Friday , December 2 2022
Breaking News

Extraction (2020) Sinhala Subtitles | බිහිසුණු මුදවාගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි]

Rating: 8.7/10. From 230 votes.
Please wait...

හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු විදියට එක සැරේම මාරාන්තික වෛරසයකින් මුළු ලෝකෙම වෙලාගත්තා. ලක්ෂයකට අධික මිනිස් ජීවිත සංඛාවක් මේ වෙද්දි අහිමි වෙලා තියෙනවා. ඉතිං, ඒ අස්සෙ මොන චිත්‍රපටිද නේද? බොහෝමයක් චිත්‍රපටි කල් යන්න ගත්තා. මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා ඉන්දෙද්දි, සිනමා ශලා වහලා තියෙද්දි, අළුතින් ෆිල්ම් රිලීස් කරලා කාට පෙන්නන්නද නේද? හැබැයි ඉතිං, සිනමාලෝලීන් විදියට හොඳ හයි බජට් ෆිල්ම් එකක් බලන්නෙ නැතුව නිකං මොකක්ද මොකක්ද වගේ නේද? අන්න ඒ අය වෙනුවෙන් තමයි මේ වෙලාවෙ නෙට්ෆ්ලික්ස්ලා ඉදිරිපත් වෙන්නෙ. හයි බජට් ෆිල්ම් එකක් වෙනුවෙන් දත කට මැදගෙන ඉඳපු අය වෙනුවෙන් මේක ඉඩෝරයට වැටුණු දිය පොදක් නෙමෙයි, ඉඩෝරයට වැටුණු ගං වතුරක් වගේ වේවි. මේක ගොඩක් විශේෂයි. ඒ වගේම, ගොඩක් වෙනස්ම වැඩක්. ඒ ඇයි කියලා මුලින්ම බලමු.

ලාංකික සිනමා ප්‍රේක්ෂකය ගත්තාම කොටස් කීපයකට වෙන්කරන්න පුළුවන්. හොලිවුඩ්, ඉන්දියානු, කොරියානු, චීන… මේ විදියට ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් ඉන්නවා. මේ කොටස් අතරිනුත්, වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නෙ හොලිවුඩ් සහ ඉන්දියානු කියන කැටගරි දෙකට කියන එක රහසක් නෙමෙයි. ඉතිං, කවදාහරි හිතුවද හොලිවුඩයයි, දකුණු ආසියානු රටවල් කීපයකුයි එකතු වෙලා, ජාත්‍යන්තර මට්ටමේ ෆිල්ම් එකක් හදාවි කියලා? කවදාහරි හිතුවද ජාත්‍යන්තර මට්ටමේ හොලිවුඩ් නළුවන් එක්ක, ඉන්දියානු බොලිවුඩ් නළුවන් එකම චිත්‍රපටයක රංගනයේ යෙදේවි කියලා? කවදාහරි හිතුවද, එදාමෙදා තුර සිනමා ඉතිහාසයේ වැඩිතම ආදායමක් හිමිකරගත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගෙ චිත්‍රපටයක් වෙනුවෙන් ආසියානු රටවල් කීපයක් තෝරගනීවි කියලා? ඔබ ඒ විදියට හිතුවා හෝ නොහිතුවා, ඒ දේ යතාර්ථයක් බවට පත්වෙලා තියෙන්නෙ මේ වෙද්දි.

චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ මාවල් සිනමා විශ්වයේ “තෝර්” චරිතය තුලින් ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් Chris Hemsworth විසින්. ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රංගන ශිල්පියෙක් විදියට ඔහු ගැන අමුතුවෙන් අටුවා ටිකා සහිතව විස්තර කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඔහුව මෙම චිත්‍රපටය සඳහා තෝරාගන්න පෙරාතුව Arnold Schwarzenegger සහ Bruce Willis යන රංගන ශිල්පීන් දෙදෙනාගේ නම් නිර්දේශ වෙලා තිබුණත්, අන්තිමේදි චිත්‍රපටය ගැලපෙනම, නිවැරදිම තීරණයක් විදියට Chris Hemsworth තෝරගෙන තියෙනවා.

අහලා තියෙනවද රූසෝ සහොදරයො ගැන? මාවල් කොමික් චිත්‍රපට බලන කෙනෙක් නම් රූසෝ සහෝදරයො ගැන නොදැන ඉන්න විදියක් නැහැ. නොදන්න අය වෙනුවෙන් මං මෙහෙම කියන්නම්. එදාමෙදා තුර සිනමා ඉතිහාසය තුල වැඩිතම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු Avengers: Endgame චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මෙන්න මේ රූසෝ සහෝදරයො විසින්. ඒ විතරක් නෙමෙයි, Avengers: Infinity War, Captain America: Civil War කියන මාවල් සිනමා ලෝකයේ පෙරලිකාර චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු බලකණුවක් තමයි රූසෝ සහෝදරයෝ කියන්නෙ. ඉතිං, අන්න ඒ රූසෝ සහෝදරයෝ තමයි මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ.

අහලා තියෙනවද Randeep Hooda ගැන? බොලිවුඩ් රසිකයෝ නම් මේ Randeep Hooda ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් සිනමාවෙන් බිහිකරපු තවත් අති දක්ෂ, ඒත් ගොඩක් දෙනෙක් නොදන්න චරිතයක් තමයි Randeep Hooda කියන්නෙ. ඔහු මේ චිත්‍රපටයේ විශේෂ චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, Pankaj Tripathi නම් අති දක්ෂ රංගන ශිල්පියාත් බොලිවුඩ් පුරවරය වෙනුවෙන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටය ඉන්දියාවෙ අහමදාබාද් සහ මුම්බායි, බංග්ලාදේශයේ ඩකා සහ තායිලන්තයේ නගර කිහිපයක රූගත කිරීම් සිදුකරලා තියෙනවා. චිත්‍රපටය ඉන්දියාවේ අහමදාබාද්හි රූගත කිරීම් කරනකොට Chris Hemsworth ව දැකගන්න මහජනතාව අතරේ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තියෙනවා. මොකද, Chris Hemsworth වගේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඉන්දියාව වගේ රටක මිනිස්සුන්ට හැබැහින් දැකගන්න අවස්තාවක් ලැබෙනවා අඩුයි. අඩුයි කියන්නෙ, මේ වගේ අවස්තාවක් ලැබෙන්නෙ ජීවිතයටම එක වතාවක් වෙන්න පුළුවන්. ඉතිං, සමහර මිනිස්සු පැය 15කට අධික වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා මේ විදියට සියැසින්ම Chris Hemsworth ව දැකබලාගන්න. මේ හේතුව නිසයි, අධික වශයෙන් මහජනතාව එක්‍ රැස්වීම නිසා නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ.

ඉන්දීය අර්ධද්වීපයේ කුඩු මාෆියාවෙ රජුගේ පුතණුවන් පැහැරගන්නා බංග්ලාදේශ කුඩු මාෆියාවෙ රජු…
රටවල් දෙකක මත්ද්‍රව්‍ය කෙරුම්කරුවන්ගේ යුද්ධයකට පැටළුණු, පැහැරගැනීමට ලක්වූ පාසල් ශිෂ්‍යයෙක්…
එම ශිෂ්‍යයා මුදවා ගැනීමට මාරාන්තික යුද්ධයක නිතරවන කුළී සොල්දාදුවෙක්…
ඔවුන් පසුපස හඹා එන්නාවූ ඉන්දීය විශේෂ කාර්‍ය බලකායේ හිටපු සෙබලෙකු…
මේ සියල්ලන්ගේම ඉරණම කුමන ආකාරයෙන් විසඳේවිද?
පුරා හෝරා දෙකක් මුළුල්ලේ නොනවතින, දැවැන්ත ක්‍රියාදාම සමුදායකින් සමගින් අවසරයි ඔබ වෙනුවෙන් ගෙනහැර පෑමට මෙම සිනමා සිත්තම…!

ප. ලි. – විශේෂයෙන්ම කියන්න ඕනෙ, නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් චිත්‍රපටය අන්තර්ජාලයට මුදාහැරලා පැය 2-3ක් වගේ තමයි වෙන්නෙ මේ සටහන ලියවෙන මොහොත වනවිට. ඉතිං, මෙච්චර ඉක්මණට මේ උපසිරැසිය ඔබවෙත ලබාදෙන්න වෙච්ච මහන්සිය පිටිපස්සෙ තව කෙනෙක් ඉන්නවා. හසන්ත වික්‍රමරත්න අයියා. චිත්‍රපටය නිකුත් වෙච්ච වෙලාවෙම, “මල්ලි, උදව්වක් ඕනෙද…?” කියලා අහලා, ඒ දක්වපු සහයෝගය නොවෙන්න මේ උපසිරැසිය ඔබවෙතට පත්කරන්න තව හෝරා කීපයක් ප්‍රමාද වෙන්න තිබුණා. ඉතිං, ඒ සුවිශේෂී සහයෝගය වෙනුවෙන් හසන්ත අයියට විශේෂ ස්තුතියක් පිරිනමනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Chup: Revenge of the Artist (2022) Sinhala Subtitles | විචාරකයෙකුගේ විචාරය. [සිංහල උපසිරසි]

