අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Finding Forrester (2000) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ දායාදය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 9 votes.
Please wait...

ආයුබෝවන්, බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර සහෝදරියන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් මං ඔයාල වෙනුවෙන් ඉංග්‍රිසි චිත්‍රටයකට සිංහල සබ් අරන් ආවා. මෑත කාලයේ ඒකියන්නේ හැබැයි දැනට අවුරුදු 20කට කලින් තිරගත වුනු අපූරු ගුරු ගෝල දෙන්නෙක් ගැන කියවෙන ලස්සන සංවේදී චිත්‍රපටයක්.

කලින් චිත්‍රපටවල වගේ මං, මේකේ කතාව වැඩිය කියන්න යන්නේ නෑ. මොකද එහෙම වුනොත් චිත්‍රපටය රස විඳින ඔයාලට මේ චිත්‍රපටයෙන් වැඩක් නැති වෙනවා. කලු ජාතික ළමයි කණ්ඩායමක එක් කැපී පේන ළමයෙක්. නමින් ජමාල් වොලස්. ඔහු ඔහුගේ තනිය මකාගන්න කරන්නේ ලියන එක. ඔහු ජීවත් වන කොටසේ සිටින එක් අද්භූත වයසක මනුස්සයෙක්. හැම දේකින්ම ඈත් වෙලා කොටින්ම තම කාමරයෙන්වත් එලියට බහින්නේ නැතුව හුදකලාව ජීවත් වෙනවා. අහම්බයෙන් මේ දෙදෙනාම හමුවෙනවා. ඒ හමුවීම තමන්ගේ ජීවිතය මෙහෙම පෙරලියක් ඇති කරයි කියලා ජමාල් හිතන්න නැතුව ඇති. චිත්‍රපටය දිගහැරෙන්නේ හුදකලාව වෙසෙන ලේඛකයෙකුත් අසරණ කලු කොල්ලෙකුත් අතරයි. 2000 වසරේ අප්‍රේල් 03 වන දා රූගත කිරීම් ආරම්භ කර ජූනි 10 වන දා වන විට මේ චිත්‍රපටයේ සියළුම රූගත කිරීම් අවසන් විය. චිත්‍රපටයේ තිරරචනය Mike Rich විසිනි. Gus Van Sant විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය Sean Connery සහ Laurence Mark විසින් නිෂ්පාදනය කලේය. මෙහි රංගනයෙන් Sean Connery, F. Murray Abraham, Anna Paquin, Busta Rhymes, Rob Brown එකතු වේ.

මෙහි ජමාල් ලෙස රඟන රොබ් බ්‍රව්න් චිත්‍රපටය සඳහා අය කිරීම් ඉදිරිපත් කර ඇත්තේ ඩොලර් 300ක් පමණ වන තමාගේ ජංගම දුරකථන බිල්පත ගෙවීම සඳහාය. ඒ සමහරවිට ඔහු සමඟ රඟපාන අනෙක් පුද්ගලයා ගැන සිතා විය හැක. කෙසේ වෙතත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක දෙවන වරටත් ඔහු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බව දන්වා ඇත. මෙහි විලියම් ෆොරෙස්ටර් චරිතය වෙනුවෙන් මුලින්ම විලියම් ජෙම්ස් මරේ හෙවත් බිල් මරේ තෝරා ගත්තද පසුව එම චරිතය සඳහා ෂෝන් කොනරි තේරී පත්විය. මෙහි ප්‍රධාන රූගත කිරීම් මැන්හැට්න්, බ්‍රොන්ක්ස් සහ බෘක්ලින් වල සිදුකර ඇත. මේලර් පාසලේ දර්ශණ සඳහා උපයෝගී කර ඇත්තේ මැන්හ්ට්න් හි නැගෙනහිර පැත්තේ ඇති රෙජීස් උසස් පාසලයි. ඇතැම් කොටස් කැනඩාවේද රූගත කර ඇත.

මේ චිත්‍රපටය ප්‍රබන්ධයකි. නමුත් චිත්‍රපටය බලන කාටත් මෙය සත්‍ය කතාවක් දෝ කියලා හිතෙයි. කෙසේ වෙතත් චිත්‍රපට විචාරකයින් කොනරි විසින් රඟපෑ ෆොරෙස්ටර් චරිතය සැබෑ ජීවිතයේ ලේඛක ජේ.ඩී.සාලින්ගර් සමඟ සංසන්දනය කර ඇත. චිත්‍රපටයේ කොනරිගේ භූමිකාව සඳහා ආභාසය සැබැවින්ම සාලින්ගර් බව පසුකලෙක කොනරි විසින් පිලිගත්තේය. විනාඩි 136 ක් පුරා දිවෙන මේ චිත්‍රපටයේ සමස්ත වියදම ඩොලර් මිලියන 43කි. චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 80+ කි. 2000 වසරේ දෙසැම්බර් 22 වන දා තිරගත කිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය මේ වන විට IMDb දර්ශකයේ 7.3ක අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ 74%ක අගයක් දිනා ගැනීමට සමත්වී ඇත.

එහෙනම් අදට මං නවතින්නම්.. ආයෙත් මේ වගේම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරගෙන මං එන්නම්. එතෙක් ඔබ සැමට සතුට නිරෝගී සුවය රැඳි සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

7 thoughts on “Finding Forrester (2000) Sinhala Subtitles | ගුරුවරයෙකුගේ දායාදය [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!!

    Reply
  • මට subtitle එකක් තියෙනවා. පුළුවන්ද හදල දෙන්න (survive the night 2020)

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

    මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න පුලුවන්ද?

    Murder – 1930
    M – 1931
    Romeo and Juliet – 1968
    Romeo + Juliet – 1996

    Reply
  • හොද එකක් වගේ.. ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *