

  121. 150 ta suba pathum sho…ikmanatama 200 th warthakarann labewa…
    bohoma sthuthi sub ekat..:)

  122. malith lakshitha

    Congratulations bro. ඇත්තටම ඔයාල කරන්නෙ ලොකු සේවයක්

  123. යෝ යෝ එල එකක් #කිනා එල එකක්. ජයම වේවා ඈ…!!!

  124. menna magen oyata umma umma dunna

  125. pathum chathuranga

    150 veni upasirasata unusum suba pathum sahoo!
    Issarahata thava upasirsi denna shakthiya labevaaaa…..

    Mekanam enakamma balan hitapu filumak…
    Godak sthuthiii ikamaninma sub eka dunnata sahoo..
    Jaya vevaaa!!!!

  126. sub 150k….lesi na neda…….issellama hadawathinma suba pathanawa CHALINDU saho……..ikmanatama 200th gahaanna labewa….congratulation bro…

    methuwak kalayak purawata baiscope rasikayan wenuwen kla sewaya godak watinawa…..sahoge watina kalaya, shramaya waya karamin kala kapa kirimata godak pin….digatama sub nirmana karye yedima awasi shakthiya , dairya labewa……….Wish you a great future.obata jayen jayama wewa…………..

  127. Thanks.

    • එකසිය පනහක් පහුකරා කියන්නේ ලොකු ‍දෙයක් නේ. අපි ඔබව ඉහලින්ම අගය කරනවා. ස්තූතියි අප වෙනුවෙන් වුනු මහන්සියට.

  128. Yasmika Saubhagya

    :star::star::star::star::star:
    150 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා චලිදුවෝ..
    බුකියේ කිය කිය හිටියේ 154 කියලා?? ඒ මොකද්ද බං ඒ සිද්ධිය.. ❓ ❓
    :star::star::star::star::star:

  129. 150 sub ekata suba pathum.niyama film ekakinne 150 gahala thiyenne.ela ela 200th gahamu.jayawewa!

  130. ශාන් විමුක්ති [විමා]

    හම්මේ ඉතින් නෙ..

    150 කියන්නේ කජු ඇටද කොස් ඇටද ඉතින්

    සෑහෙන කට්ටක්, මහන්සියක් නොව

    උබේ දුන්න ඒවගෙන් සැහෙන සබ් ගානක් බලල තියේ

    මතක හිටිනම ඒවා රාජා රාණි, ගෝන් ගර්ල් වගේ එව්වා තමා

    එහෙනම් ඉතින් අර කිවුවත් වගේ කියන්න තියෙන එව්වා සේරෝම 200න් කියහන්කෝ එහෙනම්

    ජයෙන් ජය වේවා කිනෝ!

  131. chathura madusanka

    අම්මා……මෙන්න මේක දීලා……
    මරු ඈ ……
    150ට ඔන්න සුභ පැතුම් ඈ…….
    මේක බාලා තියාගත්තා……..
    දන්නවා දෙනවා කියලා ඔයා ඈ…
    🙂 🙂

  132. Suba pathum saho 150ta. aththatama oyala karanne loku sewayak. 150k kiynne kochchara loku mahansiyakda. best of luck. iarahatath mehemama karan yanna. uba pathum. jaya wewa

  133. රවිඳු නිපුන්

    එල එල….
    නියමයි චලිඳු අයියේ..
    සුබපැතුම් අපෙනුත්!!!
    ඉක්මනට 200ටත් යමු….
    ඒ වගේම තෑන්ක්ස් මේ සබ් එකට!!!

  134. 150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

  135. niyamai niyamai sahooo
    magena suba pathum degatam kargen yamoo jayaaa….

  136. thx sahooo

  137. ජයෙන් ජයම වේවා…

  138. maga balan hitapu filumak thanx wadi wadiyen sub karanna labewa

  139. thnkss sahooo sub 1…150th sub unusum suba pathum sahooo..
    keep it up brooo..elzzzzz..

  140. සුබපැතුම් සහෝ 150ට.
    කොයිතරම් නම් කාලයක්, මහන්සියක්, උත්සාහයක් දරන්න ඇත්ද?
    ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම තවත් විශාලනය වෙන්නත් ඇති,
    කොහොම වෙතත් ඒ මහන්සියට මල් මිටක් මගෙන්.
    ජයෙන් ජය සහෝ.

    150 වෙනි උපසිරැසිය සමරන්නත් මම කැමතිම නලුවාගේ සලරුවක් දීලා තියෙන්නේ…

  141. tnx saho..mage suba pathum…1500kma oni.

    • නිලන් ප්‍රනාන්දු

      ජේසු පිහිටයි සහෝදරයා ඉදිරියටත් සියල්ල සාර්ථක වේවා

error: Alert: Content is protected !!