ශ්‍රිවාත්සව් නෝනා එදා ගෙදර එනකොට හොඳටම රෑ වෙලා. ගෙදරට ගොඩ වෙන්න ලිෆ්ට් එකට යනකොට ලිෆ්ට් …

Leave a Reply

Your email address will not be published.

193 comments

  1. subt thanx
    filmath supiriy subath supiriy

  2. Godak sthuthi. jaya wewa!

  3. bhoot police sub kawada danne

  4. nipun dinudaya

    amboo balankl ivasillak ne

  5. Thanks for sub!

  6. Sahan Prabhasara

    Thanks a lot

  7. thanks a lot

  8. Thanks for sub bro

  9. Thanx bro…Good luck…..

  10. Thanx machan sub ekata ❤️

  11. Thankz bro

  12. Thanks mcn.visthrathmakwa me vidihata sub eka dunnata…..

  13. thank you!!!

  14. Thak you bro!

  15. godak dawas film eka download karala therenne nethuwa idiye thankz sub walata

  16. සබ් එකට තෑන්ක්ස් සහෝ…හැබැයි වර්ණනා කරල තියන තරම් මේකෙ කතාවක් අන්තර්ගත නෑ.ක්‍රියාදාම නම් මුල ඉඳන් අගටම තියනවා.ඒත් රසවින්දනයට තරම් කතාවක් අන්තර්ගත නෑ.කතාවක් නැතුව හුදෙක් ක්‍රියාදාම ගොන්නක් බලාපොරොත්තු වෙන අයට කියාපු ෆිල්ම් එක.

  17. Thankz….

  18. Malith Samarawickrama

    thanks bro

  19. Thank you very much..

  20. Thank you!!!

  21. tnx sub ekata jaya wewa

  22. Thank you!

  23. Thanks ……………..good luck ……………..

  24. Thanks for your sub.

  25. Nishanfernando

    Thanx bro

  26. Thanks bro

  27. තෑන්ක්ස් සහෝ සබ් එකට ❤❤❤

  28. ela patta

  29. Ftta film aka sub akta tnz bro

  30. ela bro

  31. Ravisara Dharmapala

    Ado pattma movie ekk kinda wacahan ne a trm patta ratings 10/10 dunat padu ne a trm pissu peekudu film ekk.. thnks bro sub ekt maruwata krla tyba..

  32. thanks bro

  33. thanaks bro sub ekata

  34. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

  35. Godak ස්තුති …

  36. Thanks bro

  37. dulitha.chiran

    Sub ekata Thabks brother

  38. රිශාන්ත

    Thanx sisila brother

  39. රොෂාන් ශමීර

    පට්ට පහරක්, ස්තූතියි සහෝ…

  40. Thanks bokka ❤

  41. thanks bro

  42. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  43. Thanks bro

  44. Hasaru Shamikara

    සමස්තයක් විදියට සබ් එක අවුලක් නෑ.. එත් කියන දේ වෙනස් වෙන වාදියට වැරදි තීනවා… More like a thing than a person.. … හදාගෙන ඉදිරියට යමු bro

  45. cupiri bocca thank uuuu

  46. Niyamai bro… me wage film thawa genna.

  47. Sandaruwan4436

    Thanks bro..

  48. කියන්න වචන නෑ, සුපිරිම තමා…
    සිසිල ප්‍රසාද් සහෝදරයා.. ජය වේවා…!!!

  49. Thank you so much..

  50. Thanks for the sub.
    Film 8/10

  51. ස්තූතියි

  52. Thank you.. keep it up good work.. 🙂

  53. thanks sahodaraya

  54. ස්තුතියි සහෝ…

  55. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

  56. Thanks brother….

  57. 6/10

  58. ubala me film ekadownlod karada

  59. Thanx sub ekata saho..

  60. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  61. Thanxx bro………………..

  62. Chamindu Madushan

    Thanks bro..good luck..

  63. ස්තූතියි සහෝ

  64. Danushka Fernando

    Thank You for the Subtitle Brooo…

  65. Thank you බොක්ක ඉක්මනට සබ් දුන්නාට..
    ජයෙන් ජය..!

  66. thanks bro

  67. Sandeep Tharaka

    Thank you oba depalage mahansiyata
    balagana idapu film akak supiri
    jayaa …………..!!!

  68. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  69. Thank you…

  70. Thanks for the sub Sisila
    Film 8/10

  71. Gayan_madushanka_

    Thanks bro

  72. hoda film ekak kaalekin balanna nolabuna welawaka meka dunnata godak sthuthi

  73. Thanks aiyala okkolatama

  74. උදාර චින්තක

    ගොඩක් ස්තූතියි ..මෙච්චර ඉක්මනින් සබ් එක දැම්මට

  75. Shehan Rasanga

    සබ් එකටයි හසන්ත සහෝ ටයි සිසිල සහෝටයි බොහොම ස්තූතී.. ♥️

  76. RuwanLakshan93

    සබ් එකට ස්තූතියි සහෝ…. ජයවේවා !

  77. sub eke font eka mokakda ? weda karanne naha

  78. thanks bro..

  79. thanks ………………….

  80. Sub akta thanx machn

  81. Hasindu Madusanka

    Sub ekata thnx

  82. හසිදු දෙවින්ද

    සබ් එකට ස්තූතියි මචෝ ❤️

  83. ඒ මහන්සියට ආදරෙයි❤

  84. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  85. Sub ekata thanx

  86. Madhushani Gamage

    උපසිරසියට බොහොම ස්තූතියි..

  87. ෆා පට්ට පට පට. මසුරං වටින සබ් එක. ගොඩාක් ස්තුතියි සහෝදරයා.

  88. Godak isthuthi ayye

  89. prasad jayawardena

    upa sirasiyat godaak sthuthi saho

  90. උපසිරැසි වලට ගොඩක් ස්තූතියි….සුපිරි වැඩක්

  91. උපසිරැසියට බොහෝම ස්තුතියි

  92. Sandun Chandika

    Thanks

  93. Thanks Machan…

  94. මෙන්න මෙහෙම තමා සිංහල subtitles site එකක වෙන්න ඕනි, එලියට addima subtitles ටික ready… පට්ට.. Thankz

  95. Sasanka solomon

    sub eka enakal blan hitiye..thanx saho

  96. Thank you for subtitle

  97. Thank you

  98. Thanks bro sub ekata

  99. ammo tnx bng oka enakan hitiye trailor dakala

  100. බොහෝම ස්තූතියි

  101. bohoma sthuthi saho..

  102. Thank You 🙂

  103. thank you so much

  104. Thank You Bro…!!!

  105. Lucky Dhananjaya

    Thanks for the sub

  106. ඇත්තටම ස්තුතියි !!!!

  107. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සිසිල අයියේ සබ් එකට…එනකම් බලන් හිටියේ…ඉක්මනට උපසිරස ගෙනාවට බොහොම පිං..බුදුසරණයි….!

  108. Love you man hituve thama sub ena ekak nh kiyala♥️

  109. එකෙන්ම තද සහෝ! ✌❤ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා!

  110. thank you macham

  111. Chaminda Lakruwan

    කෝ සබ් එක වැඩ කරන්නේ නෑ .
    වෙන ෆොන්ට් එකක් එන්නේ.

  112. Sub eka wena format ekak pennanne hadaganna heti kiyala dennako.

  113. isuru srinath sjs

    ආව සැනින් දුන්නා නේද අයියෙ ..?? මරු මරූ .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා.!!

  114. Great work Sisila, Thank you very much.

  115. adarey……. bokka pissu hedenwa me filuma awa kiwwama

  116. Thanks Bro.

  117. ස්තුතියි සිසිල….
    ස්තුතියි බයිස්කොප්…

  118. Ravindu Rukshan

    තැන්ක්ස්

  119. Ow thanks sub ekata sooryavanshi bagghi 3 scoob 2020 balanna kataheran hitiya Dan lokayama

  120. Thanks bro..**!

  121. Thanks jayawewa…….!

  122. thanks brooo….

  123. Aaaaaadarey aaaaaaaa❤❤❤❤❤

  124. Sub ekata Thanks Saho
    Jaya Wewa

  125. thnkq bro sub ekata

  126. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  127. Great work…sisila bro

  128. Umasha Chaminda

    Thanks bro

  129. sisila uba mokak hari danawanam eka pattane,hasantha aiya mage class yana kale pantiye ekata hitapu yaluwek,miniha enter wenawa kiyanne thawath supiri,
    mama gaththa subu eka.
    jaya wewa

  130. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  131. Supiri brother.. thanks

  132. ambo sub danakan balan idiye..tnx ikmanata sub eka dunnata..jayawewa….

  133. Subtitle wena format ekakin pennane ayi. Kohomada hada ganne

  134. thanks..

  135. thanks machii

  136. supiri.x files season 8 9 sinhala sub dennako

  137. Chandima Prasad

    thankz me wage fattama film ekakata sub dunnata..jaya wewaa…

  138. බොහෝම ස්තූතියි සිසිල අයියේ..❤️

  139. සිසිල සහෝ නියම වැඩක් .මග බලං හිටපු ෆිලුමක් .ජයම වේවා දෙන්නටම.නියමයි සිසිලා.ඩ

  140. Thank You

  141. thnaks sub ekata…. jaya wewa

  142. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  143. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  144. ella….

  145. Sthuthi sahoo…

  146. Sub eka wada nane

  147. thnquuuuu

  148. Dhanushka Dilranga

    Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  149. එල මචං එල පට්ට ෆිල්ම් එකක් කාලෙකට පස්සෙ බලන්නෙ මේ වගේ ෆිල්ම් නම් පට්ට ජය වේවා එහෙනම්. තෑන්ක්ස් බ්‍රෝ

  150. නියමයි මචන් නියමයි….කියන්න වචන නෑ….අම්මෝ ( Thor) ඉන්නේ….මේක නොබලා කොහොමද…. ස්තුතියි සිසිල සහෝ වෙච්ච මහන්සියට….. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…… දෙවි පිහිටයි….ජය වේවා…..

  151. Kiyatawth adhmanam sub 1ka balaporthu une ne ..
    A mahansiyata ..
    Oyalata jayen jaya..
    BS!

  152. pissu hedenawa 155K utube like
    film eka nm parakma thmi
    sub ekata pattam tnx
    siram thami welila hitiye

  153. අම්මෝ….නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ෆිල්ම් එක ආපු ගමන්ම වගේ සබ් එකත් අරන් ඇවිත්….
    එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්….

  154. කෝ ලින්ක් එක?

  155. Thnx brh❤

  156. ELa yaaaalu suba…….

  157. roshen malinda

    mechchara ikmanata sub eka dunnata pin

  158. Link eka nathdo

  159. බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  160. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  161. යුරාන් ධනුක (දනුවා)

    ඇති යන්තම්.. කිව්වත් වගේ වේලි වේලි හිටියේ
    බොහෝම ස්තූතියි සිසිල,හසන්ත සහෝලා දෙන්නටම
    පරිස්සමින් ඉන්න !!!

  162. බොහොම ස්තුතියි බ්‍රෝ…සබ්..එකට…ආදරේයි

  163. Hashan M. Priyadarshana

    හම්මෝ release උනා විතරයි සබ් එකත් දීලා ඉවරයි 🙂 🙂 බොහොම ස්තුතියි බ්‍රෝ

  164. අම්බෝ…ආපු සැනින්..සබට තුති සිසිල අයියා..!

  165. Thanks a lot

  166. thank you both of you brothers

  167. නලින් පෙරේරා

    එලස්ස් සිසියා… නියම භාණ්ඩයක් බැස්සුවේ.. වේලි වේලි ඉන්න වෙලාවේ..
    හසා අයියා ගැවිලා නම් කොනකින් හරි ආයේ කියන්න දෙයක් නැ සබ් එක ඇති මසුරන් ටිකට…
    ජය වේවා!~

  168. Shansenarathne

    Tnx

  169. Shantha_bulathsinhala

    FIlm eka download krnna link dala nadda thama

  170. එනකන් බලන් හිටිය සුපිරිම ෆිලුමක්..සෑහෙන ඉක්මන්ට දීලනෙ..සබට බොහොම ස්තූතියි

  171. malithmadhushan45

    අම්මෝ හිතුවෙ නැ දැන්ම දෙයි කියලා. ස්තුතියි සිසිල අයියේ

  172. thanks

error: Alert: Content is protected !